මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජනපතිගේ කතාවට ප්‍රතිචාර දැක්‌වීම් එපා; අගමැතිගෙන් එජාපයට උපදෙස්‌

    පෙරේදා (30 දා) පදනම් ආයතනයේදී මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින සැමරුමට සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ කතාවට එරෙහිව කිසිදු ප්‍රතිචාරයක්‌ නොදක්‌වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පක්‍ෂයට උපදෙස්‌ දී ඇත.

    අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත ඊයේ (31 දා) පැවැති කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී මෙසේ උපදෙස්‌ දී ඇති අතර එජාපය දැන් කළ යුත්තේ ජනාධිපතිට එරෙහිව අදහස්‌ පළ කිරීම නොව ජනතා ප්‍රතිචාර හිමිවන ආකාරයෙන් වැඩ කිරීම බව ද අගමැතිවරයා පවසා තිබේ.

    ජනාධිපතිවරයා එම උත්සවයේදී සිදු කළ අදහස්‌ දැක්‌වීම සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂය අදහස්‌ පළකිරීම අත්‍යවශ්‍ය බව ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී එජාප සාමාජිකයන් දැඩිව ඉල්ලා ඇත.

    එහෙත් එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් අගමැතිවරයා කියා ඇත්තේ ජනාධිපතිගේ කතාවට එරෙහිව කිසිවකු අදහස්‌ පළ කළ යුතු නැති බවය.

    ඒ වෙනුවට යහපාලන රජය තවදුරටත් පවත්වාගෙන යමින් ජනතාවට සේවය කළ යුතු බවද එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත.

    ඊයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට මුහුණ දෙන ආකාරය සහ පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එජාප මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා කියා සිටියේය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ජන්ම දින අනුස්‌මරණ වැඩසටහනේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ කතාව මෙරට දේශපාලන ක්‌ෂේත්‍රය උණුසුම් කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් එක්‌සත් ජාතික පක්‍ෂයත් අතර ඇති අරගලය මෙන්ම වර්තමානයේ රට මුහුණ දෙමින් තිබෙන අර්බුදයේ තරම එයින් හොඳින්ම පෙන්නුම් කෙරිණි.

    තමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී කළ යුතුව තිබූ මුල්ම රාජකාරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් අගමැති ප්‍රමුඛ ආණ්‌ඩුව දින 100 වැඩපිළිවෙල ගෙනා නිසා එය මඟහැරුණේ යෑයි ද දින 100 වැඩපිළිවෙල මෝඩ වැඩක්‌ යෑයිද ජනාධිපතිවරයා පැවසීය.

    පොදු අපේක්‌ෂකයා ජනාධිපති කරලා ආණ්‌ඩුවක්‌ පිහිටුවලා මහ බැංකුව කඩන්න කියලා සෝභිත හාමුදුරුවෝ කිව්වේ නැති බව පැවසූ ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂකයා ලෙස යොදා ගත්තේ ඉදිරිපත් වන්නට කෙනෙක්‌ නොසිටි නිසා බවත් එය ජයගත් පසු සිදු කළ දින 100 වැඩසටහන සකස්‌ කළේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත් එම වැඩසටහන ලොකුම වැරැද්දක්‌ බවත් කීය.

    රාජ්‍ය බැංකුවල මුදල් පුද්ගලික බැංකුවලට මාරු කරන්නට එජාපය උත්සහ කළ බවත් තමා ඊට ඉඩ නොදුන් බවත් රටට සංස්‌කෘතියට නොගැලපෙන බොහෝදේ කරන්නට එජාපය උත්සහ ගත්තද තමන් ඊට ඉඩ නොදුන් බවත් කී ජනාධිපතිවරයා එජාප පාර්ශවය ඉලක්‌ක කරමින් දැඩි විවේචන ගණනාවක්‌ම එල්ල කළේය.

    එක්‌සත් ජාතික පක්‌ෂයේ අගමැතිවරයකු හා ආණ්‌ඩුවක්‌ එදා පත් කරන විට ඔවුන්ට සිටියේ මන්ත්‍රීවරු 47 ක්‌ පමණක්‌ බව ජනාධිපතිවරයා එක්‌සත් ජාතික පක්‍ෂයට මතක්‌ කර දුන්නේය. තමා ශ්‍රීලනිප සභාපති ධුරය බාර නොගත්තේ නම් ව්‍යවස්‌ථා වෙනසක්‌ පවා කරන්නට නොහැකි වන බවද පෙන්වා දුන්නේය.

    වර්තමාන ආණ්‌ඩුවත් ජනාධිපතිවරයාත් අතර ඇති මේ ගැටුම පසුගිය විශ්වාසභංග යෝජනාවේදී එළිපිටම දක්‌නට ලැබුණු අතර වරින්වර එය අවසන් බව පෙනුනද එය අළු යට ගිනි පුපුරු මෙන් පවතින බව මේ අනුව පෙනේ.

    මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ අදහස්‌ දැක්‌වීම්වලට කුමනාකාරයකින්වත් ප්‍රතිචාර පළ නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පක්‌ෂ නායකයින්ට නියෝග කර තිබේ.

    එක්‌සත් ජාතික පක්‌ෂ දේශපාලන නායකයින් කළ යුත්තේ ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්‌වීම නොව ජනතා ප්‍රතිචාර අනුව වැඩ කිරීම යෑයිද අග්‍රාමාත්‍යවරයා දුන් නියෝගයේ දැක්‌වේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝග කරනු ලැබුයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩල

    රැස්‌වීමේදී එක්‌සත් ජාතික පක්‌ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් හමු වූ අවස්‌ථාවේදීය.

    මාඳුළුවාවේ සෝභිත නාහිමි ගුණ සමරුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා පළ කළ කරුණු සම්බන්ධයෙන් රටට කරුණු කිව යුතු බවට එක්‌සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේදී තරුණ දේශපාලනඥයින් පවසා ඇතත් අගමැතිවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු දීමට එජාපයේ කිසිවකු උත්සාහ නොකළ යුතු බවය.


    මේ අතර ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් වීම සඳහා වන යෝජනාවක්‌ ලබන ජුනි 03 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සමස්‌ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කරන බව පැවසේ.

    ජනාධිපතිවරයාගේ කතාවෙන්ද පැහැදිලි වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය සමග ගමනක අවශ්‍යතාවයක්‌ ඔහුටද නොමැති බවය.

    යෝජනාව සම්මත වීමෙන් පසු ආණ්‌ඩුවේ දැනට සිටින සෙසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ පිරිසද ඉවත් කර ගැනීමට නියමිතය.

    ආණ්‌ඩුවෙන් ඉවත් වීමට අකමැති ඇමතිවරු කීප දෙනෙකු එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වෙනු ඇත.

    ආණ්‌ඩුවේ නව දේශීය ආදායම් පනත හේතුවෙන් සමාජයේ සියලුම ස්‌ථර වල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. මෙයින් වැඩි පුරාම අපහසුවට පත්ව සිටින්නේ මධ්‍යම පාන්තිකයන් හා ඉහළ මධ්‍යම පාන්තිකයන්ය.

    මේ අතර නව දේශිSය ආදායම් පනතට අනුව මැති ඇමතිවරුන්ගේ මෙවර වැටුප් හා දීමනාවලින් ඉතා විශාල මුදලක්‌ අයබදු ලෙස කපා හැරීම නිසා මැති ඇමතිවරුන් රැසක්‌ දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ද පැවසේ.

    ඇතැම් මැති ඇමතිවරුන්ගේ වැටුප් හා දීමනාවලින් රුපියල් පනස්‌ දහසත් ලක්‌ෂයත් අතර මුදලක්‌ මාසික අය බදු ලෙස කපාගෙන ඇත.

    මැති ඇමතිවරුන්ගේ මාසික වැටුපට අමතරව පාවිච්චි කරන නිල වාහන ඉන්ධන දීමනා රියදුරු දීමනා ආදිය සියල්ල එකතු කොට ඒ වෙනුවෙන් මාසික අයබදු අය කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබේ.

    මේ ආකාරයට මැති ඇමතිවරුන්ගේ වැටුපට අමතරව අනෙකුත් සියලු දීමනා හා වාහන සඳහා ද බදු අය කිරීම මැති ඇමතිවරුන්ගේ විරෝධයට හේතුවී තිබේ. ආණ්‌ඩුව විසින් ගෙන එන කවර හෝ යෝජනාවකට එකඟ වීමේදී ඒ ගැන නිසි අවධානය යොමු නොකිරීම මෙන්ම ජනතා ප්‍රශ්න ගැන නිසි අවධානයක්‌ නොමැති වීම මීට හේතුවයි.

    විදුලි බල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන්ගේ සහ රාජ්‍ය බැංකුවල ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන විට ගෙවීම් බදු ලෙස රජයට ගෙවිය යුතු බදු මුදල් එම ආයතන මගින් ගෙවීම වෙනුවට අදාළ නිලධාරීන් ගෙන්වා අය කර ගැනීමට කැබිනට්‌ මණ්‌ඩලයේ තීරණය කර ඇත.

    විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන් සහ රජයේ බැංකු කිහිපයකම ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන විට ගෙවිය යුතු බදු මුදල් දැනට ගෙවනු ලබන්නේ එම ආයතන විසිනි.

    මෙය අසාධාරණ බවත් එමගින් රජයේ අනෙකුත් සේවකයින්ට බරපතළ අසාධාරණයක්‌ සිදුවන බවත් මෙවර කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී සාකච්ඡා වී තිබේ.

    මේ අතර මෑතදී සම්මත කරන ලද බදු සංශෝධන පනත සංශෝධනය කිරීමටද කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබී ඇත.

    ළමා ඉතිරි කිරීම්වලින් අය කරන බදු ඉවත් කිරීමටත් මැති ඇමැතිsවරුන්ගේ අමතර දීමනා සඳහා පනවා ඇති බදු යළි සංශෝධනය කිරීමටත් තීරණය වී ඇත.

    මෙහිදී අදහස්‌ දැක්‌වා ඇති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයේ ඉහළ නිලධාරීන්ට වාහන ආදී සහන දී තිබෙන්නේ ඔවුන්ගේ කටයුතු පහසු කිරීමට බැවින් එය ආදායමක්‌ ලෙස සලකා කටයුතු කිරීම සාධාරණ නොවන බව පවසා ඇත.

    එමෙන්ම මැති ඇමතිවරුන් ගරු මැති ඇමතිවරුන් ලෙස සලකන්නේ ඔවුන් වැටුප් ලබන පිරිසක්‌ නොවන නිසා බවත් ඔවුන්ට දීමනාවක්‌ මිස වැටුපක්‌ නොගෙවන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

    මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය පවසන්නේ තම අනාගත රජයක්‌ යටතේ මෙම දේශීය ආදායම් පනත වෙනස්‌ කරන බවය. ජනතාව පීඩාවට පත් කළ දේශීය ආදායම් පනත බලයට පත් වී පැය කිහිපයකින් සම්පූර්ණයෙන් වෙනස්‌ කරන බව කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පවසා තිබේ.

    අසීමිත බදු ගැහිල්ල නිසා රටේ සියලු ක්‌ෂේත්‍ර බරපතළ ලෙස කඩා වැටී ඇතැයි කී ගුණවර්ධන මහතා නිදහසින් පසුව ජනතාව මත වැඩිම බදු බර පැටවූ රජය ලෙස වත්මන් රජය ඉතිහාසයට එක්‌වන බව ද ප්‍රකාශ කර ඇත.

    ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ගෙන විත් තිබෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන යෝජනාවට විරුද්ධ වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සමඟ ඉදිරිපත්ව තිබෙන අනෙකුත් යෝජනා වලින් රටට විවිධ ගැටලු ඇතිවන බව ඒකාබද්ධ විපක්‍ෂයේ අදහස වී තිබේ.

    එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල මේ වන විට ක්‍රම ක්‍රමයෙන් සිදු කෙරෙමින් පවතී.

    ඒ අනුව එක්‌සත් ජාතික පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් සහ පක්‌ෂ දේශපාලන මණ්‌ඩලයෙන් නව සාමාජිකයන් නවදෙනකු පත් කර තිබේ.

    එක්‌සත් ජාතික පක්‌ෂ නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්‌ටේ සිරිකොත එක්‌සත් ජාතික පක්‌ෂ මූලස්‌ථානයේදී කෘත්‍යාධිකාරී මණ්‌ඩලය

    රැස්‌ වූ අවස්‌ථාවේදී මෙම පත් කිරීම් සිදු කර ඇත.

    ඒ අනුව මාතර - බුද්ධික පතිරණ, මහනුවර - ලකී ජයවර්ධන, කෑගල්ල - තුසිත විඡේමාන්න, මැදිරිගිරිය- සිඩ්නි ජයරත්න, රත්නපුර ඒ. ඒ. විඡේතුංග සහ දුනේෂ් ගන්කන්ද, ගම්පහ -අජිත් මාන්නප්පෙරුම දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පත් කෙරුණු අතර දේශපාලන මණ්‌ඩල සභිකයකු වන නියෝජ්‍ය අමාත්‍ය ඡේ. සී. අලවතුවල මහතාද කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පත් විය.

    පක්‌ෂයේ නියෝජ්‍ය භාණ්‌ඩාගාරික ඇතුළු අලුතින් පත් කළ යුතු නව පත් කිරීම් සිදු කිරීමටද මෙහිදී තීරණය වී තිබේ.

    කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ පක්‌ෂයේ නව තනතුරු සඳහා උපරිම බලතළ ලබා දෙන අතර ගම් මට්‌ටමින් පක්‍ෂය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු නිලධාරීන් උපරිම අයුරින් කැපවිය යුතු බවයි.

    මේ අතර ඇතැම් ඇමතිවරුන් මාධ්‍ය ඔස්‌සේ වීරයන් වීමට දරන උත්සාහය නිසා ජනතාවට විහිළු සපයන්නන් බවට පත්ව සිටිති. එක ඇමතිවරයෙක්‌ රෝහලකට ගොස්‌ යකා නටන අයුරු දක්‌නට ලැබුණු අතර තවත් ඇමතිවරයකු ජ්‍යෙdaතිෂ්‍යවේදියකුට අමතන්නට ගොස්‌ සමච්චලයට පත්වනු දක්‌නට ලැබුණි.

    මේ අතර රාජිත සේනාරත්න ඇමතිවරයා පවසා ඇත්තේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ ගැටලු මවන්නේ මාධ්‍ය බවය. උණ රෝගය නිසා දරුවන් දහතුන් දෙනකු මියයැම වෙන රටක සිදුවුයේ නම් එම රටවල ඇමතිවරු මොහොතක්‌ වත් තනතුරුවල සිටින්නේ නැත. එහෙත් අපේ රටේ එම ප්‍රශ්නය ගැන ඇමැතිවරයා පවසන්නේ එය මාධ්‍ය මගින් ඇති කරන දේශපාලන ප්‍රශ්නයක්‌ බවය. රටේ වැඩිම ඩෙංගු ව්‍යාප්තිය සිදුවූයේද මේ ඇමැතිවරයා යටතේය. එම නිසා මාධ්‍ය විවේචනය කරනවාට වඩා වැඩි වගකීමක්‌ තමන්ට ඇති බව ඇමැතිවරයා මතකයේ තබා ගත යුතුය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ADA-Cartoon-302.jpg
     
    Status
    Not open for further replies.