මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_b09579c90a.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආණ්‌ඩුවේ නව ඇමැතිවරුන් දිවුරුම් දීම හා ටික දිනකින් එම ඇමැතිවරුන්ගේ විෂය පථ වෙනස්‌ කිරීම රටේ සිදුවන ස්‌වභාවික ආපදා මෙන් ජන ජීවිතයේ කොටසක්‌ බවට පත්ව තිබේ. ඇත්තටම, රට හමුවේ ඇති ලොකුම ආපදාව මේ යෝධ ඇමැති මණ්‌ඩලයයි. මෙම ඇමැති මණ්‌ඩලයේ එක්‌ ඇමැතිවරයකු නඩත්තුවට වසරකට රුපියල් බිලියන ගණනක මහජන මුදල් වැයවන බව රටේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වූ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පවසා තිබුණි. එය සැබෑවකි. නමුත් අවාසනාව වන්නේ ජී.එල්. පීරිස්‌ මහාචාර්යවරයාද නියෝජනය කරනුයේ එම ඇමැති කුලකය වීමය.

    හරියටම මීට දින පහකට පෙර දිවුරුම් දුන් ඇමැතිවරුන් පස්‌දෙනාගෙන් නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දුන් කාදර් මස්‌තාන් මහතාගෙන් හින්දු ආගමික කටයුතු විෂය ඉවත් කිරීමට ආණ්‌ඩුව පියවර ගෙන තිබේ. නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් හින්දු ආගමික විෂය ගැලවීමට බලපා ඇත්තේ සංස්‌කෘතික ගැටලුවකි. මෙම අර්බුදයට මුහුණදී සිටින අනෙක්‌ ඇමැතිවරයා වන්නේ ක්‍රිස්‌තියානි කටයුතු රාජ්‍ය ඇමැති රංජිත් අළුවිහාරේ මහතා ය. ආණ්‌ඩුව ඇමැතිවරුන්ගේ විෂය පථ ගැසට්‌ කිරීමේදී සංස්‌කෘතික කාරණා පැත්තකට දමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සතුට හා ආණ්‌ඩුවේ පැවැත්ම වෙනුවෙන් ඇමැති ධුර බෙදාහැරීම ආණ්‌ඩුවේ දෛනික ක්‍රියාවලියේ කොටසක්‌ බවට පත්වී තිබේ. මෙමගින් සිදුවන බරපතළ හානිය වන්නේ මහජන නියෝජිතයන්ගෙන් රටේ පුරවැසියන්ට ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් බරපතළ ලෙස හෑල්ලුවට ලක්‌වීමය.

    ශ්‍රී ලංකාව යනු බහුවාර්ගිකයන්ගෙන් සමන්විත බහු ආගමික සංස්‌කෘතියක්‌ ඇති රටකි. රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් මේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කර තිබෙන නමුදු රටේ බහු සංස්‌කෘතියේ ඝට්‌ටනයක්‌ හේතුවෙන් ඇතිවන ගැටුම් ජන ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව තිබේ. ප්‍රධාන වශයෙන් බෞද්ධ, හින්දු, ඉස්‌ලාම් යන ආගමික සංස්‌කෘතීන්හි පවතින නොගැළපීම් මෙම ගැටුම්වලට වස්‌තු බීජය වී ඇති අතර මේ සියලු සංස්‌කෘතීන් පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් බොහෝ ගැටුම් වළක්‌වාගත හැක. මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ආණ්‌ඩුවට සුවිශේෂී වගකීමක්‌ පැවරී තිබේ. නමුත් දිනෙන් දින රටේ ජනවර්ග අතර ගැටුම් ඉහළ යැමෙන් පෙනී යන්නේ ආණ්‌ඩුව තමන්ට පැවරී ඇති වගකීම හරිහැටි ඉෂ්ට නොකරන බවකි. ආණ්‌ඩුව සිතන්නේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ෂෂෂ වැනි පරිච්ඡේදයේ එන මූලික අයිතිවාසිකම් වගන්තිවලින් පමණක්‌ රටේ සංහිඳියාව ගොඩනැඟිය හැකි බවය. මෙය වර්තමාන ආණ්‌ඩුවට පමණක්‌ නොව බලය හෙබවූ සියලු ආණ්‌ඩුවලට පොදු වූ චින්තනයකි.

    රටක සංහිඳියාව ගොඩනැඟිය හැක්‌කේ රටේ සියලු ජාතීන්ට අයත් සංස්‌කෘතිය පෝෂණය කිරීමෙන් පමණි. ආණ්‌ඩුව කළ යුත්තේ එම සංස්‌කෘතික ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ඇති මහජන නියෝජිතයන්ට අදාළ විෂය පථ භාරදී ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමය. විද්‍යාත්මක ඇමැති මණ්‌ඩලයක්‌ සකස්‌ විය යුත්තේ මෙසේය. එසේ නොමැතිව ඉස්‌ලාම් භක්‌තිකයකු වූ කාදර් මස්‌තාන් මහතා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා කිරීමෙනුත්, බෞද්ධයකු වූ රංජිත් අලුවිහාරේ මහතා ක්‍රිස්‌තියානි කටයුතු රාජ්‍ය ඇමැතිවරයා කිරීමෙනුත් රටේ "සංහිඳියා" දෝරේ ගලා යනු ඇතැයි ආණ්‌ඩුව සිතනවා නම් ඒ තරම් මුලාවක්‌ තවත් නැත. මෙවැනි ක්‍රියාවලින් සිදු වන්නේ රටේ තිබෙන සංහිඳියාව ද හෑල්ලුවට ලක්‌වීමය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පර්පචුවල් ට්‍රෙෂරීස් වෙතින් විවිධ පුද්ගලයන්ට අවස්ථා 45,000 කදී ලක්‍ෂ ගණන් ගෙවීම්

    පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට අවස්ථාවන් 45,000 කදී පමණ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි මේ පිළිබඳව විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.


    මෙලෙස විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට මුදල් ලබාදීම සඳහා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම එම සමාගම් සමූහයේ සහෝදර සමාගම් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගම්ද යොදාගෙන ඇති බව හෙළිකරගෙන ඇති රහස් පොලිස් නිලධාරීන් විවිධාකාර පුද්ගලයින්ට එලෙස මුදල් ලබාදී ඇතැත් එම චෙක්පත් මාරු කරගෙන ඇත්තේ වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් බවද හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.


    එලෙස මුදල් ලබාදී ඇති පුද්ගලයින් පිළිබඳව පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ලේඛන වල සටහන් තබා ඇති බවත් එලෙස තබා ඇති ඇතැම් සටහන්වල විවිධාකාර පුද්ගලයින්ගේ නාමයන් ඉංග‍්‍රීසි කෙටි අක්‍ෂරයන් (මුලකුරු) වලින් තබා තිබීම හේතුවෙන් නිශ්චිත පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවද වාර්තා වේ.


    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 නොවැම්බර් මස 25 වැනි දා පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී අනාවරණය නොකළ යුතු මූල්‍ය සංවේදිතාවයක් ඇති රහස්‍ය තොරතුරු මහ බැංකුවේ යම් යම් පාර්ශවයන් විසින් ලබාදී තිබේද යන්න පිළිබඳව රහස් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනයේ දී මෙම තොරතුරු හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.


    මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී අක‍්‍රමිකතාවයක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේදී හෙළි වු කරුණු මෙන්ම ඉදිරිපත් වු සාක්කි ද සැළකිල්ලට ගෙන ඇතැයි වාර්තා වේ.
     
    Status
    Not open for further replies.