උතුරේ හමුදා කඳවුරු 80 ක් ඉවතට
යුද හමුදාවේ බළඇණි 33 ක් අඩු කිරීමේ ක්‍රියාවලිය හරහා යාපනය, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවලින් හමුදා කඳවුරු 80 ක් පමණ ඉවත් වීමේ අවදානම මතු වී තිබේ.
යුද හමුදාපති නිකුත් කර ඇති "යුද හමුදාව තුළ ක්‍රියාත්මක සංස්ථා යථායෝග ප්‍රමාණය කිරීමේ චක්‍රලේඛය" අනුව මෙලෙස බළ ඇණි 33 ක් අඩු කෙරේ.
මේ හරහා යාපනයේ බළඇණි 7 ක් අඩු කෙරෙන අතර වන්නියේ බළඇණි 09 ක් ද, නැගෙනහිරින් බළ ඇණි 02 ක්ද, කිලිනොච්චියේ බළඇණි 05 ක්ද, මුලතිව්වලින් බළ ඇණි 06 ක්ද, බටහිරින් බළ ඇණි 01 ක්ද අඩු කෙරේ.
සාමාන්‍යයෙන් බළඇණියක් හමුදා කඳවුරු 4 ක් පවත්වාගෙන යයි. උතුරේ යළි අනාරක්ෂිත තත්ත්වයක් උදාවෙමින් තිබියදී විශාල හමුදා භට ප්‍රමාණයක් අඩු කෙරෙන්නේද උතුරු පළාතෙනි.
මෙම බළඇණි අඩු කිරීමේ ක්‍රියාවලිය ජුලි 10 වැනිදා ආරම්භ වූ අතර එය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව හමුදාපතිගේ චක්‍රලේඛයේ දැක්වේ.
හමුදා භට ප්‍රමාණය අඩු කිරීම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.