මෛත්‍රී භාවනාව...

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මෛත්‍රී භාවනාව...

සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිනිස මම පිළිවෙත් පිරීමෙහිද ඉවසීමෙහිද සමතෙක් වන්නෙමි. කයින් වචනින් අවංක වන්නෙමි. සිතිනුත් අවංක වන්නෙමි. සුවච කීකරු වන්නෙමි. මෘදු මොළොක් සිත් ඇත්තෙක් වන්නෙමි. නිහිතමානී වන්නෙමි. ලද දෙයින් සතුටු වන්නෙමි. ලද පමණින් සෑහීමට පත් වන්නෙමි. ශීලයට ‚ ගුණයට‚ නිවනට බාධක වන වැඩ අත් හරින්නෙමි. සැහැල්ලු පැවැත්මෙන් ජීවත් වන්නෙමි. සංසුන් ඉඳුරන් ඇත්තෙක් වන්නෙමි. සෑම කටයුත්තක් නුවණින් කරන්නෙමි. ගුණයට නැමී ගත්තෙක් වන්නෙමි.කිසිවක් කෙරේ අධික තෘෂ්ණා නොකරන්නෙමි. සුළු වුවද පාපයක් නොකරන්නෙමි.

මම කායික සුවයෙන් සුවපත් වෙම්වා ! බිය උවදුරු නැත්තෙක් වෙම්වා ! සුවපත් සිත් ඇත්තෙක් වෙම්වා !

මා මෙන්ම සියලු පණ ඇති සත්තු කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම සියලු භූතයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම කෙලෙස් ඇති සියලු ඇති සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම සියලු නිකලෙස් ආර්යයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම දිග් වූ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම ඉතා කෙටි ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම මධ්යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම මහත් වූ සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම ඉතා කුඩා සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම වටකුරු ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම ඉතා සියුම් ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම දුටු විරූ සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම නුදුටු විරූ සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම දුර වෙසෙන සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම ලඟ වෙසෙන සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම ඉපදුන සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

මා මෙන්ම උපදෙමින් සිටින සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා ! බිය උවදුරු නැත්තෝ වෙත්වා ! සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !

කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකෙරේවා. කිසිවෙක් කිසිවෙකුව හෙලා දැකීම් නොකෙරේවා. කිසිවෙක් කිසිවෙකුට වංචා නොකෙරේවා. කිසිවෙක් කිසිවෙකුට දුකක් නොපතාවා. සැම දෙනාම සැම දෙනාගේ සැපයට කැමති වේවා.

එකම දරුවෙක් ඇති මව් කෙනෙක් පිය කෙනෙක් තම දරුවා වෙත අසීමිත මෛත්‍රියක් දක්වන්නා සේ සැම සතුන් වෙත අසීමිත මෛත්‍රිය පවත්වත්වා.

උඩ‚ යට‚ සරස (හරහට) දස දිසාවේ සියලු සතුන් වෙත අසීමිත මෛත්‍රි පවත්වත්වා.

ඉඳින‚ හිටින‚ නිදන‚ ඇවිදින සැම ඉරියව්වෙහිදීම බ්ර හ්ම විහරණයක් වූ මෛත්‍රිය වඩත්වා.

සියල්ලෝම පිරිසිදු ශීලයෙන් සුවඳවත් වී ඥාණ දර්ශනයෙන් ආලෝකමත් වී එකළොස් කාම භූමීහි පැවති සියළු තෘෂ්ණාව සහිත ක්ලේශයන් මැඩ පවත්වා අනාගාමී මග ඵලද‚ අරහත් මග ඵලද ලබන්නෝ වෙත්වා.

මමද එසේ සුසිල්වත්ව පිරිසුදු ඥාණ දර්ශනයෙන් ආලෝකමත්ව සියළු තෘෂ්ණාව අභිබවා සතර මග ඵල පිලිවෙලින් අජරාමර ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් සුවය ලබම්වා....

මේ මෙත් විහරණයෙන් පස්සේ ඔබලාගේ හිතේ ඇති වන්නාවූ තණ්හා‚ දිට්ඨි මාන නැති කර ගෙන ඒ ඇති වෙන කෙලෙස් නැති කරගැනීමට විදර්ශනාවක් වඩන්න. මන් යොදා ගන්න ඒ භාවනා වාක්‍ය මෙතනට යොදන්නම්. ඔය අයත් මොන ආකාරයෙන් හරි අනිත්‍ය‚ දුක්ඛ‚ අනාත්ම යන ත්‍රිලත්ෂණය අඩුම තරමේ විනාඩි දහයක් වත් වඩන්න.

මෛත්‍රිය වැඩූ මම කියා කෙනෙක් නැත. මෛත්‍රිය වැඩීමේ සිතක් පහල වූවා. ඒ සිත නාම ධර්මයකි. ඒ සිත නිසා හට ගත් චෛතසික ධර්ම නාම ධර්මයෝය. ඒ සිත සාදා සිටින මේ රූප කය රූප ධර්මයකි. එසේ නාම රූප දෙකක් මෛත්‍රිය වැඩුවා. මෛත්‍රියට ලක්වූ සත්වයෝ කියා කොටසක් නැත. ඇත්තේ නාම රූප සමූහයකි. ඒවා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපිද ඉපිදී බිඳී යන බැවින් අනිත්‍ය යි. ඇතිවීම් නැතිවීම් දෙකෙන් නිතර පෙලෙන බැවින් දුකයි. කැමති සේ නොපවත්නා බැවින් අනාත්මයි. අනිත්‍ය‚ දුක්ඛ‚ අනාත්ම‚ නාම රූප සියල්ල පරමාර්ථ වශයෙන් දුක්ඛ සත්‍ය යි. ඒ දුක උපදවන තෘෂ්ණාව පරමාර්ථ වශයෙන් සමුදය සත්‍ය යි. ඒ දුක නැති ශාන්ත නිවන නිරෝධ සත්‍ය යි. නිවනට යා හැකි ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍ය යි. මාගේ මේ මෛත්‍රිද භාවනාව‚ ඒ සේම සෙසු කුසල සම්පත්තිය මේ චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස පවතීවා.
 
sudunone

Member
May 23, 2009
3,781
121

මෛත්‍රී භාවනාව නොයෙකුත් ලෙසින් වැඩුවත් මෙන්න මේ ක්‍රමේට විදර්ශනා කරන කොටසක් එකතු වෙනවනම් භාවනාව තවත් අර්ථවත් වෙනවා. බොහොම පින්.
 
wmsaneera

Member
Nov 21, 2009
503
94
0
බොහොම අගෙයි මිත්‍රයා.

මගේ අදහසනම් මෛත්‍රි භාවනාව තවත් අර්ථවත් වන්නටනම් මේ දේවල් සිතින් වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් පෙන්නුම් කරන්න ඕනේ
අද බොහෝදෙනා මෛත්‍රි භාවනාව වචනයට පමනක් සීමකරල තියෙන්නෙ.

"සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිනිස මම පිළිවෙත් පිරීමෙහිද ඉවසීමෙහිද සමතෙක් වන්නෙමි. කයින් වචනින් අවංක වන්නෙමි. සිතිනුත් අවංක වන්නෙමි. සුවච කීකරු වන්නෙමි. මෘදු මොළොක් සිත් ඇත්තෙක් වන්නෙමි. නිහිතමානී වන්නෙමි. ලද දෙයින් සතුටු වන්නෙමි. ලද පමණින් සෑහීමට පත් වන්නෙමි. ශීලයට ‚ ගුණයට‚ නිවනට බාධක වන වැඩ අත් හරින්නෙමි. සැහැල්ලු පැවැත්මෙන් ජීවත් වන්නෙමි. සංසුන් ඉඳුරන් ඇත්තෙක් වන්නෙමි. සෑම කටයුත්තක් නුවණින් කරන්නෙමි. ගුණයට නැමී ගත්තෙක් වන්නෙමි.කිසිවක් කෙරේ අධික තෘෂ්ණා නොකරන්නෙමි. සුළු වුවද පාපයක් නොකරන්නෙමි." යන්න කයෙන් වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් පෙන්නුම් කරමින් මනාලෙස සිල්වත් ජීවිතයක් ගතකරන්නේ නම් මෛත්‍රිභාවනාවේ ආනිශංස ඉතාහොදින් ලැබෙනුඇත.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මම කායික සුවයෙන් සුවපත් වෙම්වා ! බිය උවදුරු නැත්තෙක් වෙම්වා ! සුවපත් සිත් ඇත්තෙක් වෙම්වා !

මේ හැම දේකින්ම බලාපොරුත්‍තු වන්නේ ලෞකික සුවයක්, තාවකාලික සුවයක්. මින් කිසිම විටක කියන්නේ නැහැ ක්‍රමය වැරදියි කියළා. මෛත්‍රිය වැඩීමෙන් මෙලොව ආනිසංස පහකුත් පරලොව ආනිසංස පහකුත් බුදුපියාණන් වහන්සේ පෙන්නා දී තිබෙනවා.

මම ලෞකික සුවයක් කිව්වේ "මම කායික සුවයෙන් සුවපත් වෙම්වා" කියලා මට කිසිම ලෙඩක් දුකක් (කොත්තමල්ලි උගුරක්වත් බොන්න නොවෙන විදිහට) නැතුව සුවෙන් සීටමටයි. ඒ කිව්වේ යම් කිසි ලෞකික සැපක් , පැවත්මක් බලාපොරොත්තු වන්නේ. යම් කිසි තැනක පැවත්මක්, හටගැනීමක් (අර කිව්ව විදිහට කායික සුවය) තිබේනම අනිවාර්යෙන්ම එතන විනාශවීමක් (ආපහු ලෙඩ වීම ආදි වශයෙන්), විපරිනාමයක් තියෙනවාමයි. ඒකයි කිව්වේ තාවකාලිකයි කියලා.

ඉතින් සදාකාලික සුවයක් (නිවන් සුවය) තියෙන විදිහට මෙත් භාවනාව වඩන්න පුළුවන්ද ?? ඔව් ක්‍රමයක් තියෙනවා ඒ තමයි ලෝකොත්තර පැත්ත, කරන්නේ මොකක්ද කියළා දැනගෙන වඩන එක. ඒ කිව්වෙ ඇයි අපි මෙත් වඩන්නේ, මොකක්ද මේ ලෝක සත්වයා විඳින දුක. ඊට ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕන දුක මොකක්ද, දුකට හේතුව මොකක්ද , දුක නැති කරගන්නේ කොහමද සහ දුක නැති කරගැනීමේ මාර්ගය මුලින් හඳුනගන්න ඕන.

ඊට පස්සෙ අපිට පෙනෙන්න ගන්නවා අනෙ මේ මිනිස්සු කොච්චර නැටුවත්, සිංදු කිව්වත් මේ සංසාර දුක ගැන නොදැනනේ මේ නටන්නෙ සිංදු කියන්නේ කියලා, දැන් අපිට පුළුවන් අනේ මේ අයටත් කවදා හරි මේ දුකින් මිදෙත්වා කියන හැඟීමෙන් මෙත් වඩන්න. අන්න ඒකයි ලෝකොත්තරමග.

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මෛත්‍රිය වැඩීමෙන් මෙලොව ආනිසංස පහකුත් පරලොව ආනිසංස පහකුත් බුදුපියාණන් වහන්සේ පෙන්නා දී තිබෙනවා.

මට පොඩි වැරදීමක් වුණා, මෙතන ආනිසංස දහයක් නෙමේ එකොලහක් තියෙනවා

1. සුවසේ නිදයි.
2. සුවසේ පිබිදෙයි.
3. නපුරු හීන නොදකියි.
4. මනුෂ්‍යයෝ ප්‍රිය කරයි.
5. අමනුෂ්‍යයෝ ප්‍රිය කරයි.
6. දෙවියෝ ආරක්ෂා කරයි.
7. ගින්නෙන්, වස විස ආදියෙන්, අවි ආයුධ වලින් විපත් නොවේ.
8. වහා සිත සමාධි ගත වේ.
9. මුඛ වර්ණය පැහැපත් වේ.
10. නුමුළාව කලුරිය කරයි.
11. මෙලොවදී උත්තරීතර අරිහත්වයට පත්නොවුන් හොත් බඹ ලොව ඉපිද සසර ගමන කෙළවර කරයි.

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

මේ හැම දේකින්ම බලාපොරුත්‍තු වන්නේ ලෞකික සුවයක්, තාවකාලික සුවයක්. මින් කිසිම විටක කියන්නේ නැහැ ක්‍රමය වැරදියි කියළා. මෛත්‍රිය වැඩීමෙන් මෙලොව ආනිසංස පහකුත් පරලොව ආනිසංස පහකුත් බුදුපියාණන් වහන්සේ පෙන්නා දී තිබෙනවා.

මම ලෞකික සුවයක් කිව්වේ "මම කායික සුවයෙන් සුවපත් වෙම්වා" කියලා මට කිසිම ලෙඩක් දුකක් (කොත්තමල්ලි උගුරක්වත් බොන්න නොවෙන විදිහට) නැතුව සුවෙන් සීටමටයි. ඒ කිව්වේ යම් කිසි ලෞකික සැපක් , පැවත්මක් බලාපොරොත්තු වන්නේ. යම් කිසි තැනක පැවත්මක්, හටගැනීමක් (අර කිව්ව විදිහට කායික සුවය) තිබේනම අනිවාර්යෙන්ම එතන විනාශවීමක් (ආපහු ලෙඩ වීම ආදි වශයෙන්), විපරිනාමයක් තියෙනවාමයි. ඒකයි කිව්වේ තාවකාලිකයි කියලා.

ඉතින් සදාකාලික සුවයක් (නිවන් සුවය) තියෙන විදිහට මෙත් භාවනාව වඩන්න පුළුවන්ද ?? ඔව් ක්‍රමයක් තියෙනවා ඒ තමයි ලෝකොත්තර පැත්ත, කරන්නේ මොකක්ද කියළා දැනගෙන වඩන එක. ඒ කිව්වෙ ඇයි අපි මෙත් වඩන්නේ, මොකක්ද මේ ලෝක සත්වයා විඳින දුක. ඊට ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕන දුක මොකක්ද, දුකට හේතුව මොකක්ද , දුක නැති කරගන්නේ කොහමද සහ දුක නැති කරගැනීමේ මාර්ගය මුලින් හඳුනගන්න ඕන.

ඊට පස්සෙ අපිට පෙනෙන්න ගන්නවා අනෙ මේ මිනිස්සු කොච්චර නැටුවත්, සිංදු කිව්වත් මේ සංසාර දුක ගැන නොදැනනේ මේ නටන්නෙ සිංදු කියන්නේ කියලා, දැන් අපිට පුළුවන් අනේ මේ අයටත් කවදා හරි මේ දුකින් මිදෙත්වා කියන හැඟීමෙන් මෙත් වඩන්න. අන්න ඒකයි ලෝකොත්තරමග.

යාළුවා ඔයත් එක්ක මන් වාදෙට එනවා නෙමෙයි හොඳද. ඔයා කියන දේ හරියටම හරි. අපි දෙයක් ගැන කථා කරන්නේ අපිට තියෙන අත් දැකීම් අනුවනේ. ශ්‍රී ලංකාවේ හුඟක් භාවනා උගන්වන අය කියන දේ තමයි මෛත්‍රී භාවනාව කියන දේ සමථ භාවනාවක් විදියට. අපේ අය සමථ විදර්ශනා කියලා භාවනාව දෙකොසකට බෙදා ගෙන. බුදු බනේ නැති දේවල් අපිට උගන්වනවා. ඔයා මෙතනදි කියන දේ අන්න ඒ මතවාදය උඩ ඉඳගෙන වගෙයි තියෙන්නේ.

මම කායික සුවයෙන් සුවපත් වෙම්වා කියන දේ තුලින් අදහස් කරන්නේ ඔයා කියන දේ නොවෙයි. ඒ දේ වුනත් බුද්ධ දේශනාව ඔයා අහලා ඇති බක්කුල මහ රහතන් වහන්සේ. උන්වහන්සේ තමයි ලෙඩ රෝග හැදෙන්නේ නැති අය අතරින් අග්‍ර. හැබැයි ලෙඩ නොහැදුනාමත් නෙමෙයි. ඒ අග්‍රස්ථානය දීලා තියෙන්නෙත් බුදු හාමුදුරුවෝම තමයි. ‍සුවෙන් සිටීම පලක් නෑ කියලා බුද්ධ දේශනාවනම් බුදු හාමුදුරුවෝ කවදාවත් ඒ තනතුර බක්කුල හාමුදුරුවන්ට දෙන්නේ නෑ. ඔයාගේ අනිත් දේවල් ගැනත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ.

ටිකක් හිතන්න. මෙත්ත සූත්‍රයේ තියෙනවා සීල සමාධි ප්‍රඥා කියන අංගයන්ගෙන් සමන්විත වුන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර නිවනක් නෑ. ඒ තුලිනුයි මේ. ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඒවා සම්මුති පමණයි. වැරදි ඥාණ දර්ශණයන්ගෙන් මිදෙන්න නැත්නම් නිවන් දැකීමත් නැත කියනදේ තමයි බුද්ධ වචනය.

ඔයාට ‍හොඳ නුවණක් තියෙන බව පැහැදිලියි. ඒත් ඒ නුවණ ඔයා ලබාගෙන තියෙන්නේ තමන්ගේ අත්දැකීමෙන් නොවන බව පැහැදිලියි. එහෙම නැත්නම් මේ වගේ දේවල් ලියන්නේ නෑ. මීට වඩා ඉහළට ගිය දෙයක් ලියනවා මිසක්.

හොඳට මතක තියා ගන්න. බුද්ධ ධර්මය කියන්නේ පුස්කොල පොත්වල වත් ප්‍රින්ට් කරපු පොත්වල වත් කවුරු වත් කියන දේකවත් තියෙන දෙයක් නෙවෙයි. තමන්ගේ මනස තුලින් තමන් ගැන දකින දේයි.

මෛත්‍රී භාවනාව පැහැදිලිවම ඒ ගමන යන්න උදව් කරනවා.

තෙරුවන් සරණයි
.
 
Last edited:

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
බොහොම අගෙයි මිත්‍රයා.

මගේ අදහසනම් මෛත්‍රි භාවනාව තවත් අර්ථවත් වන්නටනම් මේ දේවල් සිතින් වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් පෙන්නුම් කරන්න ඕනේ
අද බොහෝදෙනා මෛත්‍රි භාවනාව වචනයට පමනක් සීමකරල තියෙන්නෙ.

"සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිනිස මම පිළිවෙත් පිරීමෙහිද ඉවසීමෙහිද සමතෙක් වන්නෙමි. කයින් වචනින් අවංක වන්නෙමි. සිතිනුත් අවංක වන්නෙමි. සුවච කීකරු වන්නෙමි. මෘදු මොළොක් සිත් ඇත්තෙක් වන්නෙමි. නිහිතමානී වන්නෙමි. ලද දෙයින් සතුටු වන්නෙමි. ලද පමණින් සෑහීමට පත් වන්නෙමි. ශීලයට ‚ ගුණයට‚ නිවනට බාධක වන වැඩ අත් හරින්නෙමි. සැහැල්ලු පැවැත්මෙන් ජීවත් වන්නෙමි. සංසුන් ඉඳුරන් ඇත්තෙක් වන්නෙමි. සෑම කටයුත්තක් නුවණින් කරන්නෙමි. ගුණයට නැමී ගත්තෙක් වන්නෙමි.කිසිවක් කෙරේ අධික තෘෂ්ණා නොකරන්නෙමි. සුළු වුවද පාපයක් නොකරන්නෙමි." යන්න කයෙන් වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් පෙන්නුම් කරමින් මනාලෙස සිල්වත් ජීවිතයක් ගතකරන්නේ නම් මෛත්‍රිභාවනාවේ ආනිශංස ඉතාහොදින් ලැබෙනුඇත.

යාළුවා බුද්ධ දේශනාව තමයි චේතනාව තමන් කරන ක්‍රියාව වෙන බව. අපි ඊයේ හිතපු දේවල් වලින් අපි කරපු දේවල් අනුව අපේ අද හැදෙනවා. අපි අද හිතන දේ තුලින් හා ඒ අනුව කරන දේ වලින් අපේ හෙට හැදෙනවා. ඒ නිසා තමයි බුදු හාමුදුරුවෝ වදාලේ කර්මය වෙනස් කරන්න පුළුවන් කියලා.

කොහොම වෙතත් යාළුවා මේ භාවනාව අපේ හැම ඉරියව්වකදිම පවත්වන්න කියා කියනවා නේ. ඔයා ඒක දැක්කද? එහෙම හැම ඉරියව්වකදිම ඒ භාවනාව කරද්දි අපේ ක්‍රියාවත් ඒ චේතනාව අනුව හැඩගැස්වෙනවා. ඒ අනුව ආනිසංසත් ලැබෙනවා. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
යාළුවා ඔයත් එක්ක මන් වාදෙට එනවා නෙමෙයි හොඳද. ඔයා කියන දේ හරියටම හරි. අපි දෙයක් ගැන කථා කරන්නේ අපිට තියෙන අත් දැකීම් අනුවනේ. ශ්‍රී ලංකාවේ හුඟක් භාවනා උගන්වන අය කියන දේ තමයි මෛත්‍රී භාවනාව කියන දේ සමථ භාවනාවක් විදියට. අපේ අය සමථ විදර්ශනා කියලා භාවනාව දෙකොසකට බෙදා ගෙන. බුදු බනේ නැති දේවල් අපිට උගන්වනවා. ඔයා මෙතනදි කියන දේ අන්න ඒ මතවාදය උඩ ඉඳගෙන වගෙයි තියෙන්නේ.

නැහැ, මම කියන්නේ සමථ, විදර්ශනා කියන කොටස් දෙක උඩ ඉඳගෙන නෙමෙයි. මට පෙනෙනේ මම කියපු දේ ඔබ ටිකක් පටලෝගෙන වගේ. ලෞකික කියලා කිව්වේ යම් තැනක පැවැත්මක් බලාපොරොත්තුවෙන් කරන වැඩ පිළිවලක් ගැන. ලෝකොත්තර කිව්වෙ නිවන් මග පමනක් අරමුණු වුණු මාවත. ඉතින් ලෝකොත්තර මග වුණත් මුලින් සමථයට එන්න ඕන ඊට පස්සෙ තමයි විදර්ශණා කරලා බලන්නේ. මේ තාවකාලික සුවයන්ගේ තියන අසාර බව සහා ආදීනව.

මම කායික සුවයෙන් සුවපත් වෙම්වා කියන දේ තුලින් අදහස් කරන්නේ ඔයා කියන දේ නොවෙයි. ඒ දේ වුනත් බුද්ධ දේශනාව ඔයා අහලා ඇති බක්කුල මහ රහතන් වහන්සේ. උන්වහන්සේ තමයි ලෙඩ රෝග හැදෙන්නේ නැති අය අතරින් අග්‍ර. හැබැයි ලෙඩ නොහැදුනාමත් නෙමෙයි. ඒ අග්‍රස්ථානය දීලා තියෙන්නෙත් බුදු හාමුදුරුවෝම තමයි. ‍සුවෙන් සිටීම පලක් නෑ කියලා බුද්ධ දේශනාවනම් බුදු හාමුදුරුවෝ කවදාවත් ඒ තනතුර බක්කුල හාමුදුරුවන්ට දෙන්නේ නෑ. ඔයාගේ අනිත් දේවල් ගැනත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ.

බුදුපියාණන් වහන්සේ සුවයක් ලෙස ගෙන දැක්වූයේ මෙලසයි,

"බෞද්ධයාට තපෝ ගුණය හැර, බොජ්ජංග ධර්ම හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි".

උන්වහන්සේ ඔය හැරෙන්න වෙන සුවයක් ගැන කියලා නැහැ. දැන් ඔය ඔබ කියන කායික සුවයක් ලැබූ කෙනෙක් ඉන්නවාද, නැතිනම් හිටියද (බක්කුල මහ රහතන් වහන්සේත් දැන් පිරිණිවන් පාල, උන්වහන්සේත් වයසට යන කොට කිසිම කායික සුවයක් විඳින්න නැතුව ඇති) .

මහාප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේ බුදුපියාණන් වහන්සේ ලඟට විත් මෙහෙම කියනවා. "තථාගතයන් වහන්ස දැනටමත් ඔබ වහන්සේ දේශණා කල ධර්මයට වැරදි අදහස් දෙනවා. ඔබ වහන්සේගෙන් පසුව අනාගත ජනයා මේ හරි ධර්මය දැනගන්නේ කොහොමද කියළා". එතකොට උන්වහන්සේ මෙහෙම කියනවා ""යමක් ඇසුරු කරන විට ලෝභක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න"

දැන් ඔබ කියපු කායික සුවය (මෙතිනින් කියන්නේ නැහැ ලෙඩක් හැදුනාම බෙහෙත් බොන්න එපා කියළා) පතන්නේ ඇයි ? මේ කයට තියෙනා ආසවට එය රැකගන්න නෙමෙයිද ? ඉතින් ඔය භාවනාවෙන් (ඔයා කියන) ලෝභක්‍ෂය වෙනවද?. ඉතින් මෙතන පටලැවිල්ලක් තියෙනවා නේද ? ඔය කියන විදිහට කායික සුවය පතාගෙන භාවානව බුදුපියාණන් වහන්සේට පෙර බමුණොත් කලා.

ටිකක් හිතන්න. මෙත්ත සූත්‍රයේ තියෙනවා සීල සමාධි ප්‍රඥා කියන අංගයන්ගෙන් සමන්විත වුන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර නිවනක් නෑ. ඒ තුලිනුයි මේ. ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඒවා සම්මුති පමණයි. වැරදි ඥාණ දර්ශණයන්ගෙන් මිදෙන්න නැත්නම් නිවන් දැකීමත් නැත කියනදේ තමයි බුද්ධ වචනය.

:) ආර්ය අෂ්ටාංගික මාර්ගයෙත් මම කිව්ව වගේ මාර්ග දෙකක් තියෙනවා, ලෝකොත්‍තර සහා ලෞකික වශයෙන්. ඉතින් අද අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියළා කරන්නේ මොකක්ද ? යහපත් දැකීම, යහපත් සංකල්පනාව, යහපත් වචන... ආදී වශයෙන්. ඉතින් බුදුපියාණන් වහන්සේටත් කලින් හිටපු අය යහපත් දේ දැක්කා හොඳ වැඩ කලා, යහපත් දේවල් හිතුවා , යහපත් වචන කතා කලා ... ඉතින් ඒ අය නිවන් දැක්කද ? එහෙම දෙයක් වුණා නම් බුදු කෙනෙක් මේ ලෝකෙට මොකටද ? ඉතින් උන්වහන්සේ පෙන්නා දීපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ලෝකොත්තර මග, නිවන් දකින මග.

මෙහෙම කතාවකුත් තියෙනවා "සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සේ දකී, මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය සේ දකී. සම්මා දිට්ඨිය දෙයාකාරයි සේ දකී එකක් ලෝකොත්තර මග අනික ලෞකික මග කියා දකී" ඉතින් අනික් ඒවාටත් ඔය වගේ තමා.

ඔයාට ‍හොඳ නුවණක් තියෙන බව පැහැදිලියි. ඒත් ඒ නුවණ ඔයා ලබාගෙන තියෙන්නේ තමන්ගේ අත්දැකීමෙන් නොවන බව පැහැදිලියි. එහෙම නැත්නම් මේ වගේ දේවල් ලියන්නේ නෑ. මීට වඩා ඉහළට ගිය දෙයක් ලියනවා මිසක්.

ස්තූතියි, නිවනට වඩා ඉහළ දෙයක් මට පේන්නේ නැහැ.

හොඳට මතක තියා ගන්න. බුද්ධ ධර්මය කියන්නේ පුස්කොල පොත්වල වත් ප්‍රින්ට් කරපු පොත්වල වත් කවුරු වත් කියන දේකවත් තියෙන දෙයක් නෙවෙයි. තමන්ගේ මනස තුලින් තමන් ගැන දකින දේයි.මෛත්‍රී භාවනාව පැහැදිලිවම ඒ ගමන යන්න උදව් කරනවා.

බොහොම හරි ... ඒත් හරි මාර්ගය දන්නේ නැතුව මනසට හරියට දකින්න පුළුවන්ද ?

මේකත් මතක තියාගන්න, බුදුපියාණන්වහන්සේ මෙහෙමත් කියළා තියෙනවා "මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න, අර්‍ය මෛත්‍රි භාවනාව දන්න, දෙවියන් සහිත, මරුන් සහිත , බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත ලෝකයෙහි තව කිසිවෙක් නැහැ"

තෙරුවන් සරණයි !!!