***මෛත්‍රී භාවනාව***

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
***මෛත්‍රී භාවනාව***

[FONT=&quot]මෛත්‍රී භාවනාව[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]මෛත්‍රී භාවනාව ද සැමදෙනා විසින් ම කළ යුතු භාව[/FONT][FONT=&quot]නාවකි. නවාංගුපෝසථ සීලය සමාදන් වූවන් විසින් එය විශේෂයෙන් කළ යුතුය. නොකළහොත් නවාංග ශීල[/FONT][FONT=&quot]ය සම්පූර්ණ නොවේ. මෛත්‍රීය සැමට ම තිබිය යුතුය. මෙත් සිත් ඇත්තෝ ම මෙත් අදහස් ඇත්තෝ ම සත්පුරුෂයෝ[/FONT][FONT=&quot] ය. ඒවා නැත්තෝ අසත්පුරුෂයෝ ය. මෛත්‍රීය භාවනාව කරන කල්හි පළමු කොට තමාට ම මෙත් වඩාගෙන තමා ගැන ම මෙත් සිත උපදවාගෙන පසුව සෙස්සන් ගැන මෛත්‍රීය කළ යුතුය. තමාට මෛත්‍රීය කරගැනීම භාවනාව පටන් ගැනීමේ දී පමණක් කිරීම ප්‍රමාණවත් ය. දිගට භාවනාව අන්‍ය සත්ත්වයන් අන්‍ය පුද්ගලයන් ගැන ම කළ යුතුය.[/FONT]

[FONT=&quot]මෛත්‍රී භාවනා වාක්‍යය[/FONT]
[FONT=&quot]‍මම වෛර නැත්තෙක් වෙම්වා[/FONT]
[FONT=&quot]අනුන්ගේ යහපත කැමැත්තෙක් වෙම්වා[/FONT]
[FONT=&quot]අනුන් පහත්කොට නොසිතන්නෙක් වෙම්වා[/FONT]
[FONT=&quot]දුක් නැත්තෙක් වෙම්වා[/FONT]
[FONT=&quot]සුවපත් වෙම්වා[/FONT]

[FONT=&quot]මාගේ හිතවත්හු වෛර නැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]අනුන් ගේ යහපත කැමැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]අනුන් පහත්කොට ‍නො සිතන්නෝ වෙත්වා[/FONT]
[FONT=&quot]දුක් නැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]සුවපත්වෙත්වා[/FONT]

[FONT=&quot]මාගේ සතුරෝ වෛර නැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]අනුන් පහත්කොට නො සිතන්නෝ වෙත්වා[/FONT]
[FONT=&quot]දුක් නැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]සුවපත් වෙත්වා[/FONT]

[FONT=&quot]මා හා මධ්‍යස්ථයෝ වෛර නැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]අනුන් පහත්කොට නො සිතන්නෝ වෙත්වා[/FONT]
[FONT=&quot]දුක් නැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]සුවපත් වෙත්වා[/FONT]
[FONT=&quot][/FONT]
 
  • Like
Reactions: TheRockSays

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
[FONT=&quot]ප්‍රදේශ ව‍ශයෙන් මෙත් වැඩීම[/FONT]
[FONT=&quot](මතු දැක්වෙන වචන වලට වෛර නැත්තෝ වෙත්වා යනාදී වාක්‍ය යොදා භාවනා කරන්න.)[/FONT]
[FONT=&quot]මේ ආරාමයේ/නිවසේ සකල සත්වයෝ[/FONT]
[FONT=&quot]මේ ගමේ සකල සත්වයෝ[/FONT]
[FONT=&quot]මේ රටේ සියලු සත්වයෝ [/FONT]
[FONT=&quot]මේ දිවයිනේ ‍සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා....[/FONT]
[FONT=&quot]දිශා වශයෙන් භාවනා කිරීම[/FONT]
[FONT=&quot]නැගෙනහිර දිග සියලු සත්වයෝ [/FONT]
[FONT=&quot]වෛර නැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]අනුන් පහත්කොට නොසිතන්නෝ වෙත්වා[/FONT]
[FONT=&quot]දුක් නැත්තෝ වෙත්වා[/FONT]
[FONT=&quot]සුවපත් වෙත්වා[/FONT]

[FONT=&quot]දකුණු දිග සියලු සත්වයෝ[/FONT]
[FONT=&quot]බටහිර දිග සියලු සත්වයෝ[/FONT]
[FONT=&quot]උතුරු දිග සියලු සත්වයෝ[/FONT]
[FONT=&quot]යට සිටිනා සියලු සත්වයෝ[/FONT]
[FONT=&quot]උඩ සිටිනා සියලු සත්වයෝ[/FONT]
[FONT=&quot]සදිසාවේ සියලු සත්වයෝ[/FONT]

[FONT=&quot]මෛත්‍රී භාවනාව ගැන දතයුතු කරුණු[/FONT]
[FONT=&quot]මෛත්‍රී භාවනාව කිරීම සදහා යොදා ගත හැකි වචන බොහෝ ඇත්තේය. නොයෙක් පොත් වල නොයෙක් ආකාරයට භාවනා වාක්‍ය ඇත්තේ ඒ නිසාය. කවර වචනයකින් කවර ආකාරයකින් මෛත්‍රී භාවනාව කළ ද වරදක් නැත. ඒ නිසා පොත්වල වෙනස් වෙනස් අකාර වලට භාවනා වාක්‍ය තිබීම ගැන විමතියක් ඇතිකර නොගත යුතුය. [/FONT]

[FONT=&quot]මේ භාවනාව කරන තැනැත්තා විසින් අවංකව අනුන්තට යහපතක් කිරීමේ අදහසින් ම භාවනා කළ යුතුය. එබදු අදහසක් නැතිව භාවනා වාක්‍ය කීවාට ඉන් එතරම් ප්‍රයෝජනයක් නොවේ. අවංකව තමාගේ සිත අන්‍ය පුද්ගලයන්ට යොමු කර ගෙන ඒ ඒ වාක්‍යයෙන් කි‍යවෙන දෙය අන්‍යයාට සිදු කර දීමේ බලාපොරොත්තුවෙන් ම භාවනා කළ යුතුය.[/FONT]

[FONT=&quot]වෛර නැත්තෝ වෙත්වා යන වැතිකයෙන් කියැවෙන කරුණු දෙකක් ඇත්තේ ය. භාවනාවට ලක්වන අන්‍යයන් ගැන වෛර ඇති නොවීම එක් කරුණකි. භාවනාවට හසුවන පුද්ගලයන්ට අන්‍යයන් වෛර නොකිරීම එක් කරුණකි. ඒ දෙකරුණ සලකා ගෙන ඒ දෙකම නොවීම පිණිස භාවනා කරන්න. මෛත්‍රී භාවනාව භාවනා කරන තනැත්තා ගේ යහපත පමණක් නොව එයට හසුවන අන්‍ය සත්ත්වයන්ගේ යහපත ද සිදුවන භාවනාවෙකි. එය උසස් භාවනාවක් වන්නේ ඒ නිසාය. භාවනා කරන කල්හි තමා කියන දෙය එයට අසුවන සත්ත්වයනට සිදුවන පරිදම භාවනාව කළ යුතුය. මෙහි භාවනා වක්‍යය යොදා ඇත්තේ අනුන්ගේ යහපත ද සිදුවන්නා වූ අකාරයකට ය. එය ගැඹුරු කාරුණකි. ශාසනාවතරණය නැමති පොතේ සදහන් මෛත්‍රී භාවනා විස්තරය කියවුව හොත් ඒ ගැන දැනුමක් ලැබිය හැකිවනු ඇත.[/FONT]

[FONT=&quot]මෙහි දක්වා ඇති මෛත්‍රී භාවනාවේ කොටස් ‍තුනක් දක්වා ඇත. හිතාහිත මධ්‍යස්ථ සත්වයනට මෙත් වැඩීම පළමුවන කොටස ය. තමා සිටින තැන සිට ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම දෙවන කොටස ය. දිශා වශයෙන් මෙත් වැඩීම තුන්වන කොටස ය. කොටස් තුනම පාඩම් කරගෙන තුන් ආකාරයෙන් ම භාවනාව කළ හැකිය. එක් කොටසක් හෝ දෙකක් පාඩම් කර ගෙන භාවනා කිරීම ද සුදුසු ය.[/FONT]

[FONT=&quot]දිශා වහයෙන් කරන භාවනාව වඩාත් හොදය. එය සදිසාව ගැනම පිළිවෙලින් ද භාවනා කිරීම සුදුසු ය. එක් දිශාවක ස්ත්ත්වයනට ම බොහෝ වේලාවක් මෙත් වැඩිය යුතුය. එයින් ඒ දිශාවේ ස්තත්වයනට ගුණ ලැබේ. මෛත්‍රී භාවනාවේ ගුණය වඩා ලැබෙන්‍‍නේ ඒ දිශාවේ භාවනාව කරන්නා සමීපයේ සිටින සත්ත්වයනට ය.[/FONT]
 

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
[FONT=&quot]මෛත්‍රී භාවනාවේ අනුසස්[/FONT]
[FONT=&quot]අංගුත්තර නිකායේ ඒකාදසක නිකායේ අනුස්සති වග්ගයේ සූත්‍රයක මෙත්තා වේතෝ විමුක්තියේ අනුසස් එකොළොසක් වදාරා ඇත්තේ ය. ඒවා ‍මෙසේ ය.[/FONT]

1.[FONT=&quot] [/FONT][FONT=&quot]ගෙරවීම්, දත් සැපීම්, කෙදිරීම්, නන් දෙඩීම්, ඒ මේ අත රෙළිම්වලින් තොරව සුවසේ නින්ද යාම.[/FONT]
2.[FONT=&quot] [/FONT][FONT=&quot]කෙදිරීම්, කම්මැලිකම් ආදි‍යෙන් තොරව පද්මයක් පුබුදුවන්නාක් මෙන් සැපසේ නින්දෙන් අවදි වීම.[/FONT]
3.[FONT=&quot] [/FONT][FONT=&quot]සර්පයන්ට, සොරුන්ට, ඇතුන්ට, සතුරන්ට හසුවීම් ආදී භයානක සිහින නොපෙනීම.[/FONT]
4.[FONT=&quot] [/FONT][FONT=&quot]දකින දකින සැමට ම ප්‍රිය වීම.[/FONT]
5.[FONT=&quot] [/FONT][FONT=&quot]මිනිසුන් ට පමණක් නොව දෙවියන්ට ද ප්‍රිය වීම.[/FONT]
6.[FONT=&quot] [/FONT][FONT=&quot]දෙවියන් විසින් ආරක්ෂා කිරීම.[/FONT]
7.[FONT=&quot] [/FONT][FONT=&quot]ගින්නෙන් විෂෙන් හා ආයුධ වලින් අනතුරු නොවීම.[/FONT]
8.[FONT=&quot] [/FONT][FONT=&quot]වහා සිත සමාධි වීම.[/FONT]
9.[FONT=&quot] [/FONT][FONT=&quot]මුහුණ පැහැපත් වී බැබළීම.[/FONT]
10.[FONT=&quot] [/FONT][FONT=&quot]නොමුළාව කාලක්‍රියා කරන්නට ලැබීම.[/FONT]
11.[FONT=&quot] [/FONT][FONT=&quot]ඒ ජාතියේම රහත් නූවහොත් බ්‍රහ්ම ලෝකයේ ඉපදීම.[/FONT]

[FONT=&quot]මෙත්තා වේතෝ විමුක්තිය යනු මෛත්‍රී ධ්‍යානය ය. ඉහත කී අනුසස් ලැබෙන්නේ මෛත්‍රී භාවනාවෙන් ධයාන ලබාගත් අයට ය. සාමාන්‍ය මෛත්‍රීයෙන් ඒ අනුසස් ලැබෙන්නේ ස්වල්ප වශයෙනි. මද වේලාවක් මෛත්‍රී භාවනාව කොට ඉහත කී අනුසස් නොලැබෙන කල්හි ‍කියන අනුසස් මෛත්‍රියෙන් නොලැබේ යි වරදවා නොසිතා ගත යුතුය.[/FONT]

[FONT=&quot]ඒකම්පි වේ පාණමදුට්ඨ චිත්තෝ[/FONT]
[FONT=&quot]මේතායති කුසලෝ තේන හෝති[/FONT]
[FONT=&quot]සබ්බේව පාණේ මනසානුකම්පං[/FONT]
[FONT=&quot]පහුතමරියෝ පකරෝති පුඤ්ඤං[/FONT]

[FONT=&quot]ඉදින් අදුෂ්ඨ වූ සිතින් එක් සත්ත්වයකුට වුවද මෙත් වඩා ද එයින් බොහෝ කුසල් ඇත්තේ වේ. සකල සත්ත්වයිනට ම මෛත්‍රීය වඩන්නා වූ ආර්ය පුද්ගල තෙමේ ඉතාම පිනක් කරයි.[/FONT]

[FONT=&quot]මෙත් වැඩිය යුතු ආකාරය[/FONT]
[FONT=&quot]මාතා යථා නියං පුත්තං[/FONT]
[FONT=&quot]ආයුසා ඒක පුත්තමනුරක්ඛෙ[/FONT]
[FONT=&quot]ඒවම්පි සබ්බ භූතේසු[/FONT]
[FONT=&quot]මානසං භාව‍යේ අපරිමාණං[/FONT]

[FONT=&quot]තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති මේ ගාථාව සිහි කොට මෙත් වැඩිය යුතුය. එක් දරුවකු ඇති මවක් ඒ දරැවා තමාගේ ජීවිතයට දෙවෙනි නොකොට රකින්නී ද, ඒ මව තමාට ඇති එකම දරුවා කෙරෙහි යම් බදු මෛත්‍රියක් පවත්වන්නී ද මෙත් වඩන සත් පුරුෂයා විසින් සියලු සත්ත්වයන් කෙරෙහි එබදු මෛත්‍රියක් පැවැත්විය යුතුය යනු එහි අදහසය.[/FONT]


උපුටා ගැනීම බුදුමග පුවත්පත
 

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
ගුවන් විදුලි නාලිකාවක අපි සියලු සත්වයන් හට මෙත් වඩමු යනුවෙන් සෑමදාම මෛත්‍රී භාවනාව කරනවා. ඒක මේ ආකාරයට කියන්නෙ.

මම වෛර නැත්තෙක් වෙම්වා
තරහා නැත්තෙක් වෙම්වා
‍ඊර්ෂයා නැත්තෙක් වෙම්වා
දුක් පීඩා නැත්තෙක් වෙම්වා
සුවසේ ජීවත් වෙම්වා
ශාන්ත සුවයට පත් වෙම්වා


ඉන් පසු මේ ආකාරයට සියලු සත්වයන්ටම මෙත් වඩනවා...