මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පනš
මෛත්‍රී, මහින්දට කනේ පාරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා...
"ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ තවත් වැදගත් දෙයක් තිබෙනවා. මහින්දට කනේ පහරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇනලා තිබෙනවා. කියමනක් තිබෙනවා, පන්සල් ටොක්කක් ඇන්නාම උගුරට ලේ රහ දැනෙනවා කියලා. ජනාධිපතිරවයා මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා. මේ මැතිවරණයේදී එජාපය පෝස්ටරයක් ගහලා තිබුණා, මුල පිරුවා විතරයි කියලා. මුල පිරුවේ මහ බැංකු මුදල් වංචාවෙන්, කරුංකා ගනුදෙනුවෙන්, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කිරීමෙන් නම් ඔවුන්ගේ ඉදිරි පාලන කාලය කොහොම වෙයිද? එනිසා මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන මෙම දේශපාලන ව්‍යාපාර දෙක ගැන මෛති‍්‍රපාල ජනාධිපතිවරයා පැහැදිළිව සඳහන් කර තිබෙනවා. එම දේශපාලන ව්‍යාපාර දෙකට එරෙහිව ජනතා බලවේගයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. එයට ජනතා විමුක්ති පෙරමුණ සහ අපට සහාය පළකරන බලවේග මේ වනවිට මුල පුරා තිබෙනවා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. [FONT="]මෙම අවස්ථාවට ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා...[/FONT]
[FONT="]"ජනවාරි අටවෙනිදා මහින්ද රාජපක්ෂ දූෂිත පාලනය පරාජය කිරීමට මෙරට ජනතාව සමත් වුණා. ඒ සමග මහින්ද රාජපක්ෂලා විසින් අනුගමනය කළ විනාශකාරී, කැත දේශපාලන සංස්කෘතියත්, විනාශකාරී ආර්ථික ප‍්‍රතිපත්තියත් පරාජයට පත්කිරීමට හැකියාව ලැබුණා. නමුත් ඉන් අනතුරුව ගොඩනැගුණු රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා වූව මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වූත් එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂගේ දේශපාන සංස්කෘතිය තීරණාත්මක ලෙස පරාජය කිරීමට කටයුතු කළේ නැහැ. ඔවුන් ඔවුන්ගේ විවිධ දේශපාලන පටු වුවමනාවන්ට අනුව වැඩකළා. ඒ නිසාම පරාජයට පත්වුණු මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනය නැවතත් වර්ධනයවීමට පටන් ගත්තා. මහින්දත් සමඟ ඔහුගේ දේශපාලන සංස්කෘතියත් පරාජය කළ යුතුව තිබුණා. මන්ද, ඔහු පරාජයෙන් පසුවත් ජාතිවාදය වපුරමින් රට තුළ විනාශකාරී දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට උත්සාහ කළා. රාජපක්‍ෂත් ඔහුගේ දේශපාලන සංස්කෘතියත් පරාජයට පත්කළා නම් මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා අද මේ අර්බුදයට ලක්වෙන්නේ නැහැ.[/FONT]
[FONT="]මහින්ද රාජපක්‍ෂ ඇතුලු පවුලේ සාමාජිකයින්ට එල්ල වෙලා තිබුණු මූල්‍ය ගණුදෙනු චෝදනා[/FONT][FONT="], ඝාතන පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කොට අධිකරණය මගින් දඬුවම් ලබාදිය යුතුව තිබුණා. එසේ කළා නම් රාජපක්‍ෂ පිල්ලිය මුළුමනින් පරාජයට පත්කිරීමට හැකියාව තිබුණා. දේශපාලනික වශයෙන් මෙන්ම ඔවුන්ට තිබුණු චොදනාවලට දඬුවම් ලබාදී ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියත් පරාජයට පත්කිරීමට අසමත් වූවා පමණක් නොව මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා ශී‍්‍රලනිප, එජනිස නායකයා ලෙස ඔහුට නාමයෝජනා ලබාදීමටත් කටයුතු කළා. එසේ කරන්න සිදුවුණේ තීරණාත්මක ලෙස රාජපක්‍ෂ පරාජය කරන්න බැරිවුණු නිසයි. එය ජනවාරි 08වැනිදා මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාට ලැබුණු ජනවරමට පිටුපෑමක්. ඒ නිසාම ඔහුට සහාය පළකළ පාර්ශවවලින් විශාල දෝෂාරෝපනයක් එල්ල වුණා. ඔහුගේ විශේෂ ප‍්‍රකාශයේදී ඔහු විසින්ම ඒ බව කිව්වා. "මට දුෂ්ටයා කිව්වා, ද්‍රෝහියා කිව්වා, පාවා දෙන්නෙක් කිව්වා" ජනාධිපතිවරයා ඔහුගේ වචනවලින්ම කිව්වා. ජනවරමට මුළුමනින්ම පිටුපානවා නම් එය අංශක 180කින් තමන් හිටපු ස්ථාවරය මුළුමනින්ම වෙනස් කර වෙන ස්ථාවරයක සිට ගැනීමක්. එවිට ඔහු දිනවූ බලවේග ඉදිරියේ ඔහු දුෂ්ඨයෙක්, ද්‍රෝහියෙක්. පාවා දෙන්නෙක්. ඒ මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගේම වචනයි.[/FONT]
[FONT="]ගිය නුවණ ඇතුන් ළවා අද්දන්න ජනාධිපතිවරයා විසින් උත්සාහයක් ගෙන තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්වන බවත් ඔහු ජයග‍්‍රහණය කළත් අගමැතිධුරය ලබා නොදෙන බවත් තමන් මහමැතිවරණයේදී ස්වාධීනව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කර තිබෙනවා. එයින් සමාජයට යම් කිසි පණිවුඩයක් ලබාදීමට ජනාධිපතිවරයා උත්සාහ කර තිබෙනවා. එයින් ජනාධිපතිවරයා කියා තිබෙන්නේ ජනවාරි [/FONT][FONT="]08වැනිදා ලැබුණු ජනවරම සමඟ සිටගැනීමට තමන් තවමත් සූදානමින් සිටින බවයි. කල් ඉකුත්වෙලා හෝ ප‍්‍රමාද වෙලා හෝ එවැනි ප‍්‍රකාශක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අපේ ඇගයීමක් තිබෙනවා.[/FONT]
[FONT="]ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අර්බුදයට යන්නේ මෛතී‍්‍ර-මහින්ද ගැටුම නිසාම පමණක් නෙවෙයි. මහින්ද රාජපක්‍ෂ විසින් ශ‍්‍රීලනිපයේ මුල් උදුරා දැමීමේ විපාක තමයි දැන් අර්බුදයක් බවට පත්වෙලා තිබෙන්නේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විනාශ කළේ රට විතරක් නෙවෙයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් විනාශ කළා. බණ්ඩාරනායක මහත්තයා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැගුවේ සඟ[/FONT][FONT="], වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය මූලික කරගෙනයි. ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයින්ගේ හදවතේ රැඳුනේ එවැනි පක්‍ෂයක්. නමුත් රාජපක්‍ෂ විසින් නිර්මාණය කළේ මහා පරිමාණයේ කුඩු ව්‍යාපාරිකයින්ගෙන්, මහා පරිමාණයේ එතනෝල් ජාවාරම්කරුවන්ගෙන්, ස්තී‍්‍ර දූෂකයින්ගෙන්, නිර්මාණය වුණු ශී‍්‍රලනිපයක්. ශී‍්‍රලනිපයේ නායකයෝ බවට පත්වුනේ කන්ටේනර් පිටින් මේ රටට කුඩු ගෙන්වීමට උදව් කරපු අය. කන්ටේනර් පිටින් එතනෝල් ගෙන්වපු අය. මොණරාගල, මාතලේ, කුරුණෑගල ශී‍්‍රලනිපයේ නායකයන් බවට පත්වුණේ මහා පරිමාණයේ බාර්, ස්කාගාර හිමියන්. ඒ විතරක් නෙවෙයි, පලාත් සභා, ප‍්‍රාදේශීය සභා මට්ටමින් ශී‍්‍රලනිප මන්ත‍්‍රීවරුන් ස්ත‍්‍රී දූෂකයින් බවට පත්වුණා. තංගල්ලේ, මාවනැල්ලේ සිදුවීම් ජනතාවට මතකයි. එවැනි අපරාධකාරයන්ගෙන් පිරි පක්‍ෂයක් බවට ශී‍්‍රලනිපය පත්කළා. පාදඩකරණය කළා.[/FONT]
[FONT="]කිසිදු නායකයෙකුට ශී‍්‍රලනිපයේ ඉහළට එන්න මහින්ද රාජපක්‍ෂ ඉඩ සැලසුවේ නැහැ. ශී‍්‍රලනිපය රාජපක්‍ෂ පක්‍ෂයක් බවට පත්කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙවරක් ජනාධිපතිධුරය දැරීමෙන් පසුව පක්‍ෂයේ නායකත්වයට එන්න මහින්ද රාජපක්‍ෂට ඉඩ ලැබුණා. නමුත් මහින්ද රාජපක්‍ෂ දෙවතාවක් ජනාධිපතිධුරය දැරීමෙන් පස්සේ ඉන් අනතුරුවත් බලයේ රැඳී ඉන්න ව්‍යවස්ථාව පවා වෙනස් කළා. කිසිදු අයෙකුට නායකත්වයට ඒමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ජනතාව අගමැති කෙනෙක් පත්කරන්න අවස්ථාව දෙනවානම් එම ධුරයත් මහින්ද ගිලගන්න හදනවා. එනිසා ශී‍්‍රලනිපය බේරා ගැනීම සඳහා ශී‍්‍රලනිප පාක්‍ෂිකයින්ට වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් කළ යුත්තේ රාජපක්‍ෂ කඳවුර පරාජයට පත්කිරීම පමණයි. ඒ නිසා ශී‍්‍රලනිප පාක්‍ෂිකයින්ගෙන් අපි ඉල්ලනවා රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා අපි සමඟ අත්වැල් බැඳගන්න කියලා. මහින්ද නැගිටින්න හදන්නේ ශී‍්‍රලනිපය විනාශ කරන්නයි. දැන් ශී‍්‍රලනිපය පාලනය කරන්නේ එහි මධ්‍යමකාරක සභාව නෙවෙයි. ඉතා කුඩා කල්ලියක්. ඒ නිසා මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා කියපු විදියටම මහින්ද පරාජය කළ යුතුයි.[/FONT]
[FONT="]ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ තවත් වැදගත් දෙයක් තිබෙනවා. මහින්දට කනේ පහරක් ගහලා රනිල්ට පන්සල් ටොක්කක් ඇනලා තිබෙනවා. කියමනක් තිබෙනවා[/FONT][FONT="], පන්සල් ටොක්කක් ඇන්නාම උගුරට ලේ රහ දැනෙනවා කියලා. ජනාධිපතිරවයා මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල්ට පන්සල් ටොක්කක් ඇන්නා. බැඳුම්කර වංචාව සිදුවුණු වෙලාවේ අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කරන්න කියලා තමන් යෝජනා කළ බවත් අගමැතිවරයා එයට නෑසූ කන්ව සිටි බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. පහුගිය කාලය තුළ මෙම මූල්‍ය ගනුදෙනුව පිළිබඳ වංචාවක් සිදුවුණාද? නැද්ද? කියලා විවිධ කතාබහ ඇතිවුණා. නමුත් මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට අනුව නිශ්චිත ලෙසම මහ බැංකු බැඳුම්කර වංචාවක් සිදුවී තිබෙන බවට සීල් ගැසුවා මෙන් තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම මීට පෙර අවස්ථාවකදී ජනාධිතිවරයා කියා තිබුණා, එම වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට කමිටුවක් යෝජනා කළා කියලා. නමුත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සිරිකොතේ වැඩකරන තුන් දෙනෙක් ඒ පරීක්‍ෂණයට නම්කළා. ඒනිසා එම ගනුදෙනුවේ මුල සිටම රනිල් වික‍්‍රමසිංහ මැදිහත් වෙලා ජාවාරම්කරුවන් ආරක්‍ෂා කළා.[/FONT]
[FONT="]මේ මැතිවරණයේදී එජාපය පෝස්ටරයක් ගහලා තිබුණා[/FONT][FONT="], මුල පිරුවා විතරයි කියලා. මුල පිරුවේ මහ බැංකු මුදල් වංචාවෙන්, කරුංකා ගනුදෙනුවෙන්, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කිරීමෙන් නම් ඔවුන්ගේ ඉදිරි පාලන කාලය කොහොම වෙයිද? එනිසා මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන මෙම දේශපාලන ව්‍යාපාර දෙක ගැන මෛති‍්‍රපාල ජනාධිපතිවරයා පැහැදිළිව සඳහන් කර තිබෙනවා. එම දේශපාලන ව්‍යාපාර දෙකට එරෙහිව ජනතා බලවේගයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. එයට ජනතා විමුක්ති පෙරමුණ සහ අපට සහාය පළකරන බලවේග මේ වනවිට මුල පුරා තිබෙනවා.[/FONT]
[FONT="]මේ වනවිට ජාතික ලැයිස්තුව පිළිබඳත් කතාබහට ලක්වෙනවා. දැන් ජාතික ලැයිස්තුව දේශපාලන අනාථයින්ගේ නම් ලැයිස්තුවක් බවට පත්වෙලා. දේශපාලන ඩීල් බේරන ලැයිස්තුවක් බවට පත්වෙලා. ජාතික ලැයිස්තු සංකල්පය හැදුණේ දේශපාලන පොරයට අකැමැති එහෙත් රට ගොඩනැගීම වෙනුවෙන් හැඟීමක් තිබෙන බුද්ධිමතුන්ට[/FONT][FONT="], වෘත්තිකයන්ට අවස්ථාවක් ලබා දෙන්නයි. ඒ නිසා තමයි අපි හිටපු විගණකාධිපතිවරයෙක් වන මායාදුන්නේ මහත්තයා අපේ ලැයිස්තුවට ඇතුළත් කළේ. තවත් මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු, කලාකරුවන් බුද්ධිමතුන් ලැයිස්තුවට ඇතුළත් කළේ. මායාදුන්නේ මහත්තයා රාජ්‍ය සේවයේ අදූෂිතම නිලධාරියෙක්. මුල් කාලයේ පාර්ලිමේන්තුවේ කෝප් වාර්තාව පිටුපස සිටි සැබෑ හස්තය වුණේ මායාදුන්නේ මහතායි. ඔහු ඒ වෙනුවෙන් නීති සම්පාදනය කළා. දූෂණවලට එරෙහිව මෙන්ම වංචා-දූෂණ වැළැක්වීමට විශාල කාර්යභාරයක් කළා. ඒ ආකාරයෙන් අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. එයට මුල පුරන්න මේ මැතිවරණය යොදාගන්න ඕනෑ.[/FONT]
[FONT="]අපි මහරගමින් ප‍්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කළා. ඉතා සාර්ථක රැලියක් පැවැත්වුවා. අපි ගැන මේ වෙනතෙක් කතා නොකරපු ජනතාවක් දැන් අපි ගැන කතාකරන්න පටන් ගෙන තිබෙනවා. අලුතින් ජනතාව අපවටා අත්වැල් බැඳගනිමින් ඉන්නවා. ඉදිරියේදී සියලුම දිස්ති‍්‍රක්කවල ප‍්‍රධාන රැලි පැවැත්වීමටත් ආසන මට්ටමින් රැස්වීම්[/FONT][FONT="], ගෘහස්ථ සාකච්ඡා පැවැත්වීමටත් උපරිම ආකාරයෙන් සෑම ගෙදරකටම අපේ පනිවුඩය රැගෙන යාමටත් ප‍්‍රචාරක කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අපේ රට හදන වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි මේ වනවිට ජාතික වැඩපිළිවෙලක් නිර්මාණය කරමින් ඉන්නවා. එහි අඩංගු වෙන්නේ අපේ අදහස් පමණක් නෙවෙයි. මේ රටේ දේශීය ව්‍යාපාරිකයින්ගේ දැනුම, අධ්‍යාපනඥයින්ගේ දැනුම, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෛද්‍යවරුන්ගේ දැනුම, හෙද හෙදියන්ගේ දැනුම, කලාකරුවන්ගේ දැනුම, කෘෂි විද්‍යාඥයින්ගේ දැනුම, ධීවර ක්ෂේත‍්‍රයේ නියැලෙන්නන්ගේ අත්දැකීම් සියල්ල එකතු කරගනිමින් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සමග මෙම වැඩපිළිවෙල සකස් කරමින් තිබෙනවා. අපේ රට වෙනස්කළ හැක්කේ එවැනි වැඩපිළිවෙලකට පමණයි. ඒනිසා අපි කියන්නේ නායකයින් මාරු කර හෝ බලය ලබාගන්නා පක්‍ෂ මාරුකර අපේ රට හදන්න බැහැ. ඒ වෙනුවට කළ යුත්තේ වැඩ පිළිවෙළ මාරු කරන එකයි. නව වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය ශක්තිමත් සංවිධාන ශක්තියක්, හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙනවා. අපේ රටේ තිබෙන දේශපාලන මජරකම ඉවත් කරලා දේශපාලනය ජනතාවට යහපත් තැනක් බවට පත්කළ යුතුයි."[/FONT]
[FONT="]මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්...[/FONT]
[FONT="]"මහින්ද රාජපක්‍ෂ විසින් ජාතිවාදය වපුරුවමින් ගෙනගිය දේශපාලන ව්‍යාපාරයට එරෙහිව ප‍්‍රබල මතයක් ගොඩනැගිය යුතුයි. ඔහුගේ දේශපාලනය නැවත වටයකින් වර්ධනය කිරීමට මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගේත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගෙත් කි‍්‍රයා බලපෑවා. මහින්ද රාජපක්‍ෂට එරෙහිව නීතිමය කටයුතු සිදුකළ යුතුව තිබුණත් පොලීසිටය අධිකරණයට එම පරීක්‍ෂණ ස්වාධීනව කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එම පරීක්‍ෂණ අඩාල කරන්න ඉවහල් වුණා. රාජපක්‍ෂ පාලන කාලයේදී මෙන් දේශපාලන පළිගැනීම් සිදුකළ යුතු නැහැ. නමුත් සාධාරණ නීතිමය කටයුතු සිදුකළ යුතුයි. එක්සත් ජාතික පක්‍ෂයේ තෙවරප්පෙරුම කළුතරදී පුද්ගලයෙක් දණ ගැස්වූවා. එවැනි දේශපාලන පළිගැනීම් මේ රටට අවශ්‍ය නැහැ. ඒ වගේම කියන්න ඕනෑ, මෙම පරීක්‍ෂණ පිළිබඳව අපි අවධියෙන් ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රධුරය ලබාගත්තත් ඔහු නීතිය හමුවට පැමිණවීමට අපි මැදිහත් වෙනවා. මීට පෙරත් මෙම පරීක්‍ෂ කටයුතු සඳහා අපි සහාය ලබාදී තිබෙනවා. පහුගිය ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව වැඩිම පැමිණිළි ප‍්‍රමාණයක් ඉදිරිපත් කළේ ජනති විමුක්ති පෙරමුණයි. නමුත් වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් ඉදිරිපත් කළ හැකිව තිබුණේ එජාපයටයි. මොකද, ඔවුන්ට අමාත්‍යාංශවල බළතල පැවරුණා. එම අමාත්‍යාංශවල සිදුවුණු වංචා-දූෂණ සෙවීමේ වගකීම තිබුණේ එජාපයටයි. නමුත් ඔවුන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කළේ නැහැ. අපේ පක්‍ෂයේ වසන්ත සමරසිංහ සහෝදරයා දවස් 3ක් පැය ගණනාවක් සී.අයි.ඩී.යට සාක්‍ෂි ලබාදුන්නා. එවැනි සහයෝගයක් වෙන කිසිදු මන්තී‍්‍රවරයෙක් ලබාදී නැහැ.[/FONT]
[FONT="]යහපාලන පෙරමුණ කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයම තමයි. එජාපයට ගිය සමහරුන්ට එක්සත් ජාතික පක්‍ෂය කියලාවත් ඡන්දය ඉල්ලන්නේ අලියගෙන් කියලාවත් කෙලින්ම කියන්න අමාරුවක් තියෙනවා. එහෙම අය යහපාලනය කියලා බෝඩ් එකක් ගහගෙන ඉන්නවා. චමිපික රණවකත් රාවුෆ් හකීමුත් එක වේදිකාවේ එකට ඉන්නේ කොහොමද කියලා අපිටනම් ප‍්‍රශ්යක් තිබෙනවා. මොකද[/FONT][FONT="], බොදුබල සේනාවේ රැස්වීමකට ගිය චම්පික රණවක රාවුෆ් හකීම්ට විශාල දෝෂාරෝපනයක් කළා. එහෙම කරපු චම්පික කොහොමද හකීම් එක්ක එකම වේදිකාවක ඉන්නේ? මහබැංකු බැඳුම්කර වංචාව සිදුවුණු වෙලාවේදී රතන හිමියන් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා දැඩි ලෙස විවේචනයට ලක්කළා. අගමැතිධුරය සඳහා වෙනත් අයකු පත්කළ යුතු යැයි යෝජනා කළා. හොර රහසේ ගෝඨාභය රාජපක්‍ෂ මුණ ගැහුනා. ඒ විදියට එක එක අගුපිල්වල ලැගලා දැන් මන්තී‍්‍රකම වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයට ඇවිත් තිබෙනවා."
http://www.lankatruth.com/home/sinh...-48-10&catid=36:2011-10-17-04-27-38&Itemid=72
[/FONT]