ඩවුන්ගේ සින්ඩ්‍රෝමයෙන් පෙළෙන පුද්ගලයන් සිත් පිත් නැති රොබෝවරුන් නොවන බව සමාජයක් ලෙස අප තරයේ අවබෝධ කරගත යුතුය. ඔවුන්ටද හැඟීම් දැනීම් ඇත. ඔවුන් සමාජයෙන් බලාපොරොත්තු වන්නේ අනුකම්පාව නොවෙයි. ඔවුන් දෑස් විහිදා බලා සිටින්නේ සමාජයෙන් ආදරය කරුණාව සහ දයාව ලැබෙන තුරුයි. ඔවුන් තුළද තරගකාරීත්වය, කැපී පෙනීමේ ආශාව සහ ඉදිරිපත්වීමේ උවමනාව ඇත.
අපි ඒ සඳහා ඔවුන්ට අවස්ථාව දෙමු. මුළු ගැන්වී ඇති සමාජයක් ආලෝකමත් කරමු. එය අපගේ යුතුකමකි.
අපි ඒ සඳහා ඔවුන්ට අවස්ථාව දෙමු. මුළු ගැන්වී ඇති සමාජයක් ආලෝකමත් කරමු. එය අපගේ යුතුකමකි.