ආදරේ කියන්නේ මේකටයි.
කැපකිරිම
මෛත්‍රීකිරිම
යහපත පැතීම
කරුණාව දැක්වීම
අනුකම්පාව දැක්වීම
ප්‍රිය කිරිම
යහපත් ලෙස සැලකීම
සතුටු කිරිම
යහමග පෙන්වීම
පරාර්ථකාමි බව
විශ්වාස කිරිම
ආදරය කියන්නේ ඇලීම නෙවෙයි. එතකොට දුර ඉදලත් ආදරය කරන්න පුලුවන්.
නමුත් , Relationship එකක් කියන්නේ
ආදරය + ඇලීම + ලිංගික ආකර්ශණය = Relationship (කෙල්ලෝ කොල්ලෝ අතර තියෙන සම්බන්ධය)
ආදරය + ඇලීම = දෙමව්පියන් සහා ළමයින් අතර තියෙන සම්බන්ධය
මේ හැම දේම යම් මට්ටම් වලින් හැම සම්බන්ධයකම තියෙනවා.
එතකොට සැබෑ ලෙස ආදරය කරන මිනිස්සු මේ ලෝකේ අඩුයි, ඒ අදරය ලැබෙන්නෙත් අඩුවෙන්. ගොඩක් මිනිස්සු අද කාලේ මමත්වය පස්සේ යනවා මිසක් අන් අය ගැන තකන්නේ නැති තරම්. සල්ලි තියෙන කොට කෙල්ලෝ ඉන්නවා නේ ඕන තරම් ,ඒකෙන්ම පේනවා නේ අද සමාජයේ සැබෑ ආදරය වැඩියේ නෑ කියලා. සැබෑ ආදරය තියෙන්නේ ඉතා අල්ප වශයෙන්, ඒක ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනේ.
සැබෑ ආදරය ලබන්නත් පින් කරලා තියෙන්න ඕනේ. අන් අයගේ සම්බන්ධතා කවදාවත් කඩන්න එපා ඒක තමයි කරන්න පුලුවන් ලොකුම පව.