මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන අශේන් සේනාරත්න ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සොයාගැනීමේ සිද්ධියේ විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු පා.ම ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට. - (පොලිස් මාධ්‍ය ප්‍රකාශක)
ගාල්ල ආසන්න මුහුදේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් ඉරාන ජාතිකයින් දසදෙනෙකුට මීගමුව මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අද නිකුත් කළ අමෙරිකානු අනතුරු ඇඟවීමෙන් අනෙකුත් රටවල් විමතියට පත්ව ඇත. ඔවුන් වැඩි විස්තර ඉල්ලා ඇත.
ඊශ්‍රායලය ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල විරෝධී ව්‍යාපාරය සහ එහි ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරයි.