මොකක්ද මේකෙ තේරුම

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    මොකක්ද මේකෙ තේරුම

    13494757_1778634499039097_5292389541246360498_n.jpg
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල් වල සත්ව බිලි පූජා තහනම්..! හින්දු කටයුතු ඇමැතිගෙන්ම කැබිනට් පත්‍රිකාවක්..!!

    (20­­­­16.මැයි.31, ප.ව‍‍.4.05) ශ්‍රී ලංකාව තුල තිබෙන සියළු හින්දු දේවාල කෝවිල් ආදිය තුල මින්පසු කිසිදු සත්වයෙකුගේ බිලි පූජා පැවැත්වීම සපුරා තහනම් කෙරෙන නීති සම්මත කිරීමට අදාල කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කිරීමට යන බව වාර්තා වේ.

    මෙහි ඇති සුවිශේෂත්වය නම් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ හින්දු කටයුතු අමාත්‍යාංශය බාර ස්වාමිනාදන් ඇමැතිවරයා විසින් වීමයි.

    හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් දැනටමත් මෙම නීතිය කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

    ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල් සහ දේවාලයන්හි සත්ව බිලි පූජා පැවැත්වීමට එරෙහිව පසුගිය කාලයේ බෞද්ධ පිරිස් විසින් උද්ඝෝෂණ පවත්වන ලදී

    ලෝකයේ විශාලතම සත්ව බිලිපූජාව වූ නේපාලයේ ගාධිමායි බිලි පූජාව ගිය වසරේ සිට එහි පාලක සභාව විසින්ම නතර කරන ලදී. වසර සිය ගණනක් තිස්සේ සිදුකළ එම බිලි පූජාවේදී එක් වරකට ගවයන් පමණක් ලක්ෂ 5 ක් පමණ ඝාතනය කළහ.

    ලංකාවේ ප්‍රසිද්ධතම සත්ව බිලිපූජාව පැවැත්වූයේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ දී ය.

    රට තුල සත්ව බිලි පූජා තහනම් කිරීම රට ශිෂ්ඨාචාරය දෙසට ගමන් කිරීමක් වුවද ඊයේ පොළොන්නරුවේදී ඊට වෙනස් දෙයක් දකින්නට ලැබිණ. පොලොන්නරුවේ දුම්රියක හැපී පණ අදිමින් සිටි අලියෙකුගේ වලිගය සහ කණ කිසියම් පිරිසක් විසින් කපා ගෙන ගොස් තිබිණ. මිත්‍යා මත අදහන ම්ලේච්ඡ පිරිසක් විසින් පණ පිටින්ම අසරණ සතාගේ කණ වලිගය කපා ගෙන ගොස් ඇති අතර පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටී.