මොකක්ද මේ ආජන්ටිනා විරුද්ධාභාසය (Argentine Economic Paradox)

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    කිසිදිනෙක ජය නොලබන ආජන්ටිනාවේ ආර්ථිකමය යුද්ධය

    ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය දිනා ඇති ආර්ථික විද්‍යාඥයෙක් වන සයිමන් කුස්නෙට්ස් ට අනුව ලෝකයේ රටවල් වර්ග හතරකි. දියුණු පළමු ලෝකයේ රටවල්, දියුණු වෙමින් පවතින රටවල්, ආජන්ටිනාව සහ ජපානය එම රටවල් කාණ්ඩ හතරයි. මේ අනුව ආජන්ටිනාවේ ආර්ථික හැසිරීම සහ එහි වෙනස්වීමේ ස්වභාවය ආර්ථික විද්‍යාඥයින් පවා පුදුමයට පත් කරන බව ඔබට පෙනෙනවා ඇති. ආජන්ටිනාවේ පවතින මේ අස්ථාවර ආර්ථිකමය සංසිද්ධි ප්‍රසිද්ධ ව්‍යවහාරයේ හඳුන්වන්නේ ආජන්ටීනියානු විරුද්ධාභාසය – Argentine Paradox (විරුද්ධාභාසය යනු සාම්ප්‍රදායික බුද්ධියට පටහැනි හා තර්කානුකූල නොවන බව පෙනෙන නමුත් මතුපිටින් අවබෝධ කරගත නොහැකි සිදුවීමකි) ලෙසයි.

    එක්වරම වෙනස්වන ආජන්ටිනාවේ පෙසෝ මුදල් ඒකකයේ ස්ථායිතාව, වේගයෙන් ඉහල පහල යන උද්ධමන වේගය, අස්ථාවරව දීර්ඝ කාලීනව විචලනය වන විරැකියාව, දිගින් දිගටම පවතින ගෙවුම් ශේෂ හිඟතාවයන් වැනි සිදුවීම් සාමාන්‍ය ආර්ථික විද්‍යාවෙන් සරල ලෙස පැහැදිලි කිරීම පවා අපහසු බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

    නමුත් දියුණු යැයි සම්මත රටවල් සමඟ සැසඳීමේදී ආජන්ටිනාවේ දේශපාලනික ක්‍රියාවලීන් සහ පත්වන නායකයන්ගේ තීරණ ගැනීමේ දුර්වලතා මෙවැනි අස්ථාවර ආර්ථිකයකට ප්‍රබල හේතුවක් බවත් නිගමනය කල හැක. ඒ වගේම ඉබි ගමනින් සිදුවන ශ්‍රම බලකායේ සහ මානව සම්පත්, වෘත්තීය හැකියාවන් ගේ වර්ධනයත් මේ සඳහා හේතු පාදක විය හැකියි.


    ශ්‍රී ලංකාවත් කුස්නෙට්ස් ගේ රටවල් වර්ගීකරණයේ නවතම (පස්වැනි) වර්ගය බවට පත්වෙයිද?

    https://www.manthrana.com/2021/12/23/argentine-financial-crisis/
     
    • Like
    Reactions: BLJboss