මොකක්ද මේ ඊනියා වාස්තවික යතාර්ථය ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොකක්ද මේ ඊනියා වාස්තවික යතාර්ථය ?

දර්ශනවාදයට කැමති උන් වරෙල්ලා :D :D

සිංහලෙන් මේකට කියන්නෙ objective reality කියල. වාස්තවික කියන්නෙ අපෙන් තොරවූ, අපෙන් තොරව පවත්නා වූ වගේ අදහසක්. යතාර්ථය කියන්නෙ ඔය තියෙන එකට. වාස්තවික යතාර්ථය කියන්නෙ අපෙන් (පුද්ගලයාගෙන්) තොරව තියෙන යතාර්ථය කියන එක.

එතකොට කොහෙද මේ වාස්තවික යතාර්ථය තියෙනව කියන්නෙ ? මේ හැම දෙයක්ම අපි ගන්නෙ වාස්තවික දේවල් විදිහට තමා. පුටුව මේසෙ මේ සේරම අපි සම්මත කරගෙන තියෙන්නෙ අපි නැතුවත් මේව තියෙනව කියල. මේ කියන්නෙ අපි නැති වුනාම වේයො කාල දිරල නැති වෙලා යන ජාතියෙ භෞතික පැවැත්මක් හා භෞතික වෙනස් වීමක්, නැති වීමක් ගැන නෙමේ. ඕක තේරුම් ගන්න මෙහෙම ගන්න ඕනෙ.

අපේ ඉස්සරහ පුටුවක් තියෙනව. අපි කොහොමද දන්නෙ අපේ ඉස්සරහ පුටුවක් තියෙනව කියල ? අපිට දත්ත ගන්න ඉන්ද්‍රියන් 5ක් පිහිටල තියෙනව. (මනසෙන් දැනුම ලබාගැනීම මෙතනදි අමතක කරමුකො අපිට බැරි හින්ද) ඇස කන නාසය දිව කය. ඇසෙන් එක ජාතියකත් කනෙන් තව ජාතියකත් දිවෙන් නහයෙන් හමෙන් තව තව ජාතිත් ඔහොම එක එක වර්ගවල දත්ත අපි මේ ඉන්ද්‍රියන්ගෙන් ලබාගන්නව. එතකොට ඉස්සරහ තියෙන පුටුව අපි ලබාගන්නෙ කොහොමද ? මූලිකවම කරන්නෙ ඇහෙන් බලන එක. එතකොට ඡායාවක් පේනව. ඒක අපි පුටුවක් කියන දෙයෙහි හැඩයට පේනව. එතකොට අල්ලල බැලුවාම හරි ඉඳගත්තාම හරි අපිට ඒකෙ තද බව දැනෙනව. ඒ සංවේදනය අපි ගන්නෙ හමෙන්. ඔය දෙකෙන් අපිට ලැබෙන දත්ත එකතු කල්ල තමා අපි මනසින් (මනසක් නෑ මොලෙන් තමා ඔක්කොම වෙන්නෙ කියල ගන්නව නං මෙතනදි එහෙම ගන්න. මේ සන්ධර්භයේ කොහොම ගත්තත් ප්‍රශ්නයක් නෑ) පුටුවක් කියන දේ හදන්නෙ. අපිට නිකං ගිහිං අතගාද්දි දෙයක් තදට දැනුන, ඉඳගන්න පුලුවන් වුනා කියල අපි ඒක පුටුවක් විදිහට සංකල්පනය කරනවද ? නෑ. පුටුවක් දකිද්දි ඇහැට වැටෙන ඡායාවම ඇහැට වැටුන කියල අපි ඒකට පුටුවක් කියනවද ? ඒත් නෑ. නිකං ඡායාව වැටුනට ඒක පුටුවක photo එකක් වෙන්න පුලුවන් චිත්‍රයක් වෙන්න පුලුවන්. අර සංවේදනයන් දෙකේම එකතුවෙන් තමා අපි මනසේ පුටුවක් කියන දේ නිර්මාණය කරන්නෙ.

දැන් එතකොට වාස්තවික යතාර්ථෙ කියන්නෙ මොකක්ද ? වාස්තවික යතාර්ථය කියන්නෙ අපේ මනසින් සංකල්පනය කිරීමෙන් තොරව, අපෙන් තොරව පුටුවක් තියෙනව කියල ගන්න එක. වාස්තවික යතාර්ථවාදීන් කියන්නෙ පුටුව වගේ මේ ලෝකෙ හැම දෙයක්ම අපෙන් තොරව ඇත්තටම පවතිනව කියල. ඒ පවතින දේ තමා අපි පංචේන්ද්‍රියන්ගෙන් මනසත් ඇසුරු කරගෙන අරං තේරුම් ගන්නෙ කියල. බැලූ බැල්මට මේක ඇත්ත වගේ පේනව. හරිනෙ ඉතිං. මම මලාමත් මං පුටුවක් කියල ගත්ත දේ පණ පිටිං ඉන්න අය පුටුවක් කියල ගන්නවනෙ. ඉතිං මගෙන් තොරව පුටුවක් තියෙන්න එපැයි.

rabbduck.jpg


මේක බැලුවාම මොකක් වගේද පේන්නෙ ? වෙලාවකට තාරාවෙක් වගේ වෙලාවකට හාවෙක් වගේ. එතකොට ඇත්තටම මෙතන මොකෙක්ද ඉන්නෙ ? මේක නිකංම නිකං හාවෙකුයි තාරාවෙකුයි වගේ පේන්න හදපු දෘෂ්ඨි මායාවක් සහිත පින්තූරයක් කියල නොසලකා හරින එකයි අපි බහුතරය කරන්නෙ. ඒත් ඊට වඩා ගැඹුරු තේරුමක් මේකට තියෙනව. මොකක්ද ? මෙතන හාවෙකුත් නෑ තාරාවෙකුත් නෑ. අපියි දකින්නෙ මොකක්ද කියල තීරණය කරන්නෙ. අපේ දැනුම තමා අපි දකින දේ තීරණය කරන්නෙ. එතකොට මොකක්ද ඒ හරුපෙ තේරුම. මෙහෙම උපකල්පනය කරමු. ජීවිතේට තාරාවෙක් කියන සතෙක්ව දැකල නැති මනුස්සයෙක් ඉන්නව. තාරාව වගේ හැඩයක් තියෙන වෙන පක්ෂියෙක්වවත් දැකල නෑ. කොටින්ම තාරාව වගේ හැඩය කියන සංකල්පය මේ මනුස්සයගෙ දැනුමේ නැහැ. එහෙම මනුස්සයෙක්ට මේක පෙන්නුවොත් ඒ මනුස්සය මේකෙ මොකක් දකියිද ? එකම උත්තරේ හාවෙක්. ඒ මනුස්සයට කවදාවත් මේකෙ තාරාවෙක්ව දකින්න බෑ. ඇයි ඒ මනුස්සයෙග දැනුමේ තාරාව නෑ. ඒ වගේම තමා තමන්ගෙ දැනුමේ හාව නැති මනුස්සයෙක්ට මේක පෙන්නුවත්. ඒ මනුස්සයට කවදාවත් මේකෙ හාවෙක්ව දකින්න බෑ. එතකොට මේ හැඩේට අතු විහිදෙන ගස් ජාතියක් තියෙන පිටසක්වල ලෝකෙක ඉඳන් ආපු ජීවියෙක්ට මේක පෙන්නුවොත් ඌ මොකක්ද දකින්නෙ ? උගෙ දැනුමෙ හාවත් නෑ තාරාවත් නෑ තියෙන්නෙ මේ හැඩේ ගස්. උට මේක පෙන්නෙ ගහක් වගේ.

දැන් එතකොට මොකක්ද වෙලා තියෙන්නෙ ? හැමෝම මේ පින්තූරය දිහා බලල ඇහැට යම්කිසි සංවේදනයක් අරගත්ත. ඒ සංවේදනය මනසින් තේරුම් ගත්ත. ඒ තේරුම් ගත්තෙ කොහොමද ? තමන්ට තියෙන පෙර අත්දැකීම් අනුව, සරලවම දැනුම අනුව තමා ඒ සංවේදනය තේරුම් ගත්තෙ. දැන් 3න් දෙනෙක් ඉන්නව. එක්කෙනෙක්ට තාරාවෙක්ව පේනව, තව කෙනෙක්ට හාවෙක්ව පේනව, පිටසක්වල එකාට ගහක් පේනව. එතකොට මේ තුන් දෙනා මේක දැකල තියෙන්නෙ එකම විදිහටද ? නෑ. පුද්ගලයෝ 3 දෙනෙක්, දැනුම් 3ක්, සංකල්ප 3ක්. එක්කෙනෙක්ට හාවෙක් ඉන්න තැන තව කෙනෙක්ට ගහක් හෝ තාරාවෙක්. එතකොට සංවේදනය ?

සමහරුන්ට දුර පේන්නෑ, සමහරුන්ට ලඟ පේන්නෑ, සමහරුන්ට පාට පේන්නෑ. මිනිස්සු දෙන්නෙක් ගත්තොත් දෙන්නගෙ පෙනීම දෙවිදිහක්. මේ කියන්නෙ එක්කෙනෙක්ට රතු පාටට පේන දේ තව කෙනෙක්ට සුදු පාටට පේනව ඒ වුනාට පොඩි කාලෙ ඉඳන් ඒ වචනෙ හුරු වෙලා සුදු වලට රතු කියනව කියන දේ නෙමේ. ඒ තරම් ලොකු වෙනසක් නැති වුනත් පැහැදිලිවම එකම දේ දැකල දෙන්නෙක් ඒකෙන් ලබාගන්න සංවේදනයන් දෙක දෙකක්.

දැන් ඔය උඩ කතා කරපු කරුණු ටික සංපීඩනය කලොත් සංවේදනාවන් වෙනස්, දැනුමත් වෙනස්, දැකල තියෙන දේවලුත් වෙනස්. ඒ කියන්නෙ මොකක්ද ? අපි මේ දකින ලෝකෙ, මේ දකින යතාර්ථය තීරණය වෙන්නෙ අපි ඒක සංවේදනය කරගන්න විදිහ අනුව සහ අපේ දැනුම අනුව.

එතකොට වාස්තවික යතාර්ථවාදීන් කියන්නෙ මොකක්ද ? ඔවුන්ට අනුවත් සංවේදනයන් වෙනස්. නැත්තං වර්ණ අන්ධතාවය, සත්තුන්ට අධෝරක්ත පරාසයේ ආලෝකය පෙනීම වගේ දේවල් බොරුයි කියන්න වෙනවනෙ. නමුත් හැමෝම අවබෝධ කරගන්නෙ එකම දේ. මම පුටුව අවබෝධ කරගන්න විදිහටම තමා අනික් හැමෝම පුටුව අවබෝධ කරගන්නෙත්. ඒත් උඩ උදාහරණෙ හාවෙක්ව තාරාවෙක්ව දැකල නැති පිටසක්වල ජීවිය වගේ පුටුවක් කියන දේ දන්නැති පිටසක්වල ජීවියෙක් ආවොත් ? උට සමහර විට ඕක ආයුධයක් වගේ පෙනෙයි.

මේක හොඳටම පැහැදිලි කරගන්න තව උදාහරණයක් බලමු. නලීන් ද සිල්වා මහාචාර්යතුමා කිව්ව ඉලෙක්ට්‍රෝන නෑ කියල. ඕක අහපු අය මොකක්ද කිව්වෙ ? ගෙදර ප්ලග් එකට වයර් කෑල්ලක් ගහල සෙරෙප්පු ගලෝල ප්ලග් එක දාල වයර් එක අල්ලල බලන්න කිව්ව. ගුරුත්වාකර්ශණය නෑ කිව්ව. එතකොට මොකක්ද කිව්වෙ ? බිල්ඩිමක් උඩට ගිහිං පැනල බලන්න කිව්ව ගුරුත්වාකර්ශණය දැනෙයි කියල.

දැන් මොකක්ද වෙන්නෙ ? ඇත්තටම එහෙම වයර් එක ඇල්ලුවාය ඉලෙක්ට්‍රෝන අපිට ගෝචර වෙයිද ? පැනල බැලුවාම ගුරුත්වාකර්ශණය ගෝචර වෙනවද ? වයර් එක ඇල්ලුවාම අතට අනිවාර්යයෙන්ම යම්කිසි සංවේදනයක් දැනෙනව. ඒක ඉලෙක්ට්‍රෝන විදිහට දකින්නෙ ඇයි ? ආන්න ඒකට තමා කියන්නෙ දැනුම කියල. අපිට පොඩි කාලෙ ඉඳන් ඉලෙක්ට්‍රෝන උගන්නල තියෙනව, වයර් එක දිගේ යන්නෙ ඉලෙක්ට්‍රෝන කියල අපේ දැනුමේ තියෙනව, ඉතිං අපි වයර් එක ඇල්ලුවාම ඒ දැනෙන හැඟීම තේරුම් ගන්නව ඉලෙක්ට්‍රෝන වල පැවැත්මේ සාක්ශියක් විදිහට. එතකොට අපිට ඉලෙක්ට්‍රෝන ගෝචර වෙලාද ? නෑ. අපිට ගෝචර වුනේ වෙනම දෙයක්. අපේ මනස තමා අපේ දැනුමත් භාවිතා කල්ල ඒ දේ ඉලෙක්ට්‍රෝන විදිහට අවබෝධ කරගත්තෙ. බිල්ඩිමෙන් පැන්නාම වෙන්නෙත් ඔය ටිකම තමා. අපිට ගුරුත්වාකර්ශණයවත්, අවකාශයෙයි කාලෙයි වක්‍රතාවවත් ගෝචර වෙන්නෑ. වැටෙනව වැටුනාම රිදෙයි. අපි දන්නව වැටුන කියල. අපේ මනස අපේ දැනුමෙන් තමා ඒ දේ ගුරුත්වාකර්ශණය හෝ අවකාශෙයි කාලෙයි වක්‍රතාවය විදිහට තේරුම් ගන්නෙ.

උඩ තාරා හාවටත්, අපි හැමදාම දකින පුටුවලටත් ඔය සෙතේම තමා. අපි යම් දෙයක් ගෝචර කරගන්නව. අපේ මනස අපේ දැනුම පාවිච්චි කල්ල තමා අපි දකින්නෙ මොකක්ද කියල තීරණය කරන්නෙ.

දැන් බටහිර විද්‍යාව පැත්තට එමු. විද්‍යාවෙ මොකක්ද කරන්නෙ ? අපි කොහොමද විද්‍යාව ඉගෙන ගන්නෙ ? සරලව පැහැදිලි කරගන්න අපි 10දි ඉගෙන ගන්න F = ma (ඉස්සර අය නං P = mf) සලකමු. මේක නිකංම නිකං සලකුණු 4ක් විතරයි. ඇමේසන් වනාන්තරේ ඉන්න ගෝත්‍රිකයෙක්ට මේක කොලේක ලියල පෙන්නුවොත් ඌ මේක දකින්නෙ කොහොමද ? අමුතු චිත්‍රයක් වගේ. නමුත් අපි ? අපිට මේක දැක්කාම ඊට වඩා දෙයක් හිතේ මැවෙනව. අපි මේ සලකුණු 4 දකින්නෙ ගෝත්‍රිකයගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට. දැන් ඒව වැඩක් නෑ. F = ma ට එමුකො. අපිට පොඩි කාලෙ ඕක කියල දෙනව. බලය කියල දෙයක් තියෙනව. ස්කන්ධය කියල දෙයක් තියෙනව. චලනය සහ කාලය කියල දේවල් තියෙනව. ඕවා ඇසුරෙන් ඒවා අතරෙ තියෙන සම්බන්ධයක් තමා මේකෙන් නිරූපණය කල්ල තියෙන්නෙ කියල. බලය, ස්කන්ධයේත් ත්වරණයේත් ගුණිතයට සමානයි. දැන් ඔහොම කියල දීල ආනත තලේක බෝලයක් තියල මෙන්න මෙච්චර උසකිං තියෙනව දැන් F=ma පාවිච්චි කල්ල ඒක මුලට එද්දි වේගෙ හොයන්න කිව්වොත් අපිට හොයන්න පුලුවන්ද ? බෑ :no: ඇයි බැරි ? සලකුණු 4කින් භෞතික රාශීන් අතරෙ සම්බන්ධයක් අපි තේරුම් ගත්තට අපිට ආනත තලේ තියෙන බෝලෙ දිහා බැලුවට F=ma පේන්නෙ නෑ. විද්‍යා අධ්‍යාපනේ කරන්නෙ අපිට ආං ඒ දේවල් තුල මේ සම්බන්ධතාවය දකින්න උගන්වන එක. උදාහරණ වලිං, ප්‍රශ්න විසඳල අපි කරන්නෙ ආනත තලයක් උඩ බෝලයක් තිබ්බාම එතන F=ma දකින්න හැකියාව ලබාගැනීම. ඒ ලබාගත්තට පස්සෙ අපි ආනත තලේක තියෙන බෝලෙ දැක්කාම අපි එතන දකින්නෙ F=ma. මේ දේම ශක්ති සංස්තිථි නියමය වගේ අනික් නියමයන්ටත් පොදුයි. අපිව පුහුණු කරනව එතන ශක්තියේ සංස්තිථික බව දකින්න. විද්‍යාඥයො කියන්නෙ මේ පුහුණුවෙ අග්‍ර ඵලයන්. විද්‍යාඥයො දකින්නෙත් ප්‍රස්ථාරෙක වෙනසක්. ලොකූ ඉස්සීමක් වෙන්න පුලුවන් පහත් වීමක් වෙන්න පුලුවන්. ඒත් ඒ ලබල තියෙන පුහුනුවෙන් විද්‍යාඥයො ඒ ප්‍රස්ථාරෙ වෙනස තුල අංශු දකිනව. නැතුව මේ ලෝකෙ ඉලෙක්ට්‍රෝනයක් ගෝචර වුන කිසිම කෙනෙක් නෑ. ඒ ප්‍රස්ථාරෙම අපි දැක්කොත් අපිට එතන මොකක් හෝ අංශුවක පැවැත්ම පේනවද ? නෑ ප්‍රස්ථාර අඳින ක්‍රමේ ගැන අවබෝධයක් නැති කෙනෙක්ට ඒක නිකංම ඉරි දෙකක් මැද්දෙ තව ඉරි ගොඩක් ඇඳල වගේ පෙනෙයි. අපිට x අක්ශෙත් එක්ක y අක්ශෙ තියෙන දේත් එක්ක සම්බන්ධයක් පෙනෙයි. විද්‍යාඥයට එතන අංශුවක් පේනව. දකින දේ තීරණය වෙන්නෙ ඒක බලන කෙනාගේ දැනුම මත.

මිනිහෙක්ගෙ ඔලුවට පොල් ගෙඩියක් වැටිල ඔලුව පැලිල මොලේ කෑලි හැම තැනම විසික් වෙලා මැරුනත් ඔච්චරයි. එක්කෙනෙක් එතන ගුරුත්වාකර්ශණය දකියි, තව කෙනෙක් අවකාශෙයි කාලෙයි වක්‍රතාවය දකියි, තවත් කෙනෙක් අර මනුස්සයගෙ කරුමය දකියි, මට වගේ නං Game of Thrones පෙනෙයි. :baffled: (Red Viper මලේ ඔහොම :( )

මේ සේරගෙන්ම පැහැදිලි වෙන්නෙ මොකක්ද ? තමාගේ දැනුම මත, කොටින්ම තමා මත තමන් දකින දේ තීරණය වෙනව කියන එක. එතකොට විද්‍යාවෙ පදනම ? විද්‍යාවෙ පදනම නෑ එහෙම නෑ තමාගෙන් තොරව යතාර්ථයක් ඇත ඒ යතාර්ථය අවබෝධ කරගැනීම ඉලක්කය කරගෙන තමා විද්‍යාව දියුණු කරන්නෙ.

ඇති. හිතුනොත් 2වනි කොටසෙන් ඉතුරු ටික ලියනව. :dull: :dull:


මේක දැම්මෙ ඊනියා යතාර්ථයක් ගැන කතා කරන්න නෙමේ මට රෙප් ගන්න. ඊනියා පරාර්ථකාමෙ. රෙප් දීල පලයල්ල ලිපියෙ මොනා තිබ්බත් :angry: :angry:
 
Last edited:

nipund

Well-known member
  • May 17, 2007
    808
    1,117
    93
    අපි හැම තිස්සෙම දකින ,ඇහෙන, දැනෙන දෙවල් ඇත්තම යතාර්ථය කියලා අරගෙන තමා ජිවත් වෙන්නෙ. ආගම ,විද්‍යාව ,දර්ශනය ගැන තර්ක කරන්නෙ.

    ඒ වුනාට ඇහෙට එන්නෙ 2D පින්තූරයක් ඒත් අපිට පේන්නෙ 3D

    අපිට පේන්නෙ පාට පාට ලෝකයක්. ඒත් ආලෝක කිරණවල පාටක් නෑ.

    ඇහෙන සද්ද වල තේරුමක් නෑ. ඒත් අපිට සද්දෙ තේරෙනවා.

    සුවද දැනෙන රසායනික අංශුවල සුවදක් නෑ. ඒත් සුවදක් දැනෙනවා.

    ලෝකය කියන්නෙම සකස්වීමක් /construction එකක්. ඔයාගෙ රතු මගෙ රතු නෙමේ. අඩුම ඒක ලගින් වත් යන්න ඕනෙ නෑ. ඔයා අත්විඳින කිසිම දෙයක් මට අත්විඳින්න බෑ



    මෙච්චරකල් ගහ මරාගත්ත ඒවා. මාරයි කියලා කතා කරපුවා ගොන් පාට් නෙමේ ද?

    (මේ කතාවත් එහෙමයි . මන් ලියපු දේ ඔයා කියෙව්වා නෙමෙ .ඔයා කියවපු දෙ මන් ලිව්ව ) remember key to the matrix is in the matrix

    මේ ගැන මන් හදපු video එක



    Neuroscientist ල කරන video එකක් අනිවා බලන්න සැහෙන්න ඉගෙන ගන්න පුලුවන්