මොකක්ද මේ "කඨිණය"...

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    රහතන් වහන්සේලා කියන්නේ super man වගේ චරිත කියලා අපි හිතන්නේ ඇයි ?
    එහෙම බැලුවත් ත්‍රිපිටකය ලිව්වේ රහතන් වහන්සේලා ද ? ලංකාවේ අන්තිමටම රහතන් වහන්සේලා ඉදල තියෙන්නේ කොයි කාලේද ?

    රහතන් වහන්සේ ගැන කොහොම හිතුවත් වැඩක් නැ. රහතන් වහන්සේට පවතින්න මොහොතක් විද්‍යාමාන වෙන්නෙත් නැති තැන මොන කාලයක්ද?

    මම කියන්නේ මේ දැන් දහම කියන අපි පාවිච්චි කරන එක ඕන තරම් වෙන වෙන විශ්වාස , ආගම් ඇදහිලි mix වෙලා ආපු එකක් වෙන්න පලුවන් . .
    ලංකාවේ තියන ථෙරවාදී දහම තමයි හරිම එක කියලා කොහොමද කියන්නේ ??

    විශ්වාස පදනම් කරන් කොහොම හදන්නද, සූත්‍ර දෙන්නෙම විශ්වාස කුඩු වෙලා යන්නනේ?

    ඒ නැතත්, දහමේ කොහෙද විශ්වාස තියෙන්නේ?

    ථෙරවාදී දහම තමයි හරිම එක කියලා කොහොමද කියන්නේ ??

    ධහම කියලා එකයි තියෙන්නේ. විශේෂන පද නැ. ධහම අවබෝධ කර ගන්න යන්න පුලුවන් පාරවල්නම් ගොඩක් තියෙනවා.

    හරි එකක් නැ. *එකක්* කොහෙද අනිච්ච, අනාත්ම ධහමක?
     
    • Like
    Reactions: PHBhagya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    විශ්වාස පදනම් කරන් කොහොම හදන්නද, සූත්‍ර දෙන්නෙම විශ්වාස කුඩු වෙලා යන්නනේ?

    ඒ නැතත්, දහමේ කොහෙද විශ්වාස තියෙන්නේ?
    මහායාන - ථෙරවාදී , මහාවිහාර- අබයගිරි කියලා බෙදෙන්නෙම වාද විවාද නිසා . වෙනස් දර්ශන වෙනස් දහම් කරනු තිබ්බ නිසා .
    කොහොමද කියන්නේ ලංකාවේ දැන් තියන එක තමයි හරිම කියල ?
    අවුරුදු 500ක් කටපාඩමින් දෙයක් ඒ විදියටම පවත්වාගෙන එන්න අමාරුයි කොහොමත් කිසි කරුණක් මග ඇරෙන්නේ නැතුව , අලුතෙන් කරනු වෙනස් වෙන්නේ නැතුව . ධර්ම සංගායන 4 මුල් අවුරුදු 5 ඇතුලේ තියන්නම වෙන්නේ ඔය මතවාද නිසාම නේ .
    දහම මාර clear , කිසි තර්කයක් නැතුව හරිම එක කියල පිළිගන්න පුලුවන් තැනක මතවාද ඇති වෙන්නේ නෑ ...

    ධහම කියලා එකයි තියෙන්නේ. විශේෂන පද නැ. ධහම අවබෝධ කර ගන්න යන්න පුලුවන් පාරවල්නම් ගොඩක් තියෙනවා.

    හරි එකක් නැ. *එකක්* කොහෙද අනිච්ච, අනාත්ම ධහමක?
    දහම එකයි උනාට අපි දහම කියලා අල්ලාගෙන ඉන්න ඒවා ගොඩක් තියෙන්න පුලුවන් .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මහායාන - ථෙරවාදී , මහාවිහාර- අබයගිරි කියලා බෙදෙන්නෙම වාද විවාද නිසා . වෙනස් දර්ශන වෙනස් දහම් කරනු තිබ්බ නිසා .
    කොහොමද කියන්නේ ලංකාවේ දැන් තියන එක තමයි හරිම කියල ?
    අවුරුදු 500ක් කටපාඩමින් දෙයක් ඒ විදියටම පවත්වාගෙන එන්න අමාරුයි කොහොමත් කිසි කරුණක් මග ඇරෙන්නේ නැතුව , අලුතෙන් කරනු වෙනස් වෙන්නේ නැතුව . ධර්ම සංගායන 4 මුල් අවුරුදු 5 ඇතුලේ තියන්නම වෙන්නේ ඔය මතවාද නිසාම නේ .
    දහම මාර clear , කිසි තර්කයක් නැතුව හරිම එක කියල පිළිගන්න පුලුවන් තැනක මතවාද ඇති වෙන්නේ නෑ ...

    ඔයා පොතුයි, මිනිස්සුයි, මිනිස්සුන්ගෙ දෘස්ටියි, ධහමයි පටලන් ඉන්නේ.

    මොකක්ද හිතන් ඉන්නේ ධහම කියලා? solid theory එකක් කියලද?

    දහම එකයි උනාට අපි දහම කියලා අල්ලාගෙන ඉන්න ඒවා ගොඩක් තියෙන්න පුලුවන් .

    අනිච්ච, අනාත්ම කියන තැනම අල්ලන්න බැහැ.. ඉතින් මොනා කියලා අල්ලන්නද?

    මිනිස්සුන්ට එක එක දේවල් හිතන්න පුලුවන්, සීමා රහිතව. ඉතින් මිනිස්සු එක එක ඒවා හිතනවා කොහොමත්.
    ------ Post added on Nov 3, 2025 at 11:57 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    ඔයා පොතුයි, මිනිස්සුයි, මිනිස්සුන්ගෙ දෘස්ටියි, ධහමයි පටලන් ඉන්නේ.

    මොකක්ද හිතන් ඉන්නේ ධහම කියලා? solid theory එකක් කියලද?
    දහම කියන්නේ දේශනා කරපු දේ .
    එක අද පවතින්නේ බුදුන් හිටපු කාලෙට පස්සේ සංගායනා 4ක් කරන්න වෙලා අවුරුදු 500කට පස්සේ ග්‍රන්ථරුඩ කරපු දේක ට පදනම් ව .
    ඒ වගේම මහායාන දහමක් තියනව . ඒ තව බෙදීමක් . .
    දේශනා කරපු දේ කියල දැන් අපි බාරගන්න දේ මුල් එකින් ඕනෑතරම් වෙනස් වෙලා තියෙන්න පුලුවන් කියලා මම කියන්නේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063

    මොකක් බාරගත්තත් මට නන් තෙරෙන්නෙ ඉවර වෙන්නෙ එකම තැනකින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    මොකක් බාරගත්තත් මට නන් තෙරෙන්නෙ ඉවර වෙන්නෙ එකම තැනකින්.
    එහෙනම් ඉතින් ලෝකේ තියන හැම ආගමක් ම එකම තැනකින් ඉවර වෙනවා කියලා ගන්න ත් පුලුවන්
     
    • Haha
    Reactions: Little Hulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දහම කියන්නේ දේශනා කරපු දේ .
    එක අද පවතින්නේ බුදුන් හිටපු කාලෙට පස්සේ සංගායනා 4ක් කරන්න වෙලා අවුරුදු 500කට පස්සේ ග්‍රන්ථරුඩ කරපු දේක ට පදනම් ව .
    ඒ වගේම මහායාන දහමක් තියනව . ඒ තව බෙදීමක් . .
    දේශනා කරපු දේ කියල දැන් අපි බාරගන්න දේ මුල් එකින් ඕනෑතරම් වෙනස් වෙලා තියෙන්න පුලුවන් කියලා මම කියන්නේ .

    හැම දේශනාවකම පොදුවේ කියන්නේ, 'මෙය ඇති විට මේය වේ. මෙය නොමැති වීමෙන් මෙය නිරුද්ධ වී යයි' කියලා.
    හැබැයි, මෙය, ඇත්තෙත් නැහැ ඇත්තටම. නැති දෙයක් ඇති විදිහට දකින එකමයි දුකට හේතුව. දුක්ක සමුදය දැකීමෙන්ම දුක නිරෝධ වෙන්නේ ඒ නිසා. නිරෝධ කරන්න දුකක්වත්, දුකට හේතුවක්වත් තිබිල නැ අන්තිමට 😉

    ඉතින් හැම දේශනාවක්ම විපස්සනා කමටහන්. නිකන් බෝම්බ වගේ. හරියට පත්තු වුනොත් කෙනත් කුඩු, බෝම්බෙත් (ඔයා ධහම කියලා හිතන් ඉන්න එක) කුඩු. එතන තමයි ධර්මය තියෙන්නේ. මෙතන කතන්දර, දේවල්, definitions නැහැ. මම ත් නැහැ. අනිච්චයි, අනාත්මයි, නිවනයි.

    මිනිස්සු එක එක ඒවා බාර ගන්නවා. එක එක මත හදාගන්නවා. එක එක කතා කියනවා. සබ්බේ පෘථග්ජනා උන්මත්තකා කොහොමත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    එහෙනම් ඉතින් ලෝකේ තියන හැම ආගමක් ම එකම තැනකින් ඉවර වෙනවා කියලා ගන්න ත් පුලුවන්
    මම කිව්වේ ඔය බෞද්ධ සම්ප්‍රදායන් කීපයක් ගැන වෙන වෙනම යම් ප්‍රමාණයකට කියවල. ඒව හරියට කොළඹ ඉදලා රන්තපුර හරහා කතරගම යනවා, කොටසක් ගාලු පාරේ කතරගම යනවා වගේ. එකම destination එකට වෙන වෙන පාරවල්.

    අනික් ආගම් ගැන එහෙම කියවලා නැති නිසා නොදනී.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එහෙනම් ඉතින් ලෝකේ තියන හැම ආගමක් ම එකම තැනකින් ඉවර වෙනවා කියලා ගන්න ත් පුලුවන්

    අනිත් හැම ආගමක කියන්නේ මැරුනට පස්සේ..

    මේකේ කියන්නේ, නුවනැත්තනි ඇවිත් බලන්න කියලා. මේකේ ඵල ලැබෙන්න ජීවත් වෙලා ඉන්න කාලේ, මැරුණාම නෙමෙයි.

    මම කිව්වේ ඔය බෞද්ධ සම්ප්‍රදායන් කීපයක් ගැන වෙන වෙනම යම් ප්‍රමාණයකට කියවල. ඒව හරියට කොළඹ ඉදලා රන්තපුර හරහා කතරගම යනවා, කොටසක් ගාලු පාරේ කතරගම යනවා වගේ. එකම destination එකට වෙන වෙන පාරවල්.

    අනික් ආගම් ගැන එහෙම කියවලා නැති නිසා නොදනී.

    එකම තැනට යන්න පාරවල් ගොඩක් තියෙනවා. හොයන කෙනා, වීර්ය වඩන කෙනා තමන්ගේ පාර තමන්ම හදා ගන්නවා.
    ------ Post added on Nov 4, 2025 at 12:41 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    මම කිව්වේ ඔය බෞද්ධ සම්ප්‍රදායන් කීපයක් ගැන වෙන වෙනම යම් ප්‍රමාණයකට කියවල. ඒව හරියට කොළඹ ඉදලා රන්තපුර හරහා කතරගම යනවා, කොටසක් ගාලු පාරේ කතරගම යනවා වගේ. එකම destination එකට වෙන වෙන පාරවල්.

    අනික් ආගම් ගැන එහෙම කියවලා නැති නිසා නොදනී.
    උබ ඒ පාරවල වල අන්තිම වෙනකන් ගිහින් බලලා ද ඕක කියන්නේ ??
    කොච්චර දුර ගියා ද ?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    උබ ඒ පාරවල වල අන්තිම වෙනකන් ගිහින් බලලා ද ඕක කියන්නේ ??
    කොච්චර දුර ගියා ද ?
    අදාළ නැති ප්‍රශ්නයක්. අහන්නම ඕනෙ නම් ඉතිං.....

    ඕක අහපන් @Fiona Dabare ගෙන් 🤷
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ ඒ පාරවල වල අන්තිම වෙනකන් ගිහින් බලලා ද ඕක කියන්නේ ??
    කොච්චර දුර ගියා ද ?

    පාරේ අන්තිම බලලා කියන්න දේවල් නැ, මාත් නැ.
    ඇත්තටම පාරක් කිව්වට, පාරකුත් නැහැ. 😉
     
    • Love
    Reactions: ewijesekara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    පාරේ අන්තිම බලලා කියන්න දේවල් නැ, මාත් නැ.
    ඇත්තටම පාරක් කිව්වට, පාරකුත් නැහැ. 😉
    උබත් නැත්නම් උබ කියන දේවලුත් මෙතන නෑ . ඒවාට රිප්ලයි කරල වැඩකුත් නෑ .
     
    • Love
    Reactions: ewijesekara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබත් නැත්නම් උබ කියන දේවලුත් මෙතන නෑ . ඒවාට රිප්ලයි කරල වැඩකුත් නෑ .

    මම ඉන්න තැන් දෙකක් තියෙනවා. එකක් මම. අනික මන්, ඉන්නවා කියලා හිතන් ඉන්න මම.

    ඇත්තටම, හිතන්නේ මම ද? නැත්තම් *හිතනවා* කියන්නෙම මම ද? 🙃
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මොලයේ නියුරෝන ක්‍රියාකාරිත්වය සහ මනස අතර "ඍජු සබදතාවයක්" තියෙනවා. මේ සදහා සාක්ෂි ඕන තරම් තියෙනවා. පොඩි chemical එකකට පුළුවන් මනසේ ක්‍රියාකාරිත්වය නතර කරන්න.

    මේකෙන් ගන්න පුළුවන් සරල logic එක තමයි, මොලයේ ක්‍රියාකාරිත්වය නැති උනොත්, මනසත් නැති වෙන එක. ඒ කියන්නේ මරුනයින් පස්සේ එතනින් සියල්ල අවසන්.

    | Evidence Type | Key Insight |
    | ---------------------------------------- | ------------------------------------------------------------------------ |
    | Brain lesions & neurodegeneration | Specific brain damage leads to targeted mental deficits |
    | Functional neuroimaging (e.g. fMRI, PET) | Active brain patterns correspond clearly to cognitive tasks & states |
    | Connectivity analyses | Cognitive processes emerge from structured networks across brain regions |
    | Mind–brain philosophical theory | Brain alterations directly impact consciousness and mental contents |
    | Neuropsychology + imaging | Combines causal and observational evidence of the mind–brain connection |

    අවසාන අවශ්යෙන් තර්ක දෙකක් තියෙනවා
    (1) මැරුනහම මනස ඇතුළු සියල්ල එතිනින් ඉවරයි
    (2) මැරුනහම (Viññāṇa) නැවත වෙන බවයක ගමන් කර උපතක් සිදු කරනවා, දිවිය ලෝකේ හෝ අපායේ ඉපදෙනවා (විශ්වාස කරන ආගම අනුව)

    මට පෙන්න විදියට (1) තර්කයට logical, සාදක තියෙනවා
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    උබ ඒ පාරවල වල අන්තිම වෙනකන් ගිහින් බලලා ද ඕක කියන්නේ ??
    කොච්චර දුර ගියා ද ?
    මග සලකුණු වලින් තේරෙඑන්නේ ඔය හැම එකේම තියෙන්නේ එකම කතාව කියල.
     
    • Like
    Reactions: PHBhagya

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    හරි දහම හඳුනගන්න තමයි ත්‍රිපිඨකය තියෙන්නෙ.
    ඒවයෙ ථේරවාද, මහායාන කතා මුකුත් නෑ...
    ඒ දහම වෙනස් වෙන්නෙත් නෑ. වෙනස් කරන්නත් බෑ.. වෙනස් කෙරුවොත් අනික් සූත්‍ර දේශන එක්ක නොගැලපීම තේරෙනව.... විශුද්ධි මාර්ඝය වගේ පොත් ලියවිලා තියෙන්නෙ ත්‍රිපිඨක විවරණයක් විදිහට.
    Bro common

    ත්‍රිපිටකය කියල ඔයා කියන්නෙ තේරවාදි සම්ප්‍රදායට අදාල පොත්. මහායානයට ඒක අදාල දෙයක් නෙවෙයි. අනික අබිදර්මය කියල දෙයක් භවත් ගෞතමයන් වහන්සේ ජිවිත කාලය තුල දේශනා කරල නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මග සලකුණු වලින් තේරෙඑන්නේ ඔය හැම එකේම තියෙන්නේ එකම කතාව කියල.

    අපෝ නැහැ හෙළයෙක්. ඒක නිවැරදි නැති මතයක්. උදාහරණයක් විදිහට, මේ ලඟදි අහල දැනගත්ත නාගර්ජුනගෙ MMKට අනුව නිර්වාණවබෝධය සිද්දවෙන්නෙ "පරමාර්ථයෙන්" පමණයි. එතනදි නිකන් මේක දකින්න පුළුවන් තියුණු මනසක් තියන අයට පමණයි වගෙ මතයක් එනවා.

    නමුත් ථේරවාදයට අනුව "පරමාර්ථ" සහ "සම්මුති" කතා යන දෙකෙන්ම ධර්මාවබෝධය කරන්න පුලුවන්. ථේරවාද බුදුන් ඒ ඒ පුද්ගලයාගෙ දැනුම, ඥානය අනුව සම්මුතිය හෝ පරමාර්ථය කියන දෙකම භාවිතා කරනවා. ඒ දෙකෙන්ම ශ්‍රාවකයට නිර්වාණය විවෘත වෙනවා. නාගර්ජුනගෙ බුදුන්ට අනුව සම්මුතිය නිර්වාණය වහනවා.

    මේක fundamentalම බෙදීමක්.