මොකක්ද මේ "කඨිණය"...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේ දවස් වල කඨිණය ගැන ත්‍රෙඩ් යනවනෙ හරහට දිගට...

    ඒක නිසා කඨිණය කියන්නෙ මොකක්ද කියල පොඩි නූලක් දාන්න හිතුව...
    හැබැයි මේ නූලෙදි ඔය ගැන බණ වල කියැවෙන කතා මම කියන්නෙ නෑ මොකද ඒ දේවල්නං ගොඩක් අය අහල ඇති...

    කඨිනය ගැන ත්‍රිපිටක ග්‍රන්ථ වල බොහොම පොඩි දේවල් ටිකක් තමයි ලියවෙලා තියෙන්නෙ... ඒ දේවල් වල අටමහ කුසල් කතා කිසිම දෙයක් කියැවෙන්නෙ නෑ. ඒ කියන්නෙ, බුදුහාමුදුරුවො එහෙම දෙයක් දේශනා කරල නෑ. කඨිනයට ඔය කියන තරම් වටිනාකමක් දීලත් නෑ. ඒ දේවල් සේරම පසුකාලීන පොත් වල ලියැවුන දේවල්...

    වස් චීවර මුල් කාලීනව ණිර්මාණය වෙලා තියෙන්නෙ, මිනිසුන් විසින් භාවිතයට නොගෙන ඉවත් කරන රෙදි වලින්... මිණී වහන රෙදිත් ඒවට අයිතියි. අපි ඔය පාංශුකූල රෙදි කියන ඒව..

    ඔය වගේ පොඩි පොඩි රෙදි කෑලි එකට මූට්ටු කරල තනි රෙද්දක් විදිහට හදාගෙන තියෙනව.
    මේකට නිශ්චිත ප්‍රමාණය අරගන්න අවශ්‍ය නිසා සමතලා බිමක කූඤ්ඤ හිටවල ලණු ඇදල චීවරයේ දිග පළලට ගැලපෙන කොටුවක් විදිහට හදාගෙන තියෙනව... ඒ කොටුව ඇතුලෙ රෙදිකෑලි එලල, කොටුවෙ ප්‍රමාණයට සරිලන්න මහල, පඬු පොවන එක තමයි මුලින් කරල තියෙන්නෙ...

    ඊට පස්සෙ, ගමේ ඉන්න වඩු වැඩ දන්න අය, මේ වෙනුවට නොවෙනස් වෙන අච්චුවක් ලෑලි වලින් හදල දීල තියෙනව. මේ ලෑලි රාමුවට රෙදිකෑලි තියල අවශ්‍ය විදිහට මහල චීවරය හදාගෙන තියෙනව... මේ ලෑලි රාමුවට කියන නම තමයි කඨිණය කියල කියන්නෙ..
    ඒ නම පසුකාලීනව චීවරයටත් කඨිණ චීවරය විදිහට පටබැඳිල තියෙනව...


    ඕන්න ඕක තමයි මම දන්න කඨිණයේ කතාව....

    ඉතිං මේ කියන කඨින චීවර පූජාව අද වෙනකොට පත් වෙලා තියෙන තැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,823
    113
    චාරිත්‍ර වාරිත්‍ර කාලය එක්ක වෙනස් වෙනවා. බුද්ධ ධර්මේ තියෙන්නේ හැම දේම වෙනස්වෙනවා කියලනේ. ඒක නිසා උඹ අවුල් ගන්න එපා
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේ ලෑලි රාමුවට කියන නම තමයි කඨිණය කියල කියන්නෙ..
    ඒ නම පසුකාලීනව චීවරයටත් කඨිණ චීවරය විදිහට පටබැඳිල තියෙනව...
    ඒක නම් ගමේ අය හදාගත්ත එකක් වෙන්න ඇති...

    Screenshot_20251103-134958_ -  .jpg


    කර්කශ වූ, තද (ඒ කියන්නෙ සිඳින්න බැරි) පින්කම කියන අර්ථයෙන් තමයි "කඨින පිංකම" කියන යෙදුම ආවෙ.
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    “Initially, monks adorned themselves with robes made from discarded fabric, embodying the principles of simplicity and detachment. In both Sanskrit and Pali, these garments are called "civara," indicating a robe worn without concern for color or style. This tradition underscores the Buddhist path's core values of modesty and non-attachment to material possessions.”
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696
    113
    ඔව්, පස්සේ කලෙක හැම දේම දේශපාලනික, ආර්ථික පැත්තට යනවනේ..
    මීට අවුරුදු 10ට කලින් කටින කරපු විදිහට දැන් කරන්න බැනේ, ඒවගේ ඉතිං කාලෙන් කාලෙට එකතු කරගත්ත දේවල් තම ගොඩක්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    දැන් කටින කියන්නේ තනිකර බිස්නස්, ගමට ස්ටේටස් එක පෙන්නන්න තියෙන එකක්.. මෙහෙම කිව්වම අපිට බණින්නේ නිරාගමිකයො කියලා..

    පූජ්‍ය පක්ෂයටම මොනවහරි කරන්න ඔනේ නම් වනවාසි හාමුදුරුවෝ හොයන් ගිහින් ඒ අයගෙ මූලික අවශ්‍යතා ටික හොයල බලල කරල දීල එන එක ඔයිට වඩා වටිනවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    z_p04-Katina.jpg
    බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන් වන කාලය, දෙ වැදෑරුම් ය. එය පෙරවස් හා පසුවස සමාදානය යි. ඇසළ පුර පසළොස්වක පොහොය දා පෙරවස් ආරම්භ වන අතර” පසුවස් ආරම්භ වන්නේ නිකිණි පොහෝදා ය. වප් පොහෝදා මහා පවාරණය සිදු කෙරෙයි.

    සාකේත නුවර වස් එළඹි භික්ෂූන් වහන්සේ තිස් නමක් මහා පවාරණය සිදු කොට බුදුරදුන් දකිනු පිණිස සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළ හ. අතරමග දී වැස්සකට මුහුණ දුන් උන්වහන්සේලා වැසි දියෙන් තෙමී ගිය සිවුරුවලින් යුතුව සිටිය හ. එම අපහසුතාවට මුහුණ දුන් භික්ෂූන් වහන්සේ දෙස බලා මතු එවන් දෙයක් සිදුනොවීම කෙරෙහි සලකා බැලූ බුදුරජාණන් වහන්සේ “මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි”යි. කඨිනාස්තරණ විනය කර්මය අනුදැන වදාළ හ. එතැන් සිට භික්ෂූන් වහන්සේලාට කඨින චීවර පරිභෝග කිරීමට අවස්ථාව ලැබුණි.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    Katina = Business thats all. karanna puluwan lokuma pina karanna itin bill gates wenna oni etakota tama pin godak labila ikmnata goda yanne. katina pinak wenne issara. wash wela dry wela namila ena ape gewal walat nathi washing machine tiyana pansal walata katina cheewara dunna kiala pawak misak pinak wen na. yal pana giyapu moda concepts
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,121
    20,705
    113
    හස්තිශෛලපුර
    දැන් කටින කියන්නේ තනිකර බිස්නස්, ගමට ස්ටේටස් එක පෙන්නන්න තියෙන එකක්.. මෙහෙම කිව්වම අපිට බණින්නේ නිරාගමිකයො කියලා..

    පූජ්‍ය පක්ෂයටම මොනවහරි කරන්න ඔනේ නම් වනවාසි හාමුදුරුවෝ හොයන් ගිහින් ඒ අයගෙ මූලික අවශ්‍යතා ටික හොයල බලල කරල දීල එන එක ඔයිට වඩා වටිනවා
    palayan ඔගස්ටින් yanna...

    පූජ්‍ය පක්ෂයටම මොනවහරි කරන්න ඔනේ නම් වනවාසි හාමුදුරුවෝ හොයන් ගිහින් ඒ අයගෙ මූලික අවශ්‍යතා ටික හොයල බලල කරල දීල එන එක ඔයිට වඩා වටිනවා

    lol.. moda sinhalu set ekak innawa wana wasi hamuruwo kiyanne rahat set ekak kiyala.. :lol:
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    චාරිත්‍ර වාරිත්‍ර කාලය එක්ක වෙනස් වෙනවා. බුද්ධ ධර්මේ තියෙන්නේ හැම දේම වෙනස්වෙනවා කියලනේ. ඒක නිසා උඹ අවුල් ගන්න එපා
    චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙන්න පුලුවන්. හැබැයි බුද්ධ ධර්මය කියන එක අකාලිකයි, ඒක වෙනස් වෙන්නෙ නෑ...

    මෙතන අවුල බුද්ධ ධර්මය එක්ක, බ්‍රහ්මණ, නිගණ්ඨ අදහස් කලවම් කරල අලුත් සංස්කෘතීන් හදල ඒව තමයි බුදු දහම කියල පෙන්නන්න උත්සහ කරන එක...
    ඒක නම් ගමේ අය හදාගත්ත එකක් වෙන්න ඇති...

    View attachment 258371
    කර්කශ වූ, තද (ඒ කියන්නෙ සිඳින්න බැරි) පින්කම කියන අර්ථයෙන් තමයි "කඨින පිංකම" කියන යෙදුම ආවෙ.
    නොවෙනස් කියන අදහස, නොවෙනස් රාමුවටත් අදාලයි කියල හිතන්න පුලුවන්. හිනිපෙති මැස්ස කියල තේරුමකුත් දීල තියෙනවනෙ...

    සඳින්න බැරි පින කියන එකක්නං බුදුදහමෙදි අර්ථදක්වයි කියල හිතන්න බෑ. මොකද, පින කියන දේ වෙනස් වෙන්න, සිඳින්න පුලුවන්..
    බුදුදහමෙදි සිඳින්න බැරි, වෙනස් නොවෙන දෙයක් විදිහට පෙන්නන්නෙ ආර්යඅශ්ඨාංගික මාර්ඝය විතරයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    දන්න කෙනෙක් කියපන් කො ගොඩක් ගනයො ඇයි බතාලා වගෙ ඉන්නෙ ඇයි කියලා
     
    • Like
    Reactions: PHBhagya and NRTG