මොකක්ද මේ ගැස්ට්‍රයිටිස් ????
ගැස්ට්‍රයිටිස්
ආහාර වේල් මග හැරීමෙන් ඇතිවන ලෙඩේ බඩේ දැවිල්ල
‛බඩේ දැවිල්ල’ ,‛බඩේ ගෑස්’, හෝ ගැස්ට්‍රයිටිස් නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ දි හැඳින්වෙන මෙම රෝගය බොහෝ දෙනාගේ ජිවිත සමග
තදින් බැදී පවති. මෙම රෝග තත්ත්වය සඳහා හේතු වනුයේ ආමාශයේ හා ග්‍රහණියේ ඇති වන්නා වු තුවාලයි. මේවා පෙප්ටික් වණ (peptic
ulcer) ලෙස හඳුන්වනු ලබයි.ආහාර මාර්ග නාලය ශ්ලේශ්මල ලෙස හැඳින්වෙන දියරමය පටලයකින් ආවරනය වී පවතී. සාමාන්‍ය තත්ත්ව
යටතේදි ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට මෙම ශ්ලේශ්මල පටලය ඔරොත්තුදෙයි. නමුත් විවිධ හේතු නිසා මෙම
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්ලේශ්මල පටලය සමඟ ගැටී තුවාල ඇති කරයි. මේවා ‛පෙප්ටික් වණ’ ලෙස හඳුන්වයි.
පෙප්ටික් වණ වල ස්වභාවය
මේ අයුරින් ඇති වන්නා වු පෙප්ටික් වණ මුලික කොටස් 02 කට වර්ග කල හැක.
එනම්,
(01) තිව්ර වණ (Acute ulcers )
(02) නිදන්ගත වණ(Chronic ulcers)තීිව්ර වණ ප්‍රමාණයෙන් කුඩා වන අතර ඒවා ආමාශයේ හා ග්රහනියේ අභ්‍යන්තර පෘෂ්ඨයේ මතු පිට
දැක ගත හැකිය. මේවා සුව වීම සදහා සති තුනක් වැනි කෙටි කාලයක් ගත වෙයි.
නමුත් නිදන්ගත වණ ප්‍රමාණයෙන් විශාල වන අතර සංකිර්ණත්වයෙන්ද වැඩිය. මේවා වඩාත් ගැඹුරින් පිහිටා ඇති අතර සුව වීමට
දිගු කාලයක් ගතවේ.
රෝගය වැළදිමට බලපාන සාධක
1. සමහර පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ආමාශය සංකෝචනය විමේ වැඩි නැඔුරුතාවය. මේ නිසා ඔවුන්ගේ
හයිඩ්‍රොක්ලෝරික් අම්ල නිෂ්පාදනය වැඩි වීමෙන් හානි ඇතිවෙයි.
2. රුධිරයේ ඇති ආමාශයික අම්ල නිපදවීම උත්තේජනය කරන හෝමෝන සාන්ද්‍රණය ඉහළ යෑම. (මේ නිසා ආමාශයික
අම්ල නිෂ්පාදනය ඉහළ යයි.)
3. හයිඩ්‍රොක්ලෝරික් අම්ල ස්රාවය නිෂේධනය කරන්නා වු පොස්ටග්ලැන්ඩින් හෝමෝන සාන්ද්‍රණය අඩු වීම.
4. ඇස්ප්‍රින් වැනි ඖෂධ භාවිතය, හෝමෝන ඖෂධ භාවිතය, වේදනා නාශක භාවිතය. (මේවා ශ්ලේශ්මල පටලයට හානි
පමුණුවයි.)
5. මධ්‍යසාර භාවිතය.
6. ඇතැම් බැක්ටීරියාවන් උදා -: හෙලිකො බැක්ටර් පයිලෝරි
දුම්බොන පුද්ගලයන්ගේ තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වෙයි. මිට අමතරව මානසික ආතතියද මේ
රෝග තත්ත්වය කෙරෙහී බලපාන බව සොයා ගෙන ඇත. එමෙන්ම පුරුෂයන් මෙම රෝගයෙන් පෙළීමේ වැඩි
නැඔුරුතාවයක් දක්වයි. එසේම O රුධිර ගණය ඇති අයට රෝගය වැලඳිමේ ඉඩ-කඩ වැඩි බවද පෙනී යයි.
බඩේ දැවිල්ල නිසා ඇති වන අහිතකර බලපෑම්
(01) ආමාශයික හා ග්රහණිගත තුවාල වලින් රුධිරය වහනය විම.
(02) විශේෂයෙන්ම නිදන්ගත තුවාල පිපිරිමෙන් ‛පරිතාන ප්‍රදාහය’ රෝග තත්ත්වය සෑදිම .
(03) ආමාශයේ හා ග්‍රහණියේ තුවාල සුව වු විට පටක ප්‍රතිස්ථාපනය වන්නේ තන්තුමය පටකයකින්ය. (Fibrosis) මෙම
තන්තුමය පටකය නිසා ආහාර මාර්ගයේ අවහිරතාවයන් ඇතිවීමට හැක.
(04) නිදන්ගත තුවාල කල් යැමේදි පිළිකා සෛල බවට පත් වීම.(විශේෂයෙන් නිදන් ගත තුවාල මත හෙලිකො බැක්ටර්
පයිලෝරි වැනි බැක්ටීරියාවන් ක්‍රියාකාරී වු විට පිළිකා සෑදිය හැක.)
ආහාර වේල් නිසි වේලාවට නොගැනිම හා ආහාර වේලාවන් අත පසු කිරිම රෝගයට බලපාන ආකාරය.
ආහාර වේල් නිසි වේලාවට නොගැනිම මේ රෝගයට එතරම් බල නොපායි. එහෙත් ආහාර වේල් අතපසු කිරීම එතරම් සුදුසු දෙයක් නොවෙයි.
ඊට හේතුව වන්නේ ආමාශය තුළට ස්රාවය වන හයිඩ්‍රොක්ලෝරික් උප ස්ථරයක් නැති විට ශ්ලේශ්මල පටලය හා ගැටීමෙන් හානි
පැමිණවීමයි.
මෙම රෝගය සඳහා ලබා දෙන ප්‍රතිකාර
· ආමාශයේ ආම්ලික ගතිය උදාසීන කරන ඇල්ඩියුරොක්ස් කාණ්ඩයට අයත් ඖෂධ වර්ග. : උදා --(Al(OH)3, Mg(OH)2 )
මෙමගින් තාවකාලික සහනයක් ලබා ගත හැක.
· බිස්මත් අඩංගු ඖෂධ.
· ඇම්පිසිලින් හා එරිත්රොමයසින් වැනි ප්‍රතිජීවක ඖෂධ වර්ග
‛පෙප්ටික් වණ’ රෝගයේ රෝග ලක්ෂණ
(01) උදරයේ දැවිල්ලක් වැනි වේදනාවක් ඇති විම. සමහර අයට මේ තත්ත්වය ඇති වනුයේ සමහර ආහාර වර්ග කෑමට
ගැනීමෙන් පසුවය.
උදා -: මිරිස් හෝ කුළුබඩු වැඩියෙන් යෙදු ආහාර.
(02) උදර කුහරය පිටතින් ස්පර්ශ කිරීමේදී වේදනාවක් ඇතිවීම.
(03) රාත්‍රී කාලයේදි නින්ද කැඩීම.
(04) වමනය, සෙම හෝ පිත පිටවීම.
(05) ලේ සහිත වමනය පිටවිම, රුධිරය සහිත කළු වර්ණ අසුචි පිටවීම. (රෝග තත්ත්වය උත්සන්න වු
LAST_UPDATED2
CIMETIDINE
2009 ජනවාරි 09 වෙනි සිකුරාදා, 04:12
Cimetidine යනු කුමක්ද?
ආමාශයේ අම්ල ගතිය ඇති කරවීමට උපකාරී වන සෛල අවහිර කිරීමට යොදා ගන්නා මූලික ඔසුවක් ලෙස cimitidine හැඳින්විය හැක.
සෛලයේ මෙම අවහිරක ක්රියාකාරිත්යවය ඇති කරන ප්‍රදේශය හඳුන්වන්නේ histamine 2 ප්‍රදේශය යනුවෙනි. එනිසා මෙම ඔසුව
histamine 2 receptor antagonists නොහොත් HZRA ලෙස හැඳින්වෙයි. ආමාශයික වන (තුවාල) සුවකිරීම පිණිස හා ඒවා යලි යලිත් ඇතිවීම
වැළැක්වීමට cimitidine යොදාගනී. එය දිගු කාලීන භාවිතය සඳහා සුදුසු ඔසුවක් බව පිළිගැනීමයි. බොහෝ වෛද්‍යවරුන් විවිධාකාර වූ
ආමාශයික වන (තුවාල තත්ත්වයන් සඳහා) cimitidine නිර්දේශ කරනු ලබයි.
cimitidine භාවිතයට ගන්නේ කවර අවස්ථාවලදීද?
පහත රෝග තත්ත්වයන්හිදී වෛද්‍ය උපදෙස් මත cimitidine ලබාදෙනු ඇත.
· ආමාශයේ හා ග්‍රහණියේ ඇතිවන පාචක (peptic ulcers)
· අම්ල කොටස් ගලනාලයට පැමිණීම (gastroesophageal Reflux)
· අධි ආම්ලිකතාවය (hyperacidity)
· Zollinger - Ellison Syndrome ආමාශයේ අධික වශයෙන් ආම්ලික මාධ්‍ය ඇතිවන විරල රෝගයකි.
මෙකල මෙම රෝග පාලනයට වඩා වෙනස් ඖෂධ ද යොදා ගනී.
· මේ හැරෙන්නට වෛද්‍ය තීරණ මත වෙනස් රෝග සඳහාද යොදා ගැනේ.
cimitidine ගත යුත්තේ කෙසේද?
ඖෂධය ගැනීමේදී වෛද්‍යවරයා දෙන උපදෙස් එලෙසම පිළිපැදිය යුතුය. මෙය ආහාර සමග හෝ ආහාර වේල් අතරද ගත හැකි ඖෂධයකි.
ඖෂධ ගැනීමෙන් පසු එහි ආම්ලිකතා පාලන ක්‍රියාකාරිත්වය පවතින්නේ පැය 4-5 අතර කාලයකි. මේ නිසා cimitidine දවසකට වාර 3-4 ක්
ගත යුතු වෙයි. ඔබ ප්රතිඅම්ල ඔසු ගන්නා අවස්ථාවේදීම cimitidine ගැනීම නොකළ යුතුය. හොඳින් වැසිය හැකි රැඳවුමක පෙති තබා
දරුවන්ගෙන් ඈත් කර තබන්න.
cimitidine බෙහෙත් වේලක් මඟ හැරුණොත් කළ යුත්තේ කුමක්ද?
මතක් වූ වේලාවට ගන්න. එය ඊළඟ බෙහෙත් වේලටද කිට්ටු නම් ඊළඟ බෙහෙත් වේල ගන්නා මාත්‍රා දෙකක ප්‍රමාණ එකවර ගැනීමෙන්
වළකින්න.
cimitidine අනෙකුත් ආහාර හා පාන වර්ග සමග අන්තර් ක්‍රියා කරත්ද?
cimitidine කිසිඳු ආහාරයක් හෝ පාන වර්ගයක් සමග අන්තර් ක්‍රියා කරන්නේ නැත. මධ්‍යසාර හා කැෆේන් අඩංගු පාන වර්ග ආම්ලිකතාව
වැඩි කරන බව නම් සැබෑවකි. එය මේ අවස්ථාවේ සිහි කැඳවිය යුතුය.
cimitidine අනෙකුත් ඖෂධ සමග අන්තර් ක්රියාවේ යෙදෙන්නේද?
එක් ඖෂධයක් තවත් ඖෂධයක ක්‍රියාකාරීත්වය ඉහළ දමන්නේ නම් හෝ අඩු කරන්නේ නම් එය ඖෂධ අනරත් ක්‍රියාවක් ලෙස සැළකේ.
cimitidine අක්මාවේ තැන් කිහිපයකදී පරිවෘත්තීයට ලක්වේ. එය අන් ඖෂධද පරිවෘත්තීයට ලක්වන ස්ථාන හා සමපාත විය හැක. එවිට
ඖෂධ අන්තර් ක්‍රියාවක් සිදුවිය හැකිය. පහත ඖෂධ ජසපසඑසාබැ හි ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරන බව හඳුනාගෙන ඇත. පහතින්
සඳහන් කළ ඖෂධයක් මේ සමඟ ඔබ භාවිතයට ගනී නම් ඒ බව වෛද්‍යවරයාට දන්වන්න.
* Amoxicillin / Anti - depressants / Anti - diabetic drugs / Aspirin
Benzodiazepine tranquilizers / beta - blockers / Blood thinners /
Calcium - blockers / carbamazepine / Chemotherapy drugs /
chlorpromazine / cisapride / clozapine / cyclosporine / digozin /
Fluconazole /ketoconazole - Medication for irregular heart beat /
Metoclopramide / Metronidazole / Narcotic / Nicotine / paroxetine
/ Pentoxifylline / Phenytoin / Qinidine / Sucralfate / Thophylline