මේක අර කලින් තිබ්බ රව්ම් පිං ප්ලග අයින් කරලා UK ප්ලග එකට මාරු වීමේ ජාතික ප්‍රතිපත්තියට අනුව ගත්ත එකක් වෙන්න බැරිද ?
එහෙම උනොත් එක කොටු ප්ලග් බේස් එකක් දැම්මොත් එකට ගහන ප්ලග් ටොප් එකත් කොටු එකක් වෙන්න ඕනා ඔය ඔපිස් වල ප්ලග් ගොඩක් මාරු කරන්න ඕන එතකොට බලන්න එක ප්ලග් එකක් 500
මෙන්න තියෙනවා සීන් එක, වැඩේ කියන්නේ ඉතින් ඉෂාරලා වගේ අයට කෝටි පහකට මෙච්චර නැහෙන්න තරම් අහේනියක් තියෙනවාද කියන එක

ඉෂාර මේ ආණ්ඩුව එක්ක ලොකු ගණුදෙනුවක ඉන්න කතාවනම් ඇත්ත
"වසන්ත මුදලිගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
2025 04 29 දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය මගින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකරලා තියනවා. E හැදුනුම්පත එහෙම නැත්තං ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමෙන් පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල මේ හැදුනුම්පත හඳුනාගැනිම සඳහා ඉඳිකරන යුනිට් එකක් සඳහා විදුලිය ලබාගනීමට අවශ්‍ය පල්ග් බේස් එකක් ඉඳිකර ගැනීමට තමයි මේ ටෙන්ඩර් කැඳවීම කරලා තියෙන්නේ . ඒ සඳහා ඔවුන් ප්ලග් අටක් තියෙන වයර් කෝඩ් එකක් එය බිත්තියට සවි කිරීම සඳහා ප්ලග් ටොප් එකක් සහ ආවරණය කිරීම සඳහා ප්ලාස්ටික් බොක්ස් එකක් සහිත සම්පූර්ණ කට්ටළයක් තමයි ඇණවුම් කරලා තියෙන්නේ. ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල සඳහා මෙවැනි බොක්ස් 700ක් මේ ඕඩරයට ඇතුලත්. අපිට තියන තොරතුරු අනුව මේ සඳහා ආයතන 8ක් ලංසු ඉදිරිපත් වුණා. මේ ආයතන රුපියල් 5890, රුපියල් 25,000, රුපියල් 83,000, රුපියල් 18,300 රුපියල් 72,517 වගේ විවිධ මිළගණන් මේ සඳහා ඉදිරිපත් කරලා තියනවා. සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මෙවැනි ටෙන්ඩර් කැඳවීමකදී අඩුම ලංසුව ඉදිරිපත් කරන හොඳම තැනට තමයි අදාළ ටෙන්ඩරය ලබා දෙන්නේ.
නමුත් දැන් ආණ්ඩුව මේ ටෙන්ඩරය ලබාදීලා තියෙන්නේ රුපියල් 72,517ක ලංසුව ඉදිරිපත් කරපු බ්‍රවුන්ස් එනිජිනියරින් කියන සමාගමට. මේ බ්‍රවුන්ස් එනිජිනියරින් සමාගම අයිති පුද්ගලයා තමයි ඉෂාර නානායක්කාර. අපි දන්නවා ඔහු පහුගිය කාලේ මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයින් සමග බොහොම කිට්ටු සම්බන්ධතා පැවත්වුවා.
අදාළ ටෙන්ඩරය අනුව රුපියල් 72,517 ගණනේ ප්ලග් බොක්ස් 700ක් සඳහා රුපියල් ලක්ෂ 507ක් ඉෂාර නානායක්කාරගේ සමාගමට ගෙවන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. අපි සාමාන්‍යෙන් විදුලි උපකරණ විකුණන තැනකට ගිහිල්ලා බැලුවා මෙවැනි ප්ලග් බොක්ස් එකක් හදාගන්න කොච්චර විතර මුදලක් වැය වෙයි ද කියලා. ප්ලග් බේස් 8ට රුපියල් 5600යි. වයර් මීටර් 5ට රුපියල් 1000යි ප්ලග් ටොප් එකක් රුපියල් 400යි ප්ලාස්ටික් පෙට්ටියක් රුපියල් 4000යි. මෙන්න මේ විදිහට මේ සම්පූර්ණ කට්ටලයම රුපියල් 11,000කට හදාගන්න පුලුවන්. දැන් මේගොල්ලෝ කියන විදිහට ඒ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මේ කට්ටළය ප්‍රවාහනය කරන්න යන වියදමත් මේකට ඇතුළත් එතකොට ලංකාවේ දුරම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විදිහට යාපනය ගත්තත් රුපියල් 20000කින් ප්‍රවාහණ කටයුතු කරන්න පුලුවන්. එතකොට අවම රුපියල් 31,000කින් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක් දක්වා වුණත් මේ ප්ලග් බොක්ස් එකක් ප්‍රවාහණය කරන්න පුලුවන්.
ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකම ඉන්නවා තාක්ෂණික නිළධාරියෙක්. තමන්ගේ ආයතනයේ බලබ් එකක් පිච්චෙන තැන ඉඳලා සියලු තාක්ෂණික කටයුතු පැවරෙන්නේ මේ නිළධාරියාට. එතකොට ආණ්ඩුව යම් දැනුම් දීමක් කළොත් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පුලුවන් තමනගේ තාක්ෂණික නිලධාරියා ලවා මේ ප්ලග් බොක්ස් එක ඉඳිකරවාගන්න. එතකොට මේකට එතරම් මුදලක් වැය කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපි හිතුවොත් මේ එක කට්ටළයක් රුපියල් 11,000ක් වෙනවා කියලා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 700ට මේ සඳහා වැය වෙන්නේ රුපියල් ලක්ෂ 77යි.
එහෙම නැත්තං ආණ්ඩුවට පුලුවන් අඩුම තරමින් අඩු මුදලකට ලංසු ඉදිරිපත් කළ ආයතනයකට අදාළ ටෙන්ඩරය ලබාදෙන්න. ඒ කිසිවක් නැතුව රුපියල් ලක්ෂ 507ක් බ්‍රවුන්ස් එනිජිනියරින් ආයතනයට පුදන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ."