මොකක්ද මේ "GPS" කියන්නේ ?

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    otRDRly6guU.jpg








    >>>Click Here<<<



     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකක්ද මේ "GPS" කියන්නේ ?


    url.jpg

    ලෝකයේ කොතැනක අප සිටියත් චන්ද්‍රිකා තාක්ෂනය භාවිතා කරමින් අප සිටිනා තැන නිවැරදිවම දැනගන්නට හැකියාව තිබෙන අතේ ගෙන යෑමට හැකි ප්‍රමාණයේ උපකරණ තිබෙනවා කියල ඔබ දන්නවනේ. නමුත් ඔබ දැනසිටියාද ඇත්තටම "GPS" වල ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ කෙසේද කියා.

    "GPS" උපකරණ චන්ද්‍රිකාවන් සමග සම්බන්ධවී ඒවාට තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ නැහැ. එම උපකරණ මගින් සිදු කරන්නේ චන්ද්‍රිකා වලින් දත්තයන් ලබා ගැනීම පමණයි. ඔබ සිටිනා තැන නිවැරදිව දැනගැනීම සඳහා තිබෙන එකම ක්‍රමය GPS පමණක්ම නෙවෙයි.

    From Satellites to the Palm of Your Hand

    ගෝලීය ස්ථානයන් නිවැරදිව හඳුනා ගැනීමේ පද්දතිය (GPS) මුලික වශයෙන්ම නිර්මාණය කරනු ලැබුවේ ඇමෙරිකාව විසින් ඔවුන්ගේ හමුදාවේ යුදමය කටයුතු සඳහායි.නමුත් අවසානයේදී එම තාක්ෂනය සිවිල් ජනතාව සඳහාත් විවුර්ත එකක් බවට පත්වුනා. මේ වන විට එවැනි "GPS" චන්ද්‍රිකාවන් 24ක් පමණ පෘතුවියේ කක්ෂය වටා ස්ථානගත කොට තිබෙනවා.එම චන්ද්‍රිකාවන් විසින් නිරන්තරයෙන් දත්තයන් "Broadcast" කරනු ලබනවා.


    GPS24goldenSML.gif

    එම චන්ද්‍රිකාවන් පෘථිවි කක්ෂය වටා ස්ථානගත වී සිටින්නේ පෘතුවියේ සෑම බිම් අඟලක්ම දර්ශනය වන ලෙසටයි.( ඔබට එම චන්ද්‍රිකාවන් දැකගැනීමට නම් ලැබෙන්නේ නැහැ. නමුත් "Radio Transmission" සඳහා තිබෙන්නේ " Direct Path" එකක්).

    url.jpg

    චන්ද්‍රිකාව මගින් නිකුත් කරනු ලබන එම "Signal" වලට බාධාවක් තිබුණහොත් "GPS" නිසි ලෙස වැඩ කරන්නේ නැහැ. අන්න එම හේතුව නිසා තමයි ඔබ සහ අහස අතර කිසිඳු බාධකයක් තබා ගත යුතු නොවන්නේ.ඔබ සිටින්නේ පොලව යට තිබෙන බංකරයක හෝ කන්දක තිබෙන ගුහාවක නම් ඔබට GPS භාවිතා කිරීමට නොහැකි වෙනවා.

    GPS චන්ද්‍රිකාවන් මගින් නිරන්තරයෙන් පෘතුවිය දෙසට "Radio Signal" සම්ප්‍රේෂණය කරනවා. හැම සම්ප්‍රේෂණයකම ඇතුලත් වෙනවා GPS චන්ද්‍රිකාව තිබෙන ස්ථානය සහ "Signal" එක එවනු ලැබූ වෙලාව. එම චන්ද්‍රිකාවල තිබෙන "atomic clock" එක නිසා එම වේලාවන් ඉතාමත් නිවැරදි වෙනවා.


    99010-004-E79A90B6.gif




    nasa-gps-satellite.jpg

    GPS විසින් ඔබ සිටිනා ස්ථානය නිර්ණය කරගන්නේ කෙසේද?

    "GPS" පහසුකම ඇතුලත් කොට තිබෙන සියලුම උපකරණ උදාහරණයක් විදියට "GPS Navigation Unit" ඇතුලත් මෝටර්රථ සහ , "GPS" පහසුකම තිබෙන Smartphone වගේ උපකරණ කිසිම විටෙක ස්ථානය නිර්ණය කරගැනීම සඳහා චන්ද්‍රිකාව හා සම්බන්ධ වෙන්නේ නැහැ. ඇත්තටම එම උපකරණ මගින් සිදු කරන්නේ චන්ද්‍රිකා මගින් හැම වෙලාවකම "Broadcast" කරනු ලබන "signal" වලට සවන් දීම පමණයි.


    gps-for-cars-and-golf.jpg

    සාමාන්‍යයෙන් ඉහත සඳහන් කරන ලද "GPS Receiver" මගින් චන්ද්‍රිකාවන් හතරකට හෝ ඊට වඩා වැඩි ගණනකට සවන් දෙනු ලබනවා "signal" ලබා ගැනීම සඳහා . ලඟම තිබෙන චන්ද්‍රිකාවල signal ඉක්මනටම "GPS Receiver" වෙත පැමිණෙනවා, දුරින් තිබෙන චන්ද්‍රිකා වල signal පසුවම පැමිණෙනවා. ( එම කාලයන් අතර වෙනස ඉතාමත් සුළු එකක් වෙනවා. "GPS Receiver" එකකට හැකියාව තිබෙනවා එම වේලාවන් වල වෙනස පහසුවෙන්ම හඳුනා ගැනීමට ) signal විකාශනය කරනු ලැබූ වේලාවන් සහ signal පැමිණීමට ගතවූ කාලය සන්සන්දනය කර බැලීමෙන් "GPS Receiver"එකකට පුළුවන් වෙනවා එම වේලාවන් වලට සාපේක්ෂව එම චන්ද්‍රිකාවන් තිබෙන දුර ප්‍රමාණය නිවැරදිව ගණනය කරගැනීමට. ඉන්පසුව "Trilateration" කියන විශේෂිත ක්‍රමය භාවිතා කරමින් ගණනය කර බලා "GPS Receiver" එකට හැකියාව තිබෙනවා ගෝලීය ස්ථානය නිවැරදිව නිර්ණය කරගැනීමට.


    urldsdsd.jpg

    "Trilateration" කියන ගණිතමය ක්‍රමය ඔබට තරමක් පැටලිලි සහිත දෙයක් වීමට ඉඩ තිබෙනවා. නමුත් එය සැබෑවටම බොහොම සරල දෙයක්. මෙම පහත තිබෙන ලින්ක් එකට ගොස් එම විශේෂිත වූ ගණිතමය ක්‍රමය පිළිබඳව කියවා බලා අවබෝධ කරගන්න.

    https://en.wikipedia.org/wiki/Trilateration

    "GPS" සඳහා විකල්පයන්

    සමහර උපකරණ වලට පුළුවන් වෙනවා WiFi පාධක කර ගනිමින් ස්ථානයන් නිර්ණය කරගැනීමට. එම තාක්ෂනය "WPS" ලෙස හැඳින්වේ.ඔබේ Smartphone එක මගින් අවට තිබෙන "Wireless Network" පරික්ෂා කර බලනවා, ඉන් පසුව ඒවා වල නම්, signal strength" වල ලැයිස්තුවක් google හී server එකකට යවනවා. google විසින් ඔවුන්ගේ දත්ත ගබඩාව පරික්ෂා කර බලා ඇස්තමේන්තු ගත කරනවා ඔබ සිටින ස්ථානය කුමක්ද කියා.

    දුරකථන කුළුණු වල "signal strength" වැනි තොරතුරු "911 Service" විසින් භාවිතා කරනු ලබනවා දුරකථන තිබෙන ස්ථානයන් නිවැරදිව හදුනා ගැනීමට . දුරකථන කුළුණු අතර තිබෙන සිග්නල් වල " Strength" වල වෙනස මැන බැලීමෙන් ඔබේ දුරකතනයට පුළුවන් වෙනවා ඔබ සිටින ස්ථානය හඳුනා ගැනීමට.


    cell-tower.jpg

    චන්ද්‍රිකා ජාලයක් මගින් ගෝලීය ස්ථානය නිර්ණය කරන එකම ක්‍රමය වෙන්නේ "GPS" කියන තාක්ෂනය පමණක් නෙවෙයි. රුසියාව සතුව තිබෙනවා "GLONASS" නමින් හඳුන්වන පද්දතියක්. ඒවගේම තමයි චීනය සතුව තිබෙනවා BDS නමින් හඳුන්වන පද්දතියක්.

    GLONASS_logo.jpg
    g1.jpg

    මෙම ලිපියට අමතරව "GPS" තාක්ෂනය පිළිබඳව වටිනා තොරතුරු ඔබ සතුවත් තිබෙනවානම් එම තොරතුරු elakiri මිතුරන් අතර බෙදා ගැනීම සඳහා comment එකක් මගින් එම වටිනා තොරතුරු පහතින් සඳහන් කරන්න.







    සිංහල ජාතියට ජය වේවා !!!




    Please_Thank_You.gif



    A1TUtiA.gif
    Supiri machan

    Menna me kalla thama therune naththe


    සමහර උපකරණ වලට පුළුවන් වෙනවා WiFi පාධක කර ගනිමින් ස්ථානයන් නිර්ණය කරගැනීමට. එම තාක්ෂනය "WPS" ලෙස හැඳින්වේ.ඔබේ Smartphone එක මගින් අවට තිබෙන "Wireless Network" පරික්ෂා කර බලනවා, ඉන් පසුව ඒවා වල නම්, signal strength" වල ලැයිස්තුවක් google හී server එකකට යවනවා. google විසින් ඔවුන්ගේ දත්ත ගබඩාව පරික්ෂා කර බලා ඇස්තමේන්තු ගත කරනවා ඔබ සිටින ස්ථානය කුමක්ද කියා.