මොකක්ද මේ PART EX CONSIDERED.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොකක්ද මේ PART EX CONSIDERED.ගොඩක් වාහන විකුණන ඇඩ් වල දාලා තියනවා .පැහැදිලි කරන්න පුලුවන්ද ?
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    full salli denna ona naha
    valuable mona hari+cash denna ahaki mama hithanne
    i.e. > uba laksha 100ka vehicle ekak gannawa nam a seller kemathi nam ubata 60 lakhs watina vehicle ekak n ithiri laksha 40 cash denna puluwan :dull:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ගොඩක් වෙලාවට මෙහෙම දාන්නේ සෙල් වලින්. ඒ කියන්නේ මෙහෙමයි:

    1. වහනයක් ගන්නකොට තමන්ගේ තියෙන වාහනේ විකුනන්න එපාය.
    2. සමහර වේලට ඕකට වෙලාවක් නැහැ, නැත්තම් ගන්න හදිසිය වෙන්නත් පුළුවන්
    3. අන්න ඒ වගේ වෙලාවට තමන්ගේ වාහනේ සෙල් එකකට දීල ගානක් කතා කරගෙන, ගන්න අලුත් වාහනෙන් ඒ ගැන අඩු කරනවා

    උදාහරණයක් හැටියට පරණ Nissan N16 එකක් තියෙන එකක් 141 එකක් ගන්නවානම්. සෙල් ඒකට Nissan eka 13 - 14 වගේ තමා ගන්නේ (මාකට් එක 16 - 17 වගේ නම්). ඊට පස්සේ අඩුව දීල 141 අරගෙන යන්න පුළුවන්.

    වාසි
    1. වාහනේ ඇඩ් කරලා විකුන්නන් වෙලාවක් නැත්තම් :oo:
    2. වාහන විකුනන්න දන්නේ නැත්තම් :baffled:
    3. ඉවසීමක් නැත්තම් :angry:
    4. සෙල් එකේ පට්ටම ඩිල් එකක් තියෙනවා නම් (විකුණලා එනකොට එක නැනේ):no:

    අවාසි
    1. සෙල් කාරයෝ අනිවා මාකට් වැලිව් එකෙන් 2 - 5 අතර අඩු කරලම තමා ගන්නේ :angry:
    2. විකුනපු සෙල් එකෙන්ම අනිත් එක ගන්නත් වෙනවා :eek:
    3. වාහනේ රියල් වැලිව් එක හොයා ගන්න බැරි වෙනවා (විකුනන්න දාලම බලන්න ඕනේ ඇත්තටම වාහනේ මොන ලෙවෙල් එකේද තියෙන්නේ කියල). මොකද මාකට් නැති වාහන උනත් කන්ඩිෂන් හොද නම් සුටුස් ගලා යන වෙලාවල් තියෙනවා :nerd:

    ඔය කියපුවට අමතරව මෙහෙම වෙන වෙලාවලුත් තියෙනවා. උදාහරණයකට ගමුකො සාඩම්බර Vezel හිමියෙක්ව :D:D:D දැන් පැදලා එපා උනාම ad දානවා - පතෝල කරලක් විකුනන්න තියෙනවා, නැත්තම් 4 දෙනෙක් දාල කදු අදින ඕනේ එකකට exchange කරනවා කියල. :D:D:D

    අන්තිම කොටස දැම්මේ විහිලුවට හොදේ, සීරියස් ගන්න එපෝ.....

    කොහොම උනත් අවසාන වසයෙන් කියන්න තියෙන්නේ Part Exchange වාහන දෙන එක නම් ලොවෙත් පාඩුයි. මම දැක්ක අපේ රත්තරං සහෝදරයා දාල තිබ්බ "වාහන පවුලේ සාමාජිකයෙක් කර ගන්නේ නැතුව ගත්ත දවසේ ඉදන් ඇම ගෙන ඉදල වැඩි ගානට දෙන්න කියල". මම හිතන්නෙත් ඒක තමා හරිම ක්‍රමය. ඔය 2nd හෑන්ඩ් මාකට් වලට හදිසි උනොත් මරලයක්ම තමා :yes:

     
    Last edited: