ඔය දෙකම පදින කෙනෙක් හැටියට කියන්නෙ .
බෙසා එක අවුරුදු 7ක් පැදල දුන්නෙ . බේසික් වාහනේ මට අවශ්‍ය ඔප්ශන් ටික හදාගෙන පාවිච්චි කරා . බෙසා එකේ ස්ටීරින් වීල් එක තදයි . ගමනක් ගිහින් ආවම ඇගට ටිකක් අමාරුයි . ඊට සාපේක්ශව මැග්නයිට් එක කතරගම ගිහින් කොලබ ආවත් ආයෙ අනුරාදපුරේ යන්න තරම් ඩ්‍රයිවු කරන්න ලේසියි .
මැග්නයිට් එකේ පිකප් එක අඩුයි බේසා එකට වැඩිය . හැබැයි බෙසා එකේ 110 පනිනකොට කොන්ට්‍රෝල් නෑ . මැග්නයිට් එක නම් 140ත් අවුලක් නෑ . ඉට වැඩිය ගිහින් නෑ . බෙසා එක ජියර් 4 මැග්නයිට් ගියර් 5.
ඉන්ටීරියර් එක එකා චීප් කිව්වට එකම ප්ලාස්ටික් වලින් තමා හදල තියෙන්නෙ . ෆිට් ඇන්ඩ් ෆිනිශ් එක එකම වගේ . මැග්නයිට් එක ටිකක් ස්ටයිලිශ් .
බෙසා එක එලවනකොට ඔයාට වරදින්න දෙයක් නෑ .හැබැයි මැග්නයිට් එකේ වරදින්න දේවල් ගොඩයි . බ්‍රේක් එක පැගලා දැම්මොත් තමා මැග්නයිට් එකේ ජියර් වැටෙන්නෙ . බෙසා එකේ කාර් එකට කෙලෞනත් ජියර් වැටෙනව . රිවස් එකට දානකොට ඉස්සරහට යන වාහනේ නවතින්කන් රිවස් වැටෙන්නෙ නෑ . බෙසා එකේ එහෙම අවුලක් නෑ . ඒ කියන්නෙ මැග්නයිට් එකේ සේෆ්ටි ෆීචර්ස් අම්බානකට . හෙන ක්ම්ප්ලෙක්ස් .
ඩියුරබිලිටි අතින් ගත්තොත් බෙසා ගොඩක් ඉස්සරහෛන් . මැග්නයිට් එක පදිනවනම් කල්පනාවෙන් පදින්න ඕන මොඩිෆිකේශන් එහෙම කරනවනම් ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් හෙනම අමාරුයි . ෆියුස් , බල්බ් එහෙම හරිම ඇම්පියර් ගාන බලල දාන්න ඕන . පොඩ්ඩක් හරි වෙනස් උනොත් ලෙඩ එන්නෙ වෙන තැන් වලින් . කොම්පැනියට හොයාගන්නත් බෑ අපි කරපු වෙනස් කම් ටික කියනකන් . බෙසා එකනම් ඉතින් ඩාලි රෝඩ් එකේ කුඩ්ඩෙක්ගෙන් වයරින් එකක් දාගත්තත් දාපු එක පිච්චෙනව උනු වෙලා යනව මිස වෙන දෙවල් වලට බලපෑමක් නෑ
පේන්ට් එක බොඩි එක ගත්තොත් මැග්නයිට් එක හයියයි . පේන්ට් එකත් බෙසා එකට වැඩිය ගොඩක් හොදයි . බෙසා එකේ ඩෙන්ට් එනව නිකන්ම . අනික් එක ටයර් සයිස් වෙනස් නිසා ගැස්සෙන එක එහෙම බෙසා එක තරම් මැග්නයිට් එකේ දැනෙන්නෙ නෑ .
ඕන දෙයක් අහපන් කියන්නම් .තෙල් කිරිල්ල අතින් බෙසා සුපිරි . මැග්නයිට් තෙල් කරනව අඩුයි ට්‍රැෆික් එකේ