මොක්කක්ද මේ ISA

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,761
    21,058
    113
    adala nene
    [FONT=&quot]දැන් ඉතින් කට්ටිය බලනවා ඇති මොක්කක්ද මේ ISA කියලා කියන්නෙ කියලා. කට්ටියම දන්නවනෙ ගුවන් යානාවක් අහසෙ ගමන් කරනකොට, ආරක්ෂිත ගුවන් ගමනක් කරන්න ගුවන් නියමුවාට ගුවන් යානයේ වේගය හා ගුවන් යානය ගමන් කරන උස ඕන කරනවා කියලා. මෙම උස ගණනය කරන්න උසත් එක්ක වායුගෝලයේ පීඩනය, ඝණත්වය හා උෂ්ණත්වය වෙනස් වන රටාව ඕන කරනවා. ISA එහෙමත් නැත්නම් [/FONT][FONT=&quot]International Standard Atmosphere ([/FONT][FONT=&quot]ජාත්යන්තර[/FONT][FONT=&quot] සම්මත[/FONT][FONT=&quot] වායුගෝලය[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]කියලා කියන්නෙ මේ උෂ්ණත්ව, පීඩනය හා ඝණත්වය වෙනස් වෙන්නෙ කොහොමද කියලා ආදර්ශනය කරනලද වායුගෝලයට. එහෙමත් නැත්නම් ISA හි තියෙන දත්ත දීලා තියෙන්නෙ [/FONT][FONT=&quot]වායුගෝලයේ පීඩනය, ඝණත්වය හා උෂ්ණත්වය උසත් එක්ක වෙනස්වෙන්නෙ කොහොමද කියලා ගණනය කරන්න.

    [/FONT] [FONT=&quot]නමුත් අතීත්යේ ISA කියන එක තිබිලා නැහැ, ඒ වෙනුවට තම තමන් විසින් ගොඩනගපු ආදර්ශක තමා තිබිලා තියෙන්නෙ. මේ වගේ ප්‍රධාන ආදර්ශක 2ක් ඉස්සර පාවිච්චි කරලා තියෙනවා.[/FONT]

    1. [FONT=&quot]US atmosphere : මේක හදලා තියෙන්නෙ National Advisory Committee on Aeronautics එහෙමත් නැත්නම් NACA කියන ආයතනය.[/FONT]
    2. [FONT=&quot]European atmosphere : මේක හදලා තියෙන්නෙ International Commission for Aerial Navigations ආයතනය.[/FONT]
    [FONT=&quot]මෙහෙම ආදර්ශක 2කින් වැඩ කරන එක අමාරු හින්දා International Civil Aviation Organization එහෙමත් නැත්නම් ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) කියන ආයතනය ISA කියන පොදු ආදර්ශකයක් හදුන්වලා දුන්නා. මෙහෙම හදුන්වලා දුන්න ISA ආදර්ශකයේ වායුගෝලයේ පීඩනය, ඝණත්වය හා උෂ්ණත්වය උසත් එක්ක වෙනස්වෙන්නෙ කොහොමද කියලා පහල ප්‍රස්තාරයෙන් බලාගන්නකො.
    [/FONT]


    1a2OgnE.png



    [FONT=&quot]ඉතින් මේ ISA කියන එක පහල තියෙන විදියය ප්‍රධාන ස්ථර 4කින් සමන්විත වෙනවා.[/FONT]



    1. [FONT=&quot]Troposphere : 0 සිට 11 km දක්වා විහිදිලා තියෙනවා.[/FONT]
    2. [FONT=&quot]Stratosphere : 11 km සිට 47 km දක්වා විහිදිලා තියෙනවා.[/FONT]
    3. [FONT=&quot]Mesosphere : 47km සිට 80km [/FONT][FONT=&quot]දක්වා විහිදිලා තියෙනවා.[/FONT]
    4. [FONT=&quot]Thermosphere : 80 km සිට 100 km දක්වා විහිදිලා තියෙනවා.[/FONT]

    [FONT=&quot]Troposphere කියන ස්ථරය හැර අනිත් ස්ථර හැම එක්කකම උපස්ථර වලට වෙන් කරලා තියෙනවා. Stratosphere හා Mesosphere කියන ස්ථර 2කම තවත් උපස්ථර 3කට වෙන් කරලා තියෙනවා. නමුත් Thermosphere හි තියෙන්නෙ උපස්ථර 2ක් පමණයි.

    [/FONT] [FONT=&quot]සාමාන්‍ය ගුවන් යානයක් ගමන් කරන උපරිම උස වෙන්නෙ 11 km, නමුත් සමහරක් ගුවන් යානා 13 km දක්වා උපරිම උසකින් ගමන් කරනවා. දැන් එතකොට කට්ටිය බලනවා ඇති ගුවන් යානයක් උපරිම උස 13 km නම් ඇයි ඉතින් මේ ISA එක 100 km තියෙන්නෙ, මෙච්චර දුර ඕන නැහැනෙ 13 km තිබුනානම් හොදටම ඇති කියලා. මේක 100 km තියෙන්නෙ වෙන මොකටවත් නෙමේ ගුවන් යානා වලට වඩා උඩ යන වෙනත් යානාත් තියෙනවනෙ අභයවකාශ යානා, රොකට් යානා, අභයවකාශ ශටල වගේ වෙනත් යානා තියෙනවනෙ 13 km වලට වඩා උඩ යන. අන්න ඒවට තමා මේක 100 km දක්වාම හදලා තියෙන්නෙ.

    [/FONT] [FONT=&quot]ඉතින් මම හිතනවා අද පොස්ට් එකෙනුත් කට්ටිය අලුත් දෙයක් ඉගෙනගන්න ඇති කියලා. එහෙනම් ඉතින් ඊලග පොස්ට් එකෙන් හම්බවෙමු.[/FONT]


     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    ඔවු මචන් :):)

    එහෙම ප්‍රශ්නයක් එන්නේ කොයිතරම් උසකින් යද්දි වගේද? ඒතරම් උසකින් වාණිජ ගුවන් ගමන් යෙදෙන්නේ නෑ නේද?

    එතකොට බන් ඔය ප්‍රහාරක ගුවන් යානාවල ඔක්සිජන් සැපයුමක් පාවිච්චි කරන්නේ ඔය සිද්ධිය නිසා නෙමෙයිද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,761
    21,058
    113
    adala nene
    එහෙම ප්‍රශ්නයක් එන්නේ කොයිතරම් උසකින් යද්දි වගේද? ඒතරම් උසකින් වාණිජ ගුවන් ගමන් යෙදෙන්නේ නෑ නේද?

    එතකොට බන් ඔය ප්‍රහාරක ගුවන් යානාවල ඔක්සිජන් සැපයුමක් පාවිච්චි කරන්නේ ඔය සිද්ධිය නිසා නෙමෙයිද?

    ඔවු මචන් ඒකතමා මන් කියලා තියෙන්නෙ සාමාන්‍ය ගුවන් යානා ගමන් කරන උපරිම උස 11km කියලා.