කවුද මේ හිස්බුල්ලා..?
Original post
https://m.facebook.com/story.php?st...ugV8BKNtxl&id=100000619752471&mibextid=Nif5oz
https://m.face book.com/story.php?story_fbid=pfbid0d7ZS5vJAiUAB9EaLiXBF9ffdh9SMzE72sYp3ySVDCmjPaGSzFHBNJHaugV8BKNtxl&id=100000619752471&mibextid=Nif5oz
ලෙබනන් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල පලස්තීන ගැටුමට මැදිහත් වීම ඉතා ආසන්නව ඉන්න බව තමයි ලෝකයා කියන්නෙ. ඒ නිසා කවුද මේ හිස්බුල්ලා කියන්නෙ කියලා හොයලා බලන එක හොඳයි. විශේෂයෙන් එක්සත් ජනපදය ප්‍රමූඛ බටහිර මෙවර ගැටුම් පටන් ගත්ත දා ඉදලා කලබල උනේ මේ හිස්බුල්ලා සංවිධානය ගැටුමට සම්බන්ධ වෙයි කියන එකත් එක්ක. එක්සත් ජනපදය දැනුත් කියන්නෙ හිස්බුල්ලා ගේමට බැස්සොත් අපිත් බහිනවා කියලා තමයි.
නිල වශයෙන් රාජ්‍යයකට අයත් නොවන ලොව විශාලතම අවි ආයුධ තොගය අයත් සංවිධානය තියෙන්නෙ මේ හිස්බුල්ලා සංවිධානයට. ඒ වගේම බටහිර රටවල් විසින් ඇස්තමේන්තු ගත කරලා තියෙන ආකාරයට ලොව 46 වන විශාලතම පිරිස් බලය සහිත මිලිටරි කණ්ඩායම තමයි හිස්බුල්ලා. ඒ ඇස්තමේන්තු අනුව මෙම කණ්ඩායම සතු නිත්‍ය භට පිරිස 20,000ත් 25,000ත් අතර ප්‍රමාණයක් වන අතර අතිරේක භටයන් ලෙස තවත් 30,000ක පමණ පිරිසක් සහ යුද්ධයකට කැඳවිය හැකි යම් පිරිසක් සිටිනවා. හිස්බුල්ලා සංවිධානය පවසන පරිදි ඔවුන් සතු ඉහළ පුහුණුවක් සහිත ප්‍රහාරකයන් සංඛ්‍යාව 100,000කට අධිකයි.
හිස්බුල්ලා සංවිධානයේ මිලිටරි අංශයක් දේශපාලන අංශයක්ද තියෙනවා. ඔවුන්ට ලෙබනන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 62ක් ඉන්නවා. ෂියා මුස්ලිම් සංවිධානයක් වන ඔවුන්ගේ ප්‍රධාන ආධාරකරුවා හැටියට සැලකෙන්නේ ඉරානය. ඒ වගේම සෝවියට් සංගමය කාලයේ සිටම ඔවුන් රුසියාව සමඟත් ලඟින් ගණුදෙණු කරලා තියෙනවා. මේ පෝස්ට් එකේ බලාපොරොත්තුව හිස්බුල්ලා සංවිධානයේ දැනට හෙලි වී ඇති යුධ ශක්තිය මොන වගේද කියලා කථා කරන එක නිසා ඔවුන්ගේ ඉතිහාසය ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.
හිස්බුල්ලා මිලිටරි අංශය ඉහළ පුහුණුවක් සහිත භටයන්ගෙන් සමන්විත වෙනවා කියලා තමයි බටහිර රටවල් පවා පිළිගන්නෙ. ඔවුන් සතුව ලොව ඉහළම යුධ පුහුණුවක් සහිත විශේෂ බලකා කණ්ඩායම් කිහිපයක් සිටිනවා. ඔවුන්ට ලෝකයේ ඕනෑම පාබල හමුදාවක් සමග සටන් වැදීමට ශක්තිය තියෙනවා කියලා තමයි පිළිගන්නේ.
හිස්බුල්ලා සංවිධානය සතුව තියෙන ආයුධ සහ යුධ උපකරණ වර්ග සහ ප්‍රමාණය ගැන හරියටම හෙලිදරව් වෙලා නැහැ. බටහිර වාර්ථාවල තියෙන්නෙ දැනට හෙලි කරගෙන තියෙන තොරතුරු පමණයි. ඒ ලිස්ට් එක බැලුවත් උතුර දකුණ මාරු වෙන සීන් එකක් තමයි තියෙන්නෙ. දැන් බලමු ඒ තොරතුරු ටිකක් කෙටියෙන්.
හිස්බුල්ලා සංවිධානය සතුව විවිධ ආකාරයේ මිසයිල සහ රොකට් ප්‍රමාණය අවම වශයෙන් 120,000ක් තියෙනවාලු බටහිර වාර්ථා අනුව. ඒ කියන්නෙ සාමාන්‍ය මෝටාර් හෝ කාලතුවක්කු නැතිව.
ඒවා අතර තියෙනවයි කියලා තහවුරු වෙච්ච වර්ග ටිකක් තමයි මේ.
Fateh-110 / NP-110 (Iranian single-stage, road-mobile, solid-fueled 610 mm surface-to-surface ballistic missile, high-explosive warhead : 450 kg, range : 300 km)
Scud (Russian tactical short range ballistic missiles, Speed : Mach 5, warhead : 500 kg, range : 200 - 700 km)
Zelzal-2/Mushak-200 (Iranian unguided 610 mm truck-launched long-range artillery rocket. warhead : 600 kg, range : 200 km)
Zelzal-1/Earthquake-1 (Iranian-made heavy artillery rocket, warhead : 600 kg, range : 160 km)
Naze'at 10-H (Iranian long-range artillery rockets, warhead : 230 kg, range : 130 - 150 km)
Naze'at 6 (Iranian long-range artillery rockets, warhead : 200 kg, range : 120 km)
Fajr-5 (Iranian 333 mm-caliber long-range multiple launch rocket system (MLRS). range : 75 km, warhead :175 kg)
Shahin-1 &
Shahin-2 (Iranian road-mobile truck mounted short-range fin-stabilized unguided 333 mm caliber - Chemical weapons capable, warhead :175 kg, range : 130 km)
Khaibar-1 (Syrian-made 302 mm unguided artillery rocket. range 100 km, warhead : 170 kg)
Falaq-2 (Iranian road-mobile truck mounted, short-range unguided 333 mm caliber, surface-to-surface rocket, range 10.8 km, warhead :120 kg)
Falaq-1 (Iranian short-range unguided 333 mm caliber, surface-to-surface rocket, range 10 km, warhead : 50 kg)
BM-27 Uragan (Russian 220 mm-caliber, medium-range multiple launch rocket system (MLRS) with 16 Barrels. range : 40 km, warhead :100 kg)
BM-21 "Grad" (Russian self-propelled 122 mm - caliber, medium-range multiple launch rocket system (MLRS) with 40 barrels. range : 50 km, warhead : 20 kg)
Type 63 (Chinese & Iranian towed 12-barrels 107 mm multiple rocket launcher, range : 8 km, warhead : 10 kg)
මේවාට අමතරව විවිධ ප්‍රමාණයේ මෝටාර් අවි සහ කාලතුවක්කු දහස් සංඛ්‍යාත ප්‍රමාණයකින් හිස්බුල්ලා සංවිධානය සන්නද්ධයි කියනවා ඔය බටහිර වාර්ථා.
එසේම T-72, T-62, T-55, T-54 වැනි වර්ගවල යුධ ටැංකි (Main battle tanks) සිය ගණනක්ද, BMP, BTR, BRDM ඇතුළු විවිධ සන්නාහ සන්නද්ධ රථ (Armored personnel carriers) දහස් ගණනක්ද, Noor සහ Yakhont වර්ගවල නෞකා නාශක අවිද, MANPADS, Anti-aircraft guns, Surface-to-air missile system ඇතුළු වර්ග 20කට වැඩි ගුවන් ආරක්ෂණ අවි වලින්ද හිස්බුල්ලා අවි ලැයිස්තුව සමන්විත බවත් තහවුරු වෙලා තියෙනවා.
මේ කියන තහවුරු කල අවි වර්ගවලට වඩා නවීන රුසියානු, චීන සහ ඉරාන අවි මේ වන විට හිස්බුල්ලා සංවිධානය සතුව ඇති බව නිසැක ලෙසම අනුමාන කල හැකියි. විශේෂයෙන් යුක්‍රේන සටන් බිමේ දී නේටෝ යුධ උපකරණවල ප්‍රධාන මාරයෙකු වූ ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන සහ ප්‍රති-ඩ්‍රෝන ඉලෙක්ට්‍රෝනික අවි විශාල ප්‍රමාණයක් හිස්බුල්ලා කණ්ඩායම් සතුව ඇතැයි බොහෝ යුධ විචාරකයන් විශ්වාස කරයි. මේ ගැටුමේදී ඊශ්‍රායලයට සහ බටහිරට ඇති ලොකුම හිසරදය ලෙබනන් හිස්බුල්ලා සංවිධානය වීමට මූලික හේතුව විය හැක්කේද එයයි.
කෙටියෙන්ම වාර්ශික යුධ ශීර්ෂය ඩොලර් මිලියන 500ත් ඩොලර් බිලියනයත් අතර පවත්වා ගන්නා හිස්බුල්ලා සමඟ සැසදීමේදී ලෝකෙම පුදුම කරපු පලස්තීනයේ හමාස් සංවිධානය යනු බොහොම පොඩි එකක්.
එසේම දින කිහිපයකට පෙර ඉරාන විදේශ ඇමැතිවරයා ලෙබනනයට පැමිණ හිස්බුල්ලා නායකත්වය හමුවීමත්, ගාසා තීරය ආක්‍රමණය කිරීමට උත්සාහ කලහොත් ඊශ්‍රායලය පුරා විශාල භූමිකම්පාවක් සිදු වනු ඇතැයි ඉරානය කලැයි කියන අනතුරු හැඟවීමත්, එසේ ගාසා තීරය ආක්‍රමණය කල හොත් ඊශ්‍රායලයටද බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බවට රුසියාවේ පුටින් කල ප්‍රකාශයත්, හමාස් කණ්ඩායම් ලාබ රොකට් විදිමින් ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති මිසයිල සංචිත අඩු කිරීමට ගන්නා උත්සාහයත්, එක්සත් ජනපදය කෙලින්ම හිස්බුල්ලා සංවිධානයට තර්ජනය කිරීමත්, ඊට ප්‍රතිචාර ලෙස හිස්බුල්ලා සංවිධානය එක්සත් ජනපදයට අභියෝග කිරීමත් සැලකූ විට, ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කිරීම සහ හිස්බුල්ලා සංවිධානය සටනට අවතීර්ණය වීම යනු මෙම ගැටුම නියත ලෙසම සියළු දෙනාටම ඉතා අහිතකර අමිහිරි කඩඉමකට ගමන් කරන බව විශ්වාසයෙන් කිව හැකිය.
මේ රූපයේ තියෙන්නේ හිස්බුල්ලා සංවිධානය සතුව ඇති ජංගම ගුවන් ආරක්ෂණ උපකරණයක්.