කොක්ටේල් කරලියට එන්නෙ 1980 ගණන් වලදි. මේ වෙද්දි සෑහෙන ජනප්‍රිය වෙලා තියෙන කොක්ටේල් වල ආරම්භයත් එක්ක තමා මොක්ටේල් වලට පාර කැපෙන්නෙ. කොක්ටේල් වලින් මිදිල මොක්ටේල් ඉදිරියට එන්නෙ අපේ අමද්‍යප යාළුවො වෙනුවෙන්. සාමාන්‍ය සොෆ්ට් ඩ්‍රින්ක් එකකට වඩා වෙනස් අත්දැකීමක් ලබන්න කැමති අය වෙනුවෙන් තමයි ඇල්කොහොල් මිශ්‍ර නොකෙරුනු රසවත් මොක්ටේල් වල උපත සිද්ධ වෙන්නෙ.
අරක්කු වලින් කොක්ටේල් හදන හැටි වගේම කොක්ටේල් ගැන දැනගන්න ඕන දේවල් ගැන අපි කලින් කතා කලානෙ. එහෙමවත් ඇල්කොහොල් ගාව ගන්න කැමති නැති අමද්‍යප කට්ටියට වගේම පාටියක් වෙලාවකට හදන්න පුළුවන් මොක්ටේල් රෙසපි ටිකක් තමා මේ තියෙන්නෙ. එකිනෙකට වෙනස් රසයන්ගෙන් ඔබේ හිතවතුන් පිනවන්න අනිවා මේවා හදාල බලන්න…
1. Mango Mule
අවශ්‍ය ද්‍රව්‍ය
2. Coconut, Cucumber, Lime and mint Cooler
අවශ්‍ය ද්‍රව්‍ය
3. Watermelon Mint Agua Fresca
අවශ්‍ය ද්‍රව්‍ය
4. Pineapple Cobbler
අවශ්‍ය ද්‍රව්‍ය
5. Revitalizer
අවශ්‍ය ද්‍රව්‍ය
6. Grilled Pineapple Lime Mocktail
අවශ්‍ය ද්‍රව්‍ය
7. Virgin Mojito with Sprite
අවශ්‍ය ද්‍රව්‍ය
http://www.aniwa.lk/2017/01/23/1701231-mocktail-recipes/
අරක්කු වලින් කොක්ටේල් හදන හැටි වගේම කොක්ටේල් ගැන දැනගන්න ඕන දේවල් ගැන අපි කලින් කතා කලානෙ. එහෙමවත් ඇල්කොහොල් ගාව ගන්න කැමති නැති අමද්‍යප කට්ටියට වගේම පාටියක් වෙලාවකට හදන්න පුළුවන් මොක්ටේල් රෙසපි ටිකක් තමා මේ තියෙන්නෙ. එකිනෙකට වෙනස් රසයන්ගෙන් ඔබේ හිතවතුන් පිනවන්න අනිවා මේවා හදාල බලන්න…
1. Mango Mule
අවශ්‍ය ද්‍රව්‍ය
- පිපිඥ්ඥා පෙති 4ක් 5ක්
- මී පැණි 30ml
- දෙහි යුෂ 45ml
- ජින්ජර් බියර් 45ml
- අඹ යුෂ 45ml (වතුර මිශ්‍ර නැති ස්වභාවික අඹ යුෂ)
- අයිස් කැට
- කොක්ටේල් ශේකර් එකක් තියෙනවනම් මේක එහෙම හදාගන්නත් පුළුවන් නැති නම් ඒ හා සමානව භාවිතා කරන්න පුළුවන් බෝතලයක් අරගන්න.
- එයට පිපිඥ්ඥා සහ මී පැණි මුලින්ම දමා එයට අඹ සහ දෙහි යුෂ එක් කර තප්පර 10ක් පමන හොඳින් සොලවා ගන්න. අයිස් දමාගත් වීදුරුවකට මෙය පෙරාගෙන උඩින් ජින්ජර් බියර් වත් කර මිශ්‍ර කරගන්න.
2. Coconut, Cucumber, Lime and mint Cooler
අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් වතුර කප් 4
- සිහින්ව කපාගත් පිපිඥ්ඥා පෙති 2
- දෙහි යුෂ කප් 1\2
- සීනි කප් 1\4 (හෝ රස අනුව)
- චොප් කරගත් මිංචි කොල කප් 1\4
- සියල්ල එකට මිශ්‍ර කර පැයක් හෝ පැය දෙකක් ශීත කර පිලිගන්වන්න.
3. Watermelon Mint Agua Fresca
අවශ්‍ය ද්‍රව්‍ය
- කූල් වතුර කප් 2
- ඇට ඉවත් කර කපාගත් කොමඩු මද කප් 2
- සීනි මේස හැඳි 2
- දෙහි යුෂ තේ හැන්දයි
- මිංචි කොල කප් 1\4
- සියල්ලම හොඳින් මිශ්‍ර කර හැන්දකින් පොඩි කරගෙන පෙරාගන්න. ශීත කර පිළිගන්වන්න.
4. Pineapple Cobbler
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ට්‍රෝබෙරි යුෂ 30ml
- දෙහි යුෂ 15ml
- අන්නසි යුෂ 90ml
- සෝඩා අවශ්‍ය පමණ
- ශේකර් එකක හෝ පෙර පරිදිම බෝතලයක අන්නසි යුෂ සහ දෙහි හොඳින් සොලවා මිශ්‍ර කරගන්න.
- අයිස් දමාගත් වීදුරුවකට මිශ්‍රණය පෙරාගන්න. එයට උඩින් සෝඩා සහ ස්ට්‍රෝබෙරි යුෂ දමා මිශ්‍ර නොකර පිළිගන්වන්න.
5. Revitalizer
අවශ්‍ය ද්‍රව්‍ය
- කැරට් යුෂ 70ml
- ඇපල් යුෂ 100ml
- සීනි තේ හැන්දක් මිශ්‍ර කරගත් ඉඟුරු යුෂ 15
- දෙහි යුශ තේ හැන්දක්
- සියල්ල හොඳින් මිශ්‍ර කර අයිස් දමාගත් වීදුරුවකට පෙරාගන්න.
6. Grilled Pineapple Lime Mocktail
අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රිල් කර කපාගත් අන්නසි කප් 1\2
- දෙහි යුෂ මේස හැඳි 2
- මී පැණි තේ හැන්දක්
- සෝඩා අවශ්‍ය පමණ
- අන්නසි ග්‍රිල් කර ගැනීමට පෙති කපාගත් අන්නසි මත කුරුඳු කුඩු, මී පැණි, තවරා ග්‍රිල් කරගන්න.
- අන්නසි, දෙහි සහ මී පැණි එකට දමා බ්ලෙන්ඩ් කරගන්න. එය අයිස් දමාගත් වීදුරුවකට දමා එයට උඩින් අවශ්‍ය පමණ සෝඩා වත් කරගන්න.
7. Virgin Mojito with Sprite
අවශ්‍ය ද්‍රව්‍ය
- මිංචි කොල කීපයක්
- දෙහි යුෂ තේ හැන්දක්
- දෙහි පෙති 3,4ක්
- ස්ප්‍රයිට්
- මිංචි කොල ටික අතින් පොඩි කර වීදුරුවකට දමාගන්න. එයට උඩින් දෙහි යුශ සහ දෙහි පෙති දමා අයිස් කැට එක් කර අයිස් මතට ස්ප්‍රයිට් වත් කරගන්න.
http://www.aniwa.lk/2017/01/23/1701231-mocktail-recipes/
