මොකෝ_වෙන්නේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    අගමැති රනිල් විය යුතුයි මෛත්‍රී ආවේ unp එකේ පිහිටෙන් ඒ ඇවිත් පොහොට්ටුවත් එක්ක කඩේ ගියොත් කොන්ද පණ නැති පොරක් තමා ඒ වගේම ආත්ම ගරුත්වයක් නැති

    දැනට තියෙන හොදම විකල්පය තමයි unp එකට ඉතුරු අවුරුදු දෙක රට පාලනය කරන්න දෙන එක

    ආප්ප කාල එනකොට රනිල්ටත් හිතන්න තිබ්බ මූ මටත් මේකම කරයි නේද කියල :baffled:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ආප්ප කාල එනකොට රනිල්ටත් හිතන්න තිබ්බ මූ මටත් මේකම කරයි නේද කියල :baffled:
    ඒ පාලනය වෙනස් උන එක හොදයි බන් දැන් තත්වය වෙනස් නැවත ඒ වගේ පාලනයක් එනවටනම් මම අවංකව කැමති නෑ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්පූර්ණ සහය දෙන බවත් ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් නොදරන බවත් ජනපති හමුවේ පවසා ඇතැයි වාර්තා වේ.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්පූර්ණ සහය දෙන බවත් ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් නොදරන බවත් ජනපති හමුවේ පවසා ඇතැයි වාර්තා වේ.

    ඒ කිවුවේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යහපාලන දීගේ දිගටම කෑවොත් සන්ධානයේ සහය රජයට නෑ



     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    02/16/2018 13:01
    nethfm
    ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්පූර්ණ සහය දෙන බවත් ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් නොදරන බවත් ජනපති හමුවේ පවසා ඇතැයි වාර්තා වේ.

    02/16/2018 12:42
    nethfm
    අගමැති ධූරය ගැන නීතිවේදීන් සමග සාකච්ජා කිරීමට ජනපති තීරණය කරයි - ජනපති හමුවීමෙන් පසු කුමාර වෙල්ගම කියයි

    02/16/2018 12:35
    nethfm
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග මේවනවිට විශේෂ සාකච්ජාවක් පවත්වන බව වාර්තා වේ.

    02/16/2018 12:33
    nethfm
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ නිල විපක්ෂය ලෙස පිළිගැනීමට සැවොම නිහතමානි විය යුතු බව අමාත්‍ය පාඨලී රණවක කියයි

    02/16/2018 12:22
    nethfm
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සවස මාධ්‍ය ඇමතීමට නියමිතයි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබඳ ගත් අවසන් තීන්දුව දැනුම් දීමට නියමිතයි.

    02/16/2018 12:19
    nethfm
    අමාත්‍ය සුජීව සේනසිංහ අද උදෑසන ජනපති හමුවී අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සම්බන්ධව සාකච්ජා කොට ඇති බව වාර්තා වේ.

    Updated: 02/16/2018 12:17
    Chamly Ekanayake
    ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් සහ සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා සාකච්ඡාවක් පවපවත්වන බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

    Updated: 02/16/2018 12:03
    nethfm
    රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත්කොට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවක් පිහිටවීමට සූදානම් බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් ජනපතිවරයාට දැනුම්දී ඇති බව වාර්තා වේ.

    Gedipitin issuwe http://nethgossip.lk/article/29488
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    ජනපති රන්ජන්ට නායකයා වෙනස් කරගෙන එන්න කියයි

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (16 දා) පෙරවරුවේ පැවතියේය.

    මෙහිදී පවතින ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා රන්ජන් රාමනායක මහතා තව දුරටත් උත්සහ කර ඇත.

    මේ සඳහා රාමනායක මහතා දීර්ඝව කරුණු පැහැදිලි කර ඇති අතර එහිදී, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කරගෙන සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා පවසා ඇත.

    -fb
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම පිලිබඳ ඉදිරි තීරණ ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය සුසිල් ඇතුලත් විශේෂ කමිටුවක් පිහිටුවා තිබේ.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තමා එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි


    20180216080819_851468.jpg
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ආණ්ඩුවේ අර්බුදය තවත් උග්‍රවේ


    අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්විය යුතු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි ස්ථාවරයක සිටින බව සිකුරාදා උදෑසන (පෙබරවාරි 16) ජනපති මුණගැසුණු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් පවසයි.

    බීබීසි සිංහල සේවය සමග අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයා පැවසුවේ යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට නම් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්විය යුතු යයි ජනපති ප්‍රකාශ කළ බවය.

    කතානායක කරු ජයසූරිය අගමැති ධුරයට පත් කර එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුව කරගෙන යාමට ජනාධිපතිවරයා වැඩි කැමැත්තක් දක්වන බව ද ඔහු පැවසීය.

    එම වෙනස වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ සටන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු හමු වූ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට පවසා තිබේ.

    ජනාධිපතිවරයා අද උදැසන මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කිරීමට නියමිතව තිබුණු විශේෂ ප්‍රකාශය හදිසියේ අවලංගු කිරීමත් සමග මේ අර්බුදය තවත් උග්‍ර අතට පත්ව ඇතැයි අදහස් පළවෙමින් තිබිණ.

    එළැඹි තිබෙන තත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද සිකුරාදා සිය හිතවත් ඇමතිවරුන් සමග අදහස් පළ කොට තිබිණ.

    සිකුරාදා සවස තමන් ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව අගමැතිවරයා එහිදී පවසා තිබෙන අතර එහිදී ඔහු පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ද යම් ප්‍රකාශයක් කරන බවට තොරතුරු වාර්තාවේ.

    ධුරයෙන් ඉල්ලා අස්වීම අගමැතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනපතිට අගමැතිවරයා ඉවත්කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතය වී තිබේ.

    කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ ජාතික ආණ්ඩුවෙන් සිය පක්ෂය ඉවත්වූ වහාම අගමැති ඇතුළු ඇමති මණ්ඩලය අහෝසිවන බවය. එවිට බහුතර පාර්ලිමේන්තු බලයක් ඇති පුද්ගලයා අගමැති ධුරයට පත්කළ හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එකඟතාව පළකර ඇති බව මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිකුරාදා උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබුණි.


    bbc-blocks-dark.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අන්තිමට කවුරුත් හොරු නෙමේ වෙනවා. මයිත්‍රී ට යන එන මන් නෑති වෙනවා. 2020 ගෝඨා සිහිනයත් ලොස් වෙයිද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මොනා වෙන්නද 2020 වෙනකන් අගමැති රනිල්ම තමා..උබලා උබලගේ වැඩක් බලාගනිල්ලා..:rofl:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    IPL එකේ වෙන්දේසියට වඩා MP ලාගේ ඉල්ලුම යනවා ඇති.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මොනා වෙන්නද 2020 වෙනකන් අගමැති රනිල්ම තමා..උබලා උබලගේ වැඩක් බලාගනිල්ලා..:rofl:

    :rofl::P