මොඩ තරිදු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Osita Iheme මේ නම අපේ රටේ බොහෝ දෙනෙකුට මතකයක් නැතත් ඔහුගේ රූපය බොහෝ දෙනෙකුට සමීපයි. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි විනෝදාස්වාදය සඳහා නිර්මාණය කරපු පෝස්ට් වගේම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුල ඒවා හුවමාරු වෙන නිසා.

    නමුත් කවුරුත් දන්නේ නැහැ ඔහු නළුවෙක් බව. ඔහුගේ වයස අවුරුදු හයක් හතක් වෙන්න ඇති කියලා බොහෝ දෙනෙක් හිතුවත් ඔහුගේ වයස අවුරුදු 37ක් කියලා ඇහුවම බොහෝ දෙනෙකුට පුදුම හිතෙන්නත් පුළුවන්. නමුත් උස අඩි 4 යි අගල් 3ක පුද්ගලයෙක් ඔහු.

    ඔහු නයිජිරියානු ජාතිකයෙක්. වර්ෂ 1982 පෙබරවාරි මාසේ 20 වැනිදා Abia කියන ග්‍රාමයේ උපත ලබන මොහු ඉගැනීමට දක්ෂයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මොහු වැඩිදුර අධ්‍යාපනය සදහා Lagos state කියන විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳව ඉගෙන ගෙන උපාධියක් ලබා ගන්නවා.

    ඒ අතරතුර තමයි මොහු නළුකමත් කරන්නේ,පස්දෙනෙකුගෙන් යුතු පවුලේ කොටම දරුවා වෙන්නෙත් මොහු. ඒ නිසා කුඩා කල ඔහු සමාජයෙන් ගැරහුම් ලැබූ කෙනෙක් බවට පත් වෙනවා. නමුත් ඔහු නළුවෙක් වූ පසුව ගැරහුම් කළ සියල්ලන්ම ඔහුගේ ජනප්‍රියත්වයට ගරු කරන්න පටන් ගන්නවා. kwu na uka කියන විකට සිනමාපටයට වර්ෂ 2002 දී සම්බන්ධ වෙමින් රංගනයට එකතු වූ ඔහු එතැන් පටන් ඔහු සිනමා තිරයේ රජ කරන්න පටන් ගන්නවා. 2018 වර්ෂය වනවිට ඔහු සිනමාපට 49කට සම්බන්ධ වෙමින් විශ්ෂ්ඨ රංගනයක යෙදෙනවා.

    ඒ වගේම ඔහුගේ රංගන ප්‍රතිභාව පෙන්වමින් රංගන ශිල්පියෙකුට ජිවිතේ එක්වරක් පමණක් හිමිවෙන Life time achievement සම්මානයත් African movie academy සම්මානයත් ඊට අමතරව හොඳම නළුවාට හිමි සම්මානත් , හොඳම හාස්‍ය උත්පාදක රංගන ශිල්පියාට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක් ඔහු සතු කරගන්න ඒ කොට මිනිසාට හැකියාව ලැබෙනවා.

    83911359_2018355158311137_2723029902981857280_n.jpg
    ositaiheme-house1-ba4a.jpg
    ositaiheme-lifetimeaward-127d.jpg