මොධිට ඉතිහාසගත ජයක්
නරේන්ද්‍ර මෝදි ඉන්දියාවම සෝදා තම දෝතට ගනී..! තුනෙන් දෙකක බලයක්..! අද ඉන්දියාව හෙට ශ්‍රී ලංකාව ද?
“අද ඉන්දියාව හෙට ලංකාව” යන ප්‍රකට දේශපාලන කියමන පසුබිමේ තිබියදී ඉන්දියාවේ පැවැති මහ මැතිවරණයෙන් හින්දු ජාතිකවාදී දේශපාලන මතවාදයේ සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය සමස්ථ ඉන්දියාවම සෝදා තම දෝතට ගත් ඉතිහාසගත වාර්තාවක් තබමින් ආසන 543 ක් වන ඉන්දීය පාර්ලිමේන්තුව වන ‘ලෝක් සභාවේ’ ආසන 345 ක් දිනා ගනිමින් දෙවන ජයග්‍රහණය වාර්තා කර ඇත. 2014 පැවැති මැතිවරණයෙන් මෝදිගේ බීජේපී ය 30 වසරකට පසු වාර්තාවක් තැබුවේ ආසන 285 ක් දිනා ගනිමිනි. මෙවර මැතිවරණයෙන් ඒ වාර්තාව ඉතා දිගු කර ගනිමින් ආසන 345 ක් දිනාගෙන ඇත. ඈත තිබෙන නිකොබාර් සහ අන්දමන් දූපත් ද බීජේපීය දිනාගෙන ඇත.
මෝදිට තුනෙන් දෙකේ බලයක්..?
මෙය ඉන්දියාව වැනි රටක තුනෙන් දෙකක බලයක් තනිවම දිනා ගැනීමට ඉතා ආසන්න තත්ත්වයකි. තුනෙන් දෙකකට අවශ්‍ය ආසන 362 කි. ඒ සඳහා අවශ්‍ය ඉතිරි ආසන 17 කුඩා පක්ෂ සමග සන්ධානයකින් ලබා ගතහොත් ඉන්දියාවේ තුනෙන් දෙකක අසහාය බලයක් හිමිවන්නේ අගමැති නරේන්ද්‍ර මෝදිට ය. මෙය කලාපීය දේශපාලනයේ ෙඑතිහාසික තත්ත්වයක් ඇති කරනු නිරනුමානය.
තව ප්‍රකාශයට පත් කිරීමට ඇත්තේ එක් ආසනයක් ගැන පමණි. ඒ කෙසේ වෙතත් ගාන්ධි පරම්පරාව නායකත්වය දුන් සම්ප්‍රදායික ඉන්දීය ජාතික කොන්ග්‍රසයට දිනා ගත හැකිවූයේ ආසන 87 ක් වැනි සොච්චමක් පමණි. නමුත් INC ය විරුද්ධ පක්ෂය වනු ඇත්තේ අනෙක් ආසන 110 තමිල්නාඩුවේ DMK සහ AIADMK ආන්ද්‍රා ප්‍රදේශයේ TDP සහ YSR උත්තර ප්‍රදේශයේ SP සහ BSP ආදී විවිධ ප්‍රාදේශීය දේශපාලන පක්ෂ අතර බෙදී ගොස් ඇති නිසා ය.
මැතිවරණය ආරම්භයේදී බීජේපී නායකයන්ට එල්ල වූ දැවැන්ත දූෂණ චෝදනා හමුවේ මෝදි සිටියේ වාසි පසුබිමක නොවූ නමුත් ශ්‍රී ලංකාවේ අයිඑස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පස් වතාවක්ම දැනුම් දී තිබීමත් ඒ නොසලකා හැරීම හේතුවෙන් ඉතා දැවැන්ත ප්‍රහාරයක් සිදුවීමත් යන කාරණය මෝදි තම මැතිවරණ ව්‍යාපාරයේ වාසියට හරවා ගත්තේ ය. (බීජේපී ජයග්‍රහණයට හේතුව එයම නොවේ. ඒ ගැන කතා කිරීම මේ සටහනේ අරමුණද නොවේ.)
ලංකාවේත් දේශපාලන කුණාටුවක්..?
වරෙක අගමැති මෝදි කියා සිටියේ තම රාජකාරි කාලයෙන් වැඩි කාලයක් ගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කටයුතු අරභයා බවයි. තවත් වරෙක ඔහු මෛත්‍රීපාල සිරිසේන නමැති අසල්වාසී රටේ මෝඩ නායකයාගේ මුහුණටම කියා සිටියේ ‘ඔබ ඔබගේ රට පමණක් නොව ඉන්දියාවත් අනතුරේ දමා ඇති’ බවයි.
තත්ත්වය එසේ තිබියදී නරේන්ද්‍ර මෝදිගේ විජයග්‍රහණය ලංකාවේ දේශපාලනය තුල ද කුණාටුවක් ඇති කරනු ඇත. ඒ බවට මේ වන විටත් අනන්තවයත් දේශපාලන ඉඟි පහළව ඇත්තේය. ඉන්දියාවේ INC ය වන් ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂක් වූ ශ්රීලනිපය අද සෝදා පාළුවට ලක්ව සියේට හතරට වැටී ඇත. අනෙක් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂය වූ එජාපයට කිසිදු සක්‍රීය දේශපාලන වැඩපිළිවෙක් නොමැති අන්ධභූත නායකයෙකු වටකර ගත් කේවට්ට රැලක් බිහිවී එයද වේගවත් අගාධයක් කරා ගමන් කරවමින් තිබේ. වම යැයි කියා ගන්නා ජවිපෙ නායකයා රටේ දේශපාලන කාරණා වලදී නිශ්චිත ස්ථාවරයක් ගන්නවා වෙනුවට වරින් වර පරස්පර තීන්දු ගනිමින් ‘ඩීල්’ දේශපාලනයේ ගොදුරක් වී වමේ දේශපාලනයද දියකර හැරගෙන තිබේ. අනෙක් වම්මු ද ඩීල් මිස දේශපාලනයක් නොකරති. දෙමළ දේශපාලනයේ ටීඑන්ඒ මුද්‍රාව දියවෙමින් තිබේ. මුස්ලිම් දේශපාලනය ත්‍රස්ත ප්‍රහාරයත් සමග ගල් ගැසී ගොස් ඇත. ඒ අතර නිශ්චිත දේශපාලන දැක්මක් වැඩ පිළිවෙලක් නොමැති නමුත් ජාතිවාදය ආගම්වාදය මිලිටරිවාදය කරපින්නා ගත් බයිවාදී තොරණක් වන රාජපක්ෂලාගේ පුද්ගලික සමාගමක් වූ පොහොට්ටුව ජාතික දේශපාලනයේ පැතිර යමින් පවතී. බලය සඳහා කපටි උපායන් හැරුණු කළ, රටක් ගොඩ නගා ගත යුතු නිශ්චිත දේශපාලන දැක්මක් වැඩ පිළිවෙලක් හදා ගැනීමට පොහොට්ටුව උත්සාහ නොකරන්නේ මන්දැයි නොදනී. චම්පික රණවක වැනි කුඩා පිරිසක් පමණක් නවීනවාදය මුසු කර ගත් ලාංකීය ජාතිකවාදය පිළිබඳ න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කරමින් චූූූූටි වැඩ සටහන් ආරම්භ කර තිබේ. මේ සියළු කාරණා පසුබිමේ තිබියදී ඉන්දියාවේ ජාතිකවාදී නායකයා වූ නරේන්ද්‍ර මෝදිගේ පවා දෑස් නීලංකාර කරවූ බීජේපී විජයග්‍රහණය ලංකාවේ දේශපාලනය තුල තද බල කුණාටුවක් ජනිත කරනු ඇත. සැබෑ දේශපාලන ස්පන්දන හඳුනන කුඩා පිරිසකට වුව ලංකාවේ එවැනි කුණාටුවක් ජනිත කරවීමට නොහැකියාවක්ද නැත. එසේ වුවහොත් “අද ඉන්දියාව හෙට ලංකාව” යන දේශපාලන කියමනට තව දිගු කලක් පැවතිය හැකිය.
උඩු යටිකුරු මෙන්ම යටි උඩුකුරු කළ හැකි බෝම්බ..!
කෙසේ නමුත් එක බෝම්බ ප්‍රහාරයකින් සම්පූර්ණ උඩු යටිකුරු වූ ලාංකීය දේශපාලන වේදිකාව තවත් බෝම්බ ප්‍රහාරයකින් යටි උඩුකුරු වීමටද හැකියාවක් ඇත. අවසාන වශයෙන් කිව හැක්කේ බෝම්බ, ඝාතන, ලේ බලපෑම් වලින් තොරව අවසානයට ලංකාවේ පැවැති මැතිවරණය 2015 මැතිවරණය වනු ඇති බවයි. මන්ද යත් දැන් ලංකාව යනු කලාපීය පමණක් නොව ලෝක බලවතුන්ගේ ද පන්දු පිටියක් වී අවසන් බැවිනි.
(ලංකා ඊ නිව්ස් -2019.මැයි.23, ප.ව.9.25)
විමල් ධීරසේකර

Last edited: