මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,602
    167,181
    113
    එකමත් එක රටක
    උබ බෞද්ධ සාහිත්‍ය‍යයි බුද්ධාගමයි පටලගෙන ඉන්නෙ. ඔය දඹදිව කතාව මෙහෙ කතා ලියන අයගෙ ෆේවරිට් ප්ලේස් එක. බුද්ධ ධර්මය වතුර වගේ ඒක දාල තියෙන භාජනේ අනුව හැඩේ වෙනස් උනාට ඇතුලෙ තියෙන්නෙ බුද්ධ ධර්මයම තමා. ඔය පින් මෙච්චරක් ලොකුයි මෙච්චරක් පොඩියි කියන කතා සන්ස්කුතියත් එක්ක එන දේවල්. තායිලන්තෙට ගියාම එහෙ හැඩේට ඒක වෙනස් වෙනව. එහෙම භාජනේකට දාගෙන ඉන්න නිසා කැමති කෙනෙක්ට භාජනේන් වතුර ටිකක් බොන්නත් පුලුවන් කැමති නන් භාජනේ පරිස්සන් කරන්නත් පුලුවන්. භාජනේ පරිස්සන් කරන අය කරපු වැඩ වලින් වතුර ගැන හිතන්න එපා ඒ ගොල්ලො ඒව කරල තියෙන්නෙ භාජනේ පරිස්සන් කරන්න. වතුර ගැන දැනගන්න බීලම බලන්න වෙනව.
    ඔය බෞද්ධ සාහිත්‍ය කතාව උබ පිලිගත්තට ගොඩක් උන් එහෙම ගන්නේ නෑ . ඔය උඩ කියලා දෙන දේවල් වලට මම එකයි.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කොහෙද එහෙම වෙලා තියෙන්නේ? දැන් වැඩිපුරම බුදුදහම තියන රටවල් ටික අරන් බලන්න කොච්චර ප්‍රශ්නද කියල. ලංකාවේ මිනිස්සු සතුටින් ද ඉන්නේ ?කොයි වෙලේ හරි "මිත්‍යා දෘෂ්ටික ආගම්" කියල තියන ඒවා තියන රටකට පනින්න බලන් ඉන්නේ.
    ඔය කියන සසරින් ගලවන වගේ ෆැන්ටසි කතා වලට කලින් ප්‍රයෝගික ජිවිතේ ප්‍රශ්න වලටවත් මිනිස්සුන්ට උත්තර තියෙන්න ඕනේ උදේ ඉදන් රෑ වෙනකන් බණ අහන, මාසෙට දවසක් වෙන් කරගෙන සිල් ගන්න , හිත හදාගන්න රටේ.

    අරන් බලන්න බුදු දහමේ එන එක එක දන්දීම් . කුසල් වැඩි එකේ ඉදන් අඩු එකට.

    1. බුදුවරයෙකුට දෙන දානය

    2. පසේ බුදුවරයෙකුට දෙන දානය

    3. රහත් උතුමෙකුට දෙන දානය

    4. රහත් වීමට උත්සාහ කරන අනාගාමී

    උතුමෙකුට දෙන දානය

    5. අනාගාමී උතුමෙකුට දෙන දානය

    6. අනාගාමී වීමට උත්සාහ කරන

    සකෘදගාමී උතුමෙකුට දෙන දානය

    7. සකෘදාගාමී උතුමෙකුට දෙන දානය

    8. සකෘදාගාමී වීමට උත්සාහ කරන

    සෝවාන් උතුමෙකුට දෙන දානය

    9. සෝවාන් උතුමෙකුට දෙන දානය

    10. සෝවාන් වීමට උත්සාහ කරන

    තාපස උතුමෙකුට දෙන දානය

    11. දස සිල් රක්ෂා කරන්නෙකුට දෙන දානය

    12. පන්සිල් රක්ෂා කැන කෙනෙකුට දෙන දානය

    13. දුසිල්වතෙකුට දෙන දානය‍

    14. තිරිසන් සතුනට දෙන දානය

    දැන් මේ ටිකෙන් බුදු දහම ගැන අහලවත් නැති සමාජයක උන්ට කරන්න වෙන්නේ මොන දානද ?
    අර අඩුම දෙක නේ. ඒ කියන්නේ බුදු දහම පහල වෙන්න කලින් එච්චර කුසලයක් තියන දානයක් කරල නෑ . ලංකාව, තායිලන්තය වගේ බෞද්ධ රටවල් වලින් පිට මිනිස්සු කුසල් අඩු දාන කරන්නේ. ඕවා තනිකර ආගම් ලොකු කරන්න කියපු කතා කියල උබට ලෝකේ දිහා බලලා තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ . කොහොමත් මම කිව්වේ මගේ අදහස. උබ මට බැන්න කියලා උබ කියන දේ හරි වෙන්නේ නෑ . ගොඩක් ඔය බෙල්ලේ බැදන් ඉන්න උන්ට අදහසක් , මතයක් ඉවසන්න බෑ . උන්ගේ මෛත්‍රිය, ශ්‍රද්දාව දොරේ ගලනවා . උඩ මම එහෙම එක්කෙව quote කරලත් ඇති.

    ටයර් කතාව ප්‍රායෝගිකයි. හැබැයි උපමාවට ගත්ත එක දර්ශනයක් නැත්නම් අදහසක්. ඕන කෙන්ක්ට ඔය වගේ කතාවක් කියන්න පුලුවන්. මෙහෙම දෙයක් තියනව එකින් බේරෙන්න මේ දේ කරන්න කියලා. ඒ කියන කියන පලියට ඒවා පිළිගන්න ඕනද? උබ පිලිගනින්. මට ටයර් එකේ හුලන් ගිය එක උපාමවට ගත්ත එකට වඩා පිළිගන්න පුලුවන්. ඒක ප්‍රයෝගිකව අත්දකින්න පුලුවන් නිසා. එහෙම නැතුව අනිත් ඒවා නිකන් කතන්දර විතරයි ඔප්පු වෙනකන් මට.
    උබ මාව quote කරපු නිසා මේක කිව්වේ. නැත්නම් මට උබත් එක්ක කිසි අවුලක් නෑ දැනටත්.
    බුදු දහම තිය‍ෙන රටවල් කියන්න‍ේ වැඩිපුර ඉන්න රටවල් ව‍ෙන්න ඇති . අනිත් රටවල් වැඩක් නෑ . අප‍ේ රට‍ේම බහුතරයක් බ‍ෞද්ධ කියන එවුන්න‍ේ . උඹ කියහන් මුන් බ‍ෞද්ධයන්ට අදාල ද‍ේවල්ද කරන්න‍ේ ? එහමෙනම් එතන තිය‍ෙන්න‍ේ බුදු දහම‍ේ ප්‍රශ්නයක් න‍ෙව‍ෙයි ... බුදු දහම නිසා රට පිරිහිලා නෑ . නමට බුදු දහම තියාග‍ෙන පාලනය කිරීමත් පුරවැසියන් වීමත් කියන කාරනය නිසා තමයි ප්‍රශ්න ඇතිව‍ෙලා තිය‍ෙන්න‍ේ . අනිත් කාරනය බුදු දහම නැතිරටවල මිනිසුන් සතුටින් ප්‍රශ්න නැතුව ඉන්නවා කියනවානම් ඒකත් ගැලප‍ෙන්නෑ .. බ‍ෞද්ධයන්ටවඩා උන්ට ප්‍රශ්න නැත්නම් ක‍ොහමද බන් ඇමරිකාව වග‍ේ රටවල මානසික ර‍ෝගීන් 21% විතර ව‍ෙන්න‍ේ ?
    බුදු දහම තුල පරම ධනය කියන්න‍ේ සතුටයි ... සතුට ලැබ‍ෙන ආකරය ගැනත් කියනවා ...

    උඹ මුල්ම කා‍ෙටස‍ේ (එහෙම බැලුවොත් බදු දහම නැති සමාජයක ඉන්න මිනිස්සු සමහර පව් වලින් නිකන්ම වැළකෙනවා නේ බන්.
    නිකන්ම හිතපන් බුදු දහම තියන සමාජයක්, නැති සමාජයක් . බුදු දහමක් නැති තැන ඉන්න මිනිස්සු ආනන්තරිය පාපකර්ම කියන 5න් 3කින්ම බේරෙනවා නිකන්ම..) කියපු ද‍ේට මම දීපු උත්තරයට න‍ෙව‍ෙයි බන් උත්තර දීලා තිය‍ෙන්න‍ේ . ආනන්තරීය පාපකර්ම බ‍ෞද්ධයන් අතින්ද අබ‍ෞද්ධයන් අතින්ද බන් වැඩිපුර ව‍ෙන්න පුලුවන් ..?

    දානය ගැනනම් ඔය කියන සියලුම දාන ප‍ෞද්ගලික දාන ක‍ොටසටයි අයිතිව‍ෙන්න‍ේ . ඔය සියල්ලටම වඩා උතුම් සංඝගත දක්ෂිණාවයි . බුදු දහම තුල අට මහ පුද්ගලයන්ට දානය දීමයි උසස්ම ව‍ෙන්න‍ේ .

    “භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍ර‍භූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහ්ඵලතරන්ති වදාමි”

    -ආනන්දය! අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ “කාසාවකණ්ඨ” නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍ර‍මණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය! එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන බව පවසමි. ආනන්දය! කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි.
    .
    . අර උඹ කියපු දාන 14න් අවසන් 02 ක‍ෙරුවා කියලා පවක් සිද්ධව‍ෙන්නෑ. දානය යහපත් ක්‍රියාවක් . අප‍ේ තිබහට වතුර බ‍ොන්න ඕන උනාම වැඩිපුර ලැබ‍ෙන්න‍ේ වතුර භාජනය‍ේ ප‍ොඩ්ඩක් තිය‍ෙන ක‍ෙනාග‍ෙන්ද ? වැඩිපුර තිය‍ෙන ක‍ෙනාග‍ෙන්ද ? බුදු දහම ගැන අහලාවත් නැති සමාජවලටත් දානය ද‍ෙන්න පුලුවන්න‍ේ බන් . ප‍ොඩිඩ ප‍ොඩ්ඩ හරි තිබහ නිව‍ෙනවනම් ඒකත් වටිනවාන‍ේ ... බුදු දහම පහල ව‍ෙන්න කලින් පස‍ේ බුදුවරු හිටියා , පන්සිල් රකින අයත් හිටියා . බ‍ෝධිසත්වය‍ෝ දාන පාරාමිතා , දාන උප පාරමිතා , දාන පරමත්ත පාරමිතා පුරන්න‍ේ බුදු දහම තිබුනම සමාජවල න‍ෙව‍ෙයින‍ේ .... එහ‍ෙම කරලත් බුද්ධත්වය ලබාගන්න පුලුවන් උනානම් අවසන් දාන 02 කියලා මගහැරගන්නනම් එපා ...

    කවුද බන් උඹට බැන්න‍ේ ? උඹවග‍ේ එක‍ෙක්ට ඕන මතයක් දරන්න පුලුවන් . ඒක එහ‍ෙමයි කියලා අමුතු මල පැනිල්ලකුත් මම කියන එක එහ‍ෙම්ම පිලිඇරන් මරු කිව්වා කියලා අමුතු කිචියකුත් නෑබන් . උඹට කැමති මතයක් උඹ දරාගනින් . බුදුන් වැඩ ඉන්නක‍ොටත් සියල්ල‍ෝම බුදුන් කියපු ද‍ේ පිලිගත්ත‍ේ නෑ ... තම තම නැණ පමනින් දැන් ගන්නවා කියන්න‍ේ ඒකටන‍ේ බන් .. අනික බන් උඹ පිලිගත්තා කියලා මට ඇති ලාභයක්වත් න‍ොපිලිගත්තා කියලා මට ඇති පාඩුවකුත් නෑ ... උඹ ඔහම න‍ෙව‍ෙයි බිම බඩගාග‍ෙන කිව්වත් අපි දානය ද‍ෙනවා ,ධර්මය ශ්‍රවනය කරනවා ... පුලුවන් තරම් ජීවිතයට ලංකරගත්ත බලනවා ... සියල්ලම බැරි උනත් ටික ටිකවත් එකතුකරගත්ත‍ොත් ඒක‍ේ වටිනාකමත් අපිටම කියලා ත‍ේර‍ෙනවා ...

    දානය‍ේ ආනිසංශ නෑ , පරල‍ොවක් නෑ , අපායක් , දිවියල‍ෝකයක් නෑ , පින් පව් පලදීමක් නෑ කියලා හිතාග‍ෙන ඉන්න හා හිටපු එකම එකා උඹ විතරක් න‍ෙව‍ෙයි බන් බුද්ධ කාල‍ෙත් හිටියා .. උන් පස්ස‍ේ ගිය එවුනුත් හිටියා .
    නාහං භික්ඛවෙ අඤ්ඤෙ එකපුග්ගලම්පි සමනුපස්සාමි. යො එවං බහුජන අහිතාය පටිපන්නො බහුජන අසුබාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවාමනුස්සානං යථායිදං භික්ඛවෙ මක්ඛලි මොඝ පුරිසො.
    ඒක නිසා උඹට අමුතුව‍ෙන් ඔප්පුකර ප‍ෙන්නියයුතු ද‍ෙයකුත් නෑ .

    ඇතත් නැතත් පරල‍ොව සුදනනි මහත
    හල‍ොත් ය‍ෙහ‍ෙකි පව්කම් න‍ොතබාම සිත
    නැතත් එපරල‍ොව ඉන්වන අවැඩ නැත
    ඇත‍ොත් නැතැයි පව්කලහුට ව‍ෙයි විපත
     
    Last edited:
    • Dislike
    Reactions: NushenD

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    1. බුදුවරයෙකුට දෙන දානය

    දැන් මේ ටිකෙන් බුදු දහම ගැන අහලවත් නැති සමාජයක උන්ට කරන්න වෙන්නේ මොන දානද ?
    අර අඩුම දෙක නේ. ඒ කියන්නේ බුදු දහම පහල වෙන්න කලින් එච්චර කුසලයක් තියන දානයක් කරල නෑ . ලංකාව, තායිලන්තය වගේ බෞද්ධ රටවල් වලින් පිට මිනිස්සු කුසල් අඩු දාන කරන්නේ. ඕවා තනිකර ආගම් ලොකු කරන්න කියපු කතා කියල උබට ලෝකේ දිහා බලලා තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ . කොහොමත් මම කිව්වේ මගේ අදහස. උබ මට බැන්න කියලා උබ කියන දේ හරි වෙන්නේ නෑ . ගොඩක් ඔය බෙල්ලේ බැදන් ඉන්න උන්ට අදහසක් , මතයක් ඉවසන්න බෑ . උන්ගේ මෛත්‍රිය, ශ්‍රද්දාව දොරේ ගලනවා . උඩ මම එහෙම එක්කෙව quote කරලත් ඇති.

    Danaganna ahanne...uba oya list eka waradi kiyanne lankawa, thailanthaya wage ratawal walin arenna anith ratawala ayata 13/14 arenna anit ewa karanna baa kiyana tharkayenada? Nattan wena logic ekakin da?
     
    • Dislike
    Reactions: NushenD

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,602
    167,181
    113
    එකමත් එක රටක
    Danaganna ahanne...uba oya list eka waradi kiyanne lankawa, thailanthaya wage ratawal walin arenna anith ratawala ayata 13/14 arenna anit ewa karanna baa kiyana tharkayenada? Nattan wena logic ekakin da?
    ලෝක දර්මතාවයක් , සියලු මිනිසුන්ගේ ජිවිත වලට බලපන වගේ දෙයක් මොකක් හරි පිරිසක් අදහන දර්ශයක්, ආගමක් පදනම් කරගෙන පැහැදිලි කරන එක තේරුමක් නෑ . ඒක හරියට "මිනිසාගේ කන් දෙක හැදිලා තියෙන්නෙම headset එකක් පළදින්න පුලුවන් වෙන්න" වගේ කතාවක්...
    උබ ඔය ලිස්ට් එකේ තියන දේ අප්‍රිකාවේ වගේ ඉන්න එකෙක්ට පැහැදිලි කරන විදිය පොඩ්ඩක් හිතන්න. ඌට ඔය කියන ලිස්ට් එක කියෙව්වා කියල තමන්ගේ ජිවිතේට බලපාන කුසලයක් ගැන කිසි අදහසක් එන්නේ නෑ . මුලින්ම ඌට බුදු දහමේ එන සංකල්ප , කතා පැහැදිලි කරල ඉන්න ඕනේ ඕක තේරුම් ගන්න.
    මුස්ලිම් එකෙක් ඇවිත් අපිට කිව්වොත් උන්ගේ ආගමේ අපි අහලවත් නැති සංකල්ප ටිකක් ගැන කියලා, ඒවා නිසා තමයි අපේ පැවැත්ම තීරණය වෙන්නේ වගේ දෙයක් තේරුමක් නෑ නේ. ඒ වගේ තමයි ඕකත්.. උබ තර්ක කරනවනම්, ඔය ලිස්ට් එක බුදු දහමෙන් ස්වයක්තයි කියලා, බුදු දහමේ/බෞද්ධ සංස්කෘතියේ එන මුලාශ්‍ර වලින් බාහිරව ලෝකේ තියන අනිත් මුලාශ්‍ර වල රහත් , පසේබුදු , සෝවන.... වගේ සංකල්ප ගැන තියන තැනක් පෙන්නන..

    කියපු ද‍ේට මම දීපු උත්තරයට න‍ෙව‍ෙයි බන් උත්තර දීලා තිය‍ෙන්න‍ේ . ආනන්තරීය පාපකර්ම බ‍ෞද්ධයන් අතින්ද අබ‍ෞද්ධයන් අතින්ද බන් වැඩිපුර ව‍ෙන්න පුලුවන් ..?
    මම කිව්වේ බෞද්ධයෝ වැඩිපුර ඔය පව් කරනවා කියලවත්, බුදුදහමත් එක්ක පව් වැඩි වෙන්ව කියලවත් නෙවෙයි. ආගමක් පදනම් කරගෙන ලෝක ධර්මතා කතා කරන එක තේරුමක් නෑ . බුදු දහම නැත්නම් ඔය 5න් 3ක් ගැන කිසි අදහසක් මිනිස්සුන්ට නෑ . ඔය ඇවිත් මිනිහෙක්ට අනිවාර්යයෙන් විපාක දෙන පව්. කොහේ ජිවත් වෙන මිනිහෙක්ටත් ඕක අදාළ වෙන්න ඕනේ. කාට හරි තර්ක කරන්න පුලුවන් බුදු දහම නැති තැන ඔය කියන 5න 3කිනම වලකිනවා කියලා. ඒකයි මම කිව්වේ . (උදා : ඇලස්කාවේ , කෙන්යාවේ එකෙක් සංග භේදය කරන එකෙන් නිකන්ම වැළකෙනවා.)

    දානය ගැනනම් ඔය කියන සියලුම දාන ප‍ෞද්ගලික දාන ක‍ොටසටයි අයිතිව‍ෙන්න‍ේ . ඔය සියල්ලටම වඩා උතුම් සංඝගත දක්ෂිණාවයි . බුදු දහම තුල අට මහ පුද්ගලයන්ට දානය දීමයි උසස්ම ව‍ෙන්න‍ේ .
    ඕකත් ආගමක් මුල් කරගෙන මිනිසාගේ පැවැත්ම / ධර්මතාවන් ගැන විස්තර කරන්න යාමක්. පුළුන් නම් ලෝකේ බුදු දහම් අහලවත් නැති මනුස්සයෙක් ට ඌට කරන්න පුලුවන් උතුම් ම දානය මොකද්ද කියලා පැහැදිලි කරන විදිය කියනන තමන් අදහන දහම ගැන කතා නොකර.
    එහෙම වෙන්න විදියක් නෑ . ඕන ආගම් වල ඔය වගේ තමන්ගේ කෝනෙන් ලෝකේ මනින්න යන දේවල් තියනව. ඒවා ගැන මම කිව්වේ.

    බුදු දහම පහල ව‍ෙන්න කලින් පස‍ේ බුදුවරු හිටියා , පන්සිල් රකින අයත් හිටියා . බ‍ෝධිසත්වය‍ෝ දාන පාරාමිතා , දාන උප පාරමිතා , දාන පරමත්ත පාරමිතා පුරන්න‍ේ බුදු දහම තිබුනම සමාජවල න‍ෙව‍ෙයින‍ේ
    ලෝකයේ බුදු දහමට අදාළ නොවන මුලාශ්‍ර දෙන්න මෙහෙම අය හිටිය කියලා.

    දානය‍ේ ආනිසංශ නෑ , පරල‍ොවක් නෑ , අපායක් , දිවියල‍ෝකයක් නෑ , පින් පව් පලදීමක් නෑ කියලා හිතාග‍ෙන ඉන්න හා හිටපු එකම එකා උඹ විතරක් න‍ෙව‍ෙයි බන් බුද්ධ කාල‍ෙත් හිටියා ..
    මම ඕවා නෑ කියලත් නෑ . ඕව තියනවද නැද්ද කියලා උබට සැකයක් නැතුව ඔප්පු කරන්න බෑ විශ්වාස කරනවා ඇරෙන්න තමන් අදහන දේ ඇතුලේ කියලා තියන නිසා. බැරි වෙලාවත් පුනර්භවයක් කියලා එකක් තිබිල, ලබන භවයේ උබ වෙන ආගමක පවුලක ඉපදුනොත් ඔය කතා කරන කිසි දෙයක් එදාට පිලි ගන්නේ නෑ වෙන්න පුලුවන්. එදාට වෙන ආගමක් මේ විදියටම විශ්වාස කරගෙන ඉදි.

    ලෝකේ කොහේ හරි පසුකාලිනව ඇති උන දර්ශන/ආගම් පාදක කරගෙන හැම මිනිසාගේ පැවැත්ම ගැන නිගමනය කිරීම ගැන කිව්වේ. ඕන ආගමකට පොදුව. මුස්ලිම් උන්ගේ ඔය වගේ අපේ ජිවිත උන්ගේ ආගමේ විදියට නිගමනය කරන එක ගොඩක් තියනවා .

    උඹ ඔහම න‍ෙව‍ෙයි බිම බඩගාග‍ෙන කිව්වත් අපි දානය ද‍ෙනවා ,ධර්මය ශ්‍රවනය කරනවා
    මට උබ විශ්වාස කරන දේවල් වෙනස් කරන්න ඕන නෑ . උබ මාව quote කරපු නිසා මම කියපු දේවල් ගැන උත්තර දුන්නේ.
    ------ Post added on Oct 22, 2021 at 4:53 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    ලෝක දර්මතාවයක් , සියලු මිනිසුන්ගේ ජිවිත වලට බලපන වගේ දෙයක් මොකක් හරි පිරිසක් අදහන දර්ශයක්, ආගමක් පදනම් කරගෙන පැහැදිලි කරන එක තේරුමක් නෑ . ඒක හරියට "මිනිසාගේ කන් දෙක හැදිලා තියෙන්නෙම headset එකක් පළදින්න පුලුවන් වෙන්න" වගේ කතාවක්...
    උබ ඔය ලිස්ට් එකේ තියන දේ අප්‍රිකාවේ වගේ ඉන්න එකෙක්ට පැහැදිලි කරන විදිය පොඩ්ඩක් හිතන්න. ඌට ඔය කියන ලිස්ට් එක කියෙව්වා කියල තමන්ගේ ජිවිතේට බලපාන කුසලයක් ගැන කිසි අදහසක් එන්නේ නෑ . මුලින්ම ඌට බුදු දහමේ එන සංකල්ප , කතා පැහැදිලි කරල ඉන්න ඕනේ ඕක තේරුම් ගන්න.
    මුස්ලිම් එකෙක් ඇවිත් අපිට කිව්වොත් උන්ගේ ආගමේ අපි අහලවත් නැති සංකල්ප ටිකක් ගැන කියලා, ඒවා නිසා තමයි අපේ පැවැත්ම තීරණය වෙන්නේ වගේ දෙයක් තේරුමක් නෑ නේ. ඒ වගේ තමයි ඕකත්.. උබ තර්ක කරනවනම්, ඔය ලිස්ට් එක බුදු දහමෙන් ස්වයක්තයි කියලා, බුදු දහමේ/බෞද්ධ සංස්කෘතියේ එන මුලාශ්‍ර වලින් බාහිරව ලෝකේ තියන අනිත් මුලාශ්‍ර වල රහත් , පසේබුදු , සෝවන.... වගේ සංකල්ප ගැන තියන තැනක් පෙන්නන..

    Hari, oya hithana widihata 1. and 14. gattot karmaye wenasak nadda udaharanayak widihata?
     
    • Dislike
    Reactions: NushenD

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,602
    167,181
    113
    එකමත් එක රටක
    Hari, oya hithana widihata 1. and 14. gattot karmaye wenasak nadda udaharanayak widihata?
    ලොකු පින්කම්, පොඩි පින්කම් කියලා දෙයක් මට නෑ... හොද දෙයක් කරල අනිත් පැත්තට දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.. පින් ගන්න කියලා දේවල් කරන්නේ නෑ. පව් වලට බයේ නෙවෙයි අයහපත් කියලා හිතෙන දේ නොකර ඉන්නේ. . කර්මයක් කියලා දෙයක් තිබ්බත් එකයි නැතත් එකයි. තමන්ව ආදර්ශයට අරගෙන අනිත් උන්ට කරදරයක් නැතුව පුලුවන් විදියට උදව් කරගෙන ඉන්නව.
    මල් ලක්සේ වගේ පින්කම් නම් කරන්නේ නෑ . :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    ලොකු පින්කම්, පොඩි පින්කම් කියලා දෙයක් මට නෑ... හොද දෙයක් කරල අනිත් පැත්තට දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.. පින් ගන්න කියලා දේවල් කරන්නේ නෑ. පව් වලට බයේ නෙවෙයි අයහපත් කියලා හිතෙන දේ නොකර ඉන්නේ. . කර්මයක් කියලා දෙයක් තිබ්බත් එකයි නැතත් එකයි. තමන්ව ආදර්ශයට අරගෙන අනිත් උන්ට කරදරයක් නැතුව පුලුවන් විදියට උදව් කරගෙන ඉන්නව.
    මල් ලක්සේ වගේ පින්කම් නම් කරන්නේ නෑ . :rofl:

    Oya, karmaya wishwasa karanawada?
     
    • Dislike
    Reactions: NushenD

    thilan007

    Active member
  • Mar 20, 2008
    452
    138
    43
    Oya, karmaya wishwasa karanawada?
    පැහැදිලි හේතුවක් නෑ විශ්වාස කරන්න. එහෙම එකක් තියෙන්නත් පුලුවන්, නිකන් සංකල්පයක් විතරක් වෙන්නත් පුලුවන්.
    ළමයි ඉපදුන ගමන් මැරෙන්න දාල යන එකත් හරි පුදුමයක් නේ බන් 😳
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    පැහැදිලි හේතුවක් නෑ විශ්වාස කරන්න. එහෙම එකක් තියෙන්නත් පුලුවන්, නිකන් සංකල්පයක් විතරක් වෙන්නත් පුලුවන්.

    pahadili na... wishawasa karanne naa.. habai tiyennath puluwan?
     
    • Dislike
    Reactions: NushenD

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    හාමුදුරු නමකට කතා කරන්න නොදන්න බෞද්ධත් නැති බල්ලෝ රැළක් හැමදාම බණ විශ්ලේෂණය කරන පුක ඉරාගෙන දුවගෙන එන්නේ ඇයි?
    හාමුදුරුවරුන්ට කුණුහරප කියලා යන්න විතරයි පොන්නයෝ රැළ එන්නේ..

    ඉන් ගුඩ් ෆේත් තර්ක කරන අයනම් ඇත්තටම අඩුයි එලකිරි එකේ. ගොඩදෙනෙක් එන්නෙ තමන්ගේ මතය විතරක් හරියි කියන්න, නැතිනම් විහිළුවට ලක් කරන්න. ත්‍රෙඩ් එකේ ඕපීගෙ අවශ්‍යතාවයට අනුව කතාකරන අය නම් හරිම දුලභයි. ප්‍රායෝගිකත්වයත් සාපේක්ෂයි කියනදේ තේරුම් ගන්න අය ඊටත් අඩුයි. තව විදිහකින් කිවහොත් ගමනාන්තය අනුව ගමන් මාර්ගය විග්‍රහ වෙන බව තේරුම් ගන්න පුලුවන් උදවිය අඩුයි. ගමනාන්තය වරදවා තේරුම් අරගෙන ගමන් මාර්ගය ඒ ඒ අයට කැමති විදිහට හදනවා.

    මෙයම ශාන්තය, මෙයම ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොඇල්ම නම්වූ විරාගය,නැවැත්ම නම්වූ නිරෝධය , නිවීම නම්වූ නිබ්බානය, කියන බුද්ධ වචනය අතහැරලා වෙන වෙන දේවල් ප්‍රණීත ශාන්ත කරගන්නවා.

    කොහොම නමුත් ත්‍රෙඩ් එක අවුට් ඔෆ් ටොපික් යවන්න ඕනෙ නැහැනේ? එහෙම ඩිස්කශන් ඕනෙ නම් ස්ප්ලිට් ත්‍රෙඩ් එකක් හදලා ඒවට කැමති කට්ටිය ඒකට සහභාගී උනානම් හරි.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    සමහර ගස් පොඩි කාලේ ම මැරිලා සමහර ගස් හොදට ලොකුවට හැදෙන්නේ ඇයි ?
    නියාම ධර්ම පහක් තියනවනේ මචන් කර්මය බලපාන්නෙම නැති තරම් සමහර වෙලාවට
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,602
    167,181
    113
    එකමත් එක රටක
    නියාම ධර්ම පහක් තියනවනේ මචන් කර්මය බලපාන්නෙම නැති තරම් සමහර වෙලාවට
    ප්‍රශ්නේ අහපු කෙනා ළමයි මැරෙන්නේ කර්මය නිසාම වගේ අදහසක් දෙන්න ගිය නිසා ඕක ඇහුවේ ;)
    ස්වභාවදර්මය කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    විශ්වාස කරන්න පැහැදිළ හේතුවක් නෑ කියලා කිව්වේ බන් .

    OK, karmaya wishawa karanne nattam...list eka gana explain karala wadak wena ekak naa..

    BTW, uba karmaya kiyala mokakda define karanne?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,602
    167,181
    113
    එකමත් එක රටක
    BTW, uba karmaya kiyala mokakda define karanne?
    චේතනාවද ?
    මම කිව්වේ ඔය එකතු කරන් ඉදල පස්සේ පල දෙනවා වගේ ඒවා ගැන මට එච්චර විශ්වාසයක් නෑ .. ඔය ලිස්ට් එක නම් තේරුමක් නෑ . එහෙම කොහොමද උසස් පහත් කියලා ගන්නේ. සිවුරු ගොඩ ගහන් ඉන්නන පන්සලකට තව සිවුරක් පුජා කරනවා වෙනුවට ඇදුමක් හරියට මනුස්සයෙක් ට ඇදුමක් දෙන එක මට අනුව ලොකු දෙයක් ඒ වෙලාවේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    චේතනාවද ?
    මම කිව්වේ ඔය එකතු කරන් ඉදල පස්සේ පල දෙනවා වගේ ඒවා ගැන මට එච්චර විශ්වාසයක් නෑ .. ඔය ලිස්ට් එක නම් තේරුමක් නෑ . එහෙම කොහොමද උසස් පහත් කියලා ගන්නේ. සිවුරු ගොඩ ගහන් ඉන්නන පන්සලකට තව සිවුරක් පුජා කරනවා වෙනුවට ඇදුමක් හරියට මනුස්සයෙක් ට ඇදුමක් දෙන එක මට අනුව ලොකු දෙයක් ඒ වෙලාවේ.

    Karmaya kiyanne chetanawa nam.. sathekuta dan denakotai eeta wadiya usas kenekuta denakotai athi wena chetanawa ekak ma wei da?

    Uba ballata kaamak denakota dena chetanawamada ubata hondatama teach karapu guruwarayekuta yamak denakota tiyenne?