මොනවද මේ අමුතු අකුරු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවද මේ අමුතු අකුරු

    img025.jpg


    මේ රූපයේ ඇති අකුරු මොනවාද? එයින් කියවෙන්නේ කුමක්ද? ලිපියේ ඉතිරි කොටස කියවන්නට පෙර ටිකක් වෙලා උත්සාහ ගෙන ඉන්පසුව කියවන්න.

    සිංහල භාෂාව මහා පුදුම භාෂාවක්. අපේ භාෂාවේ අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය ඉතා ප්‍රබලයි. අපේ අකුරු වලින් ඕනෙම ශබ්දයක් පහසුවෙන් උච්ඡාරණය කළහැකි විදිහට ලියන්නටත් පුළුවන්. උදාහරණයක් වශයෙන් ‘ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර්’ කියන නම සමහර වෙනත් භාෂා වලින් ලියු විට, ඒ භාෂාව තම මව් භාෂාව ලෙස පාවිච්ච්චි කරන අය පවා එය උච්ඡාරණය කරන්නේ විවිධ ආකාරයට. නමුත් සිංහල භාෂාවේදී එහෙමෙ වෙන්නේ නැහැ. සිංහල හරියට උච්ඡාරණය කරන්නට දන්නා සියලුදෙනාම එය නිවැරදිව කියවනවා. සමහර භාෂා වල අපේ තියන ‘ඇ’ ‘ඤ’ ‘ඍ’ වැනි ශබ්ද නැති නිසා සමහර සිංහල වචන ඔවුන්ට තම භාෂාවෙන් ලියාගෙනවත් නිවැරදිව උච්ඡාරණය කල නොහැකියි. සමහර විදේශීය ක්‍රිකට් විස්තර ප්‍රචාරකයන් අපේ ක්‍රීඩකයන්ගේ නම් උච්ඡාරණය කරනකොට අපට හිනා යන අවස්ථාත් තියනවා නේද?
    හොදයි. දැන් බලමු, මේ සමග ඇති රූපයේ තියන අකුරු මොනවද කියලා. අපේ ළමා කාලය බොහෝ දුරට ගත වුනේ පරිසරයත් සමග වැඩෙන ගස්වැල් වගේ. ඒ තරමට අපි පරිසරය නිරීක්ෂණය කරන්නටත්, එයින් විශාල ආස්වාදයක් ලබන්නටත් පුරුදුව සිටියා. පරිසරයේ තිබෙන දේවල් ගැන කියන තේරවිලි, තේරුම් කවි, ආදිය අපේ වැඩිහිටියන්ගෙන් අපට ලැබුණු මිළ කළ නොහැකි දායාදයන්. මේ රූපයේ දැක්වෙන්නේ ඒ කාලයේ (1960 දශකයේ) අපි කුඩා ළමුන් ලෙස එකිනෙකාට අභියෝග කරගනිමින් ලියූ තනි අකුරේ වැකි. මේවා බැලූ බැල්මට එක අකුරක් මූලික කරගෙන එයට වෙනත් අකුරු කොටස් යාකර සකස් කල අකුරු හරඹයක් යයි කීම වඩාත් නිවැරැදියි. මම පිලිවෙලින් 1,2,3, සහ 4 යන ‘අකුරු රූප’ වලින් කියවෙන්නේ කුමක්ද කියා පහත දක්වනවා. ඔබ මුලින්ම මේවා කියවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙලෙස කියවුනාදැයි බලන්න. හොඳින් මතක තබාගන්න මෙහි ඇත්තේ තනි අකුරක් නොවේ අකුරු කොටස් අමුණා සැකසූ රූපයක්.

    1. ලෑලි වලේ ලූලා.
    2. වලව්වේ වේවැලේ වවුලා.
    3. ක්‍රී කෑ කොකා
    4. පාර පුරා පේර පඳුර

    උපුටාගත් බ්ලොගයේ සබැදිය දැමීමට අමතක වුනා..
    ගත්තෙ මෙතනින්
     
    Last edited:

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    http://jangun.wordpress.com/page/2/


    ඕවා අමරුවෙන් ලියන්නෙ උඹලට උස්සන්න නෙමෙයි මචන්! අඩුම ගානෙ ලින්ක් එකවත් දාපන්:)
     
    • Like
    Reactions: Demon1

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    http://jangun.wordpress.com/page/2/


    ඕවා අමරුවෙන් ලියන්නෙ උඹලට උස්සන්න නෙමෙයි මචන්! අඩුම ගානෙ ලින්ක් එකවත් දාපන්:)


    එකකට දාන්න අමතක වෙලා.. ඒ ගැන සමාව අයැදිමි..
    දැන් දාන්නම් ලිපියේ සබැදිය..