මොනවද මේ "OOG CARGO" කියන්නේ? 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    37,106
    107,605
    113
    දෙහිවල
    අදත් ඉතින් සුපුරුදු පරිදි කෙටි සටහනක්.
    පොඩ්ඩක් දැනගමු එහෙනම් මොනවද මේ "Out of gauge cargo" (OOG) කියලා නාවිකව අපි හදුන්වන දේ පිලිබදව.

    zpW4UK7.png


    අපි හැමෝම දැනටමත් දන්නා විදියට අන්තර්ජාතික වෙලදාම් නැව්ගත කිරීම් වලිදී බහුලවම යොදාගන්නේ බහලුම් ඇතුලත අදාල භාණ්ඩ පටවා, නියමිත ආකාරයට "Container Seal" මගින් සිල් කර හුවමාරු කිරීමයි. ආනයනකරු සහ අපනයනකරු අතර බහලුම් හරහා සිදුවන භාණ්ඩ හුවමාරුවේදී එම භාණ්ඩ ගමනාන්තය බහාලුමක් ලෙස හුවමාරුව සිදුකිරීමයි.

    අපනයනකරු, අනයනකරු වෙත යවනු ලබන භාණ්ඩ නිර්දේශිත බහලුමක ඇතුල්කර නොහැකි, විශාල, සම්මත නැව්ගත කිරීමේ බහලුම්වලට නොගැලපෙන, නෙරායමක් හෝ නොගැලපෙන උත්පාතයන් සහිතව යුක්තනම් අප එය හදුන්වන්නේ මිනුමකින් බැහැර භාණ්ඩයක් (OOG Cargo) ලෙසයි. තව සරල කරොත් අඩි 20 සහ 40 කන්ටේනර් වලට පටවන්න බැරි භාණ්ඩ මෙලෙස හදුන්වනු ලබයි.

    එයින් අදහස් වන්නේ භාණ්ඩයේ දිග මීටර් 12.05 ක් ඉක්මවන, පළල මීටර් 2.33 ක් ඉක්මවන, උස මීටර් 2.59 ක් ඉක්මවන භාණ්ඩයි. මෙම සම්මත මිනුම් බහාලුමක පැටවිය හැකි එක් එක් පරිමා වන අතර, මෙයින් එක පරිමාවක් හෝ පරිමා තුනම ඉක්මවන භාණ්ඩ "OOG Cargo" ලෙස හදුන්වනු ලබයි.

    tuOWga0.jpeg


    දැන් මොනවද ඒ වගේ බහලුම් තුලට ඇතුලත් කල නොහැකි භාණ්ඩ ?
    හිතන්න නිකන් ගුවන් යානා කොටස්, සුළං ටර්බයිනවල කොටස්, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, අසාමාන්‍ය ලෙස විශාල යන්ත්‍ර සූත්‍ර, විදුලිය උත්පාදනය යන්ත්‍ර, විශාල වාහන වගේ.

    දැන් එතකොට බහලුමක ඇතුලත් කිරීමට බැරි භාණ්ඩ කොහොමද හුවමාරු කරන්නේ? අපි කතාකරමු ඒ ගැන.

    මෙවැනි භාණ්ඩ ගොඩබිමේ හැසිරවීම, නැව්ගතකිරිම, බාගත කිරීම සදහා තෝරාගත් යන්ත්‍ර සහ මෙවලම් බාවිතා කරනු ලබයි. එලෙසම සම්මත බහලුම් වල නැව්ගතකිරිමකට වඩා පිරිවැයක් දැරීමට සිදුවේ. "Out of gauge cargo" සාර්ථකව හැසිරවීම සහා ඉතාමත් සවිස්තරාත්මක ක්‍රියාවලියක් අවශ්‍යවන අතරම එය මුලිකවම තොරතුරු මත පදනම් වේ. එමනිසා අදාළ භාණ්ඩයේ හෝ භාණ්ඩ වල නිවැරදි බර, උස, පළල, දිග සහ එසවිය යුතු ස්ථාන පිලිබදව නිවැරදි තොරතුරු අපනයනකරු විසින් නැව්ගත කරන සමාගම වෙත කල් ඇතිව සැපයිය යුතුය. මෙහිදී පටවන වරාය තුලදී සහ නාවික ගමනේදී අනුගමනය කලයුතු දේ වගේම ගමනාන්තය තුල සිදුකරන බාගත කිරීම පිළිබදවද මනාව සැලසුම් කල යුතුය. ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර සහ මෙවලම් පිලිබදව මනා දැනුමක් තිබිය යුතුය.

    නැව් සමාගම්වලට සාමාන්‍යයෙන් අපනයකරුගෙන් පහත සඳහන් තොරතුරු කල් ඇතුව ලබාගැනීම සිදුකරනු ලබයි.
    • Description
    • Dimensions & Dimensions
    • Weight in kilograms.
    • Point of loading / Point of discharge
    • Photos or drawings (front, side, and top views)
    • Lifting points

    UotqYzV.jpeg


    ප්‍රථමයෙන් අපනයනකරු අදාළ බර / මිනුම් සහ භාණ්ඩය එසවිය හැකි ස්ථාන පිලිබදව සටහනක් නාවික සමාගමට ලබාදිය යුතුය. එවිට අදාළ සමාගම තෝරාගත් යාත්‍රා මොඩලයක අවශ්‍ය ඉඩ භාණ්ඩය සදහා වෙන්කරනු ලබයි. මන්ද යාත්‍රාවක එක් අන්තයක් අඩිබර වීම අනතුරුදායක වේ. අදාළ භාණ්ඩය යාත්‍රාව තුල නිසි තැන ස්ථානගත කල යුතුය. අනතුරුව එසවීම් සදහා නිසි යන්ත්‍ර සහ මෙවලම් සුදානම් කිරීම සිදුකරනු ලබයි. "Out of gauge cargo" නැව්ගත කිරීමට ප්‍රථමයෙන් නිසි ලෙස අසුරණය (lashed) කල යුතුය. ඒ සදහා පුහුණු කණ්ඩායමක් යෙදවිය යුතු අතර බොහෝවිට අසුරණය කල පසු සහතිකයක් නිකුත්කරනු ලැබේ. අසුරණය යාත්‍රාවේ කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කළහොත් නැව්ගත කිරීම සිදු නොකරන බැවින් මේ පිලිබදව අවදානය නිසි ලෙස යොමු කල යුතුය. OOG භාණ්ඩ නිසිලෙස අසුරණය නොකළහොත් යාත්‍රාවේ ඇති අනෙකුත් භාණ්ඩ, බහලුම් වලට අනාරක්ෂිත බවක් ඇතිකරනු ලබයි.

    අපි ඔය කට වහරේට කියන්නේ Tarpaulin දාලා වහනවා කියලා. අන්න ඒ වගේ.
    ඇසුරුම් ක්‍රියාන්විතයේ අවසන් අදියර ලෙස භාණ්ඩය විශේෂිත බහලුමේ තැබීමෙන් පසුව හෝ යාත්‍රාවට පැටවීමෙන් පසුවද කල හැකිය.

    තවද සමහර OOG භාණ්ඩ ප්‍රමාණයෙන් පිටත අසාමාන්‍ය නෙරා යාමක් හෝ අතිශයින් බර විය හැකි බැවින්, එය නිෂ්පාදන කම්හලේ සිට හෝ එහි ගබඩා ස්ථානයේ සිට පැටවීමේ වරාය දක්වා ප්‍රවාහනය සිදුකිරීමට භාවිතා කළ යුතු ට්‍රේලර් ට්‍රක් වර්ගය කල්තියා තෝරාගත යුතුය. තවද නැව්ගතකිරීමට සුදුසු ගැන්ට්‍රි දොඹකරය (gantry crane) පිලිබදව මනා අදහසක් යාත්‍රා හිමිකරු සතුව තිබිය යුතුය.

    එමෙන්ම කාර්යබහුල මාර්ග සහ කාර්යබහුල වේලාවන් මඟ හැරෙන පරිදි වරායට යන මාර්ගය සැලසුම් කළ යුතුය. OOG භාණ්ඩ ආරක්ෂිතව රැගෙන ඒමට සහ අවට දේපල වලට හානි නොකිරීමට මාර්ගය දෙපස සහ ඉහළින් (පාලම්, ආරුක්කු, ආදිය) ප්‍රමාණවත් නිෂ්කාශනයක් තිබිය යුතුය. ඒ සදහා ප්‍රවාහනයට කලින් "route server" නැත්නම් මාර්ග නිශ්කාෂණ ක්‍රියාවලිය සිදුකල යුතුය.



    නිශ්කාෂණය? ඒ මොකටද?

    නිකන් හිතන්නකෝ භාණ්ඩය උඩ තියෙන පාලමක වදිනවා, විදුලි රැහැන් වල පැටලෙනවා, ගෙන්න ඕන පාරකින් හරවනකොට අවට බිත්ති වල වදිනවා. ලංකාවේ හැම පාලමකම එකවර දරාගන්න පුළුවන් බරක් තියෙනවා. එක පාලමේ කොනක ගහලා තියෙනවා. හිතමු නිකන් භාණ්ඩය ඊට වඩා බර වැඩි කියලා. ඉතින් ඕවා කලින් හිතන්න ඕන. පොලිසිය ඉස්සර කරන එන්න වෙනවා සමහර වැඩ වලට.

    OOG භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇති වඩාත් පොදු විකල්ප වන්නේ "flat racks" හෝ "open-top" බහලුම් වේ. මේවා සම්මත බහලුම් වලින් පිට බහලුම් වේ. අමතරව උස හෝ දිග පමණක් සම්මත මිනුම් වලන් පිට භාණ්ඩ සදහාද බහලුම් නිෂ්පාදනය කරනු ලබයි. "flat racks" බහාලුමක සාමාන්‍යයෙන් කන්ටේනරයේ දෙපස කඩා වැටිය හැකි බිත්ති ඇත. බහලුමේ පැති විවෘතව ඇති අතර බිත්ති නොමැත. පිටතින් බඩු බාහිරාදිය පැතිවලින් හෝ ඉහළ සිට එවැනි බහාලුම්වල පැටවිය හැක. භාණ්ඩය බහාලුමට ඉහලින් පටවනු ලැබුවහොත්, එය දොඹකර භාවිතයෙන් සිදු කෙරේ. ප්‍රශස්තව බහලුමේ බර බෙදා හැරීම සඳහා භාණ්ඩ සාමාන්‍යයෙන් බහාලුම් මධ්‍යයේ තබනු ලබයි.

    ඉහත කාරනා තුන ( අසුරණය, යාත්‍රාවේ ඉඩ, මෙවලම්) නිවැරදිව සැලසුම් කර ක්‍රියාත්මක කළ පසු OOG භාණ්ඩය, නිෂ්පාදන කම්හලේ සිට හෝ එහි ගබඩා ස්ථානයේ සිට පැටවීමේ වරාය දක්වා ගොඩබිම් ප්‍රවාහනය සිදුකරනු ලබයි.
    පසුව සම්මත ලෙස යාත්‍රාවේ අදාළ වෙන්කල ස්ථානය වෙත භාණ්ඩය ස්ථානගත කර රැගෙනයාම සිදුකරනු ලබයි. ගමනාන්තයේ සිටින යාත්‍රා හිමිකරු මෙන්ම, ආනයනකරුද භාණ්ඩය බාගත කිරීම සහ අවසන් ස්ථානය දක්වා රැගෙන යාමට අවශ්‍ය විදිවිදාන කල් ඇතිව සුදානම් කල යුතුය. එය අපනයන ක්‍රියාවලියට සමාන වේ.

    Leruyec.jpeg


    කෙටි සටහන : @Walter White
    චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    20,457
    30,684
    113
    කෑගල්ල
    bulk කියන්නේ සිමෙන්ති, ක්ලින්කර්, කුළු බදු, පස්, පොහොර වගේ දේවල් මචන්.
    චීන අපේ බඩු පතාවද්දි පෙට්ටිය ඇතුලට ඔබන්න බැරි ඒවට ඌ type කරලා වන්නේ ඔහොම :ROFLMAO: අපේ උන් වැඩේ දාන්න නිසා එහෙනම් තේරුම් අරන් කරනවා ඇති.