මොනවද මේ පණු ගෙඩි ?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මොනවද මේ පණු ගෙඩි ?

    මුඛයේ ඇතුලත ආවරණයෙහි ඇතිවන ඉතාමත් කැක්කුමක් සහිත තුවාළ මේ නමින් හදුන්වනු ලබයි. එය වඩාත් බහුලවම දක්නට ලැබෙනුයේ තොල් සහ කම්මුල් වල ඇතුල් ප්‍රදේශ ආශ්‍රිත වය. සාමාන්‍යයෙන් ඒවා සුදු හෝ කහ පැහැයෙන් යුක්ත වන අතර එය වටා ප්‍රදේශය පැහැයෙන් රතු ඉදිමුනු ස්වභාවයක් ගනී . කැක්කුම මෙහි දැකිය හැකි සුලබම ලක්ෂණයයි. සමහරවිට ඒ සමගම උන ඇතිවීම ,වසා ගැටිති ඉදිමීම (කුද්දැටි ) සහ ශරීර අපහසුතා හට ගැනීම වැනි රෝගී ලක්ෂණද දැකිය හැකිය.
    Canker-Sore_17_inside-lip.jpg

    මෙය කිසිවිටෙක එක් අයකුගෙන් තවත් අයකුට බෝ නොවන බව සැලකිය යුතුය .
    සාමාන්‍යයෙන් මුඛයේ තුවාල කිසිම ප්‍රතිකාරයක් නොමැතිවම සුවවේ. තුවාලවල වේදනාව අඩුවීමට දල වශයෙන් දින දහයක කාලයක් ගත වෙයි.තුවාල මුළුමනින්ම සුවවීමට සතියක් හෝ සති තුනක් අතර කාලයක් ගතවෙ. මෙම රෝගී තත්වය වයස අවුරුදු 10-20 අතර කාලයේ සුලබව දැකිය හැකිය.
    මුඛය තුල තුවාල ඇති වීමට බලපාන හේතු මොනවාද ?

    • මානසික පීඩන තත්වයන් / විභාග අවස්ථා වන් ආදිය
    • ආහාර වලට ඇති වන අසාත්මිකතා
    • ප්‍රතිශක්තිය හීන වූ අවස්ථාවලදී
    • හෝමෝනමය වෙනස් වීම් වලදී
    • විටමින සහ ඛනිජ ලවණ ඌනතා වලදී
    • මුඛයේ ඇතිවන වෙන යම්වූ හානි වීමකින් පසුව

    වෛද්‍ය උපදෙස් ගතයුතු අවස්ථා
    මුඛයේ තුවාල සමග

    • හිසරදය ඇති විට
    • ඇගේ පලු ඇතිවූ විට
    • බඩේ අජීර්ණ තත්වයක් ඇති වූ විට
    • තද උණක් පවතින විට
    • තද කැක්කුමක් ඇති විට
    • විශාල තුවාළ ඇතිවූ විට
    අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
    අත් බෙහෙත්

    • ලුණු වතුරෙන් කට සේදීම මගින් තරමක් හෝ වේදනාව අඩුකර ගත හැකිය (එසේ සිදු කරන විට මුලික අවස්ථාවේදී වැඩි වේදනාව ක් ඇතිවන අතර පසුව එය ක්‍රමක්‍රමයෙන් පහව යයි)
    • එසේ අඩු නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා ඉක්මනින් යොමු වීම වැදගත්ය .
    මුඛයේ ඇතිවන විවිධ ආකාරයේ තුවාල
    Canker-Sore_6_under-tongue-1.jpg

    Canker-Sore_7_roof-of-mouth.jpg
    Canker-Sore_9_Gums.jpg
    Canker-Sore_17_inside-lip.jpg

    නැවත ඇතිවීම වැලක් වීමට ගත හැකි පිළියම්

    • තෙල් කැම , කුළුබඩු අන්තර්ගත කෑම නැවැත්විම.
    • ශරීරයට අසාත්මික වන අහර වර්ග වලින් වැලකීම.
    • මානසික පීඩනය අවම කර ගැනීම.
    • සිනිදු දත් බුරුසුවක් භාවිතා කිරීම.
    • නිවැරදි අහර වේලක් / ශරීරයට අවශ්‍ය වන විටමින (වෛද්‍ය උපදෙස් මත) ලබාගැනීම
     
    • Like
    Reactions: smad and Aki992

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පණු ගෙඩි කියන වචනය නං........වැරදියි මං දන්න තරමින් කුකුලෝහ්.....
    ඕවට කියන්නේ උෂ්ණ ගෙඩි කියලා.....
    වෛදය විද්‍යාත්මක යෙදුම Apthos Ulcers . ඕක Major Apthos, Minor Apthos කියල වර්ග දෙකක් තියනවා....පොඩි ඒව එච්චර අවුලක් නෑ. ලොකු ඒවා නං රෝම්බ සොරි. Major Apthos Ulcers තිබුණු රෝගීන් වේදනාව දරණු නොහැකිව සිය දිවි නසා ගත් අවස්ථා වාර්තා වෙලා තියනවා.....
     
    • Like
    Reactions: topkollek

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ අම්මල නම් කියන්නෙ උශ්නෙට ඔහොම එන්නෙ කියල.
    කතුරුමුරුන්ග මැල්ලුම් හොදයිලු ඕකට
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    කතුරුමුරුංගා සුප් එකක් හදල බොන්න. පහුවෙනිද උදේ වෙද්දි සනීප වෙනව. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    පණු ගෙඩි කියන වචනය නං........වැරදියි මං දන්න තරමින් කුකුලෝහ්.....
    ඕවට කියන්නේ උෂ්ණ ගෙඩි කියලා.....
    වෛදය විද්‍යාත්මක යෙදුම Apthos Ulcers . ඕක Major Apthos, Minor Apthos කියල වර්ග දෙකක් තියනවා....පොඩි ඒව එච්චර අවුලක් නෑ. ලොකු ඒවා නං රෝම්බ සොරි. Major Apthos Ulcers තිබුණු රෝගීන් වේදනාව දරණු නොහැකිව සිය දිවි නසා ගත් අවස්ථා වාර්තා වෙලා තියනවා.....

    පණු ගෙඩි කියන වචනයත් බාවිතයේ තියෙනවා නේ. :) Thanks for comments
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පණු ගෙඩි කියන වචනය නං........වැරදියි මං දන්න තරමින් කුකුලෝහ්.....
    ඕවට කියන්නේ උෂ්ණ ගෙඩි කියලා.....
    වෛදය විද්‍යාත්මක යෙදුම Apthos Ulcers . ඕක Major Apthos, Minor Apthos කියල වර්ග දෙකක් තියනවා....පොඩි ඒව එච්චර අවුලක් නෑ. ලොකු ඒවා නං රෝම්බ සොරි. Major Apthos Ulcers තිබුණු රෝගීන් වේදනාව දරණු නොහැකිව සිය දිවි නසා ගත් අවස්ථා වාර්තා වෙලා තියනවා.....


    sira apith kiyanne ushan gedi kiyala.. mama baluwa kohe inna panuwekk da kiyala ? :dull: anyway rep++ TFS !!
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පොඩි කාලෙ ඔය වගේ ඒකක් අවොත් අපේ මමිය ලුණු වතුරෙන් කට හෝදන්ඩ කියනව. කරන් නැතුව හිටියොත් බලෙන් කරි කරෝනව. ඒ් පුරුද්දට තාම කරන්නෙ ඒ් අත් බෙහෙත තමා. ඉක්මණින් හොද වෙනව...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හේතුව නම් දන්නේ නෑ මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබුන. බලද්දී කෙස් එක උනේ සිග්නල් ටුත්පෙස්ට් එකට. උන් හර්බල් කියල එකක් දැම්මනේ පණු ගෙඩි වලට add එකක් දාලා. එකට හරිගියා. ක්ලොගාඩ් එකටත් එන්නෙම නැති තරම්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පණු ගෙඩි කියන වචනයත් බාවිතයේ තියෙනවා නේ. :) Thanks for comments

    පණු ගෙඩි කියන්නේ දත් ඇන්තේ කෙළවර ඉදිමිලා එන වේදනාවට. ඒක වෙනයි. මේක උෂ්න බිබිලි, උෂ්න ගෙඩි වගේ වචන වලින් සාමාන්‍ය විවහාරයේ තියනවා.