මොනවද මේ වෙන්නේ .....??????

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    පේරාදෙණිය OPD වෛද්‍යවරිය නිවසේදී ගෙළ වැළලාගෙන මියයයි

    12/05/2022 12:48:00 AM
    peradeniya-lady-doctor-death

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක කඩුගන්නාව, පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී ගෙළ වැළලාගෙන මියයාමේ සිදුවීමක් වාර්තාවේ.
    මෙය සිදුව ඇත්තේ සෙනසුරාදා (3) දහවල් කාලයේය. 54 හැවිරිදි දෙදරු මවක වන මෙම වෛද්‍යවරිය සැමියා හා දරු දෙන්නා සමග මෙම නිවසේ වාසය කරමින් සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති වෛද්‍යවරියගේ පුත්‍රයා පවසා ඇත්තේ තමා නිවසේ එදින සිටි බවත් දහවල් වනතුරු නිදා සිටි බවත් අවදිවී මව සොයා යාමේදී අනපේක්ෂිත ලෙස මව කාමරයේ ගෙළ වැළලාගෙන සිටියදී හමුවූ බවත්ය. සිරුර හමුව ඇත්තේ දහවල් 12.30 ට පමණය.

    සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මව හා පුත්‍රයා පමණක් වන අතර නිවසින් බැහැර ගොස් සිටි වෛද්‍යවරියගේ දියණිය නැවත නිවසට රැගෙන ඒම පිණිස වෛද්‍යවරියගේ සැමියා පිටතට ගොස් තිබුණි.
    පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව බාහිර රෝගී අංශයේ සේවය කරමින් සිටි මෙම වෛද්‍යවරිය හදිසියේ දිවි නසාගත් හේතුව තවම අනාවරණය නොවේ.

    සිද්ධිය වන අවස්ථාවේ නිවසේ වෙනත් කාමරයක නිදාගෙන සිටි පුත්‍රයාට මවගේ ගෙළ වැළලාගැනීම අහම්බයක් වී තිබූ අතර වෛද්‍යවරියගේ පුතාගෙන් කඩුගන්නාව පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කර තොරතුරු ලබාගෙන ඇත. වෛද්‍යවරිය පරිහරණය කළ දුරකථනය,
    පරිගණකය හා ඇගේ පුද්ගලික ලියවිලි පිලිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කර තිබේ.
    මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය විශේෂඥ ඩී.පී. සේමසිංහ මහතා සිදු කරන අතර මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා සිදු කරනු ලබයි.
    කඩුගන්නාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙයි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිනිස්සු පීඩනයෙන් ඉන්නෙ . දරාගන්න බැරි උන් ජීවිතේ නැති කරගන්නව . මට උනත් මේ ජීවත් වෙන විදිහට වඩා දෙයක් ඉස්සරහට පේන්නෙ නෑ දැනට . ඉතින් බලාපොරොත්තු රහිතව ජීවත් වෙනව . ඒ උනාට කැරි නාකි වේසිගෙ මයින ඉස්සරකරගෙන තව උලා කන්න හදන්නෙ අපෙන් ගෙවල පොහොට්ටු හැත්ත
     

    Similar threads