මොනවද මේ Birth Control කියන්නේ?
උපත් පාලනය කිව්වම ලංකාවේ සමහරු කඩු පොලු අරගෙන එනවනේ. ඒත් ඉතින් මේ උපත් පාලනය (Birth Control) කියන සංකල්පයේ වැදගත්කම සහ ඒකේ තියන නිවැරදි භාවිතය ගැන නොදැන එහෙම කඩුපොලු උස්සන්න කලින් අපි ඒ ගැන දැනුවත් වෙලා ඉමු.
විශේෂයෙන්ම උපත්පාලනය කියන්නේ මේ රටක එක ජාතියක, එක ආගමක මිනිස්සු අඩුකරන්න විජාතික බලවේග පාවිච්චි කරන tool එකක් හරි විදේශීය බලවේගවල කුමන්ත්‍රණයක් හරි කියලා හිතාගෙන ඉන්නවනම් මේ ටික පොඩ්ඩක් කල්පනා කරන්න.
සාමාන්‍යයෙන් අලුතෙන් විවාහවුණ යුවලකට විවාහයෙන් පස්සෙ ටික කාලයක් නිදහසේ කාලය ගතකරලා අවුරුද්දකට දෙකකට පස්සේ දරුවන් බිහිකරන්න අවශ්‍යනම් උපත් පාලන ක්‍රම භාවිතා නොකර වෙන මොනවද කරන්නේ? ලිංගිකව එක් නොවී ඇඳ මැද්දෙන් කොට්ටයක් තියාගෙන ඉන්න එකද? එහෙමත් නැත්නම් ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයි..පාරිශුද්ධයි..සුරම්‍යයි කියලා අලුත විවාහක යුවල පාඩුවේ එන්න එකද?
ඒ වගේම අපි හිතමුකෝ එක දරුවෙක් ලැබිලා දැන් ඒ දරු පැටියා ටික ටික ලොකු වෙනවා. මෙහෙම ලොකු වෙද්දි දරුවගෙ අම්මා තාත්තා වෙන ඔබට කායික අවශ්‍යතා ඇතිවෙන එක වලක්වන්න බැහැ. ඒ වගේම දරුවා බිහිකිරීමේ වේදනාවන් සහ ශාරීරික අපහුසතාවයන් මගහැරුණු ගමන්ම ඔබේ ශරීරය ඒ කායික අවශ්‍යතා ඉල්ලන්න පටන් ගන්නවා. එහෙම තැනකදි ලිංගිකව එකතුවෙන්න විවාහක යුවල කටයුතු කරනවා.
එහෙම තැනකදි ආයෙත් දරුවෙක් හදන වසර ගණන අතර පරතරය තියාගන්න උපත් පාලන ක්‍රම පාවිච්චි කරනවා ඇරෙන්න ඔබ වෙන මොනවා කරන්නද? ඒ වගේම විවාහක යුවලකට භාවිතා කිරීමට වඩාත් සුදුසු උපත් පාලන ක්‍රම සහ එසේ නොවන ක්‍රම මොනවද කියලත් ඔබ දන්නවද?
ඒ විතරක් නෙවෙයි. තමන්ගේ පවුලේ ආර්ථිකයට සහ අනෙක් හැමදේටම දරන්න පුළුවන් මට්ටමේ දරු පරපුරක් බිහිකලාට පස්සේ විවාහක යුවල ලිංගික ක්‍රියාවන් අතහැරලා පාඩුවෙ ඉන්නේ නෑ. ඒ නිසා එතනදිත් උපත් පාලන ක්‍රම පාවිච්චි කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ඒක නිසා අපිට දැන් හොඳටම තේරුම්ගන්න පුළුවන් මේ උපත් පාලනය කියන්නේ මොකක්ද සහ ඒකේ සැබෑ භාවිතය මොකක්ද කියන එක.
ඉතින් මේ උපත් පාලනය ගැන එක ලිපියකින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉදිරියේදී ඒ එක් එක් ක්‍රම ගැන ඒවායේ හොඳ නරක ගැන වගේම යුවල සම්බන්ධයක් ඇතුලේ යහපත් සන්නිවේදනයක් එක්කම උපත් පාලන ක්‍රම භාවිතා කරන ගමන් කායික බැඳීම බොහොම තෘප්තිමත්ව පවත්වාගෙන යන විදිහ අපි කතාකරන්න බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ උපත් පාලන ක්‍රමවේද බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම ඒ එක් එක් සේවාවන් ලබාගන්න පුළුවන් ස්ථාන ගැන වගේම රජයේ නිර්දේශ මත ක්‍රියාත්මක වෙන යහපත් පුරුදු ගැනත් කතාකරන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා උපත් පාලනය කිව්වම මතක් වෙන්නෙ කොන්ඩම් එක විතරක් වුනාට, කොන්ඩම් ගැන කතාකරද්දි ෆාමසියෙන් කොන්ඩම් එකක් ඉල්ලුවම ගන්න කෙනත් දෙන කෙනත් ඇඹරෙන්නේ ඇයි කියන එකත් අපි කතාකරන්න ඕන දේවල්.
ලංකාවේ ලඟදි සෙට් කරපු Condom Vending Machines සංකල්පයේ ඉඳන් යහපත් පවුල් ජීවිතයකට වැදගත් වෙන පවුල් සැලසුම් ගැන අපි කතාකරමු.
උපුටා ගැනීම - www.her.lk