මේක තේරුම්ගන්න මුලින්ම සංඛ්‍යා පද්ධති ගැන පොඩි දැනුමක් තියෙන්න ඕන. අපි එදිනෙදා ගණිතමය කටයුතු වලට භාවිතා කරන්නෙ දශමය සංඛ්‍යා පද්ධතිය. ඒකට විවිධ වටිනාකම් 10ක් නිරූපණය කරන්න 0,1,2 ආදී වශයෙන් 9 දක්වා සංකේත 10ක් තියනව. 1 ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය ආදී වශයෙන් සංඛ්‍යා නිරූපණයේදි ස්ථානීය අගයන් තියනව. ( මතක් කරගන්න ගණක රාමුවකට බෝල දාල චූටිකාලෙ අපි ගනන් කරපු විදිහ. 150ක් හැදෙන්නෙ කොහොමද? 100 ස්ථානයෙ බෝල එකයි, 10 ස්ථානයෙ බෝල 5යි, එකේ ස්ථානය හිස් )
පරිගණක ආශ්‍රිතව ගන්නකොට හැමදේම වගේ සිද්ධ වෙන්නෙ ද්වීමය සංඛ්‍යා පද්ධතිය භාවිතා කරල. විශේෂයෙන්ම දත්ත ගබඩා කිරීම. මේකට හේතුව තමයි චුම්බකත්වය ( Hard disk drive වල ) වගේ දත්ත ගබඩා කිරීමට ගන්න භෞතික රාශි භාවිතා කරල සංකේත 10ක් නිරූපණය කරන්න බැරිවීම. චුම්බකත්වයට තියෙන්නෙ උතුර දකුණ දෙක විතරයි. දශමය සංඛ්‍යා පද්ධතියට සංකේත 10ක් තිබුනට නිරූපණය කරන්න බෑ ඒව. හැබැයි ද්වීමය සංඛ්‍යා පද්ධතියට තියෙන්නෙ සංකේත දෙකයි. 0 සහ 1. ද්වීමය සංඛ්‍යා පද්ධතියෙ ස්ථානීය අගයන් වෙනස් වෙන්නෙ 1,10,100 විදිහට නෙවෙයි 1 ස්ථානය 2 ස්ථානය 4 ස්ථානය ආදී වශයෙන්. අපි කරන්නෙ හැම දත්තයක්ම ද්වීමය පද්ධතියට පරිවර්තනය කරල මතක තියාගන්න එක. මේකට images, videos, sounds පවා අදාල වෙනව. ඒවත් එක එක coding system භාවිතා කරල අපි මතක තියාගන්නෙ 1 සහ 0 ගොඩක් බවට පරිවර්තනය කරලයි.
හරි. දැන් එනව කතාවට.
මම ගන්නව පුටුවක්. එකපාර පුටුවක ඉඳගන්න පුලුවන් ගැහැණු කෙනෙක්ට හරි පිරිමි කෙනෙක්ට හරි. දෙන්නටම එකපාර බෑ සදාචාර විරෝධියි. අන්න මම එතකොට පුටුවට අර්ථදැක්වීමක් දෙනව එකපාරකට ගැහැණු කෙනෙක්ව හෝ පිරිමි කෙනෙක්ව ඉන්දවල තියන්න පුලුවන් තරම් අවකාශයක් පුටුවක් කියල.
ඔය වගේමයි. එකපාර අපි අර කිව්ව ද්වීමය සංඛ්‍යා පද්ධතියෙ 0 හෝ 1 කියන දෙකෙන් එකක් මතක තියාගන්න තරම් ඉඩ තියන location එකකට අපි කියනව bit එකක් කියල. ( උදාහරණයක් විදිහට ප්‍රායෝගිකව මේක චුම්බක ලක්ෂණ තියන particle එකක්. උතුර පැත්තට හරි දකුණ පැත්තට හරි හරවපු )
bit එක හරි දැන්. ඊළඟට bit එක වගේ 8 ගුණයක් ලොකු ඉඩ ප්‍රමාණයකට අපි කියනව Byte එකක් කියල. කාලයක් මෙහෙම bit, Byte භාවිතා කරල දත්ත මනිනකොට මිනිස්සුන්ට ඕන වෙනව අතිවිශාල ප්‍රමාණයේ දත්ත ප්‍රමාණ නිරූපණය කරන්න. මේක හරියට නිකන් ග්‍රෑම් වලින් හාල් ඉල්ලන්න යනව වගේ. එහෙම කරන එක ප්‍රායෝගික නැති නිසා අපි හදා ගන්නව ලොකු ලොකු ඒකක. එතකොට වෙන්නෙ ඒකකය ලොකු වෙලා ප්‍රමාණය පොඩි වෙන එක සහ ප්‍රායෝගික වෙන එක. මුදලාලි මට හාල් ග්‍රෑම් 10,000ක් දෙන්න කියනව වෙනුවට අපි ඉල්ලන්නෙ Kilo වලින්නේ. Kilo එකක් කියන්නෙ එතනදි x1000 ( දහයේ තුන් වෙනි බලය ) කියන උපසර්ගය. හේතුව අපි ගනන් කරන්නෙ 10 පාදයෙන් නිසා උපසර්ග හැදෙන්නෙ දහයෙ බල විදිහට. 1Kilogram = 1000grams.
මේ වගේ, Byte 1024ක් ( 1000ක් නෙවෙයි ) එකතු වුනාම හැදෙනව KiloByte එකක්. මෙතනදි කිලෝ කියන උපසර්ගයෙන් x1024 ( දෙකේ දහ වෙනි බලය ) නිරූපණය කරනව. හේතුව මේක ද්වීමය නිසා උපසර්ග හැදෙන්නෙ දෙකේ බල විදිහට.
මේ විදිහට පහලට පහලට ලොකු ලොකු ඒකක හැදෙනව. මෙතනදි හැමතිස්සෙම 1024 න් ගුණ වෙන්නෙ Byte කියන ඒකකය. bit නෙවෙයි.
8 bits = 1 Byte
1024 Bytes = 1 KiloByte ( KB )
1024 KiloBytes = 1 MegaByte ( MB )
1024 MegaBytes = 1 GigaByte ( GB )
1024 GigaBytes = 1 TeraByte ( TB )
1024 TeraBytes = 1 PetaByte ( PB )
මේ ගනන් ටික නම් google එකේ මීට වඩා පැහැදිලිව ඇති. සංකල්පය කියල දෙන්නයි ඕන වුනේ. ඊළගට, තවදුරටත් YottaByte, ZettaByte මේ ආදී වශයෙන් ඒකක තියනව. Google search කලොත් බලන්න පුලුවන්.
තව විශේෂ දෙයක් තියනව මතක් කරන්න. Network Service Provider කෙනෙක් connection speed එක දෙනකොට මේ ඒකක චුට්ටක් වෙනස් වෙනව. එතකොට එයාල බලන්නෙ speed එක වැඩියි වගේ මවාපාන්න. ඒකට කරන දේ තමයි bit 8 ක් එකතු කරල Byte එකක් හදල ඊටපස්සෙ ඒක 1024න් ගුණ කරල MegaByte එක හදනව වෙනුවට කෙලින්ම bit එක 1024 න් ගුණ කරල එයාල හදනව Megabit කියල ඒකකයක්. සංකේතය MB නෙවෙයි Mb. දෙකම එක වගේ පෙනුනට MegaByte එකකට වඩා Megabit එකක් 8 ගුණයක් පොඩියි. හේතුව මුලදි 8න් ගුණ වුනේ නැති නිසා. එතකොට ඔයාගෙ connection speed එක 40Mbps ( තත්පරයට මෙගාබිට් 40ක් ) කියල දීල තිබ්බොත් ඒකෙන් අදහස් කරන්නෙ ඇත්ත speed එක තත්පරයට මෙගාබයිට් වලින් නම් 5යි බව. ( 5 MBps ) රැවටෙන්න එපා.
from : fb
