මොනවා කරයිද ලොක්කා?................

රනිල් හාමු මහ මැ&#3501

  • ඔව්

    Votes: 10 41.7%
  • නෑ

    Votes: 14 58.3%

  • Total voters
    24
  • Poll closed .

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    balamu.................:rolleyes::rolleyes:

    සජිත්ගේ සෙල්ලම් ඉවරයි.. නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත් කරන්න රනිල්ට බලය ලැබේ.. පක්‍ෂ ජ්‍යෙෂඨයන් කැදවයි..

    මේ මස 31 වෙනිදා නිල කාලය අවසන් වන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සඳහා නව සාමාජිකයන් පත් කිරීමට නියමිතය.

    ඒ සඳහා වන තීරණාත්මක සාකච්ඡාවක් හෙට, අනිද්දා දෙදින සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

    මේ වන විට ඉන්දියාවේ පුද්ගලික සංචාරයක නිරත වන රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී නැවතත් මෙරටට පැමිණීමට නියමිත අතර අදාළ සාකච්ඡාවක් ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදු ඇත.

    පක්‍ෂයේ සියළු ජ්‍යෙෂ්ඨයන්ට මේ සදහා ආරාධනා කර ඇත.

    බොහෝදුරට සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවාදීන් මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරනු ඇති බවත් නායකත්වයට ඇති බලතල අනුව නව සාමාජිකයන් පිරිසක් පත්වනු ඇති බවත් එජාප ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රනිල් තම්බන්න සජිත්ගේ ගොරකා මදි බව ඔප්පු &#352

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වු සජිත් ප්‍රේමදාස මහතා යළි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පක්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තාවේ.

    එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරි මණ්ඩලයට සියලු සාමාජිකයන් පත් කිරීම ලබන සදුඳා (27) වනවිට අවසන් කිරීමට නියමිතව ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරිම් සියල්ලක්ම මේ වනවිට අවසන් අදියරේ ඇති බවද එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදුකර ඇති බවද හෙතෙම පැවසීය.

    එමෙන්ම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු විසදීම සදහා ඡන්දයක් නොපවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු කළ ඉල්ලිමට අනුව අර්බුදයකින් තොරව එය විසදාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ක්‍රමවේදයක් සකසමින් සිටින බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රනිල්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩල ජෝගියෙන්................

    රනිල්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩල ජෝගියෙන් සජිත් පාර්ශ්වයේ තටු කැපේ; ඉදිරි මහ මැතිවරණයේදී අජිත්ට සහ සරත්ට එජාපයෙන් නාම යෝජනා නෑ; අජිත් වෙනුවෙන් සජිත් පාර්ශ්වය එළියට බහිනවාද? නැද්ද? සජිත් වැට උඩ


    සාමාජිකයන් 37 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පමණක් ඊයේ (30) පස්වරුවේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව තිබේ.
    ඒ අනුව අදාළ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම බහුතරයක් සාමාජිකයින් විසින් වර්ජනය කර තිබේ.
    අදාළ රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජිත් පාර්ශ්වයේ ප්‍රබලයින් ගණනාවක්ම සහභාගිවී නොමැති බවද වාර්තා වේ.

    ඔවුන් එවැනි තීරණයකට එළැඹ ඇත්තේ සජිත් පාර්ශ්වය නියෝජනය කරන ඉමිතියාස් බාකීර් මාකාර්, සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා සහ රෝසි සේනානායක යන අයගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව දැක්වූ විරෝධතාවක් ලෙස බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බොහෝදෙනෙකු ප්‍රකාශ කර සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටිය යුතු බවයි.

    කෙසේවුවද සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් මේවන විට ලැබෙන තොරතුරු අනුව පැවසෙන්නේ ඉදිරි මහ මැතිවරණයේදී එජාපය වෙනුවෙන් ඉදිරිපත් වන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා මණ්ඩලයක් ද පත්කොට ඇති බවයි.

    ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා ගැනීමේදී සජිත් පාර්ශ්වයේ කිහිපදෙනෙකුටම නාමයෝජනා අහිමි වීමේ අවදානමක් ඇති බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    හිටපු අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරාට මෙන්ම සරත් ෆොන්සේකාට ද අදාළ අවදානම ඒ අකාරයෙන්ම පවතින බවද ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.


    raanil..............:rolleyes::rofl::P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    83641344_403926347085669_7786119264846479360_o.jpg