අයථා මුදල් අයකිරීම
යාළුවනේ මේකයි, මට දැනගන්න ඔනේ මොන්ටිසෝරී වලින් අසාධාරණ ලෙස මුදල් අයකිරීම් ගැන පැමිණිලි කරන්න තැනක් ලංකාවේ තියෙනවද එහෙම තියෙනවනම් විස්තර ටිකක් දාන්න
මගේ දුව යන්නේ අපේ ගමේ සාමාන්‍ය පෙර පාසලකට. මේකේ ලමයි 250ක් විතර ඉන්නවා... මේකේ එක එක ඒවා කිය කිය මුදල් එකතු කලා අවුරැද්දේ මුල ඉදලම. ලොකු ගනන් නෙමෙයි ඒවා නම් පොඩි පොඩි ඒවා ඒවානම් කමක් නෑ පොඩි පොඩි දේවල් කරන්න මුදලුත් ඔනේනෙ.. ඒත් මේ සැරේ කොන්සර්ට් එක කියලා සුවිනියර් එකක් කරනවා එකට රැපියල් 4000ක ඇඩ් හොයාලා දෙන්න ඔනෙලු නැත්නම් අතින් ගෙවන්න ඔනේලු ඒ මදිවට තව කොන්සර්ට් එකේ ඇදුම් කියලා රැපියල් 2300ක මුදලකුත් ගෙව්වා ඊට අමතරව තමයි මේ 4000ක ඇඩ් ගේන්න කියන්නේ ගිය සැරේ ඇදුම් වලට 850යි සුවිනියර් එකට රැපියල් 2000යි ගිය සැරේ කරපු එකෙන් කිසිම පාඩුවක් උනා කියාලා කමිටු රැස්වීමේදි කිවෙත් නෑ. මේ මුදල වැඩියි කියලා කථා කරන්න කෙනෙක් නෑ එහෙම කථා කලොත් ලමයට අසාධාරණයක් වෙයි කියලා ගොඩක් දෙමව්පියො බයයි..මේකට එන්නේ ගොඩක් සල්ලි තියෙන් මිනිස්සු නෙමෙයි ඉතිං මේ වගේ අසාධාරණ මුදලක් අය කරන එක ගැන කියන්න තැනක් තියෙනවනම් දන්න කෙනෙක් කියනවද

Last edited: