මේක ලංකාව බං.නීතිය කියන එක තියෙන්නෙ කන්ටැක්ස් මුකුත් නැති එකාට විතරයි.ලංකාවේ ඉන්දියාවෙ වගේ රටවල මේ සිස්ටම් එක DNA වලටම වැදිලා තියෙන්නෙ.ඒ හින්දා ලංකාවේ ඉන්නවනං ලේසියෙන් පහසුවෙන් වැඩක් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න නං ඉතිං හරි තැන්වල කන්ටැක්ස් තියෙන්න ඕනෙ මචං.මේ වැක්සින් කතාව නෙවෙයි අමාරු ලෙඩෙක්ට හොස්පිට්ල් එකේ ඇදක් ගන්න එක දන්සලක පෝලිමේ නොඉද කෑම එක පාස් කරගන්න එකේ ඉදන් මොන වැරැද්දක් කරත් ඇප පිට එලියට එන එක, ඇතුලට යන්නම උනොත් බන්ධනාගාර හොස්පිට්ල් එකේ ඒ සති දෙක සැපේ අදින්න සෙට් කරලා දෙන එක වගේ දේවල් වෙනකං හැමදේම දුවන්නෙ කන්ටැක්ස් උඩ.ඒ නිසා ලංකාවේ ඉන්නවනං කන්ටැක්ස් ටිකක් හදාගනිං. ලංකාව ඇතුලෙ ඉදන් "එහෙම කරන්න බෑ.නීතිය නං නීතිය හැමෝටම එක සමාන වෙන්න ඕන.අපි කන්ටැක්ස් වලින් අයුතු ප්රයෝජන ගන්නෙත් නෑ වෙන අයට ගන්න දෙන්නෙත් නෑ ඉහි ඉහි" ගාල හැමිනෙන්න ගියොත් ඉතිං උබලටමයි ඉක වෙන්න.එහෙම හැමෝටම නීතියඑක සමාන සාධාරණ සමාජයක් උබලා බලාපොරොත්තු වෙනවනං ඒවා තියන හොද රටකට පලයන්.උබටයි උබේ පවුලේ අයටයි උබලගෙ පාඩුවෙ සැපේ ජීවත් වෙන්න පුලුවන් වෙයි.හැබැයි උබලා ඒ දේවල් ලංකාවෙන් බලාපොරොත්තු වෙන්න ගියොත් අන්තිමට උබලා මැරිලා යනකන් ඒ කිසි සිස්ටම් එකක් දශමයක්වත් ලංකාවේ වෙනස් වෙලත් නෑ .කන්ටැක්ස් වලින් ලේසියෙන් කරගන්න තිබ්බ වැඩ අමාරුවෙන් දුක් විදලා කරගෙන විදවලා විතරයි තියෙන්නෙ.මම වැක්සින් එක ගහගත්තෙත් එලියෙ උදේ පාන්දර ඉදලා ඇවිල්ලා තැන් අල්ලගෙන කිලෝමීටර් එක හමාරක විතර පෝලිමක මිනිස්සු කට්ට අව්වෙ ගහමරාගෙන කටු කද්දි මෙලෝ පෝලිමක ඉන්නැතුව විනාඩි 10න්.