මොනාද මේ PHP කියන්නේ?

suranga_87

Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    හරි මචංලා අපි බලමු දැන් PHP කියන්නේ මොකක්ද , මොනාටද මේක පාවිච්චි කරන්නේ කියලා.

    PHP is a server side scripting language. that is used to develop Static websites or Dynamic websites or Web applications. PHP stands for Hypertext Pre-processor, that earlier stood for Personal Home Pages.

    තේරුනේ නෑ නේද, (මටත් ඕක මුලින්ම කියෙව්වම හිතුනේ මේ මොන ල..... කියලා)
    අපි මේක සරලව තේරුම් ගනිමු මෙන්න මේ විදයට. මොකද PHP ඉගෙන ගන්න කලින් දැනගත යුතු වැදගත් දේවල් කීපයක්ම තියෙනවා. ඒ තමයි මේ,

    Software development වලදී අපිට දැක ගන්න පුළුවන් දෙයක් තමයි මේ frontend development සහ backend development කියන්නේ.

    මොන මේ හුට්ටපරයක්ද මේ කියන්නේ. මේවා දන්නේ නැතිව ඉතින් development කරලා වැඩක් නැ බං.

    Frontend development කියන්නේ මචෝ සරලවම කිව්වොත් මෙහෙමයි,

    මොකක් හරි system එකක් හරි website එකක් හරි ගනින්කෝ, දැන් මේක හදලා තියෙන්නේ user කෙනෙක්ට use කරන්නනේ. එතකොට මේ අටමගලේ තියෙනවා user ට පෙනෙන කොටසකුයි පේන්නේ නැති කොටසකුයි. අන්න ඒ user ට පේන part එක නිර්මාණය කරනවට කියන්නේ Frontend Development කියලා, user ට පේන්නේ නැති part එක නිර්මාණය කරනවට කියන්නේ Backend Development කියලා.

    මොනාද එතකොඅට මේ user ට පේන Frontend development - ඒ කියන්නේ user කෙනෙක් ට system එකේ පේන pictures , tables , එතකොට එක එක පාට පාට text , buttons වගේ දේවල් develop කරනවට තමයි මේ Frontend Development කියන්නේ සරලම සිංහලෙන් කිව්වොත්.

    ඊට පස්සේ Backend Development කියන්නේ මෙන්න මෙහෙම දෙකට,

    දැන් user කෙනෙක් website එකක තියෙන form එකක් fill කරලා save කරා කියමුකෝ, එතකොට මේ fill කරපු data ටික ලස්සනට arrange කරලා මොකක් හරි database එකකට දාන එක වගේම ඒ දාපු data ටික ලස්සනට user interface එකකට ගෙනැල්ල පෙන්නන්න නැවත database එකෙන් අරන් එන එක හදන එක තමයි Backend Development කියන්නේ තේරෙන Sinhalen.

    එතකොට දැන් මේ Frontend වලටයි Backend වලටයි වෙන වෙනම languages වගේම ඒ languages භාවිතා කරලා framework නිර්මාණය කරලා තියෙනවා මේ විශ්ව ගම්මානය ඇතුලේ.

    Frontend development වලට ගොඩක්ම use කරන්නේ HTML , CSS , javascript වගේ languages.
    ඒ වගේම තමයි මේවා use කරලා AngularJS , React.js , jQuery , SASS වගේ පහසුවෙන් code කරන්න පුළුවන් framework නිර්මාණය කරලා තියෙනවා.

    Backend development වලට ලෝකේ පුරාම ඉන්න developers ලා භාවිතා කරන ගොඩක් languages තියෙනවා,
    ඒ අතරින් ජනප්‍රියම කීපයක් තියෙනවා. PHP, C++, java, python, C#, Ruby, REST, GO ඒ අතරින් ප්‍රමුඛ වෙනවා. ඒ වගේම Frontend , Backend දෙකටම භාවිතා කරන්න පුළුවන් development languages කීපයක් තියෙනවා. Javascript සහ node.js ඒ සදහා ජනප්‍රිය උදාහරණ වෙනවා.
    ඒ වගේම Express, Django, Rails, Laravel, Spring වගේ frameworks වඩාත් බහුල ලෙස භාවිතා වන backend development වලට භාවිතා කරන frameworks වනවා.

    හරි මචංල දැන් අපි නැවත එමු අපේ මාතෘකාවට, PHP

    දැන් දන්නවනේ PHP කියන්නේ backend development සදහා භාවිතා කරන language එකක් කියලා. හැබැයි මචෝ PHP කියන්නේ නිකම්ම නිකම් language එකක් නෙවෙයි, මේක Scripting Language එකක්.

    අම්මෝ එක දඩ seen එකක්, මේක මම වෙනම කියල දෙන්නම්, මොකද scripting language ගැන කියල දෙන්න කලින් Interpreter එකයි compiler එක ගැනයි කියලා දෙන්න වෙනවා. එක ටිකක් සංකීර්ණයි. දැනට මතක් තියාගන්න PHP කියන්නේ Scripting language එකක් කියලා.

    හරි දැන් අපි බලමු අපිට මොනාද කරන්න පුළුවන් මේ PHP භාවිතා කරලා.

    කරන්න පුළුවන් දේවල් ගැන කතා කරලා එවරයක් කරන්න බෑ, ඒ තරම් ගොඩක් දේවල් PHP වලින් කරන්න පුළුවන්, පුංචි පහේ website එකක ඉඳලා facebook වගේ පත size ලොකු web application වගේම ERP , CRM වගේ ලොකු ලොකු දේවල් හදාගන්න පුළුවන්.

    ඊට කලින් අපිට කරන්න පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මොකද driver හිටියට වැඩක් නැනේ පදින්න වහනයක් නැතුව. PHP වලින් වැඩ කරන්න කලින් අපිට සිද්දවෙනවා PHP development කරන්න පුළුවන් environment එක හදාගන්න එක. අපි එක ඊළඟ කොටසේදී කතා කරමු. අදට මේ ටික හොඳටම ඇති.


    Sup එකක් දීගෙනම යමු මචංලා. ඉගෙන ගන්න එකෙක්ට වටිවී.

    https://kalpithabysriya.blogspot.com/2020/09/php-1-learn-php-part-1.html
    dannema nethi deyak dana gaththa macho supiri
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    bmp, machan PHP outdated kiyanne aththada?

    PHP outdated වෙන්න නම් මචන් Facebook වගේවත් outdated වෙන්න ඕනේ. මොකද facebook හදලා තියෙන්නේ PHP භාවිතා කරලා. දැනට ලෝකෙම තියෙන website, web applications වලින් 50% හදල තියෙන්නේ PHP වලින්. අනිත් දේ තමයි PHP වලින් හදපු Frameworks ගොඩක් තියෙනවා. හොදම example එක තමයි Laravel.

    අනිත් එක PHP use කරන ලොකු community එකක් ඉන්නවා. මම හිතන්නේ නෑ PHP තව සැහෙන්න කාලයක් ගියත් outdated වෙයි කියලා
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    PHP outdated වෙන්න නම් මචන් Facebook වගේවත් outdated වෙන්න ඕනේ. මොකද facebook හදලා තියෙන්නේ PHP භාවිතා කරලා. දැනට ලෝකෙම තියෙන website, web applications වලින් 50% හදල තියෙන්නේ PHP වලින්. අනිත් දේ තමයි PHP වලින් හදපු Frameworks ගොඩක් තියෙනවා. හොදම example එක තමයි Laravel.

    අනිත් එක PHP use කරන ලොකු community එකක් ඉන්නවා. මම හිතන්නේ නෑ PHP තව සැහෙන්න කාලයක් ගියත් outdated වෙයි කියලා
    ela ela bn thx
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,562
    113
    කම්පියුටර් ලිටරසි එක තියෙනව කිව්වට coding/programming දැනුමක් නැති කෙනෙක්ට සාමාන්‍ය දැනීම පිණිස තනියම ඉගෙනගන්න හොඳ programming language එක මොකක්ද?
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    කම්පියුටර් ලිටරසි එක තියෙනව කිව්වට coding/programming දැනුමක් නැති කෙනෙක්ට සාමාන්‍ය දැනීම පිණිස තනියම ඉගෙනගන්න හොඳ programming language එක මොකක්ද?

    මෙහෙමයි මචන් උනන්දුව තියෙන කෙනෙක්ට මහන්සි උනොත් මේ ඕනෑම language එකක් self study කරලා මාසෙන් දෙකෙන් ගොඩ දාගෙන මැච් එකක් ගහගන්න පුළුවන් ලොවෙත්.
    මොකද මම ඉගෙන ගත්තේ ගොඩක් දේවල් තනියමමයි. එකට ඕනේ english ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ, මොකද මේ දේවල් ගැන ගොඩක්ම තියෙන්නේ english වලින්. සිංහලෙන් තියෙන දේවල් සීමිතයි. (ඒ දැනුම අනිත් අයට share කරන්න ඕනේ නිසා තමයි මාත් මේ සිංහලෙන් blog එක ලියන්නේ)

    අපි ඉගෙන ගන්න ඕනේ programming language එකක code නෙවෙයි, ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ විදියයි. අපි හරියට ඔලුවට දාගත්තොත් Programming Language එකක් ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ විදියටයි කියලා, අපිට පුළුවන් ඕනෙම language එකක් ඉගෙන ගන්න පුළුවන්. එක programming වලට විතරක් නෙවෙයි ඕනෙම දෙයක් ඉගෙන ගන්න පුළුවන්.

    මෙහෙම ගන්නකො, ඔන්න බල්ලෙක් ඉන්නවා, අපි ඌ ට english වලින් dog කියනවා, dutch වලින් Hond කියනවා, German වලින් Hund කියනවා, hindi වලින් kutta කියනවා, හැබැයි ඉතින් ඌ බල්ලා බල්ලමයි. ඒ වගේ තමයි programming language වලත්. අපි එක language එකකින් කරන දෙයක් බොහෝ දුරට තව language එකකින් කරන්නත් පුළුවන්, එවට වෙන වෙනම syntax තියෙනවා. ඒ syntax ලියන්න එක එක rules තියෙනවා. හරියට සිංහල,english french වගේ language වල තියෙන උක්ත ආඛ්‍යාත, past tense present tense වගේ තමයි. හරියට syntax ටිකයි rules ටිකයි ඉගෙන ගත්ත නම් වැඩේ ගොඩ.

    මෙච්චර සරලව පැහැදිලි කරාට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනෙවා. මහන්සියයි කැපවීමයි තියෙනවා නම් පුළුවන් ඉගෙන ගන්න.

    Tip : Programming කරන්න හිතනවා නම් මුලින්ම HTML, CSS, PHP, javascript, JQuery වගේ දේවල් ටිකක් study කරන්න. එකපාර machine language වගේ දේවල් වලට යන්නේ නැතිව. තව ඉස්සරහට ගොඩක් දේවල් කියල දෙනවා අනිවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,562
    113
    මෙහෙමයි මචන් උනන්දුව තියෙන කෙනෙක්ට මහන්සි උනොත් මේ ඕනෑම language එකක් self study කරලා මාසෙන් දෙකෙන් ගොඩ දාගෙන මැච් එකක් ගහගන්න පුළුවන් ලොවෙත්.

    ඔව් මැච් කෙසේ වෙතත් යන්තම් අයිඩියා එකක් හරි තියෙන්න එපෑ, ඉස්සර "කොම්පියුටර් දන්නවා" කියල පේන්ට් එක ඕපන් කරල රවුං ඇන්ද වගේ නෙ නැත්නම් :D
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    ඔව් මැච් කෙසේ වෙතත් යන්තම් අයිඩියා එකක් හරි තියෙන්න එපෑ, ඉස්සර "කොම්පියුටර් දන්නවා" කියල පේන්ට් එක ඕපන් කරල රවුං ඇන්ද වගේ නෙ නැත්නම් :D

    යකෝ මමත් paint වල දන්නෙ ඔච්චරයි. මට ඒ කලේ paint බැ. හැබැයි දැන් paint නෙවෙයි ERP එකක් උනත් හදන්නත් පුළුවන්. :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Hyaenidae