මොබයිල් ෆෝන් ගැන අදහන්න බැරි කතා 14ක්

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    මොබයිල් ෆෝන් ගැන අදහන්න බැරි කතා 14ක්

    මොබයිල් ෆෝන් කියන දේ අද බොහොම සුලභ දෙයක් වුනාට එක්තරා කාලයක් තිබුන මොබයිල් ෆෝන් එකක් කියන්නේ බොහොම සුඛෝපභෝගී භාණ්ඩයක් වෙච්ච. ඒ කාලෙ මගුලක් උනත් හොයද්දි මනමාලයා සෙල්ටෙල් එකක් පාවිච්චි කරනවානම් එකෙන්ම මගුල කෙරෙන තත්ත්වයක් තිබ්බෙ

    ටිකෙන් ටික කාලය වෙනස් වෙනවා. එදා සුළුතරයකට අයිති වෙලා ධනවත් බවේ රූපකයක් වෙච්ච මොබයිල් ෆෝන් එක දැන් වෙද්දි වෙනස් වෙලා. ඩුවල් සිම් චයිනීස් ගෙඩි වලට පින් සිදුවෙන්න හැමදෙනාම අතේ රැඳෙන දෙයක් හැටියටත් පත්වෙලා

    ඉතින් මෙහෙම පාවිච්චි කරපු මොබයිල් ෆෝන් ගැන ජීවිතේට අහලා නැති අමුතු පිස්සු හැදෙන විස්තර ටිකක් තමයි මේ අපි කියන්න යන්නේ.

    1. පිස්සු හැදෙන අනුපාතේ

    ජංගම උපාංග අලුතින් භාවිතයට එක්වන වේගය ලෝකයේ ජනගහන වර්ධන වේගය වගේ 5 ගුණයක් වෙනවා. ඒ වගේම පෘථිවියේ භාවිතා වන ජංගම උපාංග සම්බන්ධතා ප්‍රමාණය ලෝක ජනගහනයට වඩා වැඩියි. මේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව බිලියන 8.06 ක අගයක් ගන්නවා (මේ ලිපිය ලියන අවස්ථාව වන විට). මිනිස්සුන්ට වඩා ජංගම උපාංග වැඩි උනත් තවමත් ලෝකයෙන් බාගයක් විතර ජංගම දුරකථන භාවිතා නොකරන බවත් අමතක කරන්න නරකයි.

    2. දත්බුරුසු වලට වඩා ෆෝන්

    ලෝකේ ජනගහනයෙන් බිලියන 4.7ක් ජංගම දුරකථන භාවිතා කරනවා. නමුත් ලෝකේ මුඛ සෞඛ්‍යය රැකගන්න දත් බුරුසු භාවිතා කරන්නේ බිලියන 3.5ක් පමණයිලු. මේ අය කෝල් වලට කතා කරන්නේ කටින් නෙවෙයි ද මන්දා? මේ ගණන් හිලවු මේ වෙද්දි තරමක් එහේ මෙහේ වෙන්න පුලුවන් උනත් මොබයිල් ෆෝන් දත් බුරුසු වලට වැඩියෙන් පාවිච්චි වෙනවයි කියන එක පිළිගත හැකි කරුණක් කියලයි වාර්තා වෙන්නෙ.

    3. වැසිකිලි හැඬලයකටත් වඩා විෂබීජ තියනවලු

    වැසිකිලිය ෆ්ලෂ් කරන්න යොදාගන්න හැඬලය දන්නවනේ? අන්න ඒ වැසිකිලි හැඬල් එකක තියනව වගේ 18 ගුණයක් විෂබීජ ජංගම දුරකතනයක තිබෙනවාලු. ඩේලිමේල් වෙබ් අඩවියේ තමයි මේ ගැන සඳහන් වෙන්නෙ.
    🙂
    4. ජපානේ වැඩි හරියකට වතුර යන්නේ නැතිලු

    ජපානයේ නිෂ්පාදනය කරන ජංගම දුරකථන 90% ක් පමණ තනා තිබෙන්නේ ජලය කාන්දු නොවන (waterproof) අයුරින්. එයට හේතුව තමයි ජපානයේ තරුණියෝ දිය නාත්දිත් දුරකථනය භාවිතා කරන්නට පෙළඹීම.

    5. දැන් මේ කතාව අහලා මුත්‍රා එකතුකරන්න එහෙම එපා!

    ඔබ දන්නවද මුත්‍රා වලින් දුරකථන ආරෝපණය කරගන්නට පුළුවන් බව? මේ වෙනවිට විද්‍යාඥයින් එවැනි ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. බ්‍රිස්ටල් රොබෝ විද්‍යා පර්යේෂණාගාරය තමයි මේ ගැන වැඩිදුර පර්යේෂණ පවත්වන්නෙ.

    6. 44ක් පරණයි කියලා මතක තියා ගත්තොත් හොඳා!

    පළමු ජංගම දුරකථනය නිර්මාණය කලේ මාර්ටින් කුපර් මහතා විසින්. ඒ 1973 දී. ඔව් අපි භාවිතා කරන්නේ වසර 44ක ඉතිහාසයක් තියන උපාංගයක් තමා!

    7. හඳට යන්න යොදාගත්ත පරිගණක තාක්ෂණේටත් වඩා බලවත්

    විහිලු නෙවෙයි. වර්තමාන දුරකතනයක තිබෙන තාක්ෂණය ඒ කාලේ ඇපලෝ 11 අභ්‍යවකාශ යානය හඳට ගොඩබාන්න භාවිතා කල තාක්ෂණයට වඩා බලවත් සහ සංකීර්ණයි.

    8. රැජිණගේ රටේ ෆෝන් අපලේ

    එංගලන්තේ වසරකට ජංගම දුරකථන ලක්ෂයකට වඩා වැසිකිලි ඇතුලේ වැටෙනවලු.
    ෆෝන් ස්මාර්ට් උනාට භාවිතා කරන අය ස්මාර්ට් නැතිව ඇතිනේ.

    9. පලමුවෙනි ස්මාර්ට් ෆෝන් එක

    1994දී ලෝකේ පළමු ස්මාර්ට් ජංගම දුරකථනය එළිදක්වනු ලැබුවා. “Simon” නමින් එළිදක්වපු මේ දුරකථනය එකල මිලෙන් ඩොලර් 899ක් (රුපියල් 135,000ක් පමණ) වුණා. LCD ස්පර්ශක සංවේදී තිරයකින් පවා සමන්විත වුනු ඒ දුරකථනයෙන් ඊමේල් සහ ෆැක්ස් යැවීමටද හැකියාව තිබුණා.

    10. 70%ක් හදන්නේ එහෙලු

    ලොව භාවිතා වෙන ජංගම දුරකථන වලින් 70%ක් නිෂ්පාදනය කරන්නේ චීනයෙයි.

    11. 90%ක් විනාඩි 3කදී කියවනවාලු

    ජංගම දුරකථන භාවිතා කරන අයගෙන් 90%කටත් වැඩි පිරිසක් එයාලට ලැබෙන කෙටි පණිවුඩ විනාඩි තුනක් ඇතුලත කියවනවාලු.

    12. මිල අධිකම ජංගම දුරකථනය

    Falcon SuperNova Pink Diamond iPhone 6 කියන්නේ ලෝකේ මිල අධිකම ජංගම දුරකතනයයි. එය මිලෙන් ඩොලර් මිලියන 95.5ක් පමණ වෙනවා. කැරට් 18 රත්තරන් කේසින් එකකින් වගේම පසුපස කොටසේ විශාල රෝස පාට දියමන්තියක් තිබීම නිසයි මේ දුරකථනය මෙතරම් මිලකට අලෙවි වන්නේ.

    13. ලස්සන වුනාට මේවා ලෙඩ වාට්ටු

    ඉන්සොම්නියාව, ආතතිය සහ හිසරදය වැනි සෞඛ්‍ය ගැටළු දුරකථන වලින් එන විකිරණ නිසා ඇතිවෙන්නට හැකියි. ඒ වගේම ringxiety, nomophobia සහ telephonophobia වැනි මානසික ආබාධ තත්ත්වයන් දුරකථන නිසා ඇතිවිය හැකි වෙනත් රෝගයි.

    14. කෝටි 25යි ලේසි නැහැ නේ?

    මතකයි නේද? නොකියා 1100 ෆෝන් එක? ඔබත් අතීතයේ මේ අපුරු ෆෝන් එකේ හිමිකරුවෙක් වෙලා හිටියා නම් ආඩම්බර වෙන්න. මොකද මෙතෙක් කාලෙකට වැඩිම අලවියක් වාර්තා කරපු දුරකථන මොඩලය වෙන්නේ එයයි. එයින් මිලියන 250ක් ඒකක අලෙවි වෙලා තිබෙනවා.


    Source
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0

    9. පලමුවෙනි ස්මාර්ට් ෆෝන් එක

    1994දී ලෝකේ පළමු ස්මාර්ට් ජංගම දුරකථනය එළිදක්වනු ලැබුවා. “Simon” නමින් එළිදක්වපු මේ දුරකථනය එකල මිලෙන් ඩොලර් 899ක් (රුපියල් 135,000ක් පමණ) වුණා. LCD ස්පර්ශක සංවේදී තිරයකින් පවා සමන්විත වුනු ඒ දුරකථනයෙන් ඊමේල් සහ ෆැක්ස් යැවීමටද හැකියාව තිබුණා.

    But most apple fan boys think it was Steve Jobs :P
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    mobile call

    Now days we can call other side of the world with our mobile phones without any trouble. But this story is not about the longest distance someone can call with a mobile phone, it's the other way around, SHORTEST DISTANCE CALL.
    Sometime in 1990, a carpet layer recarpeted my (rented) flat in Melbourne, and told me he is going to call the owner of that flat, and let him know that, the job was done. He was sitting on the couch next to my telephone, and pull his mobile out and dialled the number. At the same time my phone(landline) starts to ring. So he moved to the other end of the couch and allow me to answer my phone. The conversation went like this.
    I said hello,
    The caller said : Hi, I am xx from carpet world.
    Oh, your carpet layer just finished the job.
    WHAT?? then he moved the phone away and ask me
    ARE YOU TALKING WITH ME???
    I told him, yes it's you call me.
    Then I check the number, yes, it's my number.
    He had 2 numbers saved under this job, but mistakenly rang me while we both sitting on the same couch.