මොබිටෙල් හොරට සල්ලි කපයි
දවස් කීපයක් තිස්සෙ ඉදන් මගෙ Account Balance එක චෙක් කරද්දි නිකන් වැඩිපුර සල්ලි අඩුවෙලා වගේ දැනුනා. මගෙ සිම් එකත් ටිකක් පරන එකක් හින්ද අර මොබිටෙල් නම්බර් වලට සත 50 කැපෙන පැකේජ් එක තමා තිබුනෙ. මම සාමාන්යෙන් මේ සිම් එක යූස් කරන්නෙ මොබිටෙල් ඒවට ගන්න විතරයි.
ඉතින් වැඩිපුර කැපෙන්න කෝල් ගන්නෙත් නැති එකේ, මට තිබුනු සැකේ හින්දම මන් දවසක් රෑ මගෙ බැලන්ස් එක ලියලා තියා ගත්තා. මෙන්න බොලේ පහුවෙනිදා පාන්දර බලද්දි රුපියල් 3 සත ගානක් කපාගෙන.
මන් මොන රෙද්දක් වත් ඇක්ටිව් කරල තිබ්බෙත් නෑ.
ගත්තා කස්ටමර් කෙයා එකට කෝල් එකක්. බුවෙක් කතා කරා. කිව්වා සිද්දිය.පස්සෙ මූ කිව්වා ටිකක් ඉන්න බලල කියන්නම් කියලා.
විනාඩි දෙකක් විතර මූ ලයින් එකේ තියන් ඉදලා කියපි, Oye Chat service කියල එකක් ඇක්ටිව් වෙලා, ඒක හින්ද තමයි දවසට රුපියල් 3යි ගානක් කැපිලා තියෙන්නෙ කියලා.
පස්සෙ මම කීවා, මන් එහෙම එකක් ඇක්ටිව් කරල තිබ්බෙත් නෑ. අනික අඩුම තරමෙ මට එහෙම නමක් තියෙන මැසෙජ් එකක්වත් ඇවිත් නෑ කියලා.
පස්සෙ මූ කියනවා මන් අතින් ඒකෙ ලින්ක් එක ක්ලික් වෙන්න ඇතිලු. ඒක ක්ලික් වුනාම නිකම්ම සර්විස් එක ඇක්ටිව් වෙනවා කියලා. මොන මගුලක්ද කියහල්ලකො බන් නිකන් ලින්ක් එකක් ඕපන් වෙච්චි ගමන් සර්විස් ඇක්ටිව් වෙන්නෙ.
අනික මචන්ල මන් ඩේටා වලට මගෙ මොබිටෙල් සිම් එක යූස් කරන්නෙම නෑ, ඩුවල් සිම් හින්දා හච් සිම් එකක් තමා යූස් කරන්නෙ, එහෙව් එකේ මුන් කොහොමද කියන්නෙ මන් ලින්ක් එකක් ක්ලික් කොරා කියලා. මුන්ගේ බොරුව අතේ මාට්ටුනෙ ඉතින්.
මොනා කොරන්නද ඉතින් පස්සෙ ඌට කියලා ඒක අයින් කරලා දැම්මා. ඒත් ඉතින් කැපිච්චි සල්ලි නම් ආපහු හම්බුන් නෑ.
මන් නොදැනුවත්ම මුන් කොච්චර කල් ඉදන් සල්ලි කපන්න ඇත්ද?
උබලත් මචන් මොබිටෙල් යූස් කරනවනම් පොඩ්ඩක් Account Balance එක ගැන සැලකිල්ලෙන් ඉදහල්ල ඈ.
දවස් කීපයක් තිස්සෙ ඉදන් මගෙ Account Balance එක චෙක් කරද්දි නිකන් වැඩිපුර සල්ලි අඩුවෙලා වගේ දැනුනා. මගෙ සිම් එකත් ටිකක් පරන එකක් හින්ද අර මොබිටෙල් නම්බර් වලට සත 50 කැපෙන පැකේජ් එක තමා තිබුනෙ. මම සාමාන්යෙන් මේ සිම් එක යූස් කරන්නෙ මොබිටෙල් ඒවට ගන්න විතරයි.
ඉතින් වැඩිපුර කැපෙන්න කෝල් ගන්නෙත් නැති එකේ, මට තිබුනු සැකේ හින්දම මන් දවසක් රෑ මගෙ බැලන්ස් එක ලියලා තියා ගත්තා. මෙන්න බොලේ පහුවෙනිදා පාන්දර බලද්දි රුපියල් 3 සත ගානක් කපාගෙන.
මන් මොන රෙද්දක් වත් ඇක්ටිව් කරල තිබ්බෙත් නෑ. ගත්තා කස්ටමර් කෙයා එකට කෝල් එකක්. බුවෙක් කතා කරා. කිව්වා සිද්දිය.පස්සෙ මූ කිව්වා ටිකක් ඉන්න බලල කියන්නම් කියලා.