මොබිටෙල් හොරට සල්ලි කපයි

germencatz

Member
Aug 21, 2013
21
2
3
34
මොබිටෙල් හොරට සල්ලි කපයි

දවස් කීපයක් තිස්සෙ ඉදන් මගෙ Account Balance එක චෙක් කරද්දි නිකන් වැඩිපුර සල්ලි අඩුවෙලා වගේ දැනුනා. මගෙ සිම් එකත් ටිකක් පරන එකක් හින්ද අර මොබිටෙල් නම්බර් වලට සත 50 කැපෙන පැකේජ් එක තමා තිබුනෙ. මම සාමාන්යෙන් මේ සිම් එක යූස් කරන්නෙ මොබිටෙල් ඒවට ගන්න විතරයි. :)ඉතින් වැඩිපුර කැපෙන්න කෝල් ගන්නෙත් නැති එකේ, මට තිබුනු සැකේ හින්දම මන් දවසක් රෑ මගෙ බැලන්ස් එක ලියලා තියා ගත්තා. මෙන්න බොලේ පහුවෙනිදා පාන්දර බලද්දි රුපියල් 3 සත ගානක් කපාගෙන.:angry: මන් මොන රෙද්දක් වත් ඇක්ටිව් කරල තිබ්බෙත් නෑ.
ගත්තා කස්ටමර් කෙයා එකට කෝල් එකක්. බුවෙක් කතා කරා. කිව්වා සිද්දිය.පස්සෙ මූ කිව්වා ටිකක් ඉන්න බලල කියන්නම් කියලා.
විනාඩි දෙකක් විතර මූ ලයින් එකේ තියන් ඉදලා කියපි, Oye Chat service කියල එකක් ඇක්ටිව් වෙලා, ඒක හින්ද තමයි දවසට රුපියල් 3යි ගානක් කැපිලා තියෙන්නෙ කියලා. :growl:
පස්සෙ මම කීවා, මන් එහෙම එකක් ඇක්ටිව් කරල තිබ්බෙත් නෑ. අනික අඩුම තරමෙ මට එහෙම නමක් තියෙන මැසෙජ් එකක්වත් ඇවිත් නෑ කියලා.:( පස්සෙ මූ කියනවා මන් අතින් ඒකෙ ලින්ක් එක ක්ලික් වෙන්න ඇතිලු. ඒක ක්ලික් වුනාම නිකම්ම සර්විස් එක ඇක්ටිව් වෙනවා කියලා. මොන මගුලක්ද කියහල්ලකො බන් නිකන් ලින්ක් එකක් ඕපන් වෙච්චි ගමන් සර්විස් ඇක්ටිව් වෙන්නෙ.:shocked: අනික මචන්ල මන් ඩේටා වලට මගෙ මොබිටෙල් සිම් එක යූස් කරන්නෙම නෑ, ඩුවල් සිම් හින්දා හච් සිම් එකක් තමා යූස් කරන්නෙ, එහෙව් එකේ මුන් කොහොමද කියන්නෙ මන් ලින්ක් එකක් ක්ලික් කොරා කියලා. මුන්ගේ බොරුව අතේ මාට්ටුනෙ ඉතින්.:lol:
මොනා කොරන්නද ඉතින් පස්සෙ ඌට කියලා ඒක අයින් කරලා දැම්මා. ඒත් ඉතින් කැපිච්චි සල්ලි නම් ආපහු හම්බුන් නෑ. :(
මන් නොදැනුවත්ම මුන් කොච්චර කල් ඉදන් සල්ලි කපන්න ඇත්ද?:oo:
උබලත් මචන් මොබිටෙල් යූස් කරනවනම් පොඩ්ඩක් Account Balance එක ගැන සැලකිල්ලෙන් ඉදහල්ල ඈ. :dull:
 

Trojansamurai

Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    kalekanni oka krnwa bn matat una un kyawa game 1k download krlau, mama mobile data use krnnema na bn wifi use krnne hamatissema. Mobitel 1kata himinenne ona po$$% ballo
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මට උනා මගේ සිම් එකත් පරණම එකක් එකේ දවසට 14 කැපුනා කතා කරලා අහුවාම කිව්වා Chat ඇක්ටිව් කරලා කියලා. මම එහෙම කරේ නැහැ කිව්වා ම මට කිව්වා dreg කියලා ටයිප් කරලා මොකක් ද නො එක්කට යවන්න කියලා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඕකුන් විතරක් නෙවේ සයලොග් උනුත් එහෙමම තමා..... :angry: කෝකත් එකයි...... :angry: ගොඩක්ම ඔය සීන් කරන්නේ ප්‍රී පේඩ් අයට..... පෝස්ට් පේඩ් එක්ක සෙල්ලම් දාන්න එනවා අඩුයි..... :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,191
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ඔයවගේ දෙයක් කලා. දවස් 10කට පාරක් රුපියල් 30ක් බිලට එකතු කරල තිබුනා "WAP Download Zone" කියල එකකට. අවුරුදු දෙකක් විතර සල්ලි කපල තිබුන. උන්ට කිව්වම කියන්නෙ මම මොනව හරි ඩවුන්ලෝඩ් කරල කියල. පස්සෙ තුන්පාරක් විතර බැනල නවත්ත ගත්ත.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    postpaid අයටත් ඔය සෙතේම තමා බන්. මාස 3ක් විතර වැඩිපුර රුපියල් දෙසිය ගානක් කපන් තිබ්බ, අහපුවම කියන්නේ මම ඉන්ටර්නෙට් යනවලු ඒ සිම් එකෙන්. හැබැයි සෙටින්ග්ස් වත් හදල තිබ්බේ නෑ ඒ phone එකේ. :dull::dull::angry::angry::angry:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    maath oya 200 ta wedi eka daan inne :( thanx machan..balanna one..matath denila thiyei kepenawa wage..eth hariyatama note kale ne :growl: me lagakadi nan 200 adu wela 195 k thibba..passe mama call gaththe ne ..eelaga dawase thibbe 175i ..aaye check karanna one:(