මොරටුව ප්රදේශයේ වඩු කාර් මිකයන් පිරිසක් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු මහතාගේ නිවෙස වටකොට ඊයේ (1) සවස ගල්මුල් ප්රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
මොරටුව නගර සභාව වටකර ඊයේ (1) පෙරවරුවේ වඩු කාර්මික විරෝධතාව අතර තුර විරෝධතාකරුවන් හා නගරාධිපතිවරයා අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර ඒ හෙතුවෙන් මේ ආකාරයෙන් නගරාධිපතිවරයාගේ නිවෙස වට කර ගල් මුල් ප්රහාරයක් එල්ලකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සිද්ධිය වන අවස්ථාවේ නගරාධිපතිවරයා නිවෙසේ නොසිට ඇති අතර ඔහුගේ දරුවන් දෙදෙනා පමණක් නිවෙසේ සිටි ඇත.
ඒ අවස්ථාවේ නගරාධිපතිවරාගේ දරුවන් සහ විරෝධතාකරුවන් අතර දැඩි වචන හුවමාරුවක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේ ද ගල් ප්රහාරය එල්ල කර ඇත.
නගරධිපතිවරයාගේ පුතුන් දෙදෙනා ගල් ගැසූ තරුණයන් දෙදෙනකු නිවෙසතුළට ඇදගෙන ගිය බවත් ඔවුන් දෙනකල් නැවත නොයන බව උද්ඝොෂකයෝ කියති.
නගරාධිපතිවරයාගේ නිවසෙ වැටලූ උද්ඝෝෂකයෝ ඉතා ආවේගශීලිව හැසිරිම නිසා තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කරලිමර්ධන කණ්ඩායම් කැඳවා ඇති අතර උද්ඝෝෂකයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.
සිද්දිය සම්බන්දයෙන් මොරටුව පොලිසිය පරික්ෂණ පවත්වයි
https://www.lankadeepa.lk/news/මොරටුව-නගරාධිපතිගේ-නිවසට-ගල්-ප්රහාරයක්-/101-610842