මොරවක් කෝරළේ කළුබෝවිටියන් ගලේ ජනප්‍රවා&
මොරවක් කෝරළේ කළුබෝවිටියන් ගලේ ජනප්‍රවාද
සමනල කන්දේ හැඩය ගෙන පිහිටි උස් ගිරි ශිඛරයක් මාතර දිසාවේ මොරවක් කෝරළයේ කළුබෝවිටියන සීමාවේ ඇත. ගාල්ල මාතර දෙදිසා මායිමේ කඩිහිංගලට ළංව පිහිටියේය.
පිහිටීම අනුවත්, මෙයට පවතින ඓතිහාසික ජනප්‍රවාද අනුවත් මෙම ගිර තුළ දැවැන්ත විහාරයක් හෝ දේවාලයක් ඇතැයි විශ්වාස කරති. ගල පාමුල රුවන්කන්ද නමින් පැරැණි රජ මහා ලෙන් විහාරයක් ඇත. එයට අතීතයේදී zපාරෙ විහාරයZ නමින් නම් වී ඇත. ඒ අනුවද පෙනෙන්නේ තවත් විහාරයක් ගල යට ඇති බවය. මීට සමාන උස් පර්වතයක් ගාලු දිසාවේ හල්විටිගල පිහිටියේය. එය ආසන්නයේද ලෙන් විහාරයක් ඇත.
දනගිරි ගල කළුබෝවිටියන් ගලට දනගිරි ගල කියා ද කළුබෝවිටි යහන්ගල කියා ද කියනු ලැබේ. කළුබෝ යන්නෙහි අදහස තවමත් පැහැදිලි නැත. ගැමි ජනතාවගේ කට කතාවට අනුව කියෑවෙන්නේ බුදුන් වහන්සේ සිරිපා ලකුණ තැබීමට මේ ගල මතට වැඩි බවත්, ගල මුදුනෙහි කඩියන් සහ හින්නන් සිටි නිසා සිරිපා කන්ද නම් වන සමනල කන්දට වැඩිය බවත් ය. ඒ කෙසේ වෙතත් මේ ගල අසල zපාල කන්දZ නමැති ප්‍රදේශයේ ගල් තලාවක කඩඉමක් කොටා තිබේ. එම කඩඉම ගලා යන නමින් කඩිහියංගල නාමය ඇති වී ඇත.
ඇතෙකුගේ පිටක් බඳු වූ ගල් තලාවක් ගල මුදුනෙහි තිබේ. එහි එක්‌තරා ස්‌ථානයක් උස්‌ව පිහිටියේය. මුදුනත ගල් පතුරක් ඇත. එය වලාකුළු ගැවසෙන මට්‌ටමින් ඇත. ගල මත දැවැන්ත ගස් කොළන් බහුලය. ජලසීරා බහුලය. පොකුණු වැනි ගලින් නිර්මිත තැන් ද කීපයකි. එහෙත් මිනිස් වාසයක් සිදු වී ඇති බවක් නොපෙනේ. අතීතයේ නම් විවිධ පලතුරු වර්ග තිබී ඇතැයි කියති. එක්‌තරා උපාසක කෙනෙක් මේ ගලේ විහාරය පෙනෙත්වා කියා උපවාසයක් කළ අතර, ඔහුට ලෙන්දොර ඇරී විහාරය පෙනුණු බවත් එය වැඳ පසු පසට එද්දී ලෙන්දොර වැසී ගිය බව ද ජනප්‍රවාදයේ එයි. කෙසේ වෙතත් මෑත කාලයේ නම් ආරණ්‍යවාසී හිමිවරු මෙහි වැඩ වාසය කර තිබේ.
ගල මුදුනේ සිට ගල පාමුලට වැටුන තඹ පත් ඉරුවක් දෙල්ලව අයෙකුට ලැබී එය කඹුරුපිටියේ වනරතන හිමියන්ට දුන් වගත් අසන්නට ලැබේ. ඒ හිමියන් අතර දෙල්ලව ගම්මානයට වැඩිය කෙනෙකි පත්ඉරුවේ තොරුතුරු අනාවරණය වී නැත.
අතීතයේ අංජනම්කරුවෝ අංජනම් ශාස්‌ත්‍රයට අනුව ලෙන් විහාරය නරඹා ඇතැයි ද කියති. පුර පසළොස්‌වක පෝය දිනට මේ ගිරි මුදුනෙන් කිංකිණි ශබ්දය ඇසෙන වග ද පැරැනියන්ට ඇසී ඇත. වෙහෙර වැදීමට එන දේව සේනාවේ නාදය එය බවත් පැවසෙයි.
එකල ගල ආශ්‍රය කරගෙන සුදු ඌරන් ගැවසී ඇත. උන් රාත්‍රි කාලයට හේන්වලට පැමිණ අල භෝග පාලු කර ගියත් උන්ට බඳින තුවක්‌කුව පත්තු වී නැත. "ගලේහේන" නමින් සීමාවක් ද දේවාලේගම නමින් ඉපැරැණි ගම්මානයක් ද මේ අසල වෙති. ගලට අරක් ගෙන සිටින්නේ බස්‌නාහිර දෙවියන් ලෙස සැලකෙන රඡ්ජුරුබණ්‌ඩාර දෙවියන් ය. රුවන්කන්ද ගැටබරුව වැනි කුඩා ලෙන් පරුවතයන්හි රජමහා විහාර කර්මාන්තය කළා නම් මෙතරම් දැවැන්ත ගිරි කුලක විහාරයක් කර නොතිබීම මහත් පුදුමයකි.
සමහර අය පවසන්නේ මේ ගලේ විහාරය කවදා හෝ පෑදෙන බවකි. දේවාලයක හෝ විහාරයක් වේ නම් එහි දොරටුව කාලයාගේ ගෙවී යැමෙන් පස් හෝ ගල් පතුරුවලින් වැසී ඇතැයි පිළිගත හැකිය. දැනටත් ගලේ පැතිකඩවලින් මහා ගල් තහඩු කඳු පාමුලට වැටෙයි. මෙම කඳු බිම අවට නාය යැම ද සිදුවෙන නිසා මිනිස් වාසයට නුසුදුසු බව රජය පවසා තිබේ. රාජකීය උමගවල් මෙහි තිබිය හැකිය. මේ ගල පිළිබඳව කිසියම් පර්යේෂණයක් කරන්නේ නම් වටිනා භූගෝල ශාස්‌ත්‍රීය දැනුමක් ලද හැකිය.
සුමනදාස සිරිවර්ධන
http://www.divaina.com/2011/07/10/siya14.html