Last edited:
සමහර area වල තියෙනවා. දැනට ටික කාලෙකට කලින් කොහේද ගියපු වෙලාවක බිව්වා...
![]()
අදමයි ඇහුවෙ.
ඕක රෙඩ් බුල් වගේ එකක්ද? (රෙඩ් බුල් බොන්නෙ නෑ.
හරක් මස් දාන නිසා)
එච්චර පොෂ් බීමක් නෙමේ අපේ සීය මට පොඩි කාලේ දීල තමා හුරු උනේ

ඇත්තටම කිව්වෙ ඔය දෙකම බීලා නෑ.
මොරවක එක ගැන ඇහුවෙත් අදමයි.![]()
මොරවක එක ගැන ඇහුවෙත් අදමයි
හොයන් බීල බලන්නකො..
EGB එකට වඩා ආතල්..
Thiyenawa, dan issara wage athal na
මේක එලිෆන්ට් හවුස් එකේ පේයාව එකට වඩා සැරයි. කැස්සට හෙම්බිරිස්සාවට ප්‍රතිකාරයක් හැටියට මේක ඒ කාලේ (50/60 සිට 80/90 දශක දක්වා) බොහොම ජනප්‍රිය වෙලා තිබුනා. 70 දශකයේ වතු ජනසතුවෙන් පසු මේ නිෂ්පාදන ටික ටික පහලට ගියා. මෙඩිටෝ සහ අනිකුත් නිෂ්පාදන වලට අවශ්‍ය බෙහෙත් පැලෑටි/ගස් වැල් වර්ග බොහොමයක් ලබා ගත්තේ පුත්තලම පැත්තේ සමාගම සතු ඉඩම් හා රජයෙන් බදු ගත් කැලෑ ඉඩම් (ඉඩම් 300 විතර තිබුනා) වලිනුයි. ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් මේ සියල්ල රජයට පවරා ගත් නිසා අමුද්‍රව්‍ය ලබාගැනීමේ දුෂ්කරතාවය නිසා මේවා දිනෙන් දින පිරිහුණා. 70 දශකයේදී සමාගම සතුව කුඩා ලොරි (බහුතරයක් මොරිස් LD 5) 200කටත් වඩා තිබුනා. 77න් පසු මේවාගේ නිෂ්පාදන වලට තිබුන වෙළඳපොල නැති උනා. ඒ කාලයේ බී පී මොරවක කොම්පැනිය ආරම්භ කලේ බෙම්බි පෙරේරා මොරවක කියන තැනැත්තායි. එයාගේ වැඩිමහල් සොහොයුරා උන දානියෙල් පෙරේරා මොරවක කියන්නේ මොරවක වෙදකමේ ආරම්භක වෙද මහතායි. ඒ පවුලේ අයියා වෙදකම වෘත්තීය කරගත් අතර මල්ලි ව්‍යාපාර කළා. දැන් නම් කොම්පැනිය තියනවාද, නිෂ්පාදන මොනවාද කියන්න දන්නේ නැහැ. මේ ඉහතින් කියන්නේ මගේ සීයා (තාත්තාගේ තාත්තා) සහ එයාගේ මල්ලි ( තාත්තාගේ බාප්පා) ගැනයි කියලත් කියන්න කැමතියි.