මොරොක්කෝව ( Morocco )කියන්නෙ අප්‍රිකානු මහද්වීපයේ තියන දියුණුම රටවලින් එකක්.
මේ රටේ නම ඇහුනම අපේ හිතේ මැවෙන්නෙ බුර්කා වලින්.. හිජාබ් වලින් වැහුණු අන්තගාමී මුස්ලිම් රටක්. නමුත් අපි වැරදියි.
මොරොක්කෝ වැසියන් භහුතරය ඉස්ලාම් ආගම අදහන අය වුනත් ඒ මිනිස්සු වැඩි දෙනා ආගමෙන් අන්ධ වුණු මිනිස්සු නෙවේ.
කැසබ් ලන්කා ( Casablanka) මුහුදු වෙරළට ගියොත් බිකිනි ඇඳගෙන වෙරළෙ ඉන්න තරුණියො ඕනෙ තරම් දකින්න පුළුවන්.
සති අන්තයේ අවන්හල්.. ඩිස්කෝ රැඟුම් හල් දේශීය තරුණ තරුණියන්ගෙන් පිරෙනව. උගත් කම අතිනුත් මේ රටේ තරුණ පරපුර බොහොම ඉදිරියෙන් ඉන්නෙ.
මොරොක්කෝවෙන් තමයි ලෝකයේ පැරණිම හෝමෝසේපියන් හිස් කබල .. ඇටකටු හමු වුනෙත්.
අවුරුදු 315,000 ක් පරන ෆොසිල මේ රටට අයිති බිමෙන් හමු වීමත් එක්ක ලෝක ඉතිහාසය අළුත් මගකට හැරුනා.
ක්‍රිස්තු පූර්ව අටවන සියවසේ ඉඳල ගොඩ නැගුනු බලවත් රාජධානි... මාලිගා.. බලකොටු .. මහා මාර්ග.. නාන තඨාක වගේ බොහෝ අංග වලින් පිරුණු මේ රට හැඳින්වෙන්නෙ Country of the Colors විදිහටයි.
මිලියන 36 ක ජනගහනයක් ඇති මේ රට ක්‍රීඩා වලදිත් ලෝක මට්ටමේ අපූරු දස්කම් දක්වනව. මොනව වුනත් මොරොක්කෝ භූමියෙන් වැඩි හරියක් අයිති වෙන්නෙ කාන්තාර වලට.
කාන්තාරය මේ රටේ ප්‍රධාන සම්පත් වලින් එකක්.
2015 දි මේ රාජ්‍ය අපූරු ව්‍යාපෘතියක් දියත් කරා. ඒ තමයි සූර්‍ය බල ශක්තියෙන් රට ස්වයං පෝශිත කිරීම.
ලංකාව වගේම තමයි .. සමකාසන්න රටක් වූ මොරොක්කෝවට අවුරුද්ද පුරාම සූර්‍යාලෝකය ලැබෙනව.
ගෑස් හා පෙට්‍රල් මේ රටේ තිබුනත් මේ අයගෙ වැඩි අවධානය යොමු වුනේ සූර්‍ය බල ශක්තියට.
2015 දි බොලර් බිලියන 9ක දැවැන්ත සූර්‍ය පැනල ව්‍යාපෘතියක් සහරා කාන්තාරයේ ආරම්භ කරන්න මේ රට පසු බට වුනේ නෑ.
අක්කර 1112ක් පුරා විහිදුණු මේ සූර්‍ය පැනල ගම්මානය බැලු බැල්මට පේන්නෙ විද්‍යා ප්‍රභන්ධ කතාවක දර්ශණ වගේ.
ඒ අයගෙ අරමුණ වුනේ 2020 වෙද්දි රටේ බලශක්තියෙන් සීයට විසි පහක් වත් සූර්‍ය බලශක්තියෙන් සපුරා ගන්න.
අද මේ ඉලක්ක්කය සීයට තිහ ඉක්මවා ගිහින් තියනව.
ඒ නිසා මේ අය මොකද කරන්නෙ... සූර්‍ය විදුලි බලය යුරෝපෙට විකුණනව. මොරොක්කෝවෙ ඉඳන් පෘතුගාලය හරහා ස්පාඥ්ඥය දක්වා අද විදුලි රැහැන් ඇදල තියනව.
සූර්‍ය බලයෙන් උපදවපු විදුලිය මේ කේබල් දිගේ යුරෝපයට ඇදෙද්දි .. යූරෝ මිලියන ගනන් යුරෝපයේ ඉඳල මොරොක්කෝවට ලැබෙනව.
ස්විට්සර්ලන්තය.. ප්‍රංශය හා බෙල්ජියම අවස්ථාවන් හොයනව මොරොක්කෝවෙන් විදුලිය මිළට ගන්න.
ඒ මොකද… බොහෝ යුරෝපීය රටවල් න්‍යශ්ඨික විදුලි බලයෙන් මිදෙන්න තීරණය කරල තියෙන්නෙ.
ඇත්තම කිව්වොත් යුරෝපීයන් අතර තරඟයක් තියෙන්නෙ මොරොක්කෝවෙන් විදුලි බලය මිලට ගන්න.
බ්‍රිතාන්‍යය මේ අතරින් ඉදිරියෙන්ම ඉන්නව. මේ අවුරුද්දෙ එංගලන්ත බල ශක්ති සමාගමක් වූ එක්ස්ලින්ක්ස් ( XLinks) ඩොලර් බිලියන 21,9 ක ගිවිසුමක් අත්සන් කරනව මොරොක්කෝව එක්ක.
කිලෝමීටර් 3800 ක් දුර විදුලි කේබල් මුහුද යටින් ගෙනියන්න මේ අය සැලසුම් සකස් කරමින් ඉන්නෙ.
2030 වෙද්දි නිම කරන්න යෝජිත මේ ව්‍යාපෘතියේ මුල් අධියරෙන් එංගලන්තයට අවශ්‍ය මුළු බලශක්තියෙන් 8%ක් නිපදවා ගන්න පුළුවන්.
මේ ව්‍යාපෘතියෙන් 10,000 කට ආසන්න අළුත් රස්සාවල් මොරොක්කෝවට ලැබෙනව.
මේ ඉල්ලීම් දවසින් දවස ඉහල යනව..
ඒ ඇයි...?
අද ලෝකෙ ඉන්නෙ බලශක්ති තරඟයක.
චීනය.. ඉන්දියාව.. ඇමරිකා එක්සත් ජනපදය අදටත් සූර්‍ය බල ශක්තිය නිපදවීම අතින් ඉදිරියෙන් ඉන්නව. මේ රටවල පෙට්‍රල් ගෑස් තිබුනාත් සූර්‍ය බලයට තමයි සම්පූර්ණ අවධානම දෙන්නෙ.
ආයෙත් අහන්නෙ ඇයි මේ..?
මේ රටවල් වටහා ගෙන ඉවරයි.. ලෝකයේ බොරතෙල් නිධි අවසන් වේගෙන යන බව.
එතකොට ජල විදුලිය... ?
ජල විදුලිය හොඳ විසඳුමක්..
ඒත් කෝ ජලය. ?
තව අවුරුදු විස්සක් තිහක් යද්දි ලෝකය ජල හිඟයකට මූණ දෙන බවට අනාවැකි පලවෙලා තියෙද්දි බුද්ධිමතුන් තව දුරටත් ජල විදුලිය ගැන විශ්වාස තියන්නෙ නෑ.
ඕනෙ තරම් විරුද්ධ අදහස් .. විවේචන තියෙන්නෙ පුළුවන්..
ඒත් මොරොක්කෝව හරි තීරණය අරන් තියනව හරි වෙලාවෙදි.
මේ ගණුදෙනු හරහා විශ්වාසය තවත් ඉහල යනව මොරොක්කෝව ගැන.
දැනටමත් සංචාරකයන්ගෙ ප්‍රධාන ආකර්ශණයක් වෙන මේ රට සූර්‍ය ව්‍යාපෘතිත් එක්ක සංචාරක ව්‍යාපාරයත් එක්ක තවත් වේගයෙන් ඉහල යනව.
මේ මොරොක්කෝව ගැන වර්ණනාවක් නෙවේ.
අපිට ඉගෙන ගන්න බොහෝ දේ තියනව.
පෙට්‍රල් ..ඩීසල් .. ගෑස් නිධි ඇති රටවල් පවා ඒව පැත්තකින් තියල ඉර එලියෙන් විදුලිය හදද්දි... අවුරුද්ද පුරාම ඉර පායන ලංකාව පිට රටවලින් ඉන්ධන එනකල් බලන් ඉන්නව.
වාහන වලට විතරක්ද... නෑ. ලොකු මිළක් ගෙවල මේ ඉන්ධන ගෙනල්ල කැළණි තිස්ස විදුලි බලාගාරෙදි විදුලිය නිපදවනව.
මේව දැකල මුළු ලෝකෙම හිනා වෙනව. මේක අතිශෝක්තියක් නෙවේ. මේ ලංකාවට හිනා වෙනව නෙවේ... මේ කියන්නෙ ඇත්ත.
මෙයින් අදහස් වෙන්නෙ නෑ… මොරොක්කෝව වගේ සූර්‍ය විදුලිය නිපදවල මාල දිවයිනට විකුනන්න කියල.
ඉර එලිය හරියට පාවිච්චි කලොත් අඩුම තරමෙ දුශ්කර.. ඈත එපිට ගම්මාන වල දුප්පත් මිනිස්සුන්ට වත් ලයිට් ටික අරගෙන දෙන්න පුළුවන් අපේ වචන වලින් කිව්වොත්.
මගෙත් එක්ක කලින් ඉඳන් ඉන්න මගේ මිත්‍රයො දැකල තියනව (පිංතූර හරහා )කඳුවලින් වැහිච්ච.. හිමෙන් වැහිච්ච ස්විස් ගම්මාන වලත් අද සූර්‍ය පැනල තියන බව බොහෝමයක් නිවාස වහල වල.
මං ආයෙත් කියන්නෙ... "හෙට ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ නම් ඉර එලියෙන් වැඩක් ගන්නෙ නැතුව බෑ"
පාර්ලිමේන්තුවේ කට ඇරගෙන බෙරිහන් දුන්නට වැඩක් නෑ... මෙච්චර ඉර එලිය තියාගෙන.. ඉන්ධන පිටරටින් ඉන්ධන එනකල් කට ඇරගෙන බලන් ඉන්නව නම්.
මේ හිස් මිනිස්සුන්ට මේව කියල වැඩක් නෑ.
දැනගන්න තිබ්බ විදිහට පේරාදෙනිය විශ්ව විද්යාලයෙන් ඉදිරිපත් කරපු සූර්‍ය බල ව්‍යාපෘතියත් අද කුණු කූඩෙ.
මේ ලිපි කියවන පොඩි උන් හරි ඉගෙන ගත්තොත් .."කවද හරි ලංකාවට ඇති වෙන්න ඉර එලියෙන් විදුලිය නිපදවන්න පුළුවන් " කියල ඒක ලොකු දෙයක්.
අද ලංකාව සූර්‍ය බල ශක්තිය ඇති වෙන්න නිපද වන්නෙ නැත්තෙ..... එහෙම උනොත් විදේශ වලින් ඉන්ධන ගෙන්නල හොරකම් කරන ධනස්කන්ධය නොලැබෙන නිසා කියලයි මට හිතෙන්නෙ.
මහ ලොකු න්‍යායක්.. රහසක් නෑ.. පොඩ්ඩක් ඇත්ත ඇති සැටියෙන් කල්පනා කරන්න තියෙන්නෙ.
කරුණාකරල වරදවා තේරුම් ගන්න එපා තියන කැලෑ ටික කපල කාන්තාරයක් හදන්න ඉක්මන් වෙන්න එපා සූර්‍ය පැනල සවි කරන්න.
අන්තිම පිංතූරෙ තියෙන්නෙ සූර්‍ය විදුලියෙන් වැඩ කරන වතුර ලිඳක්.
ඒ වගේ හැම ගෙදරකම පොඩියට මේ වැඩේ කරන්න පුලුවන් ඉතාම ලේසියෙන්.
පිංතූර.. BBC.. wikipedia.. X links...
Malcolm Sang ගෙන් උපුටා ගත්තකි...