මොලේ තියෙන උන් විතරක් කියවපල්ලා : Part 1

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඊයෙ පෙරේදා දවසක දරුවො කිහිප දෙනෙක් පාළම් පාරුවක් පෙරළිලා මැරුණා නේ ද?... සමහරු එදා සාහසික වෙලා ඒ පැත්තෙ මන්ත්‍රී කෙනෙක්ගෙ ගේ දොර කුඩු කරලාත් තිබ්බා....සමහරු ඒ ගැන දුක හිතෙන කවි ලියලත් තිබ්බා...දැන් දැන් ඒ ගැන මතකය අමතක වෙමින් යනවා...සමහරු එදා... ඒ වගේ අනතුරුදායක තැන්වල පාලම් වගේ දේවල් නොහදා නෙලුම් කුළුණවල්... සඳ හිරු සෑයවල්... හදන්න වැඩි පුර උනන්දු වෙන එක ගැන රජයට දොස් කියලාත් තිබ්බා...ඒත් රජයක් හැටියට කල්පනා කරලා බැලුවොත්.... අපි හිතමු රජය ඔය පාලම ඔතන හැදුවා කියලා... උපරිම ඕනේ නම් ඔය මැරුණ දැරුවෝ බේරෙයි ...ඉතිං ඒකෙන් රජයට ඇති ඵලය මොකක්ද ?...මොකෝ උන් ලොකු වෙලා චන්දෙ දෙයි කියලා ද?....මැරිලත් දවසෙන් දෙකෙන් අපිට ඒ දරුවො අමතක වෙනවා නම්... උන් මේ මොහොතෙත් ජීවත් වෙලා හිටියා නම්... උන් ඒ ජීවත් වෙලා ඉන්නෙ... මේ රජය නෙලුම් කුළුණු සඳ හිරු සෑයවල් වගේ ඒවා නොහදා ඒ වෙනුවට මේ වගේ හදපු පාලම්වලින් යහතින් එගොඩ වෙච්ච හින්දා කියලා අපිට හිතෙයි ද?.. එහෙනම් අපි පාලමකින් එගොඩ වෙන හැම වාරයකදීම..." මා මෙවර ජීවිතය බේරා ගත්තේ අසවල් රජය මේ පාළම මෙතැන සෑදූ නිසා ය...ඒ නිසා අසවල් රජයට මගේ චන්දය දෙමි"....කියලා අපිට හිතෙන්න එපැයි ....ඒත් අපිට එහෙම හිතෙන්න නැහැනෙ...
    ඒත් බලන්න ඒකට නෙලුම් කුළුණ.....කිසි වැඩකට නැහැ කිව්වට...පොටෝ ම කීයක දවසට වදිනවා ද?....කොළඹ චිත්‍රපටියක් ඩොකියුමන්ට්‍රියක්...ඇඩ් එකක්...මියුසික් වීඩියෝ එකක්...ඔය මොකක් ශූට් කළත් ...නෙලුම් කුළුණ අනිවාර්යයෙන්ම තියනවා ....කොටින්ම කොළඹ කියන්නෙ නෙලුම් කුළුණ ... "නෙලුම් කුලුණේ ප්‍රයෝජන මොනවාද ?" යනුවෙන් කවුරු හරි අහලා තිබ්බ ප්‍රශ්නෙකට...තව කවුරු හරි විහිලුවට උත්තරයක් ලියලා තිබ්බා මට මතකයි...."කොච්චියේ එද්දි කොළඹ ළඟයි කියලා දැන ගන්නෙ නෙලුම් කුළුණ දැක්කාම" කියලා ...ඇත්ත වශයෙන්ම විහිලුවක් වුනත් ඒ උත්තරය හරියටම හරි....ඉස්සරම අපි පොඩි කාලේ...කොළඹ කියලා වැඩිම උනන්දුවෙන් බැලුවෙ පිට්ටු බම්බුව දිහා ....දැන් ඒක පේන්නෙවත් නැහැ ...දැන් ඒ වගේ බලන්නෙ නෙලුම් කුළුණ දිහා....ඕක ඉතින් නොපෙනෙන්න නම් තව මොකාක් හරි ඔයිට වඩා උස අලවංගුවක් හරි...ග්‍රීස් ගහක් හරි.... මොකාක් හරි බම්බුවක් ඔය හරියෙන් හිටවන්න ඕනේ....
    දැන් එතකොට සඳ හිරු සෑය....දැන් ඔය රුවන් වැලි සැය වගේ එකක් වුනත් හදද්දි සමහරු අහන්නැති..."අයිසෙ රටේ ප්‍රශ්න නැතුවට ද තමුන්ගෙ හිස්කමේ ඇරියස් එක වහගන්න ...මෙච්චර ලොකු කෝම්පිට්ටු හදන්නෙ?" කියලා ....ඒත් දැන් කවුරුවත් එහෙම අහන්නෙ නැහැ ...දැන් අපි ගිහිං රුවන් වැලි සෑයට වඳිනවා ....අලෝක පූජා... පළතුරු පූජා අනං මනං කරනවා...ජනාධිපතිවරු දිවුරුම් දෙනවා....ඉතිං සඳ හිරු සෑයටත් වෙන්නෙ ඔච්චරම තමයි ...
    ඒත් අර ළමයි ටික මැරුනත් ජීවතුන් අතර හිටියත්....නෙලුම් කුළුණ වගේ ඉතිහාසයෙ හිට ගන්නෙ නැහැ ...සඳ හිරු සෑය වගේ පුද පූජාවට ලක්වන්නෙ නැහැ ....කොහොමත් ඉතිහාසය කියන්නෙ මේ වගේ තේරුමක් නැති ලට්ට ලොට්ට ගොඩක් ගැන ගොඩනගාගත්ත තේරුමක් නැති ආඩම්බරයක්....
    සමහර විට ඒ පාලම හදාගන්න අර ළමයින්ට දියේ ගිලෙන්නම වෙනවා....කොළඹට බරපතල කුණු ප්‍රශ්නයක් තියනවා කියලා තේරුම් කරවන්න...ඒ කුණු කන්ද වටේ හිටපු මිනිස්සුන්ට කොච්චර කෑගහලාත් බැරි වුනා...අන්තිමට ඒ මිනිස්සුන්ට ඒක කරන්න වුනේ....ඒ කුණුකන්දටම යට වෙලා මැරිලා....රජයට විතරක් නෙවෙයි අඩුම තරමේ අපිටවත් ප්‍රශ්නෙ බරපතලකම එතකං දැනෙන්නෙ නැහැ ...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔව් උබ කියන එක ඇත්ත. නමුත් මේවා බේසික්ස් දේවල් . 2021 වෙලත් පාරූ පෙරලිලා මිනිස්සු මැරෙනවයි කියන්නෙ, අපේ රටේ සංවර්ධනයේ ප්‍රශනයක් තියෙනවා කියන එක. නෙලුම් කුලුණ කොලඹට අයිකන් එකක්, ඒ වගේම ලංකාවට උනත්. නමුත් අපිට සල්ලි නැත්නම් උබ මුලින්ම ගෙදර වහල ගහගෙන ඉන්නවද නැත්නම් ගේ ටයිල් කරනවද?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ayojanaya kiyana wachanewath theruma danne nathi ponnayekne tho
    oya nelum paken rate nayabara wadiwena eka witharane wenne
    US$ 104 million
    kohomada pako rata diyunu wenne
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,664
    10,243
    113
    කින්නියා පාලම හදල දැන් ගොඩක් කල් නේද? එතකොට ඒක ඇයි ඒ මිනිස්සු පාවිච්චි නොකරන්නෙ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සාරාංශය

    රජයක් පත් වන්නෙ ඊලඟ චන්දය දිනීමටය, වැඩ කල යුත්තේ ඊලඟ චන්දය බලාගෙනය

    මිනිස්සුන්ගේ අවශ්‍යයතා මොනවාද දැනගැනීම රජයට අවශ්‍ය නැත

    රජයෙන් මිනිස්සුගෙ අවශ්‍යතාවයක් සපුර ගන්නනං මිනිස්සු ටිකකට මැරිලා පෙන්නන්න වෙනවාය
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සාරාංශය

    රජයක් පත් වන්නෙ ඊලඟ චන්දය දිනීමටය, වැඩ කල යුත්තේ ඊලඟ චන්දය බලාගෙනය

    මිනිස්සුන්ගේ අවශ්‍යයතා මොනවාද දැනගැනීම රජයට අවශ්‍ය නැත

    රජයෙන් මිනිස්සුගෙ අවශ්‍යතාවයක් සපුර ගන්නනං මිනිස්සු ටිකකට මැරිලා පෙන්නන්න වෙනවාය
    උබට විතරයි තේරුනේ
     
    • Love
    Reactions: hasithayad