~ මොසාඩ් ලිපි අංක 5 ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ මොසාඩ් ලිපි අංක 5 ~

    ~ මොසාඩ් ලිපි අංක 5 ~



    මෙය " මියුනිච් සංහාරය සහ දේව උදහස" දෙවැනි ලිපියයි. පළමු ලිපිය මෙතැනින්

    http://www.elakiri.com/forum/showpost.php?p=24514307&postcount=1

    හම්සාරිගේ මරණයෙන් සති කිහිපයකට පසු Mike Harari සහ Jonathan Ingleby නම් තවත් පුද්ගලයෙක් සයිප්‍රසය වෙත පැමිණියේය. ඔවුන් නිකෝසියා හි ඔලිම්පියා හෝටලය නවාතැන වශයෙන් වෙන්කරගනු ලැබුවා. ඊශ්‍රයාලය, සිරියාව, ලෙබනනය සහ ඊජිප්තුව යන රටවල් සියල්ලටම ආසන්නයෙන් පිහිටා ඇති නිසා ඒ වනවිට සයිප්‍රසය ඊශ්‍රයාලයේ සහ අරාබි රහස් ඔත්තු සේවා නියෝජිතයන්ගේ යුධ පිටියක් බවට පත්වී තිබුනා. මෙවර මොසාඩ් නියෝජිත දෙපලගේ හඹායෑම වූයේ Hussein Abd el Hir නම් පළස්තීන ජාතිකයකි.

    මාස කිහිපයකට පෙර ඔහු සයිප්‍රසයේ Black September හි ප්‍රධාන නියෝජිතයා වශයෙන් පත්ව තිබුනේය. එමෙන්ම අරාබි හිතවාදී සෝවියට් රුසියාව සහ නැගෙනහිර යුරෝපයේ රටවල ලැගුම් ගෙන සිටි ත්‍රස්තවාදී ක්‍රියාකාරින් සමග පවත්වාගෙන යන සම්බන්ධතා ජාලයේ මැදිහත්කරුවූයේද මොහුය. මේවනවිට රුසියාව, චෙකොස්ලෝවැකියාව, හංගේරියාව සහ බල්ගේරියාව වැනි රටවලදී පළස්තීන ත්‍රස්තයන් පුහුණුව ලබමින් සිටියා. එමෙන්ම මෙම රටවල් අවි ආයුධ නැව් එවමින් පළස්තීන ත්‍රස්තවාදී සංවිධාන වෙත ආධාර කරමින් සිටියේය. එමෙන්ම ඊශ්‍රයාලය තුලට ත්‍රස්තවාදීන් ඇතුළුකිරීම සහ සයිප්‍රසය තුල සිටින ඊශ්‍රයාල හිතවාදී අරාබි ඔත්තුකරුවන් ඝාතනය කිරීම්ද මෙහෙයවනු ලැබුවේ Abd el Hir විසිනි. මේ හේතු නිසා X කමිටුව විසින් ඔහුගේ මරණ වරෙන්තුව නිකුත් කරනි ලැබුවා.

    එදින රාත්‍රියේ Abd el Hir තම හෝටල් කාමරයට පැමිණ විදුලි පහන් නිවා දමා නින්දට වැටුනේය. ඔහු නින්දට වැටෙන තුරු බලා සිටි Jonathan Ingleby විසින් දුරස්ථ පාලක පුවරුවක තිබූ බොත්තමක් ඔබනවාත් සමගම දැවැන්ත පිපුරුමක් හෝටලයේ තුන්වැනි මහලේ කාමරයක හටගත්තා. මධුසමය ගත කිරීමට සයිප්‍රසයට පැමිණි ඊශ්‍රයාල ජාතික යුවලක් පිපිරුමත් සමග ආරක්ෂාව පතා ඇඳ යටට රිංගා තිබුනේය. හඬ ඇසුණු කාමරය වෙත දිව ආ පැමිණි හෝටල් සේවිකයෙක් දුමෙන් වැසුණු කාමරය කෙමෙන් කෙමෙන් පැහැදිලි වන විට දුටු භයංකර දසුනින් සිහිසුන්ව ඇද වැටුනා. Abd el Hir ගේ ලෙයින් වැසුණු හිස වැසිකිලි අසුනේ සිරවී ඔහු වෙත එල්ල තිබුනා.

    Abd el Hir ගේ ඝාතනයෙන් සති දෙකකට පසු සයිප්‍රසය වෙත නව Black September නියෝජිතයෙක් පත් කෙරුණා. ඔහු නිකෝසියාවට පැමිණ පළස්තීන හිතවාදී රුසියානු KGB නියෝජිතයා හමුවීමෙන් අනතුරුව හෝටලයට පැමිණ නින්දට ගිය අතර Abd el Hir ගේ ඉරණමම ඔහුට අත්විය. ඒ වනවිට ඔහු සයිප්‍රසයට පැමිණ ගතව තිබුනේ පැය ව්සිහතරක් පමණි.

    ඊශ්‍රයාලය තම නායකයින් ඉලක්ක කරමින් සිටින බව වැඩි කලක් යාමට පෙර අවබෝධකරගත් Black September ක්‍රියාකාරීන් විසින්ද පළිගැනීමේ ක්‍රියාදාමයන් ඒ වනවිට අරඹා තිබුනි. ඒ අනුව මැඩ්‍රීඩ්, බ්‍රසල්ස් සහ ලන්ඩන් වල සිටි මොසාඩ් ක්‍රියාකාරීන් තුන් දෙනෙකු ඝාතනය කිරීමේ ප්‍රයත්නයන් සාර්ථක වී තිබුනේය.

    නමුත් අර්ෆත් ට සහ අලි හසන් සලාමේ හට අවශ්‍යව තිබුනේ ඊට වඩා දැනෙන ප්‍රතිචාරයක් ඊශ්‍රයාලය වෙත ලබා දීමටය. ගුවන් යානයක් පැහැර ගැනීමට සැලසුම් කල ඔවුන් ඉන් පසු එය පුපුරණ ද්‍රව්‍යය සමග ටෙල් අවිව් නගර මධ්‍යයට කඩා වැටෙන්නට සලස්වා විශාල ජීවිත හානිය සිදු කිරීමට අරමුණු කර ගත්තේය.

    වැඩි කලක් ගත වීමට මත්තෙන්ම මොසාඩ් වෙත මෙම සැලසුම පිළිබඳ තොරතුරු හෙළිවිය. මොසාඩ් ඒජන්තයින් කිහිප දෙනෙක්ම පැරිස් හි සිටි ප්‍රහාරය සැලසුම් කරන පලස්තීනුවන් කණ්ඩායම පසුපස හඹා යාමට පටන් ගත්තේය. මොසාඩ් ප්‍රධාන කාර්යාලය වෙත ඔවුන් එවූ ඡායාරූප අතර සිටි Basil Al-Kubaissi නම් Black September හි ජ්‍යේෂ්ඨ නායකයා හඳුනා ගැනීමට මොසාඩ් නිළධාරීන්ට අපහසු නොවීය.

    බේරුට් හි ඇමරිකානු විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස භාහිර සමාජය තුල කීර්තිමත් ජීවිතයක් ගතකරමින් සිටියත් ඔහුද Zwater වැනිම රහස් ජීවිතයකට හිමිකම් කියූ භයානක ත්‍රස්තවාදියෙකි. ඉරාකයේ ෆයිසාල් රජු ඝාතනය කිරීමට උත්සාහ කිරීම, ඊශ්‍රයාල අගමැතිනි ගොල්ඩා මෙයීර් ඝාතනය කිරීමට දෙවරක් උත්සාහ කිරීම මෙන්ම Lod ගුවන්තොටේදී සිදුවූ ප්‍රහාරයටද ඔහුගේ නම ඈදී තිබුනා. ඔහු මේ වනවිට පැරිසියේ කුඩා හෝටලයක නැවතී සිටින බව මොසාඩ් ඔත්තුකරුවන් සොයාගත්තේය.

    අප්‍රේල් මස 6 වන දින කුඩා අවන්හලකදී ලබාගත් රාත්‍රි ආහාරයෙන් පසුව Al-Kubaissi තම හෝටලය වෙත යමින් සිටියේය. හෝටලය අසල ප්‍රදේශය තුල රැදී සිටි මොසාඩ් ඝාතක කණ්ඩායම ඔහු එනතුරු බලා සිටියේය. වීදිය මත දෙදෙන්ක්ද, තවත් දෙදෙනෙක් මෝටර් රථයක් තුලඳ රැදී සිටියා. Al-Kubaissi ලංවත්ම නියෝහිතයන් දෙපලද ඔහු වෙත යමින් සිටියේ ගිනි අවි සූදානම් කරමින්ය. නමුත් අනපේක්ෂිත යමක් සිදුවිය. Al-Kubaissi අසලින් මෝටර් රථයක් නැවතුනු අතර එහි තරුණ කාන්තාවක් විය. ජනේලය තුලින් හිස දමා ඔහු සමග යම් වචන කිහිපයක් හුවමාරු කරගත් ඇය Al-Kubaissi ද නංවාගෙන සැණෙකින් පිටව ගියේය. කලබලයට පත්වුනු මොසාඩ් නියෝජිතයන් ඇය ගණිකාවක් බව අවබෝධකරගත්තා. හොඳින් සැලසුම් කරන ලද මෙහෙයුම ගණිකාවක් නිසා අසාර්ථකවෙමින් තිබුනේය.

    නමුත් මොසාඩ් කණ්ඩායමේ නායකයා කලබලයට පත්වුනු සගයන් අමතා පැවසුවේ ඇය අනිවාර්යෙන් නැවතත් ඔහු රැගෙන එනු ඇති බවත් එතෙක් ඉවසා සිටින ලෙසත්ය. ඔහු පැවසූ පරිදිම විනාඩි විස්සකින් පමණ පසු නැවත පැමිණි මෝටර් රථය Al-Kubaissi බස්වා පිටව ගියේය. ඉන් පසු Al-Kubaissi සෙමෙන් සෙමෙන් හෝටල වෙත ඇදෙන්නට වුනා. ඔහුට යාමට හැකිවුනේ පියවර කිහිපයක් පමණි. ඔහුගේ මග අවහිර කරමින් අදුරු සෙවණැලි දෙකක් ඉදිරියෙන් මතු වුනා. ඉන් එක් අයෙක් David Molad ය.

    Al-Kubaissi ට සැණෙකින් වෙන්නට යන දෙය අවබෝධ විය. තමා නොමරන ලෙසට ප්‍රංශ බසින් කෑගැසු ඔහු වෙත වෙඩි උණ්ඩ නවයක් මුදා හැරීමට ඝාතකයන් සමත්වුනා. Al-Kubaissi වීදිය මත ඇද වැටෙද්දී මොසාඩ් නියෝජිතයන් මෝටර් රථයේ නැගී සැණෙකින් පලා ගියේය. Zwaiter ගේ ඝාතනයෙන් පසුව සිදුවූවාක් මෙන්ම PLO සංවිධානය මහාචාර්ය Al-Kubaissi ගේ සැබෑ මුහුණුවර මාධ්‍යය මගින් හෙළිකරනු ලැබුවා.

    ඝාතනයෙන් මාස කිහිපයක් යනතුරු Molad සහ කණ්ඩායම් Black September ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම ඝාතනය කරමින් යුරෝපයේ වාසය කරමින් සිටියේය. මේ පිරිස අතර ඊශ්‍රයාල වරායන් වෙත ත්‍රස්ථප්‍රහාර එල්ලකිරීම සඳහා නැව් මිලදී ගැනීමට ග්‍රීසිය වෙත පැමිණි පළස්තීන රාජ්‍ය ත්‍රාන්තිකයින් කිහිප දෙනෙක්ද සිටියේය.

    නමුත් තවමත් පිළිතුරු නොලැබුන ප්‍රශ්ණයක් තිබෙනවා. මියුනිච් සංහාරයේ මහා මොළකරු වු සලාමේ සිටින්නේ කොහෙද ?

    සලාමේ සිටියේ බේරුට් වල පිහිටි ඔවුන්ගේ මූලස්ථානයේය. ඔවුන්ගේ ඊලඟ ප්‍රහාරය සැලසුම් කරමින් සිටි ඔහු තායිලන්තයේ ඊශ්‍රයාල තානාපති කාර්යාලය Black September යටතට ගැනීමට පිඹුරුපත් සකස් කරමින් සිටියේය. නමුත් මෙහෙයුම සාර්ථක නොවීය. තායි හමුදා ජනරාල්වරුන්ගේ තර්ජනය කිරීම් හේතුවෙන් සහ ඊජිප්තු තානාපතිවරයාගෙන් එල්ලවු පීඩනය හමුවේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර තායිලන්තය හැරයාමට ඔවුන්ට සිදුවුනා.

    මේ නිසා සලාමේ ගේ මීලඟ මෙහෙයුම වඩාත් භයානක තර්ජනාත්මක එකක් විය. සූඩානයේ කාර්ටුම් අගනුවර සවුදි තානාපති කාර්යාලයේ යුරෝපා තානාපතිවරයෙක් වෙනුවෙන් සංවිධානයවූ සමු ගැනීමේ සාදයකට කඩා වැදුනු ත්‍රස්තවාදීන් සූඩානයේ සිටි විදෙස් රාජ්‍යය ත්‍රාන්ත්‍රිකයන් සියල්ලම පාහේ අල්වාගත්තේය. නමුත් යසර් අර්ෆත්ගෙන් ලැබුනු නියෝගයක් අනුව ඔවුන් තුන් දෙනෙකු හැර ඉතුරු සියලු දෙනා නිදහස් කර දැමුවේය. ඇමරිකානු තානාපතිවරයා, උප තානාපති සහ බෙල්ජියමේ වැඩ බලන තානාපතිවරයා එම රඳවාගත් තිදෙනාය. අර්ෆත්ගේ නියෝගය අනුව ඔවුන් තිදෙනා ඉතාමත් කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ මුලින් දෙපා වලට වෙඩි තබා ක්‍රම ක්‍රමයෙන් පපුව දක්වා වෙඩි තබමින්ය.

    ත්‍රස්ථවාදීන් පසුව අත් අඩංගුවට පත්වුනද සූඩාන රජය ඔවුන් පසුව නිදහස් කිරීමට කටයුතු කරන ලද්දේය. ලොව දස අතින්ම රාජ්‍යය තාන්ත්‍රිකයන්ට එල්ලවූ මෙම ප්‍රහාරයට විරෝධතා නැගෙන්නට විය. Black September වෙත මරණීය හෝරාව උදාකරවීමට මෙම අවස්ථාව ඉතාමත් සුදුසු බව ඊශ්‍රයාලය සිතාගත්තා.

    ඒ අනුව ජෙරුසලමේදී අගමැතිනි ගොල්ඩා මෙයීර් Wrath of God මෙහෙයුමේ නවමු අදියරක් ලෙස Spring of Youth මෙහෙයුම දියත් කිරීමට මොසාඩ් වෙත අවසරය ලබා දුන්නා.

    එම මෙහෙයුම ගැන මීලඟ ලිපියෙන් කතා කරමු.

    Mossad: The Greatest Missions of the Israeli Secret Service කෘතිය ඇසුරෙනි.



    XVBcdAy.jpg



    Mike Harari


    hPDd4aQ.jpg



    ඝාතනය වූ ඇමරිකානු රාජ්‍යය තාන්ත්‍රිකයන් දෙපල
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යකෝ උඹ නම් මොසාඩ් දෙයියෙක් බන්.....:yes::yes::yes::yes: You must spread some Reputation around before giving it to DJU9 again. ලු ඈ.......:sorry::sorry::sorry:
     
    Last edited: