වනාන්තරයේ කුටි සකසාගෙන තාපසවරු හැත්තෑ හතර දහසක් සමඟ වාසය කළා.
මේ ආරාමයට අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ වැඩම කළා.
උන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන , වතාවත් සම්පූර්ණ කර, දවල් දානයට පලතුරු වර්ග පූජා කර, අනතුරුව ගෝල බාල තාපසවරු හැත්තෑ හතර දාහස ලවා ම වනාන්තරයෙන් මල් නෙළාගෙන විත්, බුද්ධාසනය මත තැම්පත් කර විශාල මල් පූජාවක් සිදු කළා.
එහි අනුහසින් ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වීමට පැතූ පැතුම ඉටු වූ සැරියුත් තෙරුන් වහන්සේ මල් පූජාවේ ආනිශංස වදාළා.
තාපස ජීවිතයේ පටන් ගෞතම බුදු සසුන දක්වාම මල් පූජාවේ අනුහසින් සතර අපාගාමී නොවූ උන් වහන්සේ මනුලොව, දෙව්ලොව උපත ලබමින් සියලු සම්පත් ලබාගෙන , පාරමී ගුණ ද දියුණුවෙන් ගෞතම මහ බෝසතාණන් වහන්සේ සමීපයේ ම වාසය කළා.
උන්වහන්සේගේ බෝධිකාරක ධර්මයන්ට උදව් පදව් කළා.
ආරක්ෂකයකු වශයෙන් ද වාසය කර පැවිදි ව ගෞතම බුද්ධ ශාසනයේ ඉර හඳ මෙන් බැබළෙමින් සාරිපුත්ත නමින් ප්‍රකට වුණා.
මේ අනුව ලොව්තුරා බුදු රදුන් උදෙසා කරන පූජාවන් අනර්ඝ යි.
ඒ පින මෙපමණයි යනුවෙන් සඳහන් කරන්නට බැහැ.
ඒ නිසා දිනපතාම උදේ , සවස මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න.
එලෙස ධර්ම රත්නයට, සංඝ රත්නයට, පූජා වේවා යනුවෙන් සිතන්න.
සියලු වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේලාටත්, අනන්ත බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාටත්, මේ මල් වට්ටිය මම පූජා කරමි, පූජා වේවා, මේ පිනෙන් මට නිවන් සම්පත් ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කර ගන්න.
මෙවැනි අදහසින් කරන පින්කමෙන් තමන් රහත් ඵල ලබන තුරුම විපාක දෙනවා.
ඒ නිසා ශ්‍රද්ධා දී ගුණ සිතෙහි තබාගෙන ම බුදු ගුණ සජ්ඣායනාවෙන් ම බුදුරජාණන් වහන්සේ උදෙසා පින්කම් සිදු කිරීමෙන් නිවන් දකිනා ජාති දක්වාම සුගතිගාමී ව වාසය කළ හැකියි.
ඒ නිසා එක් ජීවිතයක් පස් පවින් වැළකී , ගුණ දහම් දියුණුවෙන් කටයුතු කළොත් සංසාරෙටම අගනා වෙයි.
කිසිවෙකින් අඩු පාඩු නො වෙයි.
ඉතිපි සෝ ගාථාව නිතර මෙනෙහි කරමින් බුදු ගුණ වඩන්න, මෛත්‍රිය වැඩි කර ගන්න, ලොවටම සෙත් පතන්න.
බණ පොත් කියවීම, බුදුසරණ පුවත්පත කියවීම ආදිය සිදු කළ යුතු යි.
මෙලෙස තමන් ඉතා පිරිසුදු සිතෙන් පාරමී ගමන යන්න.
නිවන් මඟට බැස නිවන් සුව පතාම පින්දහම් සිදු කර ගන්න.
ඇතැමෙක් මල් පූජා පින්කම වැඩක් නැතැ’යි පැවසුව ද එවැනි දුර්මත ඉවතලමින්, ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවට ගොස් නිවන් සුව පතාම මේ ගමන අවසානය දක්වාම යන්නට අවශ්‍යයි.
මේ කරුණු කාරණාවෝ කවුරුත් බොහොම හොඳින් සිතට ගතට ගෙන, දස පාරමිතාවෝ පිරෙන සේ , ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන සේ පූජා සත්කාර වන්දනා මාන කළ යුතු යි.
සෑම නිවසක ම බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා.
එය
ගෞරව සම්ප්රයුක්තව තබාගෙන වැඳුම් පිඳුම් කළ යුතු යි.
ඇතැමුන් බුදුරජාණන්වහන්සේට වෙනම කුටියක් සකසා තිබෙනවා .
මේවා අනන්ත ජාතිවල මාළිගා ලැබෙන පින්කම්.
එය සැමටම කළ නොහැකි නම් තමන්ට හැකි සේ වතාවත් ඉෂ්ඨ සිද්ධ කර ගන්න .
මරණින් මතු කොහේ යනවා ද නැවත බුදු කෙනෙක් හමු වෙනවා ද යනුවෙන් සිතන්නට බැහැ .
ඒ නිසා කවුරුත් ලබාගත් බුද්ධ ශාසනය රැකගෙන හැකිතාත් උදාර පින්දහම් සිදු කර, බුද්ධාදී උතුමන් නිවි සැනසුණු නිවන් පසක් කරගන්නට ලැබේවා .
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ,,,,,,,,,,
පින්කැමති සියල්ලොම සතුටුසිතින් දැකබලා අනුමෝදන් වෙත්වා ..!!!
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ඔබ අප සැමට සම්මා සම්බුදු සරණයි ...!!!!
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
සියලු සත්ත්වයෝ ලෝව සුවපත් වෙත්වා නිවන් දකිත්වා...!!!
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
මේ උතුම් ධර්ම දානය නිවන පිනිසම හේතු වේවා ...!!!