මොළයට ව්‍යායාම ලබාදෙන සුදොකු........

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මොළයට ව්‍යායාම ලබාදෙන සුදොකු........

    සූදකු (数独 sūdoku?) යනු කර්ක ශාස්ත්‍රය-පදනම් කොටගෙන සංඛ්‍යා ස්ථානගත කිරීමේ ප්‍රහේලිකාවකි. මෙහි පරමාර්ථය වනුයේ 9×9 ජාලකයක්, එක් එක් සිරස් පේළිය, එක් එක් තිරස් පේළිය හා එක් එක් 3×3 කොටු නවය (කොටස හෝ පෙදෙස ලෙසද හැඳින්වේ)තුල අංක 1 සිට 9 දක්වා එක් වරක් පමණක් අඩංගු වන පරිදි සම්පූර්ණ කිරීමය. ප්‍රහේලිකාව සකස්කොට ඉදිරිපත් කරන්නා විසින් භාගික වශයෙන් සම්පූර්ණ ජාලකයක් සපයනු ලැබේ.
    විසඳා හමාර කරන ලද සූදකු ප්‍රහේලිකා ලතින් කොටු ගණයට අයත් වන මුත්, එක් එක් කොටස් හෝ ප්‍රදේශ වල අන්තර්ගතය පිළිබඳ පැනවුනු අමතර සංරෝධනයන් හේතුවෙන් ලතින් කොටු වලින් වෙනස් වේ. ලියොනාඩ් ඉයුලර් මෙම ප්‍රහේලිකාවේ නිර්මාතෘ ලෙස සාවද්‍ය ලෙස උපුටා දැක්වෙනුයේ ලතින් කොටු සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකරන ලද ගණනයන්, විශ්ලේෂණ හා පර්යේෂණ හේතුවෙනි. .[1]
    නූතන ප්‍රහේලිකාව, ඇමරිකානු වාස්තුවිද්‍යාඥ හොවාඩ් ගාන්ස් වෙතින් 1979 දී නිමැවී ඩෙල් සඟරා හි "අංක පෙදෙස" යන නම යටතේ ප්‍රකාශයට පත් විය. [2] මෙය 1986 දී ජපානයේ ජනප්‍රිය භාවයට පත් වූයේ, නිකෝලි විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ, තනි අංකය යන අරුත් දනවන සූදකු යන නම ආරූඨ කිරීමෙන් අනතුරුවය.[3] එය 2005 දී ජාත්‍යන්තර ජනමෝදකයක් බවට පත් විය.


    සුදොකු online ගහන්න.

    http://www.websudoku.com/
    http://dkmgames.com/Sudoku/
    http://www.sudoku.com/
    http://mypuzzle.org/sudoku
     
    • Like
    Reactions: chethana kalan