ශාක ප්‍රෝටීන ලොකුවට මාංශ පේෂීන් වර්ධනය කරන්න සපෝට් කරන්නෙ නෑ කියන එක නෙ විද්වත් මතය. එහෙම නේ

එ්ත් මෙච්චර කාලයක් ගිහිල්ලත් මාංශ භක්ෂක සත්තුන්ට වඩා ශාක භක්ෂක සතුන් ශාරීරිකව විශාල වෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද? එ්ක මට හැමදාම ඔළුවට එනව
Weight lift කරද්දී.
අහම්බයකින් ඈත අතීතයේ එහෙම උණා කියමු. එහෙම නම් පරිණාමයේ දී ඇයි එ්ක වෙනස් නොවී අදටත් එහෙම ම පවතින්නෙ
මිනිහාට ප්‍රෝටීන් හදා ගන්න බැහැ, අනිවාර්යයෙන්ම පිටින් ගන්න ඕන. එ‍්ක ඉතින් කරුමෙ තමයි. ශාක ප්‍රෝටීන් අති බහුතරයක තියෙන අැමයිනො අම්ල සංයුතිය පරිපූර්ණ නැහැ. හැබැයි කීපයක් තියෙනවා පරිපූර්ණ එ‍්වා.
ශාක භක්ෂක සත්තු ලොකු වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ශාක අාහාර ගන්න එකේ inefficiency එක නිසා. තනිකරම කොළ කෑවාම හරියට දිරව ගන්ඩ තනි බඩකුත් මදි. පට්ටම සංකීර්ණ, stages ගාණක ජීර්ණ පද්ධතියක් ඕනමයි. එ‍්ක පවත්වා ගන්න අැඟ ගොඩක් විශාල වෙන්න අවශ්‍යයි.
එ‍්ක තමයි පොඩි සත්තු බහුතරයක් ශාක යම් ප්‍රමාණයක් කාලා, හැබැයි මාංශ අාහාරත් ගන්න සර්ව භක්ෂක තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ. අැඟෙන් පොඩි සතෙක්ට තනිකරම කොළ ජාති විතරක් කාල ජීවත් වෙන්න හරිම අමාරුයි. අවම වශයෙන් ශක්තිය පවත්වා ගන්න සීනි හෝ පිෂ්ඨය කෙළින්ම තියෙන කෑමවත් අවශ්‍ය වෙනවා. (පලතුරු, අල වර්ග etc) තනිකරම කොළ විතරක් කන්න නම් හරක්, අලි වගේ දැවැන්ත සතෙක් වෙන්නම අවශ්‍යයි. (100kg ට වැඩි) කොළ විතරක් කනවා නම් අනිවාර්යයෙන්ම එ‍් සතා කම්මැලි, ශක්තිය ඉතිරි කරගන්න adaptation එකක් තියෙන්න ඕන. Sloth ලා Giant Panda ලා බලහන්කො.
මස් කන එක එහෙම නෙවෙයි පට්ටම efficient. සම්පූර්ණයෙන්ම වගේ පෝෂණය මස්වලින්ම ගන්න පුළුවන්. හැබැයි දඩයම් කරන්න අවශ්‍ය නිසා මාංශ භක්ෂක සත්තුන්ට තඩි වෙලා හරි යන් නෑ, වේගය, ජවය, ශක්තිය, කඩිසර කම ඕන.
ශක්තිය ලබා ගන්න එකේ efficiency එකෙන් හිතුවාම හැමදේම තේරුම් ගන්න පුළුවන්.
පරිණාමයේදි වෙනස් නොවී පවතිනවා කියන්නෙ මොකක්ද? එහෙම වෙනස් වෙලා තමයි අද තත්ත්වයට අැවිත් තියෙන්නෙ බං. කොළ දිරවන්න නම් අනිවාර්යයෙන්ම ලොකු බඩක් එක්ක ලොකු අැඟක් ඕනමයි. Square cube rule එකට අනුව බර වැඩි වෙනකොට තමන්ගෙම අැඟ දරා ගන්න පේශිත් විශාල වෙන්න ඕන.
පරිණාමය ගැන කතා කරපු නිසා මේකත් කියන්නම්. මිනිහාට මස් කන්න පුළුවන් කම ඉස්සර ඉඳල තිබ්බට අමු මස්වල පෝෂණය උරා ගන්න හරියට හැකියාව තිබුණෙ නැහැ. මොකද අමු මස් ජීර්ණයට අමාරුයි. එ‍්ක නිසා තමයි අවුරුදු ලක්ෂ 1.7 කට කිට්ටුව නූතන මිනිසා බිහි වෙලාත් මහා ලොකු වෙනසක් නොවුණෙ. අල වගේ ජාති වුණත් එහෙමයි.
හැබැයි මිනිසා ගින්දර හොයාගෙන මස්, අල වර්ග පුච්චල කන්න පටන් ගත්තා නේද? එ‍්කෙන් නිකම්ම පෝෂණය ඉතාම පහසු වුණා. ශක්තිය අතිරික්තයක් අැවිත් මොළය වර්ධනය වෙන්න ගත්තෙ අන්න එ‍්කෙන් පස්සෙ. ඊළඟ revolution එක අාවෙ ශිෂ්ටාචාරගත වුණාට පස්සෙ. මිනිස්සු වගා කරලා, family unit වගේ ජීවත් වෙන්න ගත්තට පස්සෙ පරිණාමය හරහා බුද්ධි වර්ධනය මාරම වේගවත් වෙන්න ගත්තා.
ඊළඟ revolution එක අාවෙ ලිවීම සහ print කිරීම කියන දෙක එක්ක. එතකොට මිනිසාට එකතු වෙන දැනුම නැවත නැවත හොයා ගන්න මහන්සි නොවී continue කරන්න හැකියාව ලැබුණා. එ‍්ක හරහා තමයි industrial revolution එක අැතුළුව අද තියෙන තාක්ෂණික දියුණුවට මග පෑදුණේ.
තව ඕකෙ අතරමග step ගොඩක් තියෙනවා. සෑහෙන්න කෑලි හලලා කිව්වෙ. හැබැයි සීන් එක තේරුම් ගන්න මේ ටික අැතිනෙ නේද? සරලවම කියනවා නම් ජීවත් වෙන්න අවශ්‍ය energy එක සහ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමේ efficiency එක තමයි සේරටම හේතුව.
සම්පූර්ණ කතාව අවශ්‍ය අයට මේ video එකේ තියෙනවා