මොළේ කළදට වඩා වැඩි නම් විතරක් එන්න

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    සම්පූර්ණ ප්‍රමාණයේ අලි ඇතුන් දිනකට ශාක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150 ක් දක්වා පරිභෝජනය කරනව, පොත්ත, තණකොළ, මුල්, කොළ ආදිය, එය ඔවුන් කන දේ පමණක් නොව, ඔවුන් කොපමණ ප්‍රමාණයක් අනුභව කරනවාද කියන එකත් බලපානව.
    කාර්යක්ෂම ආහාර ජීර්ණ පද්ධතියක් ඔය සත්තුන්ට තියනව ඔවුන්ගේ විශාල පසුපස බඩවැල් පැසවීම කුටිය ඔවුන්ට තන්තුමය ආහාර විශාල ප්‍රමාණයක් සැකසීමට සහ භාවිතා කළ හැකි පෝෂ්‍ය පදාර්ථ නිස්සාරණය කිරීමට ඉඩ සලසලා තියනව. ශාක අඩු ශක්තියක් ඇති බවක් පෙනෙන්නට තිබුණත්, අලි, හරක් නිරන්තරයෙන් ආහාරයට ගන්නා පලතුරු, තණකොළ සහ මුල්වල ඇති සීනි, පිෂ්ඨය සහ මේද වලින් කැලරි අවශෝෂණය කරගන්නව.
    කුඩා සතුන් හා සසඳන විට, අලි ඇතුන් ඇතුළු සතුන් මන්දගාමී වේගයකින් තමයි ශක්තිය පරිවෘත්තීය කරන්නෙ, එය ඔවුන්ගේ ධාරිතාවය පවත්වා ගැනීමට උපකාරී වනවා.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    කොල කෑවම නයිට්‍රජන් හැදෙනව බඩේ, නයිට්‍රජන් නිසා ශුද්රජීවීන් බෝවෙනව හම්බානක, ඌගෙ කොල කාල හැදෙන ප්‍රෝටීන් මූලක (ඇමයිනෝ) වලට වඩා 60% කට වඩා හම්බෙන්නෙ ඌගෙ බඩේ බෝවෙන ශුද්ර ජීවීන් ජීරනය වෙලා එන ප්‍රෝටීන්.

    කඩේකට ගිහිල්ල ස්ටෙයික් කන එකෙක් කන්නෙ 60% විතර ශුද්රජීවීන් ගෙන් හැදුනු මස් ටික.

    උබ කියපු කතාව තමයි ඇත්ත

    මේ ඉන්ද්‍රජිත් හුත්තිගෙ පුතා දන්නව වගේ අලි බොරු හෑලි අතාරිනව මේකෙ
    නොදන්න හුත්තවල් දන්නව වගේ කියන්නෙ නැතිව කටපෝක වහන් ඉදපන් පොන්නයො @IndrajithGamage
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,343
    16,034
    113
    Colombo
    ශාක ප්‍රෝටීන ලොකුවට මාංශ පේෂීන් වර්ධනය කරන්න සපෝට් කරන්නෙ නෑ කියන එක නෙ විද්වත් මතය. එහෙම නේ 🙄
    එ්ත් මෙච්චර කාලයක් ගිහිල්ලත් මාංශ භක්ෂක සත්තුන්ට වඩා ශාක භක්ෂක සතුන් ශාරීරිකව විශාල වෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද? එ්ක මට හැමදාම ඔළුවට එනව
    Weight lift කරද්දී.
    අහම්බයකින් ඈත අතීතයේ එහෙම උණා කියමු. එහෙම නම් පරිණාමයේ දී ඇයි එ්ක වෙනස් නොවී අදටත් එහෙම ම පවතින්නෙ 🙄
    සිරාවට :giggle:
     

    AnuradhaRa

    Well-known member
  • එහෙනම් පස් කාපන් කෝ ගස් හෙන විශාල වෙන්නේ.
    කළදක් කියලා පකක් වත් නැති කතාවක් නේ කියන්නෙ.
    කොළ කන්න වේලාව යනවා කොළ ගොඩක් කන්න ඕන අවශ්‍ය නියුත්‍රිෂන් ගන්න. ඒකට සයිස් වෙන්න ඕන. පොඩි කැරියෝ මස් කෑවට අලියා පොල් ගහක් කාල ගන්න ප්‍රෝටීන් ටික හුටං ගාල ගන්න පුළුවන්.
    මේ කතාවත් විද්‍යාත්මක පදනමක් නැතිවෙන්න පුළුවන් හැබැයි කළඳට වඩා යමක් තියනවා.
    කට වැඩියි බොහොම
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඌගෙ බඩේ බෝවෙන ශුද්ර ජීවීන් ජීරනය වෙලා එන ප්‍රෝටීන්.

    ජීර්නය වෙන්නේ ආමාශයේ. gut microbiome ඉන්නේ අන්ත්‍රයේ 🙃
    උන් ජීර්නය වෙන්නැහැ, ජීර්නය කරන්න උපකාර වෙනවා කන දේවල් වල සමහර සංඝටක ආමාශයික යුෂයෙන් ජීර්නය නොවුන හෝ තවදුරට ජීර්නය වෙන්න පුලුවන්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ශාක ප්‍රෝටීන ලොකුවට මාංශ පේෂීන් වර්ධනය කරන්න සපෝට් කරන්නෙ නෑ කියන එක නෙ විද්වත් මතය. එහෙම නේ 🙄
    එ්ත් මෙච්චර කාලයක් ගිහිල්ලත් මාංශ භක්ෂක සත්තුන්ට වඩා ශාක භක්ෂක සතුන් ශාරීරිකව විශාල වෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද? එ්ක මට හැමදාම ඔළුවට එනව
    Weight lift කරද්දී.
    අහම්බයකින් ඈත අතීතයේ එහෙම උණා කියමු. එහෙම නම් පරිණාමයේ දී ඇයි එ්ක වෙනස් නොවී අදටත් එහෙම ම පවතින්නෙ 🙄
    Digestion is different afaik

    but ask ChatGPT
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    natural V taper shape එකක් තියෙන්නේ මගේ + fast metabolism
    ඒත් මේ දවස් වල metabolism fucked up වෙලා තියෙන්නේ GAD නිසා.
    හ්ම්ම් .. fast metabolism නම් කන්න පුලුවන් ඇති නේද හොඳට fat එක හැදෙන්නෙ නැතුව ... BMI level එක හොඳඳ ?

    GAD කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැ

    Generalized anxiety disorder (GAD) is a condition where you worry constantly about everyday issues and situations. Healthcare providers diagnose GAD when your worrying happens on most days and for at least 6 months. - GOOGLE

    මේක වෙන්න ඕනි. ඇයි එහෙම, හැමදේන ගැන යෝනිසෝ මනසිකාරය, විදර්ශනාව කරණවද ? නැත්තන් අවබෝධය නිසා නිතැතින්ම වෙනවද ?
    වෙන ප්‍රශ්නයක් ද ?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හ්ම්ම් .. fast metabolism නම් කන්න පුලුවන් ඇති නේද හොඳට fat එක හැදෙන්නෙ නැතුව ... BMI level එක හොඳඳ ?

    ඔව්, BMI 20 ගනන් වගේ ළගදි බැලුවේ නැහැ බර


    මේක වෙන්න ඕනි.

    ඔව්

    ඇයි එහෙම, හැමදේන ගැන යෝනිසෝ මනසිකාරය, විදර්ශනාව කරණවද ? නැත්තන් අවබෝධය නිසා නිතැතින්ම වෙනවද ?
    වෙන ප්‍රශ්නයක් ද ?

    නැහැ, මොලේ අවුලක්, කාලයක් තිස්සේ ගොඩනැගුන නියුරල් පාත්වේ නිසා හරියට sympathetic - parasympathetic nervous system එක යාමනය වෙන්නැහැ.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    ඔව්, BMI 20 ගනන් වගේ ළගදි බැලුවේ නැහැ බර




    ඔව්



    නැහැ, මොලේ අවුලක්, කාලයක් තිස්සේ ගොඩනැගුන නියුරල් පාත්වේ නිසා හරියට sympathetic - parasympathetic nervous system එක යාමනය වෙන්නැහැ.
    DRUGS ?
    As you posted a thread before regarding Nicotin Buss ?
    භාවනාව ?
    ඒ මොකක් හරි නිසාද ... ?

    කාලයක් තිස්සෙ ගොඩනැගුන නියුරල් පාත්වේ
    කිව්වෙ ?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    නැ
    මට අවු 9 ඉදන් ocd තිබ්බා




    ඔයාට inhuman or extraordinary abilities තියද මේව නිසා ...
    Photographic Memory, can grasp some idea/context faster than others වගේ අසාමාන්‍ය දේවල් ?
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඇග ලොකු උනා නම් උන්ට දඩයම් කරන්න අමාරුයි නේ. ඒකට වෙච්ච අනුවර්තනයක් වෙන්න පුලුවන්
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    ශාක ප්‍රෝටීන ලොකුවට මාංශ පේෂීන් වර්ධනය කරන්න සපෝට් කරන්නෙ නෑ කියන එක නෙ විද්වත් මතය. එහෙම නේ 🙄
    එ්ත් මෙච්චර කාලයක් ගිහිල්ලත් මාංශ භක්ෂක සත්තුන්ට වඩා ශාක භක්ෂක සතුන් ශාරීරිකව විශාල වෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද? එ්ක මට හැමදාම ඔළුවට එනව
    Weight lift කරද්දී.
    අහම්බයකින් ඈත අතීතයේ එහෙම උණා කියමු. එහෙම නම් පරිණාමයේ දී ඇයි එ්ක වෙනස් නොවී අදටත් එහෙම ම පවතින්නෙ 🙄
    මූලික ජාන සැකැස්ම...නැකුව උන් මිනිස්සු වගේ ඉන්දලා ශාක ප්‍රෝටීන කාලා නෙමෙයි ඔච්චර ලොකු වෙලා තියෙන්නේ...උන්ගේ ජාන ඒකට බලපාලා තියෙන්නේ...එච්චර ඓහෙනම් ගස්ම කන හාවෝ පොඩි ඇයි..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,588
    113
    ගග අද්දර
    මිනිහාට ප්‍රෝටීන් හදා ගන්න බැහැ, අනිවාර්යයෙන්ම පිටින් ගන්න ඕන. එ‍්ක ඉතින් කරුමෙ තමයි. ශාක ප්‍රෝටීන් අ‍ති බහුතරයක තියෙන අ‍ැමයිනො අම්ල සංයුතිය පරිපූර්ණ නැහැ. හැබැයි කීපයක් තියෙනවා පරිපූර්ණ එ‍්වා.

    ශාක භක්ෂක සත්තු ලොකු වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ශාක අ‍ාහාර ගන්න එකේ inefficiency එක නිසා. තනිකරම කොළ කෑවාම හරියට දිරව ගන්ඩ තනි බඩකුත් මදි. පට්ටම සංකීර්ණ, stages ගාණක ජීර්ණ පද්ධතියක් ඕනමයි. එ‍්ක පවත්වා ගන්න අ‍ැඟ ගොඩක් විශාල වෙන්න අවශ්‍යයි.

    එ‍්ක තමයි පොඩි සත්තු බහුතරයක් ශාක යම් ප්‍රමාණයක් කාලා, හැබැයි මාංශ අ‍ාහාරත් ගන්න සර්ව භක්ෂක තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ. අ‍ැඟෙන් පොඩි සතෙක්ට තනිකරම කොළ ජාති විතරක් කාල ජීවත් වෙන්න හරිම අමාරුයි. අවම වශයෙන් ශක්තිය පවත්වා ගන්න සීනි හෝ පිෂ්ඨය කෙළින්ම තියෙන කෑමව‍ත් අවශ්‍ය වෙනවා. (පලතුරු, අල වර්ග etc) තනිකරම කොළ විතරක් කන්න නම් හරක්, අලි වගේ දැවැන්ත සතෙක් වෙන්නම අවශ්‍යයි. (100kg ට වැඩි) කොළ විතරක් කනවා නම් අනිවාර්යයෙන්ම එ‍් සතා කම්මැලි, ශක්තිය ඉතිරි කරගන්න adaptation එකක් තියෙන්න ඕන. Sloth ලා Giant Panda ලා බලහන්කො.

    මස් කන එක එහෙම නෙවෙයි පට්ටම efficient. සම්පූර්ණයෙන්ම වගේ පෝෂණය මස්වලින්ම ගන්න පුළුවන්. හැබැයි දඩයම් කරන්න අවශ්‍ය නිසා මාංශ භක්ෂක සත්තුන්ට තඩි වෙලා හරි යන් නෑ, වේගය, ජවය, ශක්තිය, කඩිසර කම ඕන.

    ශක්තිය ලබා ගන්න එකේ efficiency එකෙන් හිතුවාම හැමදේම තේරුම් ගන්න පුළුවන්.

    පරිණාමයේදි වෙනස් නොවී පවතිනවා කියන්නෙ මොකක්ද? එහෙම වෙනස් වෙලා තමයි අද තත්ත්වයට අ‍ැවිත් තියෙන්නෙ බං. කොළ දිරවන්න නම් අනිවාර්යයෙන්ම ලොකු බඩක් එක්ක ලොකු අ‍ැඟක් ඕනමයි. Square cube rule එකට අනුව බර වැඩි වෙනකොට තමන්ගෙම අ‍ැඟ දරා ගන්න පේශිත් විශාල වෙන්න ඕන.

    පරිණාමය ගැන කතා කරපු නිසා මේකත් කියන්නම්. මිනිහාට මස් කන්න පුළුවන් කම ඉස්සර ඉඳල තිබ්බට අමු මස්වල පෝෂණය උරා ගන්න හරියට හැකියාව තිබුණෙ නැහැ. මොකද අමු මස් ජීර්ණයට අමාරුයි. එ‍්ක නිසා තමයි අවුරුදු ලක්ෂ 1.7 කට කිට්ටුව නූතන මිනිසා බිහි වෙලාත් මහා ලොකු වෙනසක් නොවුණෙ. අල වගේ ජාති වුණත් එහෙමයි.

    හැබැයි මිනිසා ගින්දර හොයාගෙන මස්, අල වර්ග පුච්චල කන්න පටන් ගත්තා නේද? එ‍්කෙන් නිකම්ම පෝෂණය ඉතාම පහසු වුණා. ශක්තිය අතිරික්තයක් අ‍ැවිත් මොළය වර්ධනය වෙන්න ගත්තෙ අන්න එ‍්කෙන් පස්සෙ. ඊළඟ revolution එක අ‍ාවෙ ශිෂ්ටාචාරගත වුණාට පස්සෙ. මිනිස්සු වගා කරලා, family unit වගේ ජීවත් වෙන්න ගත්තට පස්සෙ පරිණාමය හරහා බුද්ධි වර්ධනය මාරම වේගවත් වෙන්න ගත්තා.

    ඊළඟ revolution එක අ‍ාවෙ ලිවීම සහ print කිරීම කියන දෙක එක්ක. එතකොට මිනිසාට එකතු වෙන දැනුම නැවත නැවත හොයා ගන්න මහන්සි නොවී continue කරන්න හැකියාව ලැබුණා. එ‍්ක හරහා තමයි industrial revolution එක අ‍ැතුළුව අද තියෙන තාක්ෂණික දියුණුවට මග පෑදුණේ.

    තව ඕකෙ අතරමග step ගොඩක් තියෙනවා. සෑහෙන්න කෑලි හලලා කිව්වෙ. හැබැයි සීන් එක තේරුම් ගන්න මේ ටික අ‍ැතිනෙ නේද? සරලවම කියනවා නම් ජීවත් වෙන්න අවශ්‍ය energy එක සහ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමේ efficiency එක තමයි සේරටම හේතුව.

    සම්පූර්ණ කතාව අවශ්‍ය අයට මේ video එකේ තියෙනවා


    අපිත් එක්ක වැඩ කරන ඩයල් එකක් කිව්වා විශ්ම ලෝකය කියලා චැනල් එකක් තියෙයි පට්ට ඒක කියලා.
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    මූලික ජාන සැකැස්ම...නැකුව උන් මිනිස්සු වගේ ඉන්දලා ශාක ප්‍රෝටීන කාලා නෙමෙයි ඔච්චර ලොකු වෙලා තියෙන්නේ...උන්ගේ ජාන ඒකට බලපාලා තියෙන්නේ...එච්චර ඓහෙනම් ගස්ම කන හාවෝ පොඩි ඇයි..
    හාවෙක්ට කොළ විතරක් කාල ජීවත් වෙන්ඩ බෑ යකෝ. අනිවාර්යයෙන්ම අල වර්ග, සීනි තියෙන අල වර්ග කන්න සිද්ධ වෙනවා.