මොළේ පිළිකා හදන මොබයිල්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මොළේ පිළිකා හදන මොබයිල්

    මොළේ පිළිකා හදන මොබයිල් අද අමාජයේ බෝවන රෝගයක් බදු වූ මොබයිල් එක නැතුවම බැරි උපකරණයක් වී තිබේ.ලොකු පොඩි,බාල මහලු කොයි කාටත් නැතුවම බැරි උපකරණය මේ මොබයිල් එකයි.

    අද ළැව් ගින්නක්‌ සේ ළමා තරුණ මහලූ සියලූ දෙනා වෙළාගෙන සීඝ්‍රව පැතිර යන ජංගම දුරකථනය අලූත්ම මෝස්‌තරයක්‌ විලාසිතාවක් බවට පත්ව තිබෙනු බස්‌වල, දුම්රියේ පාර තොටේ, ගමේ ගොඩේ, සිදාදියේ සැරිසරද්දි ඔබට සක්‌සුදක්‌සේ පැහැදිලිව දැක ගත හැකිය.

    අද ජංගම දුරකථන මිලියන 16 ක්‌ භාවිතයේ තිබේ.”මොබයිල්” පාවිච්චිය හිතකර මෙන්ම අහිතකර බලපෑම් ඇතිකරවන බව මේ සම්බන්ධයෙන් පර්යේෂණ මෙහෙය වූ ජාත්‍යන්තර විද්‍යාඥයන්ගේ වාර්තා පෙන්නුම් කරයි.ස්‌ත්‍රීන්ගේ වත කමල හා සිරුර ප්‍රසන්න කරවන්නා වූ වේගයෙන් ප්‍රචලිත වන රූපලාවණ්‍ය කර්මාන්තය හැරුණු විට , ප්‍රවර්ධන වෙමින් පවත්නා ජංගම දුරකථන භාවිතයේ හොඳ නරක ගැන කෙටියෙන් විමසා බලමු.

    මෙය තරුණියන්ගේ පමණක්‌ නොව කාන්තාවන්ගේ ද අලුත් ම ජනප්‍රිය මෝස්‌තරයක්‌ වී තිබේ.මෙමගින් ඇති යහපතට වඩා සමාජය අයහපතේ ප්‍රතිපල බුක්තිවිදින බව සැගවිය නොහැකි සැබෑවකි.අද නව සොයා ගැනීම් අනූව තහවුරු වන්නේ බොහෝ සෞකය ගැටලු වලට මෙය බලපා ඇති බවයි.

    එයට මුල්ම උදාහරණය නම් ගර්භනියන් නිරතුරුව මොබයිල් කතාවල යෙදෙන විට එහි ආදීනව වශයෙන් කුස තුළ වැඩෙන දරුවා ඉපදීමෙන් පසු අස්‌වාභාවික ගති පැවතුම්වලට ලක්‌වන බව විද්‍යාඥයෝ පවසති.එය අද සිදු වෙමින් පවතින දෙයකි.අද සිදු වන උපත් වලින් අස්වාභාවික දරු උපත්ද සැලකිය යුතු අගයක් ගනියි. කැලිෆොර්නියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ දරුවන් 3000 කට අධික පිරිසක්‌ මෙම අධ්‍යයනය සඳහා යොදා ගත්හ.එක්‌සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පත්කරන ලද විශේෂ කමිටුවක්‌ රටවල් 13 ක මොබයිල් දුරකථන භාවිතය ගැන කළ අධ්‍යයනයකින් පසු නිකුත් කළ වාර්තාවක දිනකට පැය 4 කට වඩා ඇමතුම් ගන්නා අයගෙන් සියයට 40 කට මොළේ පිළිකාව සැදීමේ අවදානමක්‌ ඇති බව දැක්‌වේ. ලොව පුරා ජංගම දුරකථන පාවිච්චි කරන බිලියන 4 ක්‌ වූ ජනයා පිළිකාව වැළඳීමෙන් බේරීම සඳහා දුරකථනය තම හිසෙන් හා සිරුරෙන් ඈත් කොට අල්ලාගත යුතු බවත් පාලකයන් විසින් මෙසේ දුරකථන පාවිච්චිය සෞඛ්‍යයට සිදුවිය හැකි හානිය ගැන දැනුවත් කළ යුතු බවත් නිර්දේශ කර තිබේ. ඕස්‌ටේ්‍රලියාවේ වියනා විශ්වවිද්‍යාලයේ පාරිසරික හා සෞඛ්‍ය සේවා ආයතනය මෙහෙය වූ පර්යේෂණවලදී වසර 4 කට වඩා එකදිගට ජංගම දුරකථන පාවිච්චි කරන්නන්ට “TINNITUS” නැමති ආබාධය වැළඳෙන බව සොයාගෙන ඇත. මෙම ආබාධයේ අරුත හා ලක්‌ෂණ වනුයේ කන් ඇතුළෙන් නිතර ෆොන් එකෙන් නිකුත්වන RINGING හෝ “ගුමු – ගුමු” හඬක්‌ ඇසීමය.

    මෙම පර්යේෂණ මෙහෙය වූ කණ්‌ඩායමේ ප්‍රධානි ආචාර්ය හැන්ස්‌ පීටර් “ටිනිටස්‌” ආබාධය සහිත 100 දෙනෙකු සමඟ සාමාන්‍ය 100 දෙනෙකු සංසන්දනය කර දීර්ඝ අධ්‍යයනයක්‌ කළේය. බ්‍රිතාන්‍යයේ පමණක්‌ ටිනිටස්‌ රෝගීන් මිලියන 5 ක්‌ සිටිති.අද සමාජයේ එක් එක් පුද්ගලයා ගන්නා වැටුපෙන් 10% ක පමණ ප්‍රමාණයක් මොබයිල් බිල්පත් සදහා වැය කරයි.මොබයිල් එක අවශ්‍යය දේට පමණක් යොදා ඇති වන සමාජ හා සෞකය කාලීන ගැටලු රැසකට විසදුම වනු ඇත.